රටින් පනින්න ගිය සෙට් එක අහුවෙලා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    නීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගත් පුද්ගලයින් 67 දෙනෙකු නැගෙනහිර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

    නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව විසින් කල්මුනේ මුහුදු තීරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක් අතරතුරදී අනාරක්ෂිතව ප්‍රමාණයට වඩා වැඩියෙන් පුද්ගලයින් පටවාගත් බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය වීම හේතුවෙන් අදාල යාත්‍රාව පරික්ෂාවට ලක්කොට ඇත.

    එහිදී අදාල පිරිස් නීතිවිරෝධීව වෙනත් රටකට සංක්‍රමණය වීමට උත්සහ ගෙන ඇති බවට තහවුරු වීම හේතුවෙන් නාවික හමුදාභාරයට ගැනීමට පියවර ගත් අතර එහිදී පිරිමි පුද්ගලයින් 53 දෙනෙකු, කාන්තාවන් 06 දෙනෙක්, ළමුන් 08 ක්ද ඊට අමතරව අදාල පිරිස් වෙනත් රටකට රැගෙන යාමේ ජාවාරමට සම්බන්ධ වූ පුද්ගලයින් 06 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි.

    අදාල පිරිස් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගෙන ඇති බවට තොරතුරු අනාරවනය වී ඇති අතර නාවික හමුදා භාරයට ගත් පිරිස් මන්නාරම , වව්නියාව, මුලතිව් , ත්‍රීකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 01 සිට අවුරුදු 56 දක්වා වූ වයස් සීමාවන්හි පුද්ගලයින් බවට අනාවරන වෙයි.

    නාවික හමුදා භාරයට ගත් පිරිස වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය වරාය පොලීසිය වෙතට භාරදීම නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

    – වන්නි රොමේෂ් මධුෂංඛ
     
    • Like
    Reactions: 2osama