Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රටේ හදිසි තත්ත්වයක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටේ හදිසි තත්ත්වයක්? : අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්

මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ රාත්රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්රමසිංහ මෙම ගැසට්ටුව නිකුත් කරද්දී ප්රවෘත්ති ඇලර්ට් දැමූ, ප්රවෘත්ති පල කළ ජනමාධ්ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු මුණිවත රකිමින් සිටියි. මෙම ගැසට්ටුව බයානක ගැසට්ටුවක් විය හැක්කේ ඇයිද යන්න ගැන මෙසේ කරුණු ඉදිරිපත් කරමි.

ශ්රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්රධානතම ආයතනය ශ්රී ලංකා පොලිසියයි. කෙසේ වෙතත් රටේ පැවති සිවිල් යුද්ධය පාදක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්රකාශයට පත් කර මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවට ද අවශ්ය බලතල ලබාදී තිබිණි. වර්තමාන ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශයේ පවා සඳහන් කර ඇති ත්රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත පවා සම්මත කළේ හදිසි නීතිය ප්රකාශයට පත් කළ පසුබිමක විරෝධතා පවා යටපත් කරමිනි.

හදිසි නීතිය රටේ ක්රියාත්මක වුවද කොළඹ ඇතුළු දකුණේ ප්රදේශ ගණනාවකම බෝම්බ ප්රහාර දියත් වූ අතර මහජන ආරක්ෂාව සඳහා දකුණට පවා හමුදාව කැඳවා තිබියදීත් ඒවා නතර කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. උතුරේ සහ දකුණේ කැරලිවලට මුවා වෙමින් 1978 සිට පැවැති සෑම රජයක්ම පාහේ උතුරේ සහ දකුණේ මහජන නැගිටීම් මර්දනය කළ අතර දහස් ගණනක් මරා දැමූහ.

2009 වසරේ මැයි මාසයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු හදිසි නීතිය ඉවත් කිරීමට රජයට සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමෙන් පසු 2010 වසරේ ජුනි මස 06 වැනිදා අංක 1656/45 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්රී ලංකාව පුරාම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බව කියමින් ත්රිවිධ හමුදාව කැඳවීමය. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාල ප්රතිපාදන අනුව මෙලෙස හමුදාව මහජන සාමය එනම් පොලිසියේ රාජකාරිය සඳහා කැඳවිය හැක්කේ උපරිම මාසයක කාලසීමාවක් සඳහා පමණක් වන අතර මෙහි බරපතලකම කොතෙක්ද යත් ගැසට් නිවේදනය නිකුත් කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුවද දැනුම්වත් කළ යුතුය.

සාමාන්ය ක්රමවේදය යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා පොලිසියට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්රහයේ 95 වැනි වගන්තියෙන් පසු සඳහන්වේ.

2010 වසරේ සිට 2013 වසර දක්වා අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුක් කළ අතර 2013 ජූලි මස 03 වැනිදා 1817/31 අංකයෙන් මාසයක කාලයක් සඳහා මහජන සායම පවත්වා ගැනීමට බව කියමින් ත්රිවිධ හමුදාව කැඳවීය. එම ගැසට් නිවේදනයේ කාලය අවසන් වීමට දින තුනකට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වල කම්හලකින් ජලය අපරිසිදුවීමට එරෙහිවත් පිරිසිදු පානිය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් වැලිවේරියේ කළ සාමකාමී විරෝධතාවකට හමුදාව කඩා වැදී පහර දී වෙඩි තබා තිදෙනකු ඝාතනය කළහ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කළ අතර අපරාධ නඩු විධාන සංග්රහය අනුව හමුදාව එම ස්ථානයට කැඳවූ පුද්ගලයකු නොවීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළේ ජනාදිපතිවරයා විසින් නිකුත් කරන ලද 2013 ජූලි මස 03 දිනැති ඉහත කී ගැසට් නිවේදනය අනුව හමුදාව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි. රතුපස්වල වෙඩි තැබීමෙන් හමුදාවේ බ්රිගේඩියර්වරයා ඇතුළු චූදිතයන් නිදහස් කරන ලද එච්.සී.235/2019 (TAB) දරණ නඩුවේ තීන්දුවේ ද මෙම ගැසට් නිවේදනය ගැන සඳහන් විය.

එම සිදුවීමෙන් පසු ද අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය පල කර තිබිණි.

ඉන් පසු යළිත් වරක් මෙම ගැසට් නිවේදනය මාසිකව නිකුත් කිරීමට පටං ගත්තේ 2019 අගෝස්තු මාසයේදීය. ඒ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. 2019 අගෝස්තු 22 අංක 2137/67 දරණ ගැසට් නිවේදනය මගින් ත්රිවිධ හමුදාව මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා කැදවූ අතර එය සෑම මාසයකට වරක්ම සිදුකරගෙන ගියේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එම ගැසට් නිවේදනය නිකුත් එලෙසම නිකුත් කරගෙන ගියේය.

2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට මහජන විරෝධතාවයට හමුදාව ප්රහාරයක් දියත් කළ අතර ඊට පසු දින එනම් අප්රේල් මස පළමු වැනිදා එම සිදුවීම සම්බන්ධයෙන් පැවැති මාධ්ය හමුවකදී අදාල උද්ඝෝෂණය විසිරුවා හැරීමට හමුදාව කැඳවූයේ කවුරුන් විසින්දැයි මම විමසීමක් කළෙමි. ඊට පිළිතුරු දුන් එවකට පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්රකාශ කළේ ජනාධිපතිවරයා විසින් හමුදාව කැඳවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් අමුතුවෙන් හමුදාව කැඳවීමක් අවශ්ය නොවන බවයි.

ඉන් අනතුරුව රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොළඹ පැවැති බොහෝ උද්ඝෝෂණ විසිරුවීම සඳහා හමුදාව සහභාගී විය. කොළඹ විශ්ල විද්යාලය අසල පැවැති උද්ඝෝෂණයක් විසිරුවීම සඳහා හමුදාව පොලු සහිතව සහභාගී වීම බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. කොළඹ විශ්ව විද්යාලයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම විශ්ව විද්යාලයේ නීති පීඨයේ අධ්යාපනය ලබමින් සිටි පිරිසක් පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විභාග කළ දිනයේ දී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් මම ද සහභාගී වීමි. ඊට අදාලව මානව හිමිකම් කොමිසමට ලබා දුන් ලිඛිත දේශනයේ දී අපි පැහැදිලිවම හමුදාව කැඳවීම ප්රශ්න කළෙමු. එහි නීතිමය පදනම ගැන දීර්ඝ ලෙස සඳහන් කළෙමු. කෙසේ වෙතත් හමුදාව මානව හිමිකම් කොමිසමට සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගැනීමට බව කියමින් නිකුත් කරන ගැසට් නිවේදනය අනුව තමන්ට කැඳවීමක් නැතිව උද්ඝෝෂණ පාලනය කිරීමට පැමිණිය හැකි බවයි.

මෙම ගැසට් නිවේදනය සහ එහි බයානක තත්ත්වය ගැන අපි අවස්ථා ගණනාවකදී ප්රකාශ කළෙමු. එම නිවේදනය ඉවත් කර ගන්නා ලෙස බල කළෙමු. කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයා ද ඊයේ රාත්රී එම නිවේදනය නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ මෙම හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන අතර 12 වැනි වගන්තිය ආරම්භ වන්නේ මෙසේය.

‘කිසියම් ප්රදේශයක මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වයක් උද්ගත වී ඇත්නම් හෝ ළඟදීම සහ එම ප්රදේශයේ එවැනි තත්ත්වයකට මුහුණ දීමට පොලිසිය ප්රමාණවත් නොවන බව ජනාධිපතිවරයාගේ අදහස නම්..’ (Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, ) යනුවෙනි. එනම් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නම් එක්කෝ මහජන ආරක්ෂාව අනතුරේ හෙලන තත්ත්වයක් උද්ඝතවී තිබිය යුතුය. නැත්නම් පොලිසියට මැඩ පැවැත්විය නොහැකි එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයා අදහස් කළ යුතුය.

ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය ඊයේ රාත්රී නිකුත් කළේ මේ කුමන අනතුරක් සම්බන්ධයෙන් ද යන්න රටට හෙළිදරව් කළ යුතුය. ඇතැම් විට ඔහු මෙම නිවේදනය නිකුත් කළේ රාජපක්ෂලා, සිරිසේනලා, වික්රමසිංහලා නිකුත් කළ අරමුණෙන් නොවෙන්නට පිළිවෙන. එසේ නම් ඔහු ඇත්තටම මෙම ගැසට් නිවේදනය නිකුත් කළේ කුමන හේතුවක් මතද යන්න රටට හෙළිදරව් කළ යුතුය. එය යහපත් ආණ්ඩුකරණයක හොඳ ගුණාංගයකි.

මහජන ආරක්ෂාව යටතේ හමුදාව කැඳවුවහොත් එම හමුදාවට පොලිසියට කළ හැකි බොහෝ දේ කළ හැකිය. පුද්ලයන් අත්අඩංගුවට ගැනීම පවා කළ හැකිය. තවත් බොහෝ බපතල ලබාදී තිබේ.

මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්ය විය හැකි තත්ත්වයන් තිබිය හැකිය. එය කිසිසේත් පතික්ෂේප නොකරන්නෙමි. බැලූ බැල්මට අපට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැක. මෙය හුදෙක් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමග යවමින් කටයුතු කිරීමක් ද, එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන හෝ ඇති විය හැකි මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වය කුමක්ද යන්න ගැන රජය විසින් මහජනතාව දනුම්වත් කළ යුතුය. මෙය මහජනතාවට වගකියන රජයක් බව සනාථ කිරීමට ද එය හොඳ අවස්ථාවකි.

තරිඳු ජයවර්ධන

2024 සැප්තැම්බර් 27 වැනිදා

[QUOTE="Mr.Wikirana, post: 30194151, member: 584253"] [SIZE=6]රටේ හදිසි තත්ත්වයක්? : අනුරගේ ගැසට් නිවේදනය බරපතලකම කෙටියෙන්[/SIZE] [IMG]https://www.tamilguardian.com/sites/default/files/Image/pictures/2024/Sri%20Lanka/2024.02.15/2024.02.15%20-%20Sri%20lanka%20military%20downsize.jpg[/IMG] [SIZE=5]මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ රාත්රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්රමසිංහ මෙම ගැසට්ටුව නිකුත් කරද්දී ප්රවෘත්ති ඇලර්ට් දැමූ, ප්රවෘත්ති පල කළ ජනමාධ්ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු මුණිවත රකිමින් සිටියි. මෙම ගැසට්ටුව බයානක ගැසට්ටුවක් විය හැක්කේ ඇයිද යන්න ගැන මෙසේ කරුණු ඉදිරිපත් කරමි. ශ්රී ලංකාවේ මහජන සාමය ආරක්ෂා කිරීමේ ප්රධානතම ආයතනය ශ්රී ලංකා පොලිසියයි. කෙසේ වෙතත් රටේ පැවති සිවිල් යුද්ධය පාදක කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ හදිසි නීතිය ප්රකාශයට පත් කර මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හමුදාවට ද අවශ්ය බලතල ලබාදී තිබිණි. වර්තමාන ජනාධිපතිවරයාගේ ප්රතිපත්ති ප්රකාශයේ පවා සඳහන් කර ඇති ත්රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත පවා සම්මත කළේ හදිසි නීතිය ප්රකාශයට පත් කළ පසුබිමක විරෝධතා පවා යටපත් කරමිනි. හදිසි නීතිය රටේ ක්රියාත්මක වුවද කොළඹ ඇතුළු දකුණේ ප්රදේශ ගණනාවකම බෝම්බ ප්රහාර දියත් වූ අතර මහජන ආරක්ෂාව සඳහා දකුණට පවා හමුදාව කැඳවා තිබියදීත් ඒවා නතර කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. උතුරේ සහ දකුණේ කැරලිවලට මුවා වෙමින් 1978 සිට පැවැති සෑම රජයක්ම පාහේ උතුරේ සහ දකුණේ මහජන නැගිටීම් මර්දනය කළ අතර දහස් ගණනක් මරා දැමූහ. 2009 වසරේ මැයි මාසයේදී යුදමය තත්ත්වය අවසන් වීමෙන් පසු හදිසි නීතිය ඉවත් කිරීමට රජයට සිදුවිය. අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කර ගැනීමෙන් පසු 2010 වසරේ ජුනි මස 06 වැනිදා අංක 1656/45 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ ශ්රී ලංකාව පුරාම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බව කියමින් ත්රිවිධ හමුදාව කැඳවීමය. මහජන ආරක්ෂක ආඥා පනතේ අදාල ප්රතිපාදන අනුව මෙලෙස හමුදාව මහජන සාමය එනම් පොලිසියේ රාජකාරිය සඳහා කැඳවිය හැක්කේ උපරිම මාසයක කාලසීමාවක් සඳහා පමණක් වන අතර මෙහි බරපතලකම කොතෙක්ද යත් ගැසට් නිවේදනය නිකුත් කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුවද දැනුම්වත් කළ යුතුය. සාමාන්ය ක්රමවේදය යටතේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා පොලිසියට නොහැකි අවස්ථාවලදී හමුදාව කැඳවීම කළ යුතු ආකාරය අපරාධ නඩු විධාන සංග්රහයේ 95 වැනි වගන්තියෙන් පසු සඳහන්වේ. 2010 වසරේ සිට 2013 වසර දක්වා අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුක් කළ අතර 2013 ජූලි මස 03 වැනිදා 1817/31 අංකයෙන් මාසයක කාලයක් සඳහා මහජන සායම පවත්වා ගැනීමට බව කියමින් ත්රිවිධ හමුදාව කැඳවීය. එම ගැසට් නිවේදනයේ කාලය අවසන් වීමට දින තුනකට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා රතුපස්වල කම්හලකින් ජලය අපරිසිදුවීමට එරෙහිවත් පිරිසිදු පානිය ජලය ලබා දෙන ලෙසත් ඉල්ලමින් වැලිවේරියේ කළ සාමකාමී විරෝධතාවකට හමුදාව කඩා වැදී පහර දී වෙඩි තබා තිදෙනකු ඝාතනය කළහ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කළ අතර අපරාධ නඩු විධාන සංග්රහය අනුව හමුදාව එම ස්ථානයට කැඳවූ පුද්ගලයකු නොවීය. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළේ ජනාදිපතිවරයා විසින් නිකුත් කරන ලද 2013 ජූලි මස 03 දිනැති ඉහත කී ගැසට් නිවේදනය අනුව හමුදාව එම ස්ථානයට පැමිණෙන්නට ඇති බවයි. රතුපස්වල වෙඩි තැබීමෙන් හමුදාවේ බ්රිගේඩියර්වරයා ඇතුළු චූදිතයන් නිදහස් කරන ලද එච්.සී.235/2019 (TAB) දරණ නඩුවේ තීන්දුවේ ද මෙම ගැසට් නිවේදනය ගැන සඳහන් විය. එම සිදුවීමෙන් පසු ද අවස්ථා කිහිපයකදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය පල කර තිබිණි. ඉන් පසු යළිත් වරක් මෙම ගැසට් නිවේදනය මාසිකව නිකුත් කිරීමට පටං ගත්තේ 2019 අගෝස්තු මාසයේදීය. ඒ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. 2019 අගෝස්තු 22 අංක 2137/67 දරණ ගැසට් නිවේදනය මගින් ත්රිවිධ හමුදාව මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා කැදවූ අතර එය සෑම මාසයකට වරක්ම සිදුකරගෙන ගියේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එම ගැසට් නිවේදනය නිකුත් එලෙසම නිකුත් කරගෙන ගියේය. 2022 මාර්තු 31 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිට මහජන විරෝධතාවයට හමුදාව ප්රහාරයක් දියත් කළ අතර ඊට පසු දින එනම් අප්රේල් මස පළමු වැනිදා එම සිදුවීම සම්බන්ධයෙන් පැවැති මාධ්ය හමුවකදී අදාල උද්ඝෝෂණය විසිරුවා හැරීමට හමුදාව කැඳවූයේ කවුරුන් විසින්දැයි මම විමසීමක් කළෙමි. ඊට පිළිතුරු දුන් එවකට පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්රකාශ කළේ ජනාධිපතිවරයා විසින් හමුදාව කැඳවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය හේතුවෙන් අමුතුවෙන් හමුදාව කැඳවීමක් අවශ්ය නොවන බවයි. ඉන් අනතුරුව රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු කොළඹ පැවැති බොහෝ උද්ඝෝෂණ විසිරුවීම සඳහා හමුදාව සහභාගී විය. කොළඹ විශ්ල විද්යාලය අසල පැවැති උද්ඝෝෂණයක් විසිරුවීම සඳහා හමුදාව පොලු සහිතව සහභාගී වීම බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. කොළඹ විශ්ව විද්යාලයේ සිදුවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම විශ්ව විද්යාලයේ නීති පීඨයේ අධ්යාපනය ලබමින් සිටි පිරිසක් පැමිණිලි කළ අතර එම පැමිණිල්ල විභාග කළ දිනයේ දී පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් මම ද සහභාගී වීමි. ඊට අදාලව මානව හිමිකම් කොමිසමට ලබා දුන් ලිඛිත දේශනයේ දී අපි පැහැදිලිවම හමුදාව කැඳවීම ප්රශ්න කළෙමු. එහි නීතිමය පදනම ගැන දීර්ඝ ලෙස සඳහන් කළෙමු. කෙසේ වෙතත් හමුදාව මානව හිමිකම් කොමිසමට සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගැනීමට බව කියමින් නිකුත් කරන ගැසට් නිවේදනය අනුව තමන්ට කැඳවීමක් නැතිව උද්ඝෝෂණ පාලනය කිරීමට පැමිණිය හැකි බවයි. මෙම ගැසට් නිවේදනය සහ එහි බයානක තත්ත්වය ගැන අපි අවස්ථා ගණනාවකදී ප්රකාශ කළෙමු. එම නිවේදනය ඉවත් කර ගන්නා ලෙස බල කළෙමු. කෙසේ වෙතත් වර්තමාන ජනාධිපතිවරයා ද ඊයේ රාත්රී එම නිවේදනය නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තිය යටතේ මෙම හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කරන අතර 12 වැනි වගන්තිය ආරම්භ වන්නේ මෙසේය. ‘කිසියම් ප්රදේශයක මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වයක් උද්ගත වී ඇත්නම් හෝ ළඟදීම සහ එම ප්රදේශයේ එවැනි තත්ත්වයකට මුහුණ දීමට පොලිසිය ප්රමාණවත් නොවන බව ජනාධිපතිවරයාගේ අදහස නම්..’ (Where circumstance endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, ) යනුවෙනි. එනම් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නම් එක්කෝ මහජන ආරක්ෂාව අනතුරේ හෙලන තත්ත්වයක් උද්ඝතවී තිබිය යුතුය. නැත්නම් පොලිසියට මැඩ පැවැත්විය නොහැකි එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට ජනාධිපතිවරයා අදහස් කළ යුතුය. ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය ඊයේ රාත්රී නිකුත් කළේ මේ කුමන අනතුරක් සම්බන්ධයෙන් ද යන්න රටට හෙළිදරව් කළ යුතුය. ඇතැම් විට ඔහු මෙම නිවේදනය නිකුත් කළේ රාජපක්ෂලා, සිරිසේනලා, වික්රමසිංහලා නිකුත් කළ අරමුණෙන් නොවෙන්නට පිළිවෙන. එසේ නම් ඔහු ඇත්තටම මෙම ගැසට් නිවේදනය නිකුත් කළේ කුමන හේතුවක් මතද යන්න රටට හෙළිදරව් කළ යුතුය. එය යහපත් ආණ්ඩුකරණයක හොඳ ගුණාංගයකි. මහජන ආරක්ෂාව යටතේ හමුදාව කැඳවුවහොත් එම හමුදාවට පොලිසියට කළ හැකි බොහෝ දේ කළ හැකිය. පුද්ලයන් අත්අඩංගුවට ගැනීම පවා කළ හැකිය. තවත් බොහෝ බපතල ලබාදී තිබේ. මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්ය විය හැකි තත්ත්වයන් තිබිය හැකිය. එය කිසිසේත් පතික්ෂේප නොකරන්නෙමි. බැලූ බැල්මට අපට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැක. මෙය හුදෙක් නිලධාරීන් විසින් ජනාධිපතිවරයා නොමග යවමින් කටයුතු කිරීමක් ද, එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන හෝ ඇති විය හැකි මහජන ආරක්ෂාව අනතුරේ හෙළන තත්ත්වය කුමක්ද යන්න ගැන රජය විසින් මහජනතාව දනුම්වත් කළ යුතුය. මෙය මහජනතාවට වගකියන රජයක් බව සනාථ කිරීමට ද එය හොඳ අවස්ථාවකි. තරිඳු ජයවර්ධන 2024 සැප්තැම්බර් 27 වැනිදා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom