රටේ කිඹුලන් වැඩි වෙයි

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශ්‍රී ලංකාවේ කිඹුල් ගහණය සීග්‍රයෙන් ඉහළ ගිහින් කිව්වොත් කවුරුත් නෑ කියන එකක් නෑ.

    අපි පොඩි කාලේ ඇහුවට වැඩිය දැන් විශාල ලෙස කිඹුල් කතා බොහො විට අහන්න ලැබෙනවා. ඒ සමාජ මාධ්‍ය ජාලා වල ව්‍යාප්තිය හින්දා වගේම කිඹුලන් සංඛ්‍යාව ඉහළ ගිහින් නිසා විය යුතුයි.

    මේ කිඹුලන් ඉහළ යෑම යම් පාරිසරික වෙනස් කමක් නිසා සිදු වූවක් ලෙස සැළකිය හැකියි. සාපේක්ෂව විලෝපිකයෝ නැති ආහාර දාමයේ ඉහළින් සිටින සතෙකු වන කිඹුලන් බෝ වීම සීමා උනේ වාසස්ථාන සහ ආහාර සීමා වීම කියන කරුණ නිසා. ඒත් පසුගිය දශක දෙක තුන තුල පරිසරයේ කිඹුල් ගහණය වැඩි වී තිබෙන හැඩැයි. ඒත් නිවැරැදි සංගණනයක් හෝ අධ්‍යයනයක් නැතුව ඒ ගැන නිත්‍ය වශයෙන්ම ප්‍රකාශ කිරීමට නොහැකියි.

    මෑතක් වන විට කිඹුලන් ගේ පහර දීම් ඉහළ ගොස් තිබෙනවා. වියළි කලාපයේ පවා මීට පෙර කිඹුලන් නොසිටි වැව් වල කුඩා ප්‍රමාණයේ කිඹුලන් දැක ගන්න පුළුවන්. ජල මාර්ග හා තෙත් බිම් ඔස්සේ පැතිරී රට පුරා බොහෝ තැන් වලට සංක්‍රමණය වීමට උන් සමත් වෙලා. මෙය පැහැදිලි පරිසර අනුවර්තනයක් වෙන්න පුළුවන්. වියළි කලාපයේ මොණරුන් හෝර්ටන් තැන්න දක්වා පැතිරෙන්නෙත් ඒ අනුවර්තනයන් දරා ගෙන.

    කොහොම උනත් ඒ පිළිබඳව විද්‍යාත්මක සංගණනය කිරීමක් මෙන්ම පර්යේෂණ අපිට අවශ්‍ය වෙනවා. මේ අලුත් තත්ත්වය පිළිබඳව නිසි ලෙස කටයුතු කරන්න නම්, ඒ ගැන තීන්දු ගන්න අන්තිම මොහොත දක්වා නොසිට, නිවැරැදි දත්ත රැස් කොට, විශ්ලේෂණයක් අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳව රටේ විශ්වවිද්‍යාල පද්ධතිය, සත්ත්ව වේද අංශ නොපමාව ක්‍රියාත්මක විය යුතුයි. එවන් පර්යේෂණ සඳහා නියමිත අංශ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට වගකිව යුතු රජයක් කටයුතු කළ යුතුයි. වන ජීවී දෙපාර්තමේන්තු හෝ අමාත්‍යාංශ වල වගකීම් මේවා.

    මේ ගැන තොරතුරු තිබේ නම් ඒවා ප්‍රසිද්ධියට පත් කළ යුතු වගේම ජනතාව දැනුවත් කර සිටීමත් අගේ කරනවා. ඒකට කිඹුල්ලු පිලිකන්නට එනකම්ම හෝ වතුරකට බහින්න බැරි වෙනකම්ම ඉන්න ඕනේ නෑ.

    පැතුම් කර්නර්
    #හරිත
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    රෙප්ටයිල් එලියන් ඉන්වේශන් එකක් වෙන්න යන්නේ
    අර ජේ සිල්වා පින්නයා කියන රෙප්ටයිල්ලා ද මේ ඇවිත් ඉන්නේ කිඹුල්ලු විදියට
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ඔව් බන් මේ කතාව නම් ඇත්ත වගේ. ට්‍රිප් එකක් හරි වෙන කොහේ හරි යනවා නම් නොදන්න තැන්වලින් නාන්නේ නැතුව ඉන්න පරෙස්සම් වෙයල්ලා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    උඹේ හිල පොඩ්ඩක් පරිස්සම් කරගනින් කිඹුල්ලු රිංගයි
    හරි උබ දන්නවනේ කිබුල්ලු අස්සට ගියාම කොමද කියලා නේ 😁

    අර ජේ සිල්වා පින්නයා කියන රෙප්ටයිල්ලා ද මේ ඇවිත් ඉන්නේ කිඹුල්ලු විදියට
    නෑ
    ------ Post added on Jan 24, 2024 at 11:36 AM
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    උන්ට සාමාන්‍යෙන් විලෝපිකයෝ අඩුයි නෙ. ඒ නිසා කාලයක් යද්දි වැඩි වෙන්න පුලුවන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Ow wediy hodama wede muhudata hadisiyen ana aka..digatama awith bo unoth iwara karanna beri wei