රජෙක් වූ එස්කොබා

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රජෙක් වූ එස්කොබා

    pablo-family-701x562.jpg

    පාබ්ලෝ එස්කොබාර් තම බිරිය වන මරියා වික්ටෝරියා, පුතා හුවාන් පාබ්ලෝ සහ දුව මනුවෙලා එස්කොබාර් සමග (Business Insider)

    එස්කොබාව සලකනු ලබන්නේ ඉතිහාසයේ සාහසික, බලවත්ම හා ධනවත්ම කොකේන් ජාවාරම්කරුවා ලෙසයි. ‘Medellin Cartel’ නම් ජාලය නිර්මාණය තුළින් ඔහු තම සගයන් හා එක්ව ඇමරිකාවට කොකේන් නැව්ගත කිරීමේ ජාවාරමක නිරත වී තිබෙනවා.1970 හා 1980 කාලය වන විට එරට සියලුම මත්ද්‍රව්‍ය නැව්ගත කිරීම් වලින් 80% මොවුන් සතුව පැවති බවයි වාර්තා වන්නේ. 90 දශකයේ මුල වන විට මොහු සතුව පැවති බවට සැලකෙන මුළු වත්කම් ප්‍රමාණයේ අගය ඩොලර් බිලියන 30ක් පමණ වන බව පැවසෙනවා.
    1989 වන විට මොහුව ලොව ධනවතුන් අතර 7 වන තැනට ෆොර්බ්ස් සඟරාව නම් කරනවා.
    තමන් උපයා ගත් ධනයෙන් මොහු ඉතාමත් සැපවත් ජිවිතයක් ගත කර තිබෙනවා.ඔහුට ලොව පුරා මන්දිර 400 පමණ තිබූ බව පැවසෙනවා. ඔහු සතුවූ පෞද්ගලික සත්ත්ව උද්‍යානයන් වල විදේශයන්ගෙන් පවා ආනයනය කළ සතුන් සිට තිබෙනවා. එමෙන්ම තමන් යටතේ හමුදාවක් ද මොහු විසින්ම පවත්වා ගෙන ගොස් ඇති අතර පාපන්දු ක්‍රීඩාවට හා පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් මොහු විසින් ලබා දී තිබෙනවා.



    කුඩා කාලය

    1949 දෙසැම්බර් පළමුවැනිදා පැබ්ලෝ එස්කොබා උපත ලබන්නේ අබෙල් ගොවි මහතාට හා හර්මිල්ඩා නම් පාසල් ගුරුවරියට දාව කොලොම්බියාවෙදී යි. ඒ හත් දෙනෙකුගෙන් යුක්ත වූ පවුලක 3 වෙනියා ලෙසයි. මෙඩ්ලින් නම් වූ විදියක සොහොන් ගල් සොරා ගෙන ඒවා වැලි බවට පත් කරන ජාවාරමක් අරඹන මොහුට එය එතරම් සාර්ථක කර ගන්නට ලැබෙන්නේ නම් නෑ. පසුව මොහු සුළු කාලයක් එරට විශ්ව විද්‍යාලයක ද ඉගෙනුම ලබා තිබෙනවා. වයස අවුරුදු 22 වන විට මිලියනපතියෙකු වීමේ විශාල හීනයක් ඔහුට තිබී තිබෙනවා. ඔහු තම අපරාධ සහකරු ලෙස ඔස්කාර් බර්නල් නම් අයෙකු සමඟ සම්බන්ධතා පවත්වා තිබෙනවා. ව්‍යාජ ලොරි ටිකට්පත් නිකුත් කිරීම, වාහන සොරකම් කිරීම, නීති විරෝධී දුම්වැටි අලෙවි කිරීම හා වීදීවල යම් යම් සුළු සුළු අපරාධ සිදු කිරීම මොවුන් සිදු කර තිබෙනවා. මෙඩ්ලින් නුවර විසු විධායක නිලධාරියෙක් ව මොහු විසින් පැහැර ගන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂයක කප්පමක් වෙනුවෙනුයි.
    1982 මොහු කොලොම්බියාවේ කොංග්‍රසයට තේරීපත් වෙනවා. ඒ ඔහුගේ ආර්ථික, දේශපාලන හා අපරාධ වල බලය මගිනුයි. තවද මෙය ඔහුගේ නැගී සිටීමේ ප්‍රබල ස්ථානයක් ලෙස සටහන් වෙනවා.
    image-022.jpg

    පැබ්ලෝ එස්කොබා ඔහුගේ පුතු සෙබස්තියන් සමඟ – .reutersmedia.net

    “PLATA O PLOMO” හෙවත් “රිදී හෝ ඊයම්”

    මේ නමින් හඳුන්වනු ලැබුවේ එස්කොබා තම සතුරන් සමඟ ගනුදෙනු කළ ක්‍රමවේදයයි. එනම් මේ ක්‍රමය හරහා ඔහු විසින් සිදු කරනු ලැබුවේ යම් කිසි දේශපාන නායකයෙක්, විනිසුරුවරක්, පොලිස් නිලධාරියෙක් තමන්ගේ දෙයක් අත්අඩංගුවට ගත් විට ඔහුට මුලින්ම අල්ලසක් (“රිදී”) ලබා දීම වන අතර අල්ලස් නොගන්නා අය සහ ඔහුගේ පවුලේ අයට ඉන්පසුව මරණයට පත් කිරීමයි (“ඊයම්”, මන්දයත් උණ්ඩ තනන්නේ ඊයම් වලිනි). තවද මෙම ක්‍රමය හරහා කෙතරම් සාධාරණ පුද්ගලයින් ප්‍රමාණයක් ඔහු විසින් මරණයට පත් කළා දැයි නොදන්නා අතර එය සමහර විට සිය ගණනක් හෝ දහස් ගණනක් විය හැකි බවට අනුමාන කෙරෙනවා. මෙහි තේරුම වන්නේ ඔබ මුදල් පිළිගන්න නොඑසේනම් උණ්ඩය පිළිගන්න යනුවෙනුයි.



    image-03.jpeg

    පැබ්ලෝ එස්කොබා තම පෞද්ගලික සත්ත්ව උද්‍යානය තුලදී – www.microkhan.com

    සැමට ඉහළින් සිටි එස්කොබා

    1980 මැද බාගය වන විට එස්කොබා හැඳින්වුනේ ලොව ප්‍රබලතම පුද්ගලයෙකු ලෙසයි. තමාගේ ගමනට බාධාවක් වන කිසිදු පුද්ගලයෙකුට එස්කොබා සමඟ ජිවත් වීමට නම් වාසනාව ලැබී තිබුණේ නෑ. ඔහු විසින් ජනාධිපතිධූර අපේක්ෂකයන් පවා මරණයට පත් කිරීමට අණදී තිබෙනවා පමණක් නොව 1985 දී මහාධිකරණ ඉලක්ක කර ගනිමින් එල්ලවූ හා විනිසුරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය ප්‍රහාරයද මොහු සැලසුම් කළ එකක් බව සඳහන් වෙනවා. 1989 නොවැම්බර් 27 වනදා මොහු විසින් ගුවන් යානයක් පුපුරුවා හරින්නේ එහි සිටි ජනාධිපති අපේක්ෂකයෙක් ඉලක්ක කරගෙන වුවත් ඔහු එහි නොසිටි අතර එම ප්‍රහාරය මගින් මගීන් 110 ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.මෙවැනි ඉහළ පෙලේ පුද්ගලයන්ට අමතරව එස්කොබා හා ඔහුගේ කල්ලිය ගණනය කළ නොහැකි තරම් වූ මහේස්ත්‍රාත්වරුන්, මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරින් හා ඔවුන්ගේ කල්ලියේම සාමාජිකයන්ගේ මරණ වෙනුවෙන්ද වගකිව යුතු බවයි වාර්තා වල සටහන් වන්නේ.
    image-042.jpg

    පැබ්ලෝ එස්කොබා තම පුත්‍රයා සමඟ ඇමරිකාවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිට – minutouno.com

    තමන්ගේ මත්ද්‍රව්‍ය රැගෙන යන ගුවන් නියමුවෙක්ට එක් පියාසැරියක් වෙනුවෙන් ඔහු අතිරේකව ඩොලර් ලක්ෂ පහක් ගෙවා තිබෙනවා.බොහෝ විට එසේ මත්ද්‍රව්‍ය ගෙන යාමට ඔහු භාවිතා කර තිබෙන්නේ ගුවන් යානා රෝද වන අතර තමාගේ සැපයුම වැඩිවන විට ඔහු ඒවා වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කර තිබෙනවා. ඒ අතර දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන සබ්මැරින් පවා තිබූ බව සැලකෙනවා. තවද එම මාර්ග බොහෝමයක් කැලිෆෝනියාව හා දකුණු ෆ්ලෝරීඩාව ආශ්‍රිතව පැතිර පැවත තිබුණා.



    එස්කොබා රොබින්හුඩ් කෙනෙක් ද ?

    ශර්වුඩයේ රොබින්ගේ කතාව නම් නොදන්නා අයෙක් ඉන්න විදියක් නෑ. ඇත්තටම මේ එස්කොබාවත් එරට සමහරක් ජනතාවට නම් රොබින් හුඩ් කෙනෙක් වෙනවා. කොලොම්බියාවේ දිළිඳු ජනතාව පැබ්ලෝ භයානක දාමරිකයකු ලෙස දුටුවේ නැත. ඊට හේතුව මුඩුක්කුවල විසූ ජනතාවට ඉතා අනර්ඝ තත්ත්වයේ තට්ටු නිවාස සංකීර්ණද, රෝහල්, පාසල්, පල්ලි, ප‍්‍රජාශාලා මෙන්ම සුපිරි ක‍්‍රීඩාංගණද ඩොලර් ගණනින් වැයකොට තනාදීමට පැබ්ලෝ පුද්ගලිකවම මැදිහත් වීමයි. මෙඩලින් නගරයේ දුප්පතුන්ට නිවාස පවා ඔහු තනා දී තිබෙනවා. ලොව හොඳම නිර්මාණ ශිල්පීන්ගේ සහාය ලබාගෙන පොකුණු, උයන්, සුපිරි ගොඩනැගිලි සංකීර්ණ හා මංමාවත් ගොඩනගමින් ඔහු කොලොම්බියාවේ ප‍්‍රධාන නගර සිය පෞද්ගලික ධනය යොදවා විශිෂ්ට ලෙස සංවර්ධනය කළේය.
    image-051.jpg

    පැබ්ලෝ එස්කොබා ගේ නිවස අද – bbci.co.uk

    තමන්ගේ සිරගේ තමන්ම තනා ගැනීම – LA CATEDRAL සිර නිවාසය

    මේක තරමක් වෙනස් කතාවක්. මෙතරම් මොහු වෙනුවෙන් ක්‍රියා නොකිරීම ගෙන කොලොම්බියානු රජයට ජාත්‍යන්තරයෙන් දෝෂාරෝපණයන් එල්ල වෙන්න පටන් ගත්තා.එම නිසා එස්කොබා වෙනුවෙන් බරපතල තීරණයක් ගැනීමට එරට රජයට සිදු වුණා. බොහෝ දෙනෙකු පැවසුවේ ඔහුව පිටුවහල් කළ යුතු බවයි. නමුත් එස්කොබාගේ නීතිඥයන් හා එරට රජය හරි අපුරු එකඟතාවයකට පැමිණුනා. ඒ එස්කොබා ව වසර පහකට සිරගත කිරිමටයි.මෙහි ඇති අපූර්වත්වය වන්නේ එම සිර මැදිරිය ඔහු විසින්ම තනා ගත් එකක් වීම හා එය මනරම් පරිසරයක ඉතාමත් සුවපහසු එකක් ලෙස නිමවා තිබීම යන කරුණු නිසාය.
    පිහිනුම් තටාකයක්, දිය ඇල්ලක්, සම්පුර්ණ බාර් එකකින් මෙය යුක්ත වුණා පමණක් නොව තමන්ට කැමති ආරක්ෂකයන් තෝරා ගැනිමට ද ඔහුට ආවකාශ ලැබී තිබුණා.



    එස්කොබා මෙම මැදුරේ සිට තමන්ගේ සියළු කටයුතු දුරකථනය මගින් හසුරුවා ඇති බවට පැවසෙනවා. තවද මෙම සිර මැදිරියේ එකම සිරකරුවා ද මොහුම වූ අතර මෙයට අමතරව අද වන විට එස්කොබා ගේ ධනය සොයා එහි කළ සොරකම් නිසා එය විනාශ වී තිබෙනවා.
    image-062.jpg

    LA CATEDRAL සිර නිවාසය – www.awesomestories.com

    අවසානය නම් කාටත් පොදුය

    සියලු දෙනාම එස්කොබා විසින් සිය මෙහෙයුම මෙම සිර මැදුරේ සිට කරගෙන යන බව දැනගෙන සිට තිබෙනවා. නමුත් 1992 වසරේ ජුනි මාසයේ ඔහු විසින් තමාට ද්‍රෝහී වූ අයෙක් නැවත වරක් තම සිර මැදිරිය තුලට රැගෙන විත් මරා දැමීමත් සමඟ මොහු විසින් පුනුරුත්තාපනය වනවා ද යන ගැටළුව නැවත වරක් කොලොම්බියානු රජයට පැමිණ තිබෙනවා. ඉන්පසු මොහුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුව පිටුවහල් කරනු ඇතැයි බියෙන් එස්කොබා සැගව තිබෙනවා.
    මේ නිසා මොහුව අත්අඩංගුවට ගැනීමට එක්සත් රාජධානිය හා සමඟ එක්ව විශාල මෙහෙයුමක් කොලොම්බියා රජය විසින් ආරම්භ කළා.



    එස්කොබා සෙවීම වෙනුවෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වුනා.එයින් එකක් වුණේ ඇමරිකාවේ පුහුණුව ලැබූ කොලොම්බියානු භට කණ්ඩායමක් වූ Bloc කණ්ඩායම වන අතර අනෙක් කණ්ඩායම වුණේ එස්කොබා ගෙන් පීඩාවට පත් අයගේ පවුලේ අයගෙන් හා ඔහුගේ ව්‍යාපාරයට එරෙහි වූවන්ගෙන් නිර්මාණය වුනු භට කාණ්ඩයකි.
    1993 දෙසැම්බර් 2දා ඇමරිකාවේ භාවිතා වන විශේෂ තාක්ෂණික ක්‍රමයක් මගින් ඔහු සිටින නිසා සොයා ගනු ලබන කොලොම්බියානු භට කණ්ඩායම හා පැබ්ලෝ එස්කොබා අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.
    image-072-701x524.jpg

    පැබ්ලෝ එස්කොබාගේ සොහොන – joelinsouthamerica.files.wordpress.com

    නමුත් බොහෝ දෙනෙකුට මොහුව එසේ ද්‍රෝහියෙකු වූවත් තවමත් සමහරක් කොම්බියානු දුගී ජනතාව මොහුව ගෞවරයෙන් සිහිපත් කරනවා. ලෝකය පුරා නිර්මාණය වුනු බොහොමයක් පොත් , නාට්‍ය හා චිත්‍රපට වෙනුවෙන් මොහුගේ කතාව යොදා ගෙන තිබෙනවා. කෙසේ නමුත් මොහුගේ මියයාම සමඟ කොලොම්බියානු මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දැඩි ලෙස පහත වැටී තිබෙනවා.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    මෙයාගේ ජිවිත කතාව වටා ගෙතුන TV series එකක් තමයි Narcos කියන්නේ :yes::yes::yes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    එස්කොබා ගේ පුතා මේ ලගදි දුන්න ඉන්ටවිව් එකක් කිව්වා තාත්තා කියල තියෙනවලු පුතාට , පොර ගාව තුවක්කුවක් තියෙනවා එකේ උණ්ඩ 15ක් තියෙනවා (මට මතක විදිහට ) එකෙන් 14ක් පොර මරන්න එන අයට අන්තිම එක බේරෙන්න බැරි උනොත් පොරටම කියලා

    එක කියලා කිව්වේ DEA එක නෙවෙයි මැරුවේ තාත්ත ම වෙඩි තියගතතා බේරෙන්න බැරි උන හින්ද කියලා

    Narcos කතාවේ විදිහට නම් DEA එක තමා වෙඩි තිබ්බේ අන්තිමට

    * දුවට සීතලයි කියල දවසක් මිලියන දෙකක සල්ලි ගිනි උදුනට දල කාමරේ උණුසුම් කරලා තියෙනවා :baffled:

    * සල්ලි බදින රබර් පටිවලට මාසෙකට ඩොලර් 1000 ක් හරි 10000ක් හරි ගිහින් තියෙනවා :oo:

    * මියෝ කාල අවරුද්දකට සල්ලි මිලියන ගානක් නැති වෙලා තියෙනවා :oo:

    තව තාත්තා මේසයක් උඩ පොර ඩිල් කරන drug ඔක්කොම තියලා පුතාට කිව්වලු මේවා මෙහමයි අදුන ගන්නේ මේකේ පාට මෙහෙමයි මේකේ සුවද මෙහෙමයි කියල එත් කවදාවත් බොන්න එපා කිව්වලු :lol:




    මේක බැලුව නම් අනිවා El -Chapo එකත් බලන්න , තම ජිවත් වෙන එස්කොබා ඉන්න කළෙම එලියට අව drug dealer කෙනෙක් (එස්කොබා ත් ඉන්නවා කැලි දෙකක වගේ ) , දෙ පාරක් හිරෙන් පැන්න, දැන් නඩුවට එක්කන් යනකොට ඇමරිකාවේ පාරවලුත් වහන්වලු :baffled:

    *මුට සල්ලි ගණන් කරගන්න බැරි තරම් වැඩි හින්ද අන්තිමට සල්ලි මැන්නේ කිලෝ ගණන් වලින් (බරට )

    ගිය මාසේ තමා ඒ සිරිස් එක ඉවර උනේ
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එස්කොබා ගේ පුතා මේ ලගදි දුන්න ඉන්ටවිව් එකක් කිව්වා තාත්තා කියල තියෙනවලු පුතාට , පොර ගාව තුවක්කුවක් තියෙනවා එකේ උණ්ඩ 15ක් තියෙනවා (මට මතක විදිහට ) එකෙන් 14ක් පොර මරන්න එන අයට අන්තිම එක බේරෙන්න බැරි උනොත් පොරටම කියලා

    තාත්තා මේසයක් උඩ පොර ඩිල් කරන drug ඔක්කොම තියලා පුතාට කිව්වලු මේවා මෙහමයි අදුන ගන්නේ මේකේ පාට මෙහෙමයි මේකේ සුවද මෙහෙමයි කියල එත් කවදාවත් බොන්න එපා කිව්වලු :lol:

    එක කියලා කිව්වේ DEA එක නෙවෙයි මැරුවේ තාත්ත ම වෙඩි තියගතතා බේරෙන්න බැරි උන හින්ද කියලා

    Narcos කතාවේ විදිහට නම් DEA එක තමා වෙඩි තිබ්බේ අන්තිමට


    මේක බැලුව නම් අනිවා El -Chapo එකත් බලන්න , තම ජිවත් වෙන එස්කොබා ඉන්න කළෙම එලියට අව drug dealer කෙනෙක් (එස්කොබා ත් ඉන්නවා කැලි දෙකක වගේ ) , දෙ පාරක් හිරෙන් පැන්න, දැන් නඩුවට එක්කන් යනකොට ඇමරිකාවේ පාරවලුත් වහන්වලු :baffled:

    ගිය මාසේ තමා ඒ සිරිස් එක ඉවර උනේ


    El -Chapo කියන්නේ මොකක්ද බන්

    රේප් උබට
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එස්කොබගෙ සත්තුවත්තෙ ඉතුරුවෙච්ව හිපපොටේමස්ල රංචුවක් බෝ වෙලා ඉන්නවලු තාම youtube තිබ්බ
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    El -Chapo කියන්නේ මොකක්ද බන්

    රේප් උබට

    TV සිරිස් එකක් , එස්කොබා වගේම drug ඩිලර් කෙනෙක් ගැන
    තම ජිවත් වෙන ,