ලක්ෂමන් සෙනෙවිරත්න මහතාට අලියා නැතිවම බැරිය. ඔහු මැරුවත් අලියා නම් දාලා යන්නේ නැත.එච්චරටම අලියාට ආදරෙයි. නමුත් අලියාගේ බරට වස්තුව හම්බවෙන නිසා අණ්ඩුවට නොගිහින් ඉන්නත් බැරිය.ලක්ෂ්මන් උන්නැහේට කදිම ගණදෙවි නුවනක් ඇතිවිය.ඒ ඇත් දෙවියන් අදහන නිසාය. එතුමා අලියත් ඇරගෙන ආණ්ඩුවට යන්න තීරනයක් ගත්තේය.
ඔහු අලියත් සමඟ අරලිය ගහ මන්දිරයට ගියේය.ජනපතිතුමා ඉමහත් සතුටට පත් වී මෙසේ කීවේය.අපි ඔය අලියාව අරලිය ගහක බඳිමූ. මොකද මෙහෙ තියන අරලිය ගස් වල හරක් බැඳලා ඉන්නේ.දැන් අලියෙකුත් ඉන්නවා. පබා ආවාම හොඳ ගොනෙකුත් ඉඳිවී. දැන් ජොනියටයි ලක්ෂමන්ට කිසි තනියක් නැත. අලියා ඔවුන් සමඟය.
දයාසිරි ජයසේකර මංත්‍රීතුමා මහින්ද හම්බවෙන්න ගියේය. අනේ මහින්ද අය්යේ ඇයි ඔයා අපිට දොරවල් වහලා? දයාසිරි ඇසුවේය. අනේ නෑ මල්ලෝ අපේ ආණ්ඩුවේ ඉස්සරහා දොර විතරයි වහලා තියෙන්නේ, පස්සේ දොරෙන් එන්න පුලුවන් මහින්ද පිලිතුරු දුන්නේය.
ඒක නෙවෙයි කොල්ලෝ ඔය කට්ටිය තව ටිකක් එක්සත් ජාතික පක්ෂය ප්රතිසංස්කරනය කරන්න බලන්න. මම ඒකට කැබිනට් ඇමතිකම් ටිකක් හදලා දෙන්නම්කෝ,ඕනීනම් මුල්‍යමය අධාරත් දෙන්නම්කෝ . මම එක හදන අයට රේයල් පාර්ක් එකෙන් ගෙවලුත් නොමිලේ දෙනවා. මහින්ද වැඩිදුරටත් පැවසුවේය.
එහෙනම් මම හෙටම ආණ්ඩුවට එන්නම් දයාසිරි කීවේය. " නෑ , නෑ හලෝ දැන්ම එන්න එපා.තව ටිකක් එක්සත් ජාතික පක්ෂේ ඉඳලා ප්රතිසංස්කරනය කරලා එන්න.
මේ අතර සරත් ෆොන්සේකා හිර බත් කමින් විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටින බව ඔත්තු සේවා ආණ්ඩුවට වාර්තා කර ඇත. සතිපතා පැවත්වෙන කැබිනට් රැස්වීමේදී ජනපති තුමන් මේ ගැන ඇමතිවරුන්ට සැල කර සිටියේ මෙසේය." බලනවකො ඕයි මේකාව හිරේ දැම්මට පස්සේ හරිම ජනප්‍රිය වෙලානේ. ඕකාව මොනව හරි කරලා එලියට දාලා මම රිංගන්න ඕනී ඕකට". දැන් කොටි ඉවර නිසා ඊලඟ ජනාධිපතිවරනය ලං වෙනකොට මමත් හිර බත් කන්න හිතන් ඉන්නේ.එතකොට මටත් ජනතා අනුකම්පාව ලැබිලා ජනප්‍රියතාව වැඩි කර ගන්න පුලුවන් ඕයි"
මේ අතර එක ඇමතිවරෙයෙක් " ඔබතුමා ජාත්‍යන්තර අධිකරනයට බාර් වෙන්න. එතකොට බෙහෙවින්ම ජනප්‍රිය වෙයි. ඒ උත්තරයටනම් ජනපතිට හොඳටම නැංගේය.එතුමා මව් භාෂාවෙන් එම ඇමතිට උත්තර දුන්නේය.ඇමති කටයි පුකයි වසාගෙන " සොරි සෑර් " කියමින් වාඩිවිය.
ජනපති තුමා මෙසේද කීවේය. නෑ හලෝ මම පත් කරන උසාවියකින් තමයි මම හිරේට නියම වෙන්නේ. සුදු කොඩි සිද්දිය පාවිච්චි කරලා හිරේ ගියොත් වැඩියම ජනප්‍රිය වෙනවා වගේම සරත් නිකංම චාටර් වෙනවා.ඊලඟට හිර බත් කමින් ජනාධිපති ධූරයේ ඉන්න පුලුවන් විදිහට ව්‍යවස්තාවත් සංශෝධනය කරනවා. මම ඊලඟ ජනාධිපතිවරනය කරන්නේ හිර ගෙදර ඉඳන්.
මේ අතර ඇමති මර්වින් තුමා නැගිට මෙසේ කීවේය. "සෑර් මම පුස්තකාලයක් වහලා පොලිසියක් ඇරියා. ඊලඟට රට පුරාම තියෙන පුස්තකාල වහලා මම පොලිසි අරිනවා.මොකද සෑර් මිනිස්ස්සු ඕනවට වඩා කියවන්න පටන් ගත්තෙති අපි ඊලඟ මැතිවරනෙයෙන් හබක්". මෙයට කැබිනට් මංඩලයේ ප්‍රශංසාව හිමිවිය.
ජනපතිතුමා හදිසියේම විමල් වීරවංශ හමු වෙන්න ගියේය. එහිදී කුරහන් වඩේ කා තේ බී ඔහු සමඟ කතා කරමින් සිටි ජනපති තුමන්ව ශෂී වීරවංශ මැතිනිය විසින් සිය ගෙවත්තට එක්ක ගෙන ගියේ ඇයගේ එලවලු කොටුව පෙන්වීමටය. වීරවංශ මැතිණිය විශාල වම්බටු සහ පතෝල පමනක් සිය එලවලු කොටුවේ වවා තිබුනේය. මෙයට බෙහෙවින් ප්‍රශංසා කර ජනපති තුමා ශෂී ගේ එලවලු කොටුවේ තිබුන විශාල වම්බටු ගෙඩියක් දෙස දැඩි අවධානයෙන් බලා සිට එකවරම විමල් දෙස තියුණු බැල්මක් හෙලීය. විමල් මුහුන රතු කරගෙන බිම බලා ගත්තේය." අනේ සෑර් ඕනනම් ඔය බටු ඔක්කොම වුනත් අරන් යන්න.ඔය ලොකු වම්බටු ගෙඩියනම් ඉල්ලන්න එපා ශෂී ජනපති තුමන්ගෙන් ඉල්ලා සිටියේය.