රටට ගිය කලක්

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ දක්වන්නේ ත්‍රිපිටකයේ කරුණු...
    කියල හිතන් ඉන්නවනම් ඔහුටත් අබසරණයි...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,728
    23,404
    113
    බුද්ධ ධර්මය තියෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. ඒක හරි.

    එතකොට චේතනාත්මකව පාපකර්මය සිද්ද වෙන විදිහ උඹට අවබෝද වෙලා නැත්තේ කාගේ අඩුපාඩුවක් නිසාද?

    මචන් උබ කියන විදිහට ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයත් වැරදියිනෙ.

    1.තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2.තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)

    මේ දෙකට "චේතනාත්මකව පාපකර්මය" සිද්ද වෙන විදිහ පැහැදිලි කරන්න. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් උබ කියන විදිහට ත්‍රිකෝටි පාරිශුද්ධ ශීලයත් වැරදියිනෙ.

    1.තමන් වෙනුවෙන් මැරූ බව නොදුටු (අදිට්ඨං)
    2.තමන් වෙනුවෙන් මැරූ බව නොඇසූ (අසූතං)

    මේ දෙකට "චේතනාත්මකව පාපකර්මය" සිද්ද වෙන විදිහ පැහැදිලි කරන්න. :)

    ශිලය නෙවේ, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය.

    සතෙක් මරන්න, අපිට "ඌ මැරීමට චේතනාවක්" මරණ මොහොතේ පහල වෙලා තියෙන්න ඕනේ! චේතනාව වෙනස් නම් පවක් නැහැ. (උ:දා:- සතෙක් ට ලෙඩකදී වතුර පොවනවා ඌ හොඳ වෙන්න, නමුත් ඌ මැරෙන්නේ වතුර පෙවිලා. චේතනාව බේරා ගන්න එක. ඒ නිසා පවක් නෑ.)

    1. දැක්කේ නැති.
    2. අහන්න නොලැබුන.

    සතෙක් ගේ මරණයකට, "ඌ ව මරන්න" චේතනා, අපේ හිතේ ඇති වෙලා නෑ! දන්නෙවත් නෑ ඌ ගැන. ඉතින් කොහොමද චේතනා පහලවෙන්නේ නොදන්නා සතෙක් ගැන? ඉතින් උගේ මරණයට අපි වග කියන්නේ නෑ! ඒ නිසා පවක් නෑ.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඔයාම කියන්නකෝ මොකද්ද වෙනස කියලා! :D ඔයාම කියන්න. මොකද්ද බුදු පිළිමේ තියන ප්‍රශ්නේ? :D

    ඉතින් ඔවු. අනිවාර්යෙන් බෞද්ධයෝ අනුගමනය කරන්න ඕනේ ත්‍රිපිටකය තමයි. මන් කිවුවද නෑ කියල? :D මම වුනත් මේ උඹේ thread එකේ කරුණු කතා කරන්නේ ත්‍රිපිටකයෙන්. නැතුව, මගේ බණ වත්, හාමුදුරුවන් හිතලා කියන බණවත් නෙවෙයි. :D

    උබ හිතන් ඉන්නෙ එහම තමා :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උත්තරේ උඩ පොස්ට් වල තියනවා. ඔක්කොම පොස්ට් කියවන්න.

    උබ හරි උත්තරයක් දිලා නෑ නිකන් වටෙ ගිහින් තියෙනෙ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ශිලයට හානියක් නොවන. කියන එක විස්තර කරන්න . මම දන්න ව්දියට මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට් හමුදුරුවන්ට වලදන්න තහනම් . මට මතක විදියට එක තියෙනෙ විනය පිටකයෙ.

    මස්, මාළු, සොසේජස්, කරෝල, සැමන් - සත්ව ගාථනයට වක්‍රකාරව අනුබලදිමක්
    බුදුහාමුදුරුවන්ටද හාමුදුරුවන්ටද.. පොඩ්ඩක් කියපන් ආයිත්. :sorry:

    අද දාන ගෙයකට ගිහින් බලන්න මොන ගෙදරද මාලු කරෝල නැතිව දානයක් දෙන්නෙ. සමහර දායකයො ඉස්සො, හාල්මැස්සො, හුරුල්ලො,බිත්තර, පුරෝපු දැල්ලොත් දෙනව. ඕක සාමන්‍ය දෙයක්. පොඩ්ඩක් වට පිටාවෙ ඇවිදිල බලන්න. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උබ හරි උත්තරයක් දිලා නෑ නිකන් වටෙ ගිහින් තියෙනෙ

    සතෙක් මරන්න, සතාගේ ඝාතනයට චේතනාව හැසිරෙන්නේ මොන විදිහටද කියලා ඔයාට අවබෝධය මදි නිසයි එහෙම පෙනෙන්නේ. ඒ අය හැමෝටම ඒක පෙනෙන්නේ එහෙම තමයි.

    මම නිර්මාංශ ප්‍රශ්නය කියලා පොතක් උඩින් දැම්මා. ඔයාගේ මතවාද පැත්තකින් තියලා ඒක කියවන්න. (ඔයා ත්‍රිපිටකය හොයාගෙන ඔය කරුණු කියවන්නේ නෑ කියලා මන් දන්නවා. අනික ඒ පොතේ තියෙන්නෙත් ත්‍රිපිටකයේ කරුණුම තමයි.)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මස් අනුභව කළා බන්. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය.

    මරලා නං මස් දුන්නේ දීපු කෙනාට පවු තමයි.. එකේ ගැටළුවක් නෑ! එතන පව තියෙන්නේ ප්‍රාණ ඝාතයට. ඉතින් දානය දෙන කෙනත් ඒ මස් ලබා ගන්නේ,

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    නම්, කිසි ගැටළුවක් නැහැ නේ?

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය තමා සහෝ අපි අරගන්න ඕනේ....

    1. තමන් මරන්නේ නැතුව
    2. අනුන් ලවා මරවන්නේ නැතුව
    3. ඒ මරණයට අනුබල දෙන්නේ නැතුව

    ලබා ගන්නා මාංශය...

    උ.දා: ඔයා හොටලෙකට ගියාම, එතන තියන, ඔයා වෙනුවෙන්ම විශේෂයෙන්ම පිළියෙළ නොකළ මස්.

    කෙනෙක් කියනවා නම්, "සත්තු මරන්නේ අපි කන නිසා" කියලා, මම එයාට කියනවා "අපි කන්නේ, මරලා ගෙනල්ලා විකුණන නිසා විතරයි" කියලා. මොකද අපි මස් කෑවේ නෑ කියලා මැරෙන්නෙත් නෑ, මස් කඩේ නැත්තම් සත්තු හොයාගෙන ගිහින් මරාගෙන කන්නෙත් නෑ!
    :cool::cool:
    You must spread some Reputation around before giving it to shenic again. :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :cool::cool:
    You must spread some Reputation around before giving it to shenic again. :(

    ඔය පොස්ට් එකේ කරුණු වල වරදක් තියනවා සහෝ... මම පස්සේ ඒක හරි ගැස්සුවා.. :)

    You must spread some Reputation around before giving it to MihiCherub again :no: :D :cool:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඔය පොස්ට් එකේ කරුණු වල වරදක් තියනවා සහෝ... මම පස්සේ ඒක හරි ගැස්සුවා.. :)

    You must spread some Reputation around before giving it to MihiCherub again :no: :D :cool:
    එල මන් දැක්ක ඒත් ඔක්කොම qt කරන් දගලපුවාම බලන අයට කරදර නිසා නිකන් උන්න. අමාරුවේගෙන වගේ එනව නම් කියන්න. ;) සප් එකක් දෙන්නම්. කෝ මේ බින්ගො දැන් මේවට කමෙන්ට් දාන්නෙ නෑනෙ. පොරට එපා වෙලාද කොහෙද.. :dull:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    සතෙක් මරන්න, සතාගේ ඝාතනයට චේතනාව හැසිරෙන්නේ මොන විදිහටද කියලා ඔයාට අවබෝධය මදි නිසයි එහෙම පෙනෙන්නේ. ඒ අය හැමෝටම ඒක පෙනෙන්නේ එහෙම තමයි.

    මම නිර්මාංශ ප්‍රශ්නය කියලා පොතක් උඩින් දැම්මා. ඔයාගේ මතවාද පැත්තකින් තියලා ඒක කියවන්න. (ඔයා ත්‍රිපිටකය හොයාගෙන ඔය කරුණු කියවන්නේ නෑ කියලා මන් දන්නවා. අනික ඒ පොතේ තියෙන්නෙත් ත්‍රිපිටකයේ කරුණුම තමයි.)

    උබ කොහොමද එහම කියනෙ . මම ඔය එක එක මනසිකවයෙන් ඉන්න අය ලියන පොත් නම් කියවන්නෙ නෑ

    උබ කියන විදියට පන්සලෙ බාබකිවු දෑම්මත් කමක් නෑ නෙ

    මම අහනෙ උබන් අහුව ප්‍රශ්නය

    අපි කියන්නෙ නැතිව මිනිහෙක් සත්තු මරලා කඩයක් දාගෙන මස් විකුනනවා. එතකොට මිනිහාට ඒ සත්තු මරන්න අපි අනුබල දුන්නා?

    කොහොමද අනුබල දෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ?

    මිනිස්සු මස් ගත්තෙ නෑත්නම් කඩය වෑහෙනව නෙද?

    මම අහනෙ මෙකට පිලිතුර ඔව් ද නෑද්ද
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    බුදුහාමුදුරුවන්ටද හාමුදුරුවන්ටද.. පොඩ්ඩක් කියපන් ආයිත්. :sorry:

    අද දාන ගෙයකට ගිහින් බලන්න මොන ගෙදරද මාලු කරෝල නැතිව දානයක් දෙන්නෙ. සමහර දායකයො ඉස්සො, හාල්මැස්සො, හුරුල්ලො,බිත්තර, පුරෝපු දැල්ලොත් දෙනව. ඕක සාමන්‍ය දෙයක්. පොඩ්ඩක් වට පිටාවෙ ඇවිදිල බලන්න. :)

    මචන් මම කියනෙ නිතිය මිසක් . සමාජ්යෙ සිදුවන දෙ නෙම්යි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    පේන විදියට කට්ටිය එකම කරකව කරකව ආයි ආයිත් අහල තියෙන්නෙ. හැමෝටම පොදුවේ උත්තරයක් දෙන්නම්.

    විවිධාකාර නම් වලින් විවිධාකර ධර්ම පොත් ලියවුනාට ඒව විස්වාස කරන්න බෑ. ඒක නිවැරදියි. නමුත් ඒ පොත ත්‍රිපිටකයේ කරුනු අනුව, උදාහරනයකට යමක් පැහැදිලි කිරීමෙන් පසු ත්‍රිපිටකයේ සදහන් වෙන තැන් ආදාල සූත්‍ර පැහැදිලිව සදහන් නම් ඒවා සත්‍ය නම්, ඒ පොත කුමන කෙනෙක් විසින් රචනා කලත් එහි කරුණු සත්‍යක් ලෙස ත්‍රිපිටකය පිලිගන්න ඕනෑම කෙනෙකුට පිලිගන්න වෙනව.
    එම නිසා එවැනි පොත පත ආශ්‍රයෙන් දක්වන කරුනු අහවල් හාමුදුරුවො ලිව්වාට විස්වාස කරන්න බෑ කියන තර්ක සියල්ල බිද වැටෙනව. :)

    මෙතැන් සිට ඉහතකී උපුටා ගත් කරුනු දක්වා ඇත.
    නැවත ලීවීමට අපහසු හෙයින් එලකිරියේම පලවූ පෝස්ට් මගින් උපුටාගෙන ඇත.

    මාංශ අනුභවය
    පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ.

    කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

    1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
    2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
    3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.

    (පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.

    කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.

    හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය
    සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

    ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.

    මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

    උදාහරණයක් ගනිමු.

    1. ඔබ ජීවත් වේ.
    2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
    3. ඔබ පණ පිටින් බව මම දනිමි.
    4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
    5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

    කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.
    නමුත් සත්‍ය කතාව නම්,

    1. මුදලාලි ඔබව මරනවා.
    2. මට මස් කන්න හිතෙනවා.
    3. මම ඔබේ මළකුණ දකිනවා.
    4. මට මස් කන්න හිතෙනවා.
    5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

    ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.

    ඔබේ අල්ලේ වණ තිබේද?

    මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.

    මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.

    තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:

    බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.

    වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."

    [FONT=Helvetica, Arial, sans-serif]References: [/FONT]
    මේ ලිපියට කරුණු උපුටා ගත පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසො හිමිගේ මුල් ලිපිය.
    http://www.urbandharma.org/udharma3/meat.html

    [FONT=Helvetica, Arial, sans-serif]
    [/FONT]
    [1] Book of the Discipline, Vol. 4, p. 324
    [2] ibid, p. 325

    පරිවර්තිත උපුටා ගැනීම

    [FONT=Helvetica, Arial, sans-serif]http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html[/FONT]
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,728
    23,404
    113
    ශිලය නෙවේ, ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය.

    සතෙක් මරන්න, අපිට "ඌ මැරීමට චේතනාවක්" මරණ මොහොතේ පහල වෙලා තියෙන්න ඕනේ! චේතනාව වෙනස් නම් පවක් නැහැ. (උ:දා:- සතෙක් ට ලෙඩකදී වතුර පොවනවා ඌ හොඳ වෙන්න, නමුත් ඌ මැරෙන්නේ වතුර පෙවිලා. චේතනාව බේරා ගන්න එක. ඒ නිසා පවක් නෑ.)

    1. දැක්කේ නැති.
    2. අහන්න නොලැබුන.

    සතෙක් ගේ මරණයකට, "ඌ ව මරන්න" චේතනා, අපේ හිතේ ඇති වෙලා නෑ! දන්නෙවත් නෑ ඌ ගැන. ඉතින් කොහොමද චේතනා පහලවෙන්නේ නොදන්නා සතෙක් ගැන? ඉතින් උගේ මරණයට අපි වග කියන්නේ නෑ! ඒ නිසා පවක් නෑ.

    නෑ බන් මම අහන්නෙ

    1.තමන් වෙනුවෙන් මැරූ බව දුටු
    2.තමන් වෙනුවෙන් මැරූ බව ඇසූ

    මාංෂයක් කද්දි චේතනාත්මකව කර්මයක් සිද්ද වෙන්නෙ කොහොමද?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,728
    23,404
    113
    බුදුහාමුදුරුවන්ටද හාමුදුරුවන්ටද.. පොඩ්ඩක් කියපන් ආයිත්. :sorry:

    අද දාන ගෙයකට ගිහින් බලන්න මොන ගෙදරද මාලු කරෝල නැතිව දානයක් දෙන්නෙ. සමහර දායකයො ඉස්සො, හාල්මැස්සො, හුරුල්ලො,බිත්තර, පුරෝපු දැල්ලොත් දෙනව. ඕක සාමන්‍ය දෙයක්. පොඩ්ඩක් වට පිටාවෙ ඇවිදිල බලන්න. :)

    ඕවා විතරක් නෙමේ සොසේජස්,බැදපු තෝරමාලු පෙති එහෙමත් දෙනවා. හැබැයි මටනම් එතන මස්කඩයක් වගේ. කවුරු මොනව කරත් හරි දේ කරන්න අපි දැන ගන්න ඕන.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,728
    23,404
    113
    පේන විදියට කට්ටිය එකම කරකව කරකව ආයි ආයිත් අහල තියෙන්නෙ. හැමෝටම පොදුවේ උත්තරයක් දෙන්නම්.

    විවිධාකාර නම් වලින් විවිධාකර ධර්ම පොත් ලියවුනාට ඒව විස්වාස කරන්න බෑ. ඒක නිවැරදියි. නමුත් ඒ..........

    මචන් උබ කියන එක හරි. ඒත් උබ තව ටිකක් දුරට හිතන්න ඕනෙ.

    "1. මුදලාලි සතෙක් මරනවා.
    2. ඔබට මස් කන්න හිතෙනවා.
    3. ඔබ සතාගෙ මළකුණ දකිනවා.
    4. ඔබට මස් කන්න හිතෙනවා.
    5. ඔබ සල්ලි දී සතාගෙ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.
    "

    මම කියන්නෙ ඔතනින් පස්සෙ වෙන දේ. ඊට පස්සෙ අර මුදලාලි අපේ සල්ලි නිසා,අපි ගන්න නිසා තව සත්තු මරනවා. අපි ඊලග දවසෙ ගිහින් අපි නිසා මරපු සතාව මිලදී ගන්නවා. දිගටම ඕක වෙනවා. හේතුවත් හරි,ඵලයත් හරි.

    හේතුව - අපි මලකුණු සල්ලි දීලා ගන්න කැමති වීම
    ඵලය - තව තව සත්තු මැරීම

    හැබැයි මම පිලිගන්නවා ඔතන චේතනාව පිලිබද ගැටලුවක් තිබෙන බව.හැබැයි වෙන කෙනෙක් අපි වෙනුවෙන් මරල ගෙනත් දෙන සතෙක්වත් ආහාරයට ගන්න හොද නැති බව බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.(ත්‍රිකෝටො පාරිශුද්ධ මාංශය) එතනදිත් අපේ චේතනවක් නෑ සතාව මරන්න.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මොනාද මේ කියවන්නේ ඇත්තටම? :D

    මේ ඔයා මනෝ ගහලා හිතන විදිහේ එකක් නේ දාගෙන type කරලා තියෙන්නේ! ඔයා කොහොහ්මද දන්නේ මම හිතන පිළිවෙල? :D

    අන්න කියන්න ඕන ඔක්කොම බුද්ධ දේශනා වලින් කරුණු අරගෙන කියලා තියෙන්නේ. මන් කතා කරන්නේ බුද්ධ දේශනා වලින් විතරයි.

    +++++++++++++++++++++++++

    ඔයාගේ උදාහරණ, වෙනත් විකාර නැතුව කෙලින්ම කියන්න මොකද්ද දැන් කියන්න යන්නේ කියලා. :D

    මම ආයෙත් කියනවා. මම මස් ගන්නේ කඩේ තියන නිසා.

    කිසි තේරුමක් නැති කතන්දරයක් ඔයා ගිගටම කියාගෙන යන්නේ. බුදු දහමටත් විරුද්ධයි. ඔයා කියනවා වක්‍රාකාරව පවු පිරෙනවා කියාගෙන ඔයා කියන්නේ වක්‍රාකාරව චේතනාව කර්මය නෙවේ කියලා. යාළුවගේ මස් කෑල්ලටත්, හම්බු විදිහට මිලදී ගන්න සතෙක්ගෙයි කිසිම වෙනසක් නෑ.

    එකම දේ චේතනාව කොහොමද කර්මයකට සකස් වෙන්නේ කියලා තේරුම් ගන්න තරම් ඔයාගේ මොලේ පරිනත වෙලා නෑ එච්චරයි.

    ඕවා මහා මෝඩ තර්ක.

    මේකයි වෙලා තියෙන්නේ. එළවලු කන අය හිතන් ඉන්නේ හරි සිල්වත් කියලා. බොරු සිල් ඒවා. ආහාරය මස්/එළවලු දෙකම ආහාර. ඒවා ගන්නේ අපේ රුචිකත්වය අනුව විතරයි. අපි කැමති ඒවා කනවා. අකමැති ඒවා නොකා ඉන්නවා. එච්චරයි.

    කෘමි සතුන් මරලා එළවලු වවන නිසා ඔයාගේ ඔය මෝඩ තර්කය අනුව එළවලු කන අයත් නිරයේ යන්නේ! ඔයා එලවලුත් සල්ලි වලට ගන්නේ! ඒක තියෙන්නෙත් කඩේ. ඔයාගේ ඉල්ලුම අනුව තමා සැපයුම. ඔයා එළවලු කනවා නම් ඔයා කෝටි ගානක් කෘමි සතුන්ගේ මරණයට පවු කාරයෙක් වෙනවා. ඔය විදිහට.

    පුළුවන් නම් ඔයා ඒ තර්කය බිඳින්න.

    ++++++++++++++++++++

    සත්‍ය කරුණු එලියට එනකොට එළවලු විතරක් කාල "අනේ අපි හරි සිල්වත්. කුරා කුඹියෙකුටවත් හිංසාවක් නෑ" කියාගෙන ඉන්න අයට අම්බානට රිදෙනවා! ඕගොල්ලන්ට ඕනේ එළවලු කන ඒක උසස් කරලා දක්කවා ගන්න විතරයි! පේන්න ගන්න විතරයි. එකයි ඔය බුද්ධ දේශනාත් බොරු කරගෙන මෝඩ තර්ක දාන්නේ!

    මතක තියා ගන්න එළවලු කෑම සීලයක් නෙවේ. කිසි දවසක සීලයක් වුනෙත් නෑ. බුදු රජාණන් වහන්සේ දේශනා කලෙත් නෑ. බුදු කෙනෙක් අනුමත නොකළ ශීලයන් සමාදම් වීම මිත්‍යා දෘෂ්ටියට අයිති. අර නිඝන්ටයන්ගේ "පරම අවිහිංසාවාදය වගේ."

    මම ඔයාගේ තර්කය උඩින් බිඳලා තියෙන්නේ. කරුණා කරලා කලින් පොස්ට් කියවලා බලන්න.

    මචං මම මුලින්ම කිව්වා නේ උබ ඉන්නේ උබේ මතේම හරි කියල මැරෙන්න හදන පසුබිමක ඉතින් උබ කැමති නෑ සත්‍ය සත්‍ය විදිහට දකින්න.

    මට අයෙත් ත්රිපිටකෙන් අරන් පෙන්නන්න දෙයක් අවශ්‍ය නෑ. මම කරේ ඔය අරන් පෙන්නලා ඔයාගේ හිතළු අර්ථකතනයක් දීපු ත්‍රිකෝටික පරිශුද්ද ශිලයට හරියාකාර අර්ථකතනයක් දීම විතරයි.
    මගේ උදා හරනෙන් ඔයාගේ තර්ක බිඳෙන නිසා ඔය කැමති නෑ මගේ උදාහරනේ බාරගන්න. ඔයා හිතන්න කැමති කඩ කාරය ආසාවට මස් විකුනනවා ඒ මස් මැරුවේ උට තියෙන ආසාවට ඒ නිසා මට ප්‍රශ්නයක් නෑ මම කනවා කියල. මට පරචිත්ත වින්ඝානය නම් නෑ ඔයා හිතන විදිහ ගැන කියන්න. එත් ඔයාගේ මෝඩ තර්කයත් එක්ක තේරෙනවා ඔය හිතන විදිහ.

    දෙවැනි පොස්ට් එක ගැන කියන්න තියෙන්නේ ඔයා නම් අමු ගොනෙක් කියල විතරයි. මම කලින් කිව්වා වගේ කඩේ මස් තියෙන්නේ මිනිස්සු ඒවා මිලදී ගන්න නිසා මිසක් වෙන අටමගලයක් නිසා නෙවෙයි. උබල වගේ මස් කන උන් ඒවා ගන්නේ නැත්තන් කඩේ මස් තියෙන්නේ නෑ. උබට ඕක තේරුනත් උබ එක පිළිගන්න කැමති නෑ.

    ඔයා මම ලියපු එකවත් හරියට කියවන්නේ නැතුවයි පිළිතුරු දීල තියෙන්නේ. මම එකේ කියල තියෙන්නේ යාළුවා කඩෙන් ගිහින් මස් ගත්ත කියල නෙවෙයි. යාළුවා තමන්ගේ ගෙදර කුකුලව මාරුව කියල. යාළුවා කඩෙන් ගිහින් මස් ගත්තත් ඔය යාළුවගේ ගෙදර යන්න අහම්බෙන් නිසා ඔයා ඒ මස් කාව කියල ඔයාට පව් නෑ. එත් යාලුවට පව්. ඔයාට එක කියවල තේරුම් ගන්න තරම් වත් දැකීමක් නැති එක ගැන මටනම් පුදුමයක් නෑ.

    ඔයා කියනවා කඩේ තියෙන නිසයි ගන්නේ කියල. හරි අපි ඒ තර්කෙන්ම ඉදිරියට යමු. ඔය හැම කඩේම තියෙන හැම දේම ඔයාලගේ ගෙදරට ගේනවද? එහෙම නැත්තන් කඩේ තියෙන ඔයාගේ අතට අහුවෙන ඕනෑම මස් ජාතියක් ද ඔයා අරන් එන්නේ? නෑ නේද? ඔයා ගන්නේ ඔයාට කන්න ආස රස කන්න ආස ජාතියේ සත්ව. ඒ කියන්නේ ඔයා ඒ මස් කෑල්ල තෝරාගන්නේ හිතල එත් ඔයා හිතන්නේ නෑ ඒ සත්ව මරන්න ඕනේ කියල මොකද ඒ වෙනකොට ඒ සතා මැරිලා ඉවරයි නිසා. නමුත් ඔයා එක නොහිතුවත් ඔයාගේ යටි හිත දන්නවා මේ සත ඉබේ මරුන එකෙක් නෙවෙයි මේ සතා පාරිබෝගිකයන් වෙනුවෙන් මරපු සතෙක් කියල. එහෙනම් ඔයාට ඉබේටම කර්මය සකස් වෙලා ඉවරයි. චේතනාව සහ ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය යන දෙපැත්තෙන්ම ඔය වැරදි කාරයෙක්.

    දැන් අයෙත් කියන්න එපා කඩේ තියෙන හින්ද ගන්නවා කියලනම් එහෙම කියනවනම් ඔයා අමුම අමු ගොනෙක් විතරමයි

    ඔය එක කර්මයක් සාධාරණී කරන්න තව කර්මයක් අරන් පෙන්නනවා. අනිත් අය එළවලු කනකොට පුංචි පුංචි කෘමි සත්තු ගොඩක් මැරෙන නිසා. මම මස් කනකොට ලොකු සත්තු මැරුණට කමක් නෑ කියල. අනේ මන්ද ඔයාට ධහම් කරුණු ඉගැන්නුවේ කවුද කියල. බුද්ධ දේශනාව ගැන ඔය දන්නේ හරිම මතුපිටින්. නිගන්ටනාථ පාර අතු ගාවල තමා පාරේ යන්නේ මොකද සත්තු මැරෙයි කියල ඒ වගේ දේවල් බුදු දහම අත්හරින්න කියපු දේවල්.

    අනික් කාරණේ අපි එළවලු කන්නේ අපිට ඊට වඩා හොඳ විදිහට කන්න දෙයක් නැති නිසා. අපිට ලොකු ඉඩමක් තිබුනානම් අපිත් කාබනික පොහොර දාල වවාගෙන කනවා. එක අපේ ශරීරයටත් හොඳයි නිසා. මේ කෘමි නාශක භාවිතය මිනිස්සුන්ටත් අහිත කරයි. එත් අපිට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑ. අපි කෘමිනාශක ගහපු නැති ඒවා ඉල්ලුවත් ගොවින් එකට කැමති නෑ. ඒ කියන්නේ අපිට කිසිම චේතනාවක් නෑ කෘමිනාශක ගහපු එළවලු කන්න. අපි ආසත් කාබනික පොහොර දාපුවා කන්න.

    ඔයාගේ තර්ක හරිම සියුමැලි සහෝදරයා. ඔයාගේ තර්කය බිඳින්න කියල ඔය මට අභියෝග කල. දැන් එක බිඳිලා ඉවරයි. දැන් කියන්න එපා ත්රිපිටකෙන් මොනාහරි කොටසක් අරන් දැම්මේ නෑ නේ කියල. මම ලියල තියෙන්නේ මනෝ විකාර කියල. මම කරේ ඔය ත්රිපිටකෙන් ගත්ත දේට හරි නිර්වචනයක් දීපු එක. ඔයාට පුලුවන්නම් තර්කයෙන් මගේ මතේ බිඳලා පෙන්නන්න. ඔය මගේ තර්ක මෝඩ ඒවා කියා කියා හිටිය මිසක් ඒවා බිඳින්න උත්සහ කලේ නෑ.

    දර්මය දන්නවා කියන්නේ සහෝ ත්‍රිපිටකේ කියවනවා කියන එක නෙවෙයි. අපිට එක පාරටම පෙනෙන්න තියෙන තේරුමට වඩා මහා ගැඹුරු තේරුමක් බුදුදහමේ තියෙනව. එහෙම නැත්තන් මේ වෙනකොට අපේ ලංකාවේ ඉන්න මහා විශාරධ අපේ ත්‍රිපිටකධාරි ස්වාමින් වහන්සේලා රහත් වෙන්න ඕනේ නේ.

    දැන් කියන්න එපා උබට මේවා තේරෙනවනම් උබ රහත් වෙළද කියල. නෑ මචන් ත්වමනම් නෑ එත් උත්සහ කරනවා තව බුදු කෙනෙක් උපදින්න පෙරාතුවම ධර්මාව බෝධය ලබන්න.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචන් උබ කියන එක හරි. ඒත් උබ තව ටිකක් දුරට හිතන්න ඕනෙ.

    "1. මුදලාලි සතෙක් මරනවා.
    2. ඔබට මස් කන්න හිතෙනවා.
    3. ඔබ සතාගෙ මළකුණ දකිනවා.
    4. ඔබට මස් කන්න හිතෙනවා.
    5. ඔබ සල්ලි දී සතාගෙ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.
    "

    මම කියන්නෙ ඔතනින් පස්සෙ වෙන දේ. ඊට පස්සෙ අර මුදලාලි අපේ සල්ලි නිසා,අපි ගන්න නිසා තව සත්තු මරනවා. අපි ඊලග දවසෙ ගිහින් අපි නිසා මරපු සතාව මිලදී ගන්නවා. දිගටම ඕක වෙනවා. හේතුවත් හරි,ඵලයත් හරි.

    හේතුව - අපි මලකුණු සල්ලි දීලා ගන්න කැමති වීම
    ඵලය - තව තව සත්තු මැරීම

    හැබැයි මම පිලිගන්නවා ඔතන චේතනාව පිලිබද ගැටලුවක් තිබෙන බව.හැබැයි වෙන කෙනෙක් අපි වෙනුවෙන් මරල ගෙනත් දෙන සතෙක්වත් ආහාරයට ගන්න හොද නැති බව බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා.(ත්‍රිකෝටො පාරිශුද්ධ මාංශය) එතනදිත් අපේ චේතනවක් නෑ සතාව මරන්න.

    චේතනාවක් නැත්තේ නෑ සහෝ චේතනාව තියෙනවා. අපි ඒ සතා මරන්න යොදා ගන්න උපක්රමේත් එක්ක ඒ චේතනාව අපිට පේන්නේ නෑ. අපි අපිම ගිහින් සත්ව මරාගෙන කනව වෙනුවට වෙනකෙනෙක් එහෙම නැත්තන් මස් කඩ මුදලාලි හරහා ගිහින් අතරමැදියන් හරහා ගිහින් මස් මරන්නෙක්ට කියල අපිට ඕන සත්තු ජාතිය මරවගන්නවා. එතකොට පිටින් බලන කෙනාට පෙනෙන්නේ අපි සත්තු මරන්නේ නෑ වගේ තමා එත් හරියාකාරව බලන කෙනාට තේරෙනවා ඒ සත්තු මැරිලා තියෙන්නේ අපි වෙනුවෙන් අපි යොදපු උපක්‍රමයෙන් ය කියල. මේක මෙහෙම නෙවෙයි කියන්න ඕනෑතරම් දේවල් කියන්න පුළුවන් එත් ඇත්ත ඒක.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    dena dena kammeli kamata karana nam waradak, hebei nodanna kamata ho karaganna deyak nethi kamata kala nm eke waradak ne. mulin kiwwa wage kammeli kamata hari karanna onawata kala nam hari a ayage hitha dannawane waradak kiyala :) api wada wena eka terumak ne:)
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    පේන විදියට කට්ටිය එකම කරකව කරකව ආයි ආයිත් අහල තියෙන්නෙ. හැමෝටම පොදුවේ උත්තරයක් දෙන්නම්.

    විවිධාකාර නම් වලින් විවිධාකර ධර්ම පොත් ලියවුනාට ඒව විස්වාස කරන්න බෑ. ඒක නිවැරදියි. නමුත් ඒ පොත ත්‍රිපිටකයේ කරුනු අනුව, උදාහරනයකට යමක් පැහැදිලි කිරීමෙන් පසු ත්‍රිපිටකයේ සදහන් වෙන තැන් ආදාල සූත්‍ර පැහැදිලිව සදහන් නම් ඒවා සත්‍ය නම්, ඒ පොත කුමන කෙනෙක් විසින් රචනා කලත් එහි කරුණු සත්‍යක් ලෙස ත්‍රිපිටකය පිලිගන්න ඕනෑම කෙනෙකුට පිලිගන්න වෙනව.
    එම නිසා එවැනි පොත පත ආශ්‍රයෙන් දක්වන කරුනු අහවල් හාමුදුරුවො ලිව්වාට විස්වාස කරන්න බෑ කියන තර්ක සියල්ල බිද වැටෙනව. :)

    මෙතැන් සිට ඉහතකී උපුටා ගත් කරුනු දක්වා ඇත.
    නැවත ලීවීමට අපහසු හෙයින් එලකිරියේම පලවූ පෝස්ට් මගින් උපුටාගෙන ඇත.

    මාංශ අනුභවය
    පළමුවෙන්ම කිව යුත්තේ ගිහියන්ට හෝ පැවිද්දන්ට හෝ කාටවත් නිර්මාංශ ආහාරික වන්නට යයි බුදු හිමියන් කියා නැති බවයි. උදාහරණයක් ලෙස පස් වන සිල්පදය ගැන කීමේදී, මුළු ඉන්දීය වෛදික බමුණු සමාජයම යාග පූජාවන්හිදී කන පැලෙන්නට බොන බව දැන දැන, "පෙරීමෙන්, පැසවීමෙන් හෝ අන් අයුරකින් ලබා ගන්නා, මත් වීමට, ප්‍රමාදයට හේතු වන්නා වූ, සියලු ආකාර දෙයින් වෙන් වීමේ ශික්ෂා පදය" පැනවූ බුදු හිමියන්ට, "මස් කන්නට එපා" යයි කෙළින් කීමට බැරි කමක් තියෙන්නට විදියක් නැත. බුදු හිමියන් ගේම වචනයෙන් කියනවා නම් "ත්‍රිකෝටි පාරිශුද්ධික මාංශය" හෙවත් තුන් කෙළවරකින් පිරිසිදු වූ මාංශය ආහාරයට ගැනීම වරදක් නොවේ.

    කාගේත් දැන ගැනීම පිණිස ඔය කී ත්‍රිකෝටි පාරිශුද්ධිය යනු කුමක්දැයි පහත දක්වමි. (මූලාශ්‍රය: මජ්ඣිම නිකාය සීහ සූත්‍රය)

    1. අදිට්ඨ (නොදුටු): තමා නිසාම පමණක් මරණ ලද බව ඇසින් නොදුටු,
    2. ඇසුත (නෑසූ): තමා නිසාම පමණක් මරණ ලද බව කණින් නොඇසූ,
    3. අපරිසංඛිත (නිසැක): තමා නිසාම පමණක් මැරූ බවට සැකයක් නොමැති.

    (පාළි: සංඛ == සංස්කෘත: ශංඛ == සිංහල: සැකය), සංඛිත යනු එහි අතීත කෘදන්තය වේ, හෙවත් සැක සහිත, සැක කරන ලද යන අරුත් දේ. පරි යන උපසර්ගයෙන් කියවෙන්නේ "හාත්පසින්ම, මුළුමනින්ම" යන අර්ථයයි. "අ" යනු නිශේධාර්තවාචී උපසර්ගය වේ. සියල්ල එක් කළ විට, මුළුමනින්ම තමා නිසාම මරණ ලද බවට සැකයක් නැති යන අරුත් දේ.

    කෙස් පැලෙන තර්ක ආරම්භ වන්නේ පළමු දෙ කරුණ ගැන නොව, තෙවන කරුණ ගැන ය. එනම්, "මස් මරන්නේ මස් කන්නවුන් නිසා නොවේ නම් අන් කවරක් නිසාද?", "ඔබ මස් නොකන්නේ නම් ඔබ නිසා සතුන් නොමැරෙනු ඇත", "ඔබ ඉල්ලුම ජනිත නොකරන්නේ නම් මස් සැපයුමක් නැති වනු ඇත", ආදී වශයෙනි.

    හේතුවට පසුව ඵලය සිදු වනවා මිසක, හේතුවට පෙර ඵලය සිදුවිය නොහැකිය යන සරල තර්කය
    සිහි බුද්ධියෙන් සිතන ඕනෑම අයෙකුට නොවැටහීමට හේතුවක් නැති බව මම සිතමි. එබැවින්, වෙළඳපලේ ඇති මස්, මට අජීවී මස් කුට්ටියක් පමණක් බව ඔබට වැටහේ යැයිද සිතමි. එම සතා මරණයට පත් වීමට මා හේතු වූවා නම්, මා මස් කන්නට තීරණය කරන මොහොත වන විට ඌ ජීවතුන් අතර සිටිය යුතුය.

    ඒ අනුව, මම මස් කෑමට තීරණය කරන මොහොත වන විට එම සතා මැරී බැවින් පළමු කොන්දෙසියම බිඳ වැටී තිබේ. මම මැරීමට අනුබල නොදෙන අතර මා කරන්නේ මිලදී ගැනීමක් පමණකි. මරණ චේතනාවක් මට නැති නිසා 3 වෙනි කරුණ ද බිඳ වැටේ.

    මම කරන්නා වූ මිලදී ගැනීම, සතෙකුගේ මරණයට උපක්‍රමයක් යෙදෙවුවා කියන තර්කයට ගැනේ යයි කෙනෙකුට කිව හැකිය. එසේ නම්, මගේ මිල ගෙවීම හේතුව සහ සතාගේ මරණය එහි ඵලය විය යුතුයි. එවිට 5 වෙනි කරුණ අනුව, මගේ උපක්‍රමය හේතුව වේ. සතාගේ මරණය ඵලය වේ. හේතුවට පෙර ඵලය හටගත නොහැකිය යන සත්‍යය සියල්ලන්ටම වැටහේ යැයි සිතමු.

    උදාහරණයක් ගනිමු.

    1. ඔබ ජීවත් වේ.
    2. මට මස් කෑමට අදහසක් ඇති වේ.
    3. ඔබ පණ පිටින් බව මම දනිමි.
    4. මට ඔබ මරා මස් කෑමේ චේතනාවක් හටගනී.
    5. මම මුදලාලි ට සල්ලි දී ඔබ මරා මස් කමි.

    කතාව වෙන්නේ මෙහෙම නම්, ඔවු, මම වැරදිකරු වෙමි.
    නමුත් සත්‍ය කතාව නම්,

    1. මුදලාලි ඔබව මරනවා.
    2. මට මස් කන්න හිතෙනවා.
    3. මම ඔබේ මළකුණ දකිනවා.
    4. මට මස් කන්න හිතෙනවා.
    5. මම සල්ලි දී ඔබේ මළකුණ අරන් ගිහින් උයාගෙන කනවා.

    ගැටලුව පැන නගින්නේ පවතින සමාජ තත්වය යටතේ මෙය "මාකටබල්" භාණ්ඩයක් නිසා ය. "අපි තමා නියම බෞද්ධයෝ" යයි කියා ගැනීමට ඇති ළදරු මානසිකත්වය නිසා සමහරු මෙසේ කතා පතුරවති. ඊට උපේක්ෂාවෙන් සැලකිය හැකිය. ගැටලුව වන්නේ මේ කෙහෙල් මල් නිර්මාංශයක් අල්ලා ගෙන බෞද්ධ ප්‍රජාව දෙකඩ කිරීමට ඇතැම් අන්ත ගාමී "නඩේ ගුරා ලා" ලැහැස්ති වීමයි.

    ඔබේ අල්ලේ වණ තිබේද?

    මෙහිදී දේවදත්ත තෙරුන් ගේ පංචවර යාචනය සිහිපත් කළ යුතුය. සංඝයා භේද කරනු කැමති වූ දෙවුදත් තෙරහු, ඊට හේතු පිණිස වරක් ප්‍රතිපත්ති පහක් ඉදිරිපත් කොට ඒවා මුළු භික්ෂු සංඝයා හටම ජීවිතාන්තය තෙක් අනිවාර්ය කරන ලෙස බුදුන් ගෙන් ඉල්ලීය. ඉන් එකක් වුයේ ඔය කියන නිර්මාංශාහාරික බවයි. ඊට බුදු හිමියන් දුන් පිළිතුර වුයේ, "මේවා දැනටත් කරන අය සිටිති. ඒ අය එසේ කිරීමේ වරදක් ද නොදකිමි, එහෙත් අන් අයට එය අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නොදකිමි" යනුවෙනි. දෙවුදත් ගේ මතය පිළිගත් ඇතැම්හු ඒ පක්ෂය ගෙන වෙන්ව ගියහ. එහෙත් ඒ තාවකාලිකව බවද සිහිපත් කළ යුතුය.

    මස් කෑම නොකරන්න යයි බුදු හිමියන් කෙළින්ම කියා ඇත්තේ ධුතාංග ධාරී භික්ෂුන් හට පමණි. මන්ද යත් සමහර භාවනාවන් කළ යුත්තේ අමු සොහොනක හිඳ ය. සොසානිකාංගය, පාංශුකූලිකාංගය වැනි සමහර දැඩි සිල්පද (ධුතාංග) රකින අයට, සොහොනේ වාසය නිසා සත්ත්ව භය, අමනුෂ්‍ය භය ඇති වීම වලක්වනු පිණිස එසේ කළා මිස, වෙන හේතුවක් එහි නැති බව ද කිව යුතුය.

    තවත් නොතේරෙන උදවිය හට ධම්ම පදයෙන් ගත් මේ කතාව කිව යුතුය:

    බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.

    වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."

    [FONT=Helvetica, Arial, sans-serif]References: [/FONT]
    මේ ලිපියට කරුණු උපුටා ගත පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසො හිමිගේ මුල් ලිපිය.
    http://www.urbandharma.org/udharma3/meat.html

    [FONT=Helvetica, Arial, sans-serif]
    [/FONT]
    [1] Book of the Discipline, Vol. 4, p. 324
    [2] ibid, p. 325

    පරිවර්තිත උපුටා ගැනීම

    [FONT=Helvetica, Arial, sans-serif]http://thahanamwachana.blogspot.com/2013/06/vegan-scam-devadattism.html[/FONT]

    සහෝදරයා කොහෙද කියල තියෙන්නේ ඔයා වෙනුවෙන් මරපු සතාගේම මස් කෑවොත් විතරයි ඔයාට පව් කියල? ඔය කියනවා සල්ලි දීල ගන්න එක උපක්‍රමයක් වෙන්නේ නෑලු අර ඔයාගේ හේතුව ට පසුව ඵලය සිදුවන කතන්දරයක් නිසා.

    මචං ඔයා යොදන උපක්‍රමේ එහෙම නැත්තන් සල්ලි දීල ගන්න නිසා තමා factory කාරය තව තව සත්තු මරන්නේ. ඒ මරණ සත්තු ඔයාම කන්න ඕනේ නෑ ඔයාට පව් පිරෙන්න. ඔයාලට මේක පෙනෙන්නේ නැත්තේ මහා විශාල ජන ප්‍රමාණයක් ගැන හිතන නිසා. මෙහෙම හිතන්න දෙන්නෙක් ඉන්නවා. මස් මරණ මිනිහෙක් ඉන්නවා. මුලින්ම මස් මරණ මිනිහ සත්තු මරල කනවා. ඔය දකිනවා එය මස් කකා ඉන්නවා. ඔයාටත් ආස හිතෙනවා මස් කෑල්ලක් කන්න. එයා මරපු සතෙක් ගෙන් ඔයා ගිහින් ඉල්ලගෙන කනවා. ඔයාට පව් නෑ සහෝ. ඔය වෙනුවෙන් මරලත් නෑ, ඔයාට ඒ සත්ව මරන්න හිතුනෙත් නෑ ඔයා එයට අනුබලයක් දුන්නෙත් නෑ.

    හරි ඊට පස්සේ ඔය එකට ගොඩක් ආස වෙනවා ඔය මස් මරණ කෙනාට සල්ලි දීල ඔය වෙනුවෙන් මරව ගන්නවා සත්තු. එය සුද්ද කරලා කෑලි කපල ඔක්කොම කරලා දෙනවා ඕනෙනම් ඔයාට ගෙදරටම ගෙනල්ලත් දෙනවා. ඔයා දකින්නේ නෑ එයා ඔයාට ගෙනාවේ ඔය වෙනුවෙන් මරපු සතගේම මස් ද එහෙම නැත්තන් එයා එයා වෙනුවෙන් මරපු සතාගේ මස් ද කියල. ඔය ඒ මස් කෑවා කියල තවම ඔයාට පව් පිරිලා නෑ. එත් මස් මරන්නා ගෙදර ගියාම එයට කන්න මස් නෑ. මොකද ඔයාට එයාගේ මස් ටික දීපු නිසා ඒ නිසා එය ගිහින් ඔය දීපු සල්ලි වලින් සත්තු ඇති කරන තැනකින් සතෙක් අරන් ඇවිත් ඒ සතා ව මරනවා. ඔයාට කියන්න පුලුවන්ද එතනින් පස්සේ ඒ සතා මරුනේ ඔයාගේ උපක්‍රමය නිසා නෙවෙයි කියල? හේතුව ඔයා නෙවෙයි කියල? මචෝ බුදුදහම ඔය හිතනවට වඩා ගොඩක් ගැඹුරුයි. හරියට අල්ලාගත්තේ නැත්තන් උබත් විනාසයි උබ කියන ඒවා අහන උනුත් විනාසයි.

    තවත් එහාට යනවනම් මම කිව්වා නේ දෙන්නක් ඉන්නවා කියල ඉතින් ඔය මස් කනකොට ඔයාගේ ගෙදරට අනිකා එනව ඔය මස් එයට දුන්නම එයටත් ආස හිතෙනවා. එයත් අර මස් මරණ කෙනාට සල්ලි දෙනවා. ඉතින් මේක හොඳ ව්‍යාපාරය කියල හිතන මස් මරණ මිනිහ වැඩි වැඩියෙන් මස් මරල ගේ ඉස්සරහ එල්ලන් ඉන්නවා දකින දකින අය ගිහින් සල්ලි දීල මස් ගන්නවා. පළමු මස් කැබැල්ල ඔය වෙනුවෙන් ඔයාගේ චේතනාවකින් හෝ සහයෝගයකින් මාරුව සතෙක් ගේ නොවුනට ඔය දෙන සල්ලි වලින් ඒ මිනිහ මස් ගන්න තව තව සත්තු අරන් එනවා ඔයාගේ සල්ලි වලින්. තව තව දියුණු උපකරණ ගන්නවා. සහයට මිනිස්සු ගන්නවා. සත්තු මරන්න ලෙහෙසි වෙන්න උපක්‍රම හදනව. මේ හැම අවස්ථාවකදීම ඔයාට පව් නෑ කියල ඔය කොහොමද කියන්නේ. ? මොකද ඔයාගේ උපක්‍රමය නිසයි මේ දේවල් වෙන්නේ. ඔයා තිරයෙන් පිටුපස දේවල් ටික හොඳට කවර් කරලා ඉස්සරහ ටික විතරක් බලන් කියනව කඩේ තියෙන නිසා මස් කනවා. මට චේතන්වක් නෑ. මම උපක්‍රම යෙදුවේ නෑ කියල.

    කන්න ඕන උනහම කබරයා තලගොයා කරනව කියන්නේ ඕවට තමා. දැන් ඉන්න උන් තලගොයා නෙවෙයි කබරයා හාවෙක් කරයි කන්න ඕන නම්.

    බුදු හාමුදුරුවෝ කොහේ හරි කියල තියෙනවද ස්ත්‍රී දුෂණය තහනම් කියල? එකත් මේ වගේම පන්සිල් පද වලින් විතරයි නේද දේශනා කරලා තියෙන්නේ? ලංකාවේ ගණිකාවොත් ඉන්නවනේ උන් හිටියේ නැත්තන් අපි ගණිකාවෝ හදන්නේ නෑ නේ කියල එකත් කරාට පව් නැද්ද?
     
    Last edited: