පෝට් සිටි පනත සම්මතය දවසකින්වත් කල් දාන්න බෑ… එමගින් ලංකාව සිංගප්පූරුවක්, මැලේෂියාවක් වෙනවා…
May 3, 2021 at 12:00 pm | lanka C news
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම තවත් එක දවසකින් හෝ කල් දැමීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
කොළඹ වරාය නගරය මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ගෙන යාමට ඇති හැරවුම් ලක්ෂය බවත් මෙමගින් ශ්‍රී ලංකාව සිංගප්පූරුවක්, මැලේෂියාවක් බවට පත්වන බවත් ඔහු පැවසීය.
මෙරට කොරෝනා තත්ත්වය යම් මට්ටමකට පාලනය වෙද්දී රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය බවද ඒ මහතා කියා සිටියේය.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.