රටවල් දියුණු කරන්නේ මෙහෙමයි ...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113

    ව්‍යාපෘති ගන්න මෙරට ලොක්කන්ට පගාව දුන් ඕස්ට්‍රේලියානුවන් 2ක් අඩංගුවට


    ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක් වටිනා යටිතල පහසුකම් ව්‍යාපෘති දෙකක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්ට අල්ලස් ලබා දීමේ චෝදනා මත ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට එරට පොලිසිය සමත්ව ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර් තා කළේය.

    දශකයකට ආසන්න කාලයක සිට රටවල් කිහිපයක් සම්බන්ධව ඕස්ට්‍රේලියානු පොලිසිය සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට සමත් වූ බව ඕස්ට්‍රේලියානු පොලිසිය පැවසුවේය.සැකකරුවන් 67 සහ 71 වයසේ පසුවන්නන් බවත් ඔවුන් රැකියාව කළ සමාගම දකුණු ආසියාතික රටවල විෂමාචාර චෝදනා එල්ල වී ඇති සමාගමක් බවත් ඕස්ට්‍රේලියානු පොලිසිය පෙන්වා දුන්නේය.

    මෙම සැකකරුවන් 2009 සිට 2016 වසර දක්වා කාලය තුල ඇමෙරිකානු ඩොලර් 190000 ක අල්ලස්, ව්‍යපෘති ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට ලබා දී ඇතැයි ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ප්‍රකාශ කළේය.සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ඔවුන් තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර අද(11) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    2017 වසරේදී ලෝක බැංකුව එස්.එම්.ඊ.සී සමාගම සහ ඉන්දියාවේ, බංග්ලාදේශයේ, ශ්‍රී ලංකාවේ එම සමාගමට අනුබද්ධ ආයතන හතරකට එම රටවල කොන්ත්‍රාත්තු කිසිවක් සඳහා ලංසු තැබීම තාවකාලිකව තහනම් කළේය.එසේ තහනම් කරමින්, ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ සිදු කළ බවට සැක කෙරෙන "නුසුදුසු ගෙවීම්" සම්බන්ධයෙන් සමාගම සම්බන්ධ කරන සාක්ෂි සොයාගෙන ඇති බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.


    https://www.lankadeepa.lk/news/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7-%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B6%B4%E0%B6%9C%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-2%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7/101-621308
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Nirupama-Rajapaksa-2021.10.04-1-768x401.jpg
     

    Similar threads