Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට බංකොලොත් කිරීම කියන එක තනි මිනිහෙකුගේ දෙයක් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට බංකොලොත් කරල ඉවර වෙලා යන්තම් හුස්ම ගන්න මට්ටමට එනකං ඒ ගැන හොයන්න කමිටුවක් දැම්මේ නෑ. දැන් මොකටද කමිටුවක්?

රට බංකොලොත් කිරීම කියන එක තනි මිනිහෙකුගේ දෙයක් නෙවෙයි. ඒකට කාට කාටත් ඇඟිලි දික් කරන්න පුළුවන්. අපි හැමදාම කියනවා වගේ අපි හැමෝම මේකේ කොටස් කාරයෝ. සමහරු ලොකු කොටස් කාරයෝ වෙනකොට, සමහරු පොඩි කොටස් කාරයෝ.

1. මේකේ පළවෙනි වැරැද්ද ලෝකෙත් එක්ක මුහු වෙලා තරඟකාරීව ඉස්සරහට යන්න නොහැකි වීම. ලෝකය වේගයෙන් වෙනස් වෙන කොට අපි ඒකත් එක්ක ඉස්සරහට යා ගන්න උත්සාහ නොකොට මේ දූපත ඇතුලේ අපි පොර මානසිකත්වයෙන් කටයුතු කිරීම. අප්ඩේට් වෙන්නේ නැති, කල් පැනපු ක්‍රම දිගින් දිගටම අල්ලගෙන සිටීම. අතීතකාමය නිසා අනාගතයට යෑමට නොහැකි වීම.

2. සාමය පවත්වා ගෙන යන්න අසමත් වීම. පසු ගිය ශතවර්ෂය පුරාවට ජාතිවාදී කෝළාහල 3 යි, රාජ්‍ය අල්ලා ගන්න උත්සහ කරපු සන්නද්ධ කොමියුනිස්ට් කැරළි දෙකයි, රට බෙදා ගන්න අවුරුදු 30ක් කරපු සිවිල් යුද්ධයයි. යුද්දෙන් පස්සේ පාස්කු ප්‍රහාරය සහ අන්තුරුව පැවැත්වූ ජනාධිපතිවරණය තෙක් ආ ජාතිකවාදී/ජාතිවාදී රැල්ලයි. අවි අතට ගැනීම, හිංසාව විශ්වාස කිරීම, ගහ මරා ගැනිම ඇර වෙන ක්‍රමයකින් ප්‍රශ්න විසඳ ගත්තේ නැති රටක් අපි. සාමය පවත්වා ගන්න බැරි රටවල් හදන්න බෑ.

3. ඊළඟ එක වාමාංශික න්‍යාය. ලෝකයේ අපි පුංචි ජාතියක්. අපිට ඕන ඒවා තනියෙන් කරන්න බෑ. ගෝලීය ක්‍රමයක් හෙවත් global order එකක් තියෙනවා. මේක එක්ක මුහු වෙලා අපේ ආර්ථිකය ඒකට ප්ලග් කරගෙන ආර්ථික අවස්ථා නිර්මාණය කර ගැනිමයි අපි කළ යුතුව තිබුනේ. නමුත් අපි තෝර ගත්තේ බිඳවැටුණු සමාජවාදී කඳවුර. වම, කොමියුනිස්ට් සංකල්ප. රාජ්‍ය මූලික ආර්ථිකය, රජය මහ ගොඩක් කර්මාන්ත කිරීමට යෑම. වාමාංශික ව්‍යාපාර ඉතා සංවිධානාත්මකව ඒම ක්‍රමය මේකේ පවත්වා ගන්න කටයුතු කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කොට බිහි වූ ජාතිකවාදී වාමවාදී ව්‍යාපාර මේ ගෝලීය පරිවර්තනයට මෙරටට අරගෙන ඒමෙන් අපිව වැළක්වූවා. වාමාංශික ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාර වලින් වාමාංශික මානසිකත්වය රටේ උපාධි ධාරීන්ට බෝ කළා. මේකෙන් ආයෙත් ගොඩ ගන්න පුළුවන් උනේ කොටසයි. ශ්‍රී ලංකාවේ කලා කාරයන් බහුතරයක් වගේම පත්තර වල කාටුන් අඳින අය ගේ ඉඳලා වාමාංශික මතවාදය කරපින්නා ගෙන ඉන්නේ. මේ අය සමාජයට දෙන්නේ වෙළෙඳපොළ වැරදියි කියන අදහස. එතනින් රට එක තැන ලොක් කරනවා. රටට ධනය ජනිත කරන යාන්ත්‍රණය පිළිබඳව අවිශ්වාසය හදනවා.

4. ඊළඟට තියෙන්නේ වංචා දූෂණ. රාජ්‍ය මූලික ආර්ථිකයක් හදා ගෙන ඒක දේශපාලකයන් අතට දුන්නම, මෙතක් පාලනය කරපු නිදහස් පක්ෂ කඳවුර සහ එක්සත් ජාතික පක්ෂ කඳවුර කළේ කූට ව්‍යාපාරිකයන් දේශපාලනයට රැගෙන ඒම. වෘත්තීය දේශපාලකයන් නිර්මාණය කිරීම වෙනුවට හොරකමට, වංචාවට, දූෂණයට දේශපාලන බලය හොයන අය පාලකයන් බවට පත් උනා. ඒ පිළිකාව දරුණුව වැඩිලා මරණ මංචකයටම ආවා. මේ අය වංචා හා දූෂණ කරගෙන යන්න ඕන නිසා රාජ්‍ය ආයතන දුර්වල කළා. නීතිය බෙලහීන කළා. තමන්ව අල්ලන්නේ නැති මිනිස්සු ඒවායේ මුල් පුටු වලට දැම්මා. වංචා දූෂණ අල්ලන්න බැරි වෙන්න රාජ්‍ය ආයතන ටික විනාශ කළා. දැන් මේකේ ඉන්නෙම හොරු. එතකොට රටක් හදන්න බෑනේ.

මේ අය එකතු වෙලා රටේ හදලා තියෙන්නේ ගජමිතුරු ධනවාදයක්. මේක දිහා බලලා රටේ වැරදි මතයක් වපුරන්න වාමාංශික ව්‍යාපාර සමත් වෙලා.

5. වෘත්තීය දේශපාලකයන් නොමැති කම. අපිට දැන් ඉන්නේ මේකේ තියෙන වාසි වලට දේශපාලනයට ආපු මිනිස්සු මිසක්, වෘත්තීයව දේශපාලනය තෝරා ගත්ත අය නෙවෙයි. ගමේ නම් චන්ඩියා, පළාතේ නම් ලොකුම අරක්කු , කුඩු මුදලාලී, අනීතික ව්‍යාපාර වලින් ධනය උපය ගත්ත අය. ඒ පරම්පරා වලම පුත්තු ටික. ඒ අයට දණින් නැමී කඩේ යන මට්ටමේ උගතුන් කණ්ඩායමකුත් මේකේ ඉන්නවා. අතලොස්සක් ඇරුණම කවුරුත් වෘත්තීය දේශපාලකයන් නොවෙයි. සාර්ව ආර්ථිකයක් කළමනාකරණය කරන්න කොච්චර දක්ෂ මිනිස්සු ඉන්න ඕනේ ද? ගෝලීය ආර්ථිකය එක්ක හැප්පිලා රට දියුණු කරන්න කොච්චර හැකියාවක් තියෙන්න ඕනේ ද? හැබැයි අපේ රටේ එහෙම අය තීන්දු තීරණ ගන්න පුටු වල නෑ. ඉන්නේ ඔය උඩින් කිව්ව අය. ඉතිං රටවල් බංකොලොත් නොවී තියෙයි ද?

6. රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය කියන්නේ ලංකාවට තියන දරුණුම ගැටලුවක්. සමහර ඉහළ නිල වල ඉන්න අයට හරියට project proposal එකක්වත් ලියා ගන්න බෑ. කරන්න රස්සාවක් නැති අයත් පිරිලා. මේකට රටේ දක්ෂයෝ ආකර්ෂනය කර ගන්න යාන්ත්‍රණයක් නොමැති නිසා මෙතන talent pool එකේ ලොකු අඩුවක් තියෙනවා. මේක ගොඩක් අය දන්න ප්‍රශ්නයක්. අමුතුවෙන් විග්රහ කරන්න යන්නේ නෑ. අප්ඩේට් නොවුන, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් එක්ක කිසිම රටක් හැදිලා නෑ. මේක හැදෙන්නෙත් නෑ.

7. මහජනතාව. අපේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලය දෙන කොට තාම ඒකට අපි සුදුසු නෑ කියලා ප්‍රතිතර්කයක් තිබුනලු. අපි තාම සුදුසු ද කියලා අපිම ප්‍රශ්න කරන්න වෙනවා. අපි මේ රටේ කිසිම වෙලාවක ඡන්දයක් හරියට දීලා නෑ. එකා පිට එකා වැරදි පාලකයෝ පත් කරලා තියෙන්නේ මේ ජනතාවම තමයි. රටක් පාලනය කරන්න නොදන්න පාලකයෝ දෙන සහනාධාර පැකේජ් එක අරගෙන , ඡන්ද කාලෙට පස්සෙන් ගිහින් දිනවනවා. හදන හදන ආණ්ඩු වැරදියි නම් පුරවැසියන්ට ආණ්ඩුවක් හදන්න දන්නේ නෑ කියන එක පැහැදිලියි. තාම ඉන්නේ ඒ පුරවැසියන්ම තමයි. ඔවුන් එකපාරට වෙනස් වෙන්නේ නෑ. ඔවුන් ඡන්දය දෙන්නේ රට හදන හොඳ වැඩපිළිවෙලකට, වෘත්තීය දේශපාලකයන්ට නෙවෙයි. පොඩි පොඩි දේවල් වලට. හැඟීම් බරව. ඒ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් නම් දිනන්න පුළුවන්. ඒකනේ තාම එක රටක්, එක නීතියක්, හොරු අල්ලමු, වගේ පොඩි පොඩි තැන් වලින් වැඩේ යන්නේ. ඒ නිසා මේ පුරවැසියන්ම ආයෙත් ඊළඟ ඡන්දයට කතිරය පාවිච්චි කරනවා. ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමට හා දැනුම ලබා දීමට මාධ්‍යයේ ඉඩක් ලැබෙන්නේ නෑ. මොකද මිනිස්සු වෙනස් වෙනවට ඒ ක්රමයම ජීවිකාව කර ගත්ත මාධ්‍ය බයයි.

මේ මූලික කරුණු එක්ක අපිට ලැබිලා තියෙනවා ජනතාවට විශ්වාස නැති ආණ්ඩුවක්. ඒක පත්වෙච්චි දවසේ ඉඳලා ඒක එක්ක හැප්පෙන සංවිධාන සහ ව්‍යාපාර තියෙන සිවිල් සමාජයක්. අසංතෘප්තියෙන් ඉන්න ජනතාවක්. වෘත්තීය සමිති සහ ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාර ටිකක්. මේක එහෙටත් නැතුව මෙහෙටත් නැතුව කාගෙවත් පාලනයකින් තොරව, ඉලක්ක නැතුව, එදා වේල ජාමේ බේර ගෙන මෙච්චර දුර ඇවිත්. රටේ ධනය මදි නිසා ණයට ගත්තා, ණය ගෙවා ගන්න ආයේ ණය ගත්තා. ණයට ගන්න බැරි වෙනකං ගත්තා. ඊට පස්සේ සල්ලි අච්චු ගැහැව්වා. උද්ධමනය උඩ ගිහින් ආර්ථිකය කඩා වැටෙන කං සල්ලි අච්චු ගැහැව්වා. දැන් ඒවට වන්දි ගෙවනවා.

රට හැදෙනවා නම් මේ සියල්ල වෙනස් වෙන්න වෙනවා. පාලකයෝ වගේම ජනතාවටත් වෙනස් වෙන්න වෙනවා. හැබැයි ඔක්කොම හිතාගෙන ඉන්නෙ අපි හරි අනිත් අය වැරදියි කියලා. පාලකයෝ,නිලධාරී වගේම ජනතාව අපි හැමෝම මේකේ කොටස් කාරයෝ. සිස්ටම් එක වැරදි නම් ඒක ඇතුලේ මිනිස්සුන්ට නිවැරැදි වෙන්න බෑ. අපි ඔක්කොම ඒක පිළි අරගෙන වෙනස් වෙමු. පරම්පරාවක් වෙනස් කරන්න ලේසි නෑ. ඒත් පටන් ගමු.

විසඳුම් ඕනේ නම්, රට හදන හරි පාර කියවන්න. ඒක ngf.lk එකේ.

#රටහදනහරිපාර

#අපේවැරැද්දමොකක්ද

#NoLeftism

#හරිත

පැතුම් කර්නර්

[QUOTE="riduna pm, post: 29007310, member: 567786"] රට බංකොලොත් කරල ඉවර වෙලා යන්තම් හුස්ම ගන්න මට්ටමට එනකං ඒ ගැන හොයන්න කමිටුවක් දැම්මේ නෑ. දැන් මොකටද කමිටුවක්? රට බංකොලොත් කිරීම කියන එක තනි මිනිහෙකුගේ දෙයක් නෙවෙයි. ඒකට කාට කාටත් ඇඟිලි දික් කරන්න පුළුවන්. අපි හැමදාම කියනවා වගේ අපි හැමෝම මේකේ කොටස් කාරයෝ. සමහරු ලොකු කොටස් කාරයෝ වෙනකොට, සමහරු පොඩි කොටස් කාරයෝ. 1. මේකේ පළවෙනි වැරැද්ද ලෝකෙත් එක්ක මුහු වෙලා තරඟකාරීව ඉස්සරහට යන්න නොහැකි වීම. ලෝකය වේගයෙන් වෙනස් වෙන කොට අපි ඒකත් එක්ක ඉස්සරහට යා ගන්න උත්සාහ නොකොට මේ දූපත ඇතුලේ අපි පොර මානසිකත්වයෙන් කටයුතු කිරීම. අප්ඩේට් වෙන්නේ නැති, කල් පැනපු ක්‍රම දිගින් දිගටම අල්ලගෙන සිටීම. අතීතකාමය නිසා අනාගතයට යෑමට නොහැකි වීම. 2. සාමය පවත්වා ගෙන යන්න අසමත් වීම. පසු ගිය ශතවර්ෂය පුරාවට ජාතිවාදී කෝළාහල 3 යි, රාජ්‍ය අල්ලා ගන්න උත්සහ කරපු සන්නද්ධ කොමියුනිස්ට් කැරළි දෙකයි, රට බෙදා ගන්න අවුරුදු 30ක් කරපු සිවිල් යුද්ධයයි. යුද්දෙන් පස්සේ පාස්කු ප්‍රහාරය සහ අන්තුරුව පැවැත්වූ ජනාධිපතිවරණය තෙක් ආ ජාතිකවාදී/ජාතිවාදී රැල්ලයි. අවි අතට ගැනීම, හිංසාව විශ්වාස කිරීම, ගහ මරා ගැනිම ඇර වෙන ක්‍රමයකින් ප්‍රශ්න විසඳ ගත්තේ නැති රටක් අපි. සාමය පවත්වා ගන්න බැරි රටවල් හදන්න බෑ. 3. ඊළඟ එක වාමාංශික න්‍යාය. ලෝකයේ අපි පුංචි ජාතියක්. අපිට ඕන ඒවා තනියෙන් කරන්න බෑ. ගෝලීය ක්‍රමයක් හෙවත් global order එකක් තියෙනවා. මේක එක්ක මුහු වෙලා අපේ ආර්ථිකය ඒකට ප්ලග් කරගෙන ආර්ථික අවස්ථා නිර්මාණය කර ගැනිමයි අපි කළ යුතුව තිබුනේ. නමුත් අපි තෝර ගත්තේ බිඳවැටුණු සමාජවාදී කඳවුර. වම, කොමියුනිස්ට් සංකල්ප. රාජ්‍ය මූලික ආර්ථිකය, රජය මහ ගොඩක් කර්මාන්ත කිරීමට යෑම. වාමාංශික ව්‍යාපාර ඉතා සංවිධානාත්මකව ඒම ක්‍රමය මේකේ පවත්වා ගන්න කටයුතු කිරීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ කොට බිහි වූ ජාතිකවාදී වාමවාදී ව්‍යාපාර මේ ගෝලීය පරිවර්තනයට මෙරටට අරගෙන ඒමෙන් අපිව වැළක්වූවා. වාමාංශික ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාර වලින් වාමාංශික මානසිකත්වය රටේ උපාධි ධාරීන්ට බෝ කළා. මේකෙන් ආයෙත් ගොඩ ගන්න පුළුවන් උනේ කොටසයි. ශ්‍රී ලංකාවේ කලා කාරයන් බහුතරයක් වගේම පත්තර වල කාටුන් අඳින අය ගේ ඉඳලා වාමාංශික මතවාදය කරපින්නා ගෙන ඉන්නේ. මේ අය සමාජයට දෙන්නේ වෙළෙඳපොළ වැරදියි කියන අදහස. එතනින් රට එක තැන ලොක් කරනවා. රටට ධනය ජනිත කරන යාන්ත්‍රණය පිළිබඳව අවිශ්වාසය හදනවා. 4. ඊළඟට තියෙන්නේ වංචා දූෂණ. රාජ්‍ය මූලික ආර්ථිකයක් හදා ගෙන ඒක දේශපාලකයන් අතට දුන්නම, මෙතක් පාලනය කරපු නිදහස් පක්ෂ කඳවුර සහ එක්සත් ජාතික පක්ෂ කඳවුර කළේ කූට ව්‍යාපාරිකයන් දේශපාලනයට රැගෙන ඒම. වෘත්තීය දේශපාලකයන් නිර්මාණය කිරීම වෙනුවට හොරකමට, වංචාවට, දූෂණයට දේශපාලන බලය හොයන අය පාලකයන් බවට පත් උනා. ඒ පිළිකාව දරුණුව වැඩිලා මරණ මංචකයටම ආවා. මේ අය වංචා හා දූෂණ කරගෙන යන්න ඕන නිසා රාජ්‍ය ආයතන දුර්වල කළා. නීතිය බෙලහීන කළා. තමන්ව අල්ලන්නේ නැති මිනිස්සු ඒවායේ මුල් පුටු වලට දැම්මා. වංචා දූෂණ අල්ලන්න බැරි වෙන්න රාජ්‍ය ආයතන ටික විනාශ කළා. දැන් මේකේ ඉන්නෙම හොරු. එතකොට රටක් හදන්න බෑනේ. මේ අය එකතු වෙලා රටේ හදලා තියෙන්නේ ගජමිතුරු ධනවාදයක්. මේක දිහා බලලා රටේ වැරදි මතයක් වපුරන්න වාමාංශික ව්‍යාපාර සමත් වෙලා. 5. වෘත්තීය දේශපාලකයන් නොමැති කම. අපිට දැන් ඉන්නේ මේකේ තියෙන වාසි වලට දේශපාලනයට ආපු මිනිස්සු මිසක්, වෘත්තීයව දේශපාලනය තෝරා ගත්ත අය නෙවෙයි. ගමේ නම් චන්ඩියා, පළාතේ නම් ලොකුම අරක්කු , කුඩු මුදලාලී, අනීතික ව්‍යාපාර වලින් ධනය උපය ගත්ත අය. ඒ පරම්පරා වලම පුත්තු ටික. ඒ අයට දණින් නැමී කඩේ යන මට්ටමේ උගතුන් කණ්ඩායමකුත් මේකේ ඉන්නවා. අතලොස්සක් ඇරුණම කවුරුත් වෘත්තීය දේශපාලකයන් නොවෙයි. සාර්ව ආර්ථිකයක් කළමනාකරණය කරන්න කොච්චර දක්ෂ මිනිස්සු ඉන්න ඕනේ ද? ගෝලීය ආර්ථිකය එක්ක හැප්පිලා රට දියුණු කරන්න කොච්චර හැකියාවක් තියෙන්න ඕනේ ද? හැබැයි අපේ රටේ එහෙම අය තීන්දු තීරණ ගන්න පුටු වල නෑ. ඉන්නේ ඔය උඩින් කිව්ව අය. ඉතිං රටවල් බංකොලොත් නොවී තියෙයි ද? 6. රාජ්‍ය සේවය. රාජ්‍ය සේවය කියන්නේ ලංකාවට තියන දරුණුම ගැටලුවක්. සමහර ඉහළ නිල වල ඉන්න අයට හරියට project proposal එකක්වත් ලියා ගන්න බෑ. කරන්න රස්සාවක් නැති අයත් පිරිලා. මේකට රටේ දක්ෂයෝ ආකර්ෂනය කර ගන්න යාන්ත්‍රණයක් නොමැති නිසා මෙතන talent pool එකේ ලොකු අඩුවක් තියෙනවා. මේක ගොඩක් අය දන්න ප්‍රශ්නයක්. අමුතුවෙන් විග්රහ කරන්න යන්නේ නෑ. අප්ඩේට් නොවුන, අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් එක්ක කිසිම රටක් හැදිලා නෑ. මේක හැදෙන්නෙත් නෑ. 7. මහජනතාව. අපේ රටේ ජනතාවට සර්වජන ඡන්ද බලය දෙන කොට තාම ඒකට අපි සුදුසු නෑ කියලා ප්‍රතිතර්කයක් තිබුනලු. අපි තාම සුදුසු ද කියලා අපිම ප්‍රශ්න කරන්න වෙනවා. අපි මේ රටේ කිසිම වෙලාවක ඡන්දයක් හරියට දීලා නෑ. එකා පිට එකා වැරදි පාලකයෝ පත් කරලා තියෙන්නේ මේ ජනතාවම තමයි. රටක් පාලනය කරන්න නොදන්න පාලකයෝ දෙන සහනාධාර පැකේජ් එක අරගෙන , ඡන්ද කාලෙට පස්සෙන් ගිහින් දිනවනවා. හදන හදන ආණ්ඩු වැරදියි නම් පුරවැසියන්ට ආණ්ඩුවක් හදන්න දන්නේ නෑ කියන එක පැහැදිලියි. තාම ඉන්නේ ඒ පුරවැසියන්ම තමයි. ඔවුන් එකපාරට වෙනස් වෙන්නේ නෑ. ඔවුන් ඡන්දය දෙන්නේ රට හදන හොඳ වැඩපිළිවෙලකට, වෘත්තීය දේශපාලකයන්ට නෙවෙයි. පොඩි පොඩි දේවල් වලට. හැඟීම් බරව. ඒ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් නම් දිනන්න පුළුවන්. ඒකනේ තාම එක රටක්, එක නීතියක්, හොරු අල්ලමු, වගේ පොඩි පොඩි තැන් වලින් වැඩේ යන්නේ. ඒ නිසා මේ පුරවැසියන්ම ආයෙත් ඊළඟ ඡන්දයට කතිරය පාවිච්චි කරනවා. ඔවුන්ට ආමන්ත්‍රණය කිරීමට හා දැනුම ලබා දීමට මාධ්‍යයේ ඉඩක් ලැබෙන්නේ නෑ. මොකද මිනිස්සු වෙනස් වෙනවට ඒ ක්රමයම ජීවිකාව කර ගත්ත මාධ්‍ය බයයි. මේ මූලික කරුණු එක්ක අපිට ලැබිලා තියෙනවා ජනතාවට විශ්වාස නැති ආණ්ඩුවක්. ඒක පත්වෙච්චි දවසේ ඉඳලා ඒක එක්ක හැප්පෙන සංවිධාන සහ ව්‍යාපාර තියෙන සිවිල් සමාජයක්. අසංතෘප්තියෙන් ඉන්න ජනතාවක්. වෘත්තීය සමිති සහ ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාර ටිකක්. මේක එහෙටත් නැතුව මෙහෙටත් නැතුව කාගෙවත් පාලනයකින් තොරව, ඉලක්ක නැතුව, එදා වේල ජාමේ බේර ගෙන මෙච්චර දුර ඇවිත්. රටේ ධනය මදි නිසා ණයට ගත්තා, ණය ගෙවා ගන්න ආයේ ණය ගත්තා. ණයට ගන්න බැරි වෙනකං ගත්තා. ඊට පස්සේ සල්ලි අච්චු ගැහැව්වා. උද්ධමනය උඩ ගිහින් ආර්ථිකය කඩා වැටෙන කං සල්ලි අච්චු ගැහැව්වා. දැන් ඒවට වන්දි ගෙවනවා. රට හැදෙනවා නම් මේ සියල්ල වෙනස් වෙන්න වෙනවා. පාලකයෝ වගේම ජනතාවටත් වෙනස් වෙන්න වෙනවා. හැබැයි ඔක්කොම හිතාගෙන ඉන්නෙ අපි හරි අනිත් අය වැරදියි කියලා. පාලකයෝ,නිලධාරී වගේම ජනතාව අපි හැමෝම මේකේ කොටස් කාරයෝ. සිස්ටම් එක වැරදි නම් ඒක ඇතුලේ මිනිස්සුන්ට නිවැරැදි වෙන්න බෑ. අපි ඔක්කොම ඒක පිළි අරගෙන වෙනස් වෙමු. පරම්පරාවක් වෙනස් කරන්න ලේසි නෑ. ඒත් පටන් ගමු. විසඳුම් ඕනේ නම්, රට හදන හරි පාර කියවන්න. ඒක ngf.lk එකේ. #රටහදනහරිපාර #අපේවැරැද්දමොකක්ද #NoLeftism #හරිත පැතුම් කර්නර් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom