රට පුරා ඩෙංගු රෝගීන් 23000ක්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

    මේවනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් විසිතුන්දහසක් (23000)ක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

    වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිලධාරි ලහිරි කොඩිතුවක්කු පැවැසීය.

    පසුගිය දිනවල ජාතික ඩෙංගු මර්දන ඒකකය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු වෛද්‍ය පර්‌යේෂණ ඒකකය සහ වෛද්‍ය පර්‌යේෂණ ආයතනය එක්ව සිදුකළ සමීක්ෂණයකදී ඩෙංගු මදුරු කීටයන් වැඩි වශයෙන් ඉදිකිරීම් පරිශ්‍රවලින් වාර්තා වන බව තහවුරු වී තිබේ.

    එසේම ඩෙංගු වයිරස් කාණ්ඩ හතරක් පුද්ගලයන්ට වැලඳෙන බවත්, ඉන් දෙක තුන යනුවෙන් හඳුන්වනු ලබන වයිරස් කාණ්ඩය වැඩිවශයෙන් වැලඳෙන බවට හඳුනාගෙන ඇති බවත් වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු ප්‍රකාශ කළේය.
     
    • Wow
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඊලග වසන්ගතේ... පී එච් අයිලා හිර වුනා කොවිඩ් වලට. පරීක්ෂා කරන්න කෙනෙක් නෑ දෑන්. දෑන් වත් කට්ටිය වට පිටාව සුද්ද කරනවා නම් හොදයි