රටකට ඕනෑ අපමණ අගයක්
හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්
කියල හිතුවට එහෙම නෑ.
බහුතරයක් වූ 2/2 = බින්දුවේ දේශප්‍රේමීන්ට අනුව
රටකට ඕනෑ අපමණය හොරයක්
හෙටකට ඕනෑ කුඩු රජ යුගයක් මිත්‍රවරුණි.

කොච්චර කෑගැහුවත් කුඩු මහින්දට නං අවුරුදු අටකට රට කන්න ආයෙත් ඡන්දෙ දෙන්නෙ නෑ. අන්තිම ජනාධිපතිවරණෙදි ඡන්දෙ නැතත් දාන දාන හැම එකම ශෙයා කර කර කඩේ ගිහිං කළගුණ සැළකුව. ඒත් ලෙඩාගෙ ජීවිතේ බේරගෙන ලෙඩාව දූෂණය කරන මහින්ද දොස්තරයට ආයෙත් නං ඡන්ද දාන්නෑ සිඞ්හලු.
හැබැයි කියන්න දුකයි අයි ටී එන් බලන දේශප්‍රේමියෙක් එක්ක ඊයෙ කතා කරන්න අවස්ථාවක් ලැබුන. උන්දැ කියනව අන්න මෛත්‍රීපාල සිංගප්පූරුවෙ ගිහිං කොටිත් එක්ක අත්සන් කරපු ගිවිසුම් ඔක්කොම හෙළි වුනාලු. හත්දෙයියනේ කවද්ද සිංගප්පූරුවෙ ගියෙ. 2/2 = බින්දුවෙ දේශප්‍රේමීන්ට අනුව චන්ද්‍රිකාත් කොටින්ට හවුල්ලු. යකෝ කොටින්ගෙන් මැරෙන්න ගිහිං ඇහැක් නැතිවෙලා බේරුණු ගෑණි. (මං චන්ද්‍රිකාට කැමති නෑ :3) කොටි එක්ක චන්ද්‍රිකා ගිවිසුම් අත්සන් කරන්න. :O අයිටීඑන් එකෙන් මිනිස්සුන්ගෙ මොල කාල තියෙන්නෙ. ඒ දේශප්රේමියාගෙ ගෙදරත් අයිටීඑන් නිතරම බැලෙන ගෙයක්. තව කියන මෛත්‍රීපාලට වෙන්නෙත් එස් එෆ්ට වුන දේමලු. හිරේ දානවලු ඡන්දෙ ඉවර වෙලා. :O ඒකාධිපතිවාදය එනකං දේශප්‍රේමියො (2/2 = බින්දුවෙ) පුල පුලා බංස්ලා බලං ඉන්නෙ.
වෙබ් එකේ දකින සමාජය නෙමේ හැබෑ ලෝකෙ තියෙන්නෙ

පව් ඉතිං ලක් මාතාව.



