රටේ ණය කතාවේ ඇත්ත

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටේ ණය කතාවේ ඇත්ත

    sri-lanka-government-debt-to-gdp.png

    2020 වන විට අපේ රටේ ණය බර අඩු කරන බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කලේය. එය ජනතාවට තාවකාලික අස්වැසිල්ලක් වුවත් මෙය ලෙහෙසියෙන් කල හැකිද යන්න සොයා බැලීම වැදගත්ය.

    එහිදි 1990 සිට ශ්‍රීලංකාවේ තිබු රජයන් විසින් ඊට පෙර රජයන් ගත් ණයද ඇතුලත්ව ඉදිරියට ශේෂය ගෙන යනු ලබන අතර ඒ ඒ වර්ෂවල දල ජාතික නිෂ්පාදනය හා ඉදිරියට පවත්වාගෙන යනු ලබන ණය ප්‍රමාණයන් හා එම වසරේ ලබා ගත් ණය රාජ්‍ය ණය National Debt ලෙස අර්ථ දැක්වෙන අතර සෑම වසරක් අවසානයේ එය එම වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස පෙන්නුම් කරයි.

    මේ අනුව ශ්‍රීලංකාව් දීර්ඝකාලීන යුද්ධයකට මුහුණදෙමින් ලබාගත් ණය ප්‍රමාණය 1990 ප්‍රේමදාස යුගයේ 98% ප්‍රමාණයේද, 1992 රනිල්- ඩිබී.යුගයේ 95% ප්‍රමාණයෙද, 1995 සිට චන්ද්‍රිකා යුගයේ 106% දක්වාද [ ශ්‍රීලංකා ඉතිහාසයේ පලමුවරට වසරේ දල ජාතික නිෂ්පාදනයට වඩා වැඩි ] රනිල් 2002 සිට 103% දක්වාද 2005 සිට 2014 වනවිට 71% දක්වාද [ 1977 ට පෙර තිබූ තත්ත්වයට] පවත්වාගෙන ගොස් ඇත.

    රටකට ණය අවශ්‍ය වනුයේ රටේ බදුවලින් ලැබෙන ආදායම අපේක්ෂිත ඉලක්කයට නොපැමිණීම.රාජ්‍ය මුල්‍යම තත්ත්වය අස්ථාවර විම, රජයේ ආයෝජන වැඩිවීම. දේශපාලන පොරොන්දු ඉටුකිරීම. යුද්ධයක් පැවතිම මෙන්ම අපේක්ෂිත ආර්ථික වර්ධන වේග ඉලක්ක ලබා නොගැනීම යන කරුණු මතයි.

    මේ අනුව ශ්‍රීලංකාව නිදහසෙන් පසුව එනම් 1950 සිට අද මේ වනවිටත් ඉහත අවස්ථාවකන් ඉටු කර ගැනීමට දේශිය සහ විදේශීය ණය ලබාගෙන ඇත,එමෙන්ම රටක ණය ප්‍රමාණය ගණනය කරන්නේ අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය GDP හා එතෙක් එම රට ලබාගත් ණය ප්‍රමාණයේ හා අදාළ වසරේ දල ජාතික නිෂ්පාදනය ප්‍රතිශතයක් ලෙස සලකාය.

    එහෙත් පුදුම දනවන කරුණ නම් දැන් රටේ යුද්ධයක් නොමැතිව විශාල ප්‍රමාණයේ සoවර්ධන කටයුත්තක් සිදු නොවි විශාල සහනාධාර රටේ ජනතාව නොදි, පොහොර සහනාධාරය අඩුකොට, ග්‍රාමීය ආර්ථික සoවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිව, 2015 සහ මේ වසර වන විට ණය ප්‍රමාණය 76% දක්වා වැඩි වී ඇත. මෙය රාජපක්ෂ ලබාගත් ණය ගෙවීමට යයි කීවත් මහින්ද රාජපක්ෂ 2005 දි රට භාරගන්නා අවස්ථාවේදි ඒ වන තෙක් රටේ හිටපු පාලකයන් විසින් ලබාගත් රටේ සමස්ථ ණය ප්‍රමාණය එම වසරේ දල ජාතික නිෂ්පාදනයෙන් 105% ක් දක්වා ඉහළ ගොස් තිබූ බැව් සියළු පාර්ශවයන් හoගමින් මේ දිනවල කථා කරන බැව් දැක ගත්ස් හැකිය.

    මහින්ද රාජපක්ෂ යුගයේ 30 වසරක් මේ රටේ තිබු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකොට රටට සාමය ලබාදුන් අතර රටේ අධිවේග මාර්ග වන දකුණු අධිවේගය කටුණායක එක්ස්ප්‍රස්වේ, කෙරවලපිටිය තාප විදුලිබලාගාරය, නොරොච්චෝලේ , ඉහළ කොත්මලේ , හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොල අලුතින් ඉදිකිරිම, පාරවල් කාපට් කිරිම විශ්වවිද්‍යාල අලුතින් ඇතිකිරිම, මහින්දෝදය පාසැල් වැඩපිළිවෙළ, පොහොර සහනාධාරය, පාසල් නිල ඇදුම්, රාජ්‍ය සේවය පුලුල් කොට ලක්ෂ 6 ක් තිබු රජ්‍ය සේවකයින් ලක්ෂ 11 දක්වා වැඩිකිරිම වැනි රජය විසින් විශාල වශයෙන් මුදල් ආයෝජන සිදු කොට සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය 71% දක්වා අඩු කල අතර මෙය ශ්‍රීලංකා 1977 ට පෙර තිබු වසරේ දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතය වීම වාර්තාගත තත්ත්වයකි.

    එමෙන්ම වර්තමාන අගමැතිවරයා මීට පෙර දෙවරක් රටේ පාලනය මෙහෙය වූ අතර එනම් 1992 සිට 1994 දක්වාත 2001 සිට 2004 දක්වාත් නමුත් ඒ කාලවල රටේ සමස්ථ ණය ප්‍රමාණයන් 95% වඩා වැඩි මට්ටමේ තිබු බව පහත සඳහන් මහ බැoකුවේ වගුවෙන් පැහැදිලිවේ.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේසපාලුවො සන්වර්දනේ කියන්නෙ ණය වෙලා පාරක්, බිල්ඩිමක්, තාප්පයක් වගේ දේවල් හදල ඒකට තමන්ගෙ නම ගහගන්න එකනෙ. ඕවත් හපන්කම්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේසපාලුවො සන්වර්දනේ කියන්නෙ ණය වෙලා පාරක්, බිල්ඩිමක්, තාප්පයක් වගේ දේවල් හදල ඒකට තමන්ගෙ නම ගහගන්න එකනෙ. ඕවත් හපන්කම්ද?

    මේවනම් මෝඩ කතා ණ‍ය වෙලා නොහද ගෙදරින් ගෙනල්ලද හදන්ඩ කියන්නෙ ?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටේ බදු සල්ලි වලින් පුලුවන් දෙයක් කොරල ගෙදර ගියා නම් ඉවරනෙ.

    බදු සල්ලි වලින් වැසිකිලියක්වත් හදාගන්ඩ බැ කියල දන්නෙම නැද්ද???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බදු සල්ලි වලින් වැසිකිලියක්වත් හදාගන්ඩ බැ කියල දන්නෙම නැද්ද???

    උඹ ඔය දේසපාලුවො කියන කතා අදහන්න යන්න එපා. ඕව කියල තමයි උඹලව උන් අන්දල තියෙන්නෙ. රටේ සල්ලි මදි නිසා ණයවෙලා වැඩ කරනව කියල. අන්තිමේදි ආදායමක් නැති ආයෝජන වලට තමයි ණය ගෙවන්න වෙලා තියෙන්නෙ.

    මම අර මොන්සන්ගෙනුත් ඇහුවෙ ආණ්ඩුව මොකටද ඔයතරම් බිල්ඩින් අටවන්නෙ කියල. උත්තර නෑ ඒවට. රටේ නිශ්පාදනය දශමයක් වැඩිකරන්න දායක වෙන දෙයක් කරන්නෙ නැතිව බොරුවට ලොකු කොන්ක්‍රීට් කුලුණු හදනව ගොබ්බයන්ව අන්දන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය දේසපාලුවො කියන කතා අදහන්න යන්න එපා. ඕව කියල තමයි උඹලව උන් අන්දල තියෙන්නෙ. රටේ සල්ලි මදි නිසා ණයවෙලා වැඩ කරනව කියල. අන්තිමේදි ආදායමක් නැති ආයෝජන වලට තමයි ණය ගෙවන්න වෙලා තියෙන්නෙ.

    මම අර මොන්සන්ගෙනුත් ඇහුවෙ ආණ්ඩුව මොකටද ඔයතරම් බිල්ඩින් අටවන්නෙ කියල. උත්තර නෑ ඒවට. රටේ නිශ්පාදනය දශමයක් වැඩිකරන්න දායක වෙන දෙයක් කරන්නෙ නැතිව බොරුවට ලොකු කොන්ක්‍රීට් කුලුණු හදනව ගොබ්බයන්ව අන්දන්න

    නැ කිසිම ඇන්දිල්ලක් නැ අපේ රටේ අයවැය බැලන්ස් නැනෙ, ආයෙ එතනින් එහාට කතා කරන්ඩ දෙයක් නැ.අය වැය බැලන්ස් නැති රටක බදු මුදලින් හැදෙනව කියුවොත් ලොකුම මුලාවක් සහ නොදැනුවත්කම..සවර්ධනයට නෙමේ වියදම් පියව ගාන්නෙත් ණය වෙලා , ඉතින් මොනාද අනිත්ව ගැන කතා කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,889
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද රාජපක්ෂ යුගයේ 30 වසරක් මේ රටේ තිබු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකොට රටට සාමය ලබාදුන් අතර රටේ අධිවේග මාර්ග වන දකුණු අධිවේගය කටුණායක එක්ස්ප්‍රස්වේ, කෙරවලපිටිය තාප විදුලිබලාගාරය, නොරොච්චෝලේ , ඉහළ කොත්මලේ , හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොල අලුතින් ඉදිකිරිම, පාරවල් කාපට් කිරිම විශ්වවිද්‍යාල අලුතින් ඇතිකිරිම, මහින්දෝදය පාසැල් වැඩපිළිවෙළ, පොහොර සහනාධාරය, පාසල් නිල ඇදුම්, රාජ්‍ය සේවය පුලුල් කොට ලක්ෂ 6 ක් තිබු රජ්‍ය සේවකයින් ලක්ෂ 11 දක්වා වැඩිකිරිම ...

    නැ කිසිම ඇන්දිල්ලක් නැ අපේ රටේ අයවැය බැලන්ස් නැනෙ, ආයෙ එතනින් එහාට කතා කරන්ඩ දෙයක් නැ.අය වැය බැලන්ස් නැති රටක බදු මුදලින් හැදෙනව කියුවොත් ලොකුම මුලාවක් සහ නොදැනුවත්කම..සවර්ධනයට නෙමේ වියදම් පියව ගාන්නෙත් ණය වෙලා , ඉතින් මොනාද අනිත්ව ගැන කතා කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ..

    ඔය මහින්ද රට ණය කරල හැදුව කියන දේවල්වලින් මොනවද උඹට පුද්ගලිකව වැඩක් ඇත්තෙ? එකක්වත් නෑනෙ.

    ඔය වගෙ තමයි ඔය කරපු දෙවල් බහුතරයක් රටේ මිනිස්සුන්ට පුද්ගලිකව අදාල නෑ. ඒ වුනාට ණය ගෙවන්න සල්ලි හොයන්නෙ කොහොමද? මිනිස්සු කන හාල් පරිප්පු වලට බදුගහලනෙ.

    දැන් ඉතින් උඹලට තියෙන්නෙ අපි හරි සංවර්ධිතයි කියල බදු ගෙවන්න. අරය ණය වෙලා නෙලුම් කුලුණක් ගැහුව මෙයාට බැරි උනානෙ එහෙම එකක් කියල සිල්ලර ආතල් එකක් ගන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මහින්ද රට ණය කරල හැදුව කියන දේවල්වලින් මොනවද උඹට පුද්ගලිකව වැඩක් ඇත්තෙ? එකක්වත් නෑනෙ.

    ඔය වගෙ තමයි ඔය කරපු දෙවල් බහුතරයක් රටේ මිනිස්සුන්ට පුද්ගලිකව අදාල නෑ. ඒ වුනාට ණය ගෙවන්න සල්ලි හොයන්නෙ කොහොමද? මිනිස්සු කන හාල් පරිප්පු වලට බදුගහලනෙ.

    දැන් ඉතින් උඹලට තියෙන්නෙ අපි හරි සංවර්ධිතයි කියල බදු ගෙවන්න. අරය ණය වෙලා නෙලුම් කුලුණක් ගැහුව මෙයාට බැරි උනානෙ එහෙම එකක් කියල සිල්ලර ආතල් එකක් ගන්න.

    ඔකොකොම පුදගලිකව වැඩක් තියෙන දේවල් මහින්දගෙ නොරෙච්චෝලෙ සහ කෙරවලපිටි තාප බලාගාරෙ දැන් හිට්ටොත් මුලු ලකාවෙම උන් අදුරෙ නෙමේද ???? ඒ දෙකෙන් මුලු සැපයුමෙන් 70% අදින් නැද්ද ??? ණය වෙලා නොහැදුවනම් අද මුලු ලකාවෙන් 50-60% අදුරෙ නෙමේද??? අධිවේගී මාරග වල උබ ගිහිල්ලම නැද්ද??? ඒව හොදද නරකද??? වරාය හදල තිබ්බ නිසා නෙමේද රනිල ඩොලර් බිලියනයකට හරි විකුනගෙන කෑවෙ නැත්තන් විකුනන්නෙ ලබ්බද??? මත්තල තිබ්බෙ නැත්තන් රනිලට දෙවනියට විකුනගෙන කන්ඩ දෙයක් තියෙනවද ???? මහින්ද හදපු ඔක්කොම හොදයි ඒව ඒ මිනුස්සය හැදුවෙ නූපන් පරපුරටත් එක්ක ඒව ගෙදර අරන් ගිය නැ යද්දි ... දැන් රනිල ගෙදර යද්දි යන්නෙ හම්බන්තොට වරාය චීනට විකුනල නෙමේද ??? නූපන් පරපුරටවත් ආයෙ ඒක ගන්ඩ පුලුවන් වෙයිද????? උබලෙගෙ දේදපාලනය බන් නොහැකියාව සහ කුහකත්වයේ මිශ්‍රනයක් විතරක්..රටක් ජාතියක් ආගම්ක් නැහ්ටි කල්ලතෝනිවගේ ජීවත් වෙන්ඩයි උබලට ඔනෙ පොඩ්ඩක් ඇස් ඇරල බලපන් ලෝකෙ දිහ ...

    මොකක්ද උබලට නෙලුම් කුලුනත් එක්ක තියෙන උකේ අමාරුව... ඕක සන්නිවේදන කුලුනක්, ඕක හැදුවම පාඩුයිද ලාබයිද කියල බලාගනින්කො.. කවුරු හරි කියනවනම් නෙලුම් කුලුන පාඩුයි කියල... ඒක කුහකකනින් පෙලෙනෙ ගූ ඇන් පී කාරයෙක්, නැතුව මොලේ තියෙන එකෙක් නෙමේ..

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය මහින්ද රට ණය කරල හැදුව කියන දේවල්වලින් මොනවද උඹට පුද්ගලිකව වැඩක් ඇත්තෙ? එකක්වත් නෑනෙ.

    ඔය වගෙ තමයි ඔය කරපු දෙවල් බහුතරයක් රටේ මිනිස්සුන්ට පුද්ගලිකව අදාල නෑ. ඒ වුනාට ණය ගෙවන්න සල්ලි හොයන්නෙ කොහොමද? මිනිස්සු කන හාල් පරිප්පු වලට බදුගහලනෙ.

    දැන් ඉතින් උඹලට තියෙන්නෙ අපි හරි සංවර්ධිතයි කියල බදු ගෙවන්න. අරය ණය වෙලා නෙලුම් කුලුණක් ගැහුව මෙයාට බැරි උනානෙ එහෙම එකක් කියල සිල්ලර ආතල් එකක් ගන්න.
    නෙලුම් කුලුන පැත්තකට දාපන්. හරි ඒක වැඩක්ම නැ කියමුකෝ... නොරොච්චෝලේ මුල් සැලැස්ම හදල තියෙන්නේ 70 ගණන්වල... 90 දශකයේදී බලශක්ති අර්බුදය හින්ද රට කොච්චර ආපස්සට ගියා ද කියල හොයල බලපන්...ඒක නැත්නම් අදත් බලශක්ති අර්බුදයක්.... හයිවේ එක බලපන්... උඹල ඒකේ යන ගමන් කියනව වැඩක් නැ කියල... හැබැයි වෙනදා දවසක් තියපු ගමන අද පැය 5 න් ගිහිනුත් එනව... පොහොර සහනාධාරෙ නිසා ගමේ මිනිහගේ අතමිට සරු උනා... අද උන් කබලෙන් ලිපට වැටිල... සුලු අපනයන බලපන්... ගම්මිරිස් ගොවියෝ අඩා වැටෙනවා.... මහින්දගේ කාලේ මේවට හොද ඉල්ලුමක් හදල දෙන්න පුලුවන් උනා... අද පිටරටින් එන හරකත් දෙන්නේ තමන්ගේ චක්ගෝලයට.....
     
    :yes::yes::yes::yes: ඕව කොච්චර කියුවත් පරවේණී වහල්ලුන්ට බීරි අලින්ට වීනා වැයීමක් විතරයි.. මාස දෙකක් වයස ජී ඇල් පීරිස් මහත්තයගෙ පක්ශෙට ගම් සබාවෙනුත් ගූ ඇන් පිය පැරදුනේ ඇයි කියල හිතුවනම් ඔය ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හම්බෙනව..

    රටේ මිනිස්සු ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ, පොඩි පොඩි කාර් ගන්ඩ ගිහින් තිබ්බ බත් පතත් නැතිවෙලා ඉන්නෙ..

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මෙන්න මේ ලිපිය කියවන්න.

    යුද්ධය නිමවීමෙන් පසු ලංකාවේ ආර්ථිකය

    යුද්ධය අවසන් වීම නිසා සිදුවුනේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය එකවර ඉහළ යාමක් මිසක් එහි වර්ධන වේගය ඉහළ යාමක් නෙමෙයි. රටක දිගුකාලීන වර්ධන වේගය ඉහළ යන්නේ රටකට අලුත් තාක්ෂනය ලබා ගැනීමේ හැකියාව ඉහළ ගියොත් පමණයි. යුද්ධය අවසන් වුනා කියා එහෙම දෙයක් වුනේ නැහැ. යුද්ධයෙන් පස්සේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ ලඝු අගය පෙන්වන රේඛාව උඩට ඉස්සිලා (අන්තඃඛණ්ඩය වැඩි වෙලා) මිසක් බෑවුම වෙනස් වෙලා නැති බව හතරවන හා පස්වන රූපසටහන් දිහා බැලුවහම නිරීක්ෂනය කරන්න අමාරු නැහැ.
     
    කෙනෙකුට යම් දෙයක් විග්‍රහ කරන්න පුලුවන් විවිධ ආකාර වලට.... ඉකොනොමැට්ටා යම් යම් විග්‍රහයන් ඉදිරිපත් කරමින් අවසානයේදී ගමන් කරන්නේ එකම අරමුණකට....
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කෙනෙකුට යම් දෙයක් විග්‍රහ කරන්න පුලුවන් විවිධ ආකාර වලට.... ඉකොනොමැට්ටා යම් යම් විග්‍රහයන් ඉදිරිපත් කරමින් අවසානයේදී ගමන් කරන්නේ එකම අරමුණකට....

    එතකොට ඔබගේ ලිපියත් යම් ආකාරයේ විග්‍රහයක් වෙන්න පුළුවන් යම් අරමුණක් වෙනුවෙන් ලියපු? :confused:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එතකොට ඔබගේ ලිපියත් යම් ආකාරයේ විග්‍රහයක් වෙන්න පුළුවන් යම් අරමුණක් වෙනුවෙන් ලියපු? :confused:

    ඇයි නැත්තේ? ණය වලින් ආර්ථිකයට කෙලවෙන හැටි ගැන.....
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇයි නැත්තේ? ආර්ථිකයට කෙලවෙන හැටි ගැන.....
    කෙනෙකුට යම් දෙයක් විග්‍රහ කරන්න පුලුවන් විවිධ ආකාර වලට.... ඉකොනොමැට්ටා යම් යම් විග්‍රහයන් ඉදිරිපත් කරමින් අවසානයේදී ගමන් කරන්නේ එකම අරමුණකට....

    මෙහි ඉකොනෝමැට්ටා වෙනුවට ඔබගේ ලිපිය ලියු කෙනාගේ නම ආදේශ කිරීමෙන් යමක් පැහැදිලි වෙයි.