රට තුළ ආහාර හිඟයක් ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    http://www.aruna.lk/රට-තුළ-ආහාර-හිඟයක්/

    රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම ඒවායේ මිල ඉහළ යාමක්ද, අපේක්ෂා කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ මෙරට බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම නිසා දැනටමත් වරාය පරිශ්‍රයේ තුළ නිදහස් කර ගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් බහලුම් දහස (1000) ඉක්මවා පවතින බවයි.

    මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු (DP ක්‍රමය යටතේ) මුදල් ලබාදීමට එකඟ වී තිබුණද ශ්‍රී ලංකාවේ තුළ ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තර පුවත් නිර්මාණය වීම මෙරට බැංකු ආයතන කෙරෙහි තබා තිබූ විශ්වාස නැතිවී තිබෙන බවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

    මෙරටට ආහාරද්‍රව්‍ය සපයන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ පාකිස්තානය ඇතුළු රටවල සමාගම් මෙලෙස සීමා පැනවීම කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙයි.

    වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනගේ මැදිහත්වීමෙන් අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් කර ඇති අතර එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණ නිර්මාණය වී මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේය.

    කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හා ආපදා තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ වෙත එළවළු නොලැබීමෙන් මතුව ඇති අර්බුදය නිසා ඉදිරියේදී ආනයනික අර්තාපල් සහ පරිප්පු සඳහා ඉල්ලුම් ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආහාර තොග රැස්කර නොගත්තොත් දැනට පවතින මිලට වඩා තවත් මිල ඉහළ යා හැකි බව මෙහිදී ආනයනකරුවෝ රජයට අනතුරු අඟවති.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවම වශයෙන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර මුදලක් වැයකරනු ලබයි.

    ඉන්දික ශ්‍රී අරවින්ද

     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    b30pjbY.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,976
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි හම්බුකරොත් අපි කෑවා කිය කිය රඟපු මිට්ටන් වෙනුවෙන් සාතිශය සංවේගය.

    ඉස්සරහට සල්ලි වලින් සුප්, එහෙම හදලා බොන්න පුරුදු වෙන්න වෙයි🤣🤣
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉස්සර නම් අපි හම්බ කරොත් අපි කෑවා, දැන් ඒකත් නැති වෙන තත්වයක් තියෙන්නේ ;) ;) ;)

    එව්වා වැඩක් නෑ, ඉන්න රටක් තියෙනවා, ඒ රට රකින්න විරුවෙක් ඉන්නවා. ඒකම මදිද :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: malakadss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජාතික ප්‍රතිපත්තියක් නැතිව රට අයාලේ දුවන්න දීල එවයේ ප්‍රතිපල තමයි මේ අද අපි අත්දකින්නේ......77 ඉදල රටගැන හිතල ගත්ත එක තින්දුවක්වත් නෑ.... 77 දී දේශපාලන වාසිවලට ආර්ථිකය බිල්ලට දුන්නා..... මිනිස්සු එදත් කිරිබත් කෑවා.... වාර්ගික යුද්දය දේශපාලන බලය රැකගන්න පාවිච්චි කලා..... ඒත් සංචාරක ව්‍යාපාරය, කෘෂි අපනයන, මිතුරු රටවල උදව් නිසා ණයවෙමින් කොහොම හරි රට ඇදගෙන ආව...... අද මේ ටිකටත් කෙලවුනා...... හෙට බඩගින්නේ මැරෙන්න හිතහදාගන්න එකයි කරන්න තියෙන්නේ.....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    ජාතික ප්‍රතිපත්තියක් නැතිව රට අයාලේ දුවන්න දීල එවයේ ප්‍රතිපල තමයි මේ අද අපි අත්දකින්නේ......77 ඉදල රටගැන හිතල ගත්ත එක තින්දුවක්වත් නෑ.... 77 දී දේශපාලන වාසිවලට ආර්ථිකය බිල්ලට දුන්නා..... මිනිස්සු එදත් කිරිබත් කෑවා.... වාර්ගික යුද්දය දේශපාලන බලය රැකගන්න පාවිච්චි කලා..... ඒත් සංචාරක ව්‍යාපාරය, කෘෂි අපනයන, මිතුරු රටවල උදව් නිසා ණයවෙමින් කොහොම හරි රට ඇදගෙන ආව...... අද මේ ටිකටත් කෙලවුනා...... හෙට බඩගින්නේ මැරෙන්න හිතහදාගන්න එකයි කරන්න තියෙන්නේ.....

    Good essay 👏👏👏

    තව පොඩ්ඩක් තාත්විකව ලියන්න උත්සාහ කරන්න.. ✅✅✅
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අවුලක් නෑ. මිනිස්සු බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා මේ ආණ්ඩුව ගෙනාවේ. බඩගින්නේ මැරුණත් රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Good essay 👏👏👏

    තව පොඩ්ඩක් තාත්විකව ලියන්න උත්සාහ කරන්න.. ✅✅✅
    ගොඩක් සරලව රටට උණ දේ කීවේ..... තව ඉතින් කියනවනම් ගිණි පොලියටණය අරන් වැඩකට නැති ගුවන්තොට, කුළුණු හදපුවා, ගෙදර මහ එකාම පෙට්ටගම කොල්ලකාපුවා...... ගත්ත ණය බාගෙට බාගයක් තමන්ගේ සාක්තුවට දාගෙන ඒවා ස්විස් බැංකුවල තැන්පත් කරපුවා........ එකී මෙකී නොකී බොහෝ දේ බලපාන්න ඇති..... ඒත් ඉතින් ජාකිත ප්‍රතිපත්තියක් තිබුණනම් මේව ටිකක් හරි වලකිනවා....
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    http://www.aruna.lk/රට-තුළ-ආහාර-හිඟයක්/

    මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු (DP ක්‍රමය යටතේ) මුදල් ලබාදීමට එකඟ වී තිබුණද ශ්‍රී ලංකාවේ තුළ ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තර පුවත් නිර්මාණය වීම මෙරට බැංකු ආයතන කෙරෙහි තබා තිබූ විශ්වාස නැතිවී තිබෙන බවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

    DP ක්‍රමය යටතෙ තමයි කොමොඩ් එහෙම විකුන්නෙ පහුගිය කාලෙ. කෑමත් එහෙම කරොත් අබ සරණයි. 🤭
     
    • Wow
    Reactions: malakadss

    Similar threads