රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙ

    රට දෙකඩ කරන ක්‍රිස්තියානි මූලධර්මවාදී මෙහෙයුම ගැන හින්දු සම්මේලනය කතා කරයි
    Posted on March 12th, 2016
    President – Kadanndiah Neelakan

    www.youtube.com/watch?v=3Oy9p3E8svk
    බොදු බල සේනා, රාවණ බලය වැනි සිංහල බෞද්ධ සංවිධාන තහනම් නොකළොත් මෙරට යළිත් යුද්ධයක් ඇතිවිය හැකි බැවින් වහාම එම සංවිධාන තහනම් කළ යුතු බවටයාපනය කතෝලික පූජකවරුන්ගේ සංගමයපසුගියදා කළ ප්රකාශය සමස්ථ ලංකා හින්දු සම්මේලනය හෙළා දැක තිබෙනවා.

    Colombotoday සමග අදහස් දක්වමින් හින්දු සම්මේලනයේ සභාපති එන් අරුන්කාන්තන් මහතා සදහන් කළේ බෙදුම්වාදය නිර්මාණය කරපෝෂණය කළේත්, අහිංසක දෙමළ ජනතාව ත්රස්තවාදයේ ගොදුරක් බවට පත්කළෙත් ක්රිස්තියානි කතෝලික මූලධර්මාවාදය විසින් බවයි. එබැවින් අදටත් මේ රට දෙකඩ කිරීම සදහා සෘජුවම පෙනී සිටින මෙම ක්රිස්තියානි, කතෝලික පූජකවරු මුල්කරගත් මූලධර්මවාදී සංවිධාන විසින් සිංහල බෞද්ධ සංවිධාන තහනම් කිරීමට ඉල්ලීම විහළුවක් වන බව අරුන් කාන්තන් මහතා පවසනවා.

    උතුරේ අහිංසක හින්දු තරුණයන් දකුණේ සිංහල ජනතාවට එරෙහිව අවුලවා, ලක්ෂ ගණනාවක් හින්දු දමිළ සිංහල තරුණ ජීවිත විනාශ කිරීම සදහා මග පෑදූවේ සැමුවෙල් ජේම්ස් චෙල්වනායගම් වැනි ක්රිස්තියානි මූලධර්මවාදී දමිළ දේශපාලකයන් බවත් ඔහුගේ බෙදුම්වාදී දේශපාලනය ඇන්ටන් බාලසිංහම් වැනි පල්ලියේ අනුග්රහය ලැබූ න්යායාචාරීන් විසින් ත්රස්ථවාදයකට පරිවර්ථනය කළ බවත්, රාජයප්පු ජෝශප්, එම්මානුවෙල් ඇතුළු පූජකයන් සන්නද්ධ ත්රස්තවාදයට මතවාදීමය අනුග්රහය දක්වමින් අද දක්වා ක්රියාත්මකව සිටින බවත් හින්දු සම්මේලනය පෙන්වා දෙනවා.

    බෙදුම්වාදී ත්රස්තවාදය හරහා හින්දු දමිළ සමාජයේ පදනම විනාශ කර දැමූ කතෝලික, ක්රිස්තියානි මිෂනාරි මූලධර්මවාදීන්යුද්ධය හා සාමයමුවාවෙන් උතුරු නැගෙනහිර හින්දු දමිළ සමාජය ක්රිස්තියානිකරණය කර ඇති බවද හින්දු සම්මේලනය දැඩි ලෙස චෝදනා කරනවා.

    ක්රිස්තියානි, කතෝලික පල්ලියේ බෙදුම්වාදී ව්යාපෘතියට එකම බාධාව වන්නේ මෙරට ජාතික ව්යාපාරයවලට නායකත්වය දෙන භික්ෂූන් වහන්සේලා වන බැවින් උන්වහන්සේලාට එරෙහිව ඕනෑම ආකාරයකින් ක්රියාත්මක වීමට ඔවුන් කටයුතු කරන බවද හින්දු සම්මේලය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

    තවද මෙරට බෞද්ධ සංස්කෘතික පදනම විනාශ කිරීම සදහා බ්රිතාන්, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් ක්රියාත්මක සිටින බවත්, ඔවුන්ගේ මෙම අරමුණ ක්රියාත්මක කරන්නේ ඔවුන්ගේ අරමුදල් මත යැපෙන පූජකවරුන් ප්රමුඛ මූලධර්මවාදී සංවිධාන බවත් බෞද්ධයන් සහ හින්දුන් ක්රිස්තියානිකරණය කර ඔවුන්ගේ අක්මුල් සිද දමා මේරට බටහිරගැත්තන්ගේ කොළණියක් බවට පත් කිරීමේ අරමුණින් ඔවුන් ක්රියාත්මක වී සිටින බවත් හින්දු සම්මේලනය අවධාරණය කරනවා.



    President – Kadanndiah Neelakan