රටක් වෙනුවෙන් විමල් දැමූ නඩුව ජය ගමනේ… වැට#
ඉහල නංවන ලද වැට් බදු සංශෝධන ක‍්‍රියාත්මක කිරීම වහා අත්හිටුවන ලෙස අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කලේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු හෝ අදාල පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරන තුරු වැට් බදු නැංවීම අත්හිටුවන ලෙස නියෝග ලබා දුන්නේය.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිවේදන දෙකක්ද අහෝසි කරන ලෙස නියෝග කරනු ලැබීය.
වීරවංශ මහතා සිය පෙත්සමෙන් කියා සිටියේ පාර්ලිමේන්තුවේ සම්මත නොකර නීති විරෝධී ලෙස වැට් බදු අය කරන බවයි. අග විනිසුරු කේ. ශ්‍රී පවන්, බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන යන ත‍්‍රිපුද්ගල විනිසුරුවන් මෙම නඩුව විභාග කරනු ලැබූහ.