රට වට යනකොට හිත යන කෑම කඩ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol:

    මම ගාල්ලෙ ගිහින් ගියා සී ෆුඩ් කන්න කියල. මුන් 1 ඉස්සයි කෝට්ටක ගහල දුන්නෙ මාලු කෑල්ලක් එක්ක. පිස්සු ප#$#යලා. වටින ගානට සුපිරි සී ෆුඩ් කෑම තියන පොට් කියමු බලන්න :)


    හොඳ වැඩේ තොට...:lol::lol::lol:
     

    gepa

    Well-known member

  • burgerchef-950x534.jpg

    බර්ගර් චෙෆ් අවන්හල මේ මාතලේ නගරයේ රසවත් බර්ගර් පිරි නමන තැනක්.ඉතින් දුර ගමනක් අතර තුර රසවත් කෑමකට මෙතන ඉස්තරම්

    මෙතන පිහිටන්නේ මාතලේ නගරය මැදමයි.ඉතින් ටිකක් වටපිටාව කාර්‍ය බහුලයි.තුන් මහල් ගොඩනැගිල්ලේ ප්‍රධාන නුවර පාරට මුහුනලා පලමු මහලේ තමයි මේ අවන්හල පිහිටන්නේ. පාකිං පහසුකම නම් නැති තරම්.ඒ ක හඳා වාහනයක එනවා නම් වාහනය වෙන තැනක නවත්වලයි මෙතනට එන්න වෙන්නේ

    burgerchef4.jpg


    මෙහි ඇතුලත ඉතාම අලංකාරවත්ව නිර්මානය කරලා තියෙනවා.ටයිල් ඇතිරූ පොලවක බිත්ති කහ පැහැයෙන් වර්න ගන්වලා.ඉතා සැපවත් පු‍ටු කුශන් කරලා තියෙනවා.

    burgerchef3.jpg


    මේක බර්ගර් අවන්හලක්.සාමානය බර්ගර් අවන්හලක තියෙන්න ඌනි හැම බර්ගර් වර්ගයක් ම මෙහි තියනවා.චිකන් බීෆ් ‍ෆිශ් සහ වෙජි බර්ගර් ඔවුන්ගේ මෙනු පතේ ඇතුලත්.ඒ හැම්,අ එකක් ම රුපියල් 250-300 අතර මිල සීමාවේ පවතින්නේ.බර්ගර් වලට අමතරව ස්ටාර්ටර් ඇපටයිසර් විදියට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කනවා නම් 200ක් වෙනවා කුඩා ප්‍රමානය.බැටර් කරපු ෆ්‍රෛ චිකන් විංග්ස් 300යි.බැටර් කරපු ඉස්සෝ 400ක් වෙනවා.ඒ වගේම සුප් වර්ගත් බොන්න ගන්න පුලුවනි.මෙහි ඇත් ඔයිස්ටර් සමග ඇති සී ෆුඩ් සුප් එක ඉතා රසවත්.ඒක 160ක මිලක් වෙනවා.

    burgerchef2.jpg


    මෙතන තැන හොයා ගන්න එක නම් පහසුයි.තියෙන්නේ මාතලේ නගරය මැද.මාතලේ ඉඳන් නුවර පාරේ මීටර් දෙතුන් සීයක් එනකොට පාරෙන් වම් අත පැත්තේ ගොන්ගහවෙල පාරට හැරෙන තැනත් එක්කමයි Burger Chief Matale අවන්හල පිහිටන්නේ.
     
    • Like
    Reactions: DangerMan119

    siba

    Member
    Nov 23, 2006
    74
    3
    0
    me uba kiyana de apata thren na machan.uba kiyanne ubata rupiyal 700k 800k na kiyalada kema welak kanda.rupiyal 2000k 3000k wena kema welak hemadama kanne na anik minissuth.idala hitala kanawa misak.ubata idala hitalawath kemak wenuwen rupiyal 2000k wiyadam karanda berinam mokadda ban ube life eka.anik ayata puluwan mata ba kiuwama othana thanikara hiinamane ban.ithin kawadawath diyunu wenne na.


    well said
     

    eranga.er91

    Junior member
  • Jun 7, 2013
    92
    2
    18
    නුවර පැත්තට යනකොට යක්කල තියන හොඳ අවන්හලක් තමයි ලෙටෝනා කැෆේ.තියෙන්නේ නුවර පාරේ යක්කල.ගම්පහ පැත්තේ වැඩිදෙනෙක් දන්න කියන තැනක් තමයි ලෙටෝනා කැෆේ කියන්නේ.
    letona1.png

    ලෙටෝනා එක ඉදිරිපස පාකිං සඳහත් යම් කුඩා ඉඩක් තිබෙනවා.වාහන හතර පහකට ඒ ඉඩ ප්‍රමානවත්.මෙතන ඇතුලත කුඩා ඉඩක තමයි අවන්හල පිහිටා තියෙන්නේ.මේ අවන්හල නැවුම් බවකින් පිරිලා. ඒ තිබෙන කුඩා ඉඩ අලංකාරව සකස් කල නිසා වෙන්න ඇති.අවන්හල ඇතුලත ඒසී කර තිබෙනවා.මෙස ඇතිරිලි සමග මල් පෝච්චියෙන් හැඩ මේස සීමිත ප්‍රමානයක් සමග නවීන ලීයෙන් කෙරූ පු‍ටු අවන්හලට අමුතු ගතියක් එක් කර තිබෙනවා.රාත්‍රියට කහ පැහැයෙන් වර්න ගැන්වූ බිත්ති මතට ආලෝකය වැටී අවන්හලට ගෙනෙන එලිය රස පිනා යන ආහාර දීසියකට වගේම හීනියට මදුවිතකට එක් වෙන්නටත් කදිමයි.කොහොම උනත් පවුලක් පිටින් ගිහින් ආහාර ගන්න යෝජනා කරන්නේ නෑ. මේ කුඩා ඉඩේ මදුවිත සහ ආහාර ගන්න තියෙන්නේ එකම තෑන.නිසයි එහෙම කියන්න වෙන්නේ.ඔවුන් උදේ ඉඳන් රාත්‍රී එකොලහ පමන වනතුරු විවුර්තයි.

    එහි ලාංකීය සහ චීන රසට කෑම ලබාගන්න පුලුවන්.මෙහි වරක් ආවොත් නැවත් මෙහි ඇවිත් කෑම ගන්න පෙලඹෙන තරමටම ආහාර රසවත්.කෑම විදියට කියනවා නම් ගොඩාක් රසවත් මික්ස් රයිස් එක. එය අපිට පෝක් සමග නැත්නම් බීෆ් සමග ගන්න පුලුවන්. ඉතාම රසයි. ඔවුන්ගේ නාමය තැබූ කෑම පීරිසිය මේසය මතට එන විට එහි පෙනුම සහ සුවඳ අපේ රස නහර අවදි කරනවා.. ඇත්තටම එය ඉතාම රසවත්.

    ඒ වගේමයි උනුවට දුම් දමමින් ඇති ඌරු මස් ඉස්‍ටු. එයත් ඉතාම රසවත්.කටට කෙල උනනවා..ඒ වගේමයි ඔවුන්ගේ සී ෆුඩ් රයිස් එක. රස අතින් ඉස්තරම්.ලුනු රස ගානට.සියල්ල නියමිත පදමට.අවුලක් කියන්න දෙයක් නැති තරම්.ඒ වගේම ඔවුන් ලෙනෝටා ස්පෙශල් රයිස් එකක් හදනවා.. එයත් ඉස්තරම්ලු. අපට එය නම් රස විඳින්න නොහැකි උනා.. ඔබටත් අප යෝජනා කරනවා ඉහත ආහාර රස බලන්න.. කොහොම උනත් සමස්තයක් විදියට බහුතරය කෑම රසවත්. ඒකයි මෙතන මෙතරම ප්‍රසිද්ධ.දෙදෙනෙක් එක්ක කන්න යනව නම් රුපියල් 1000ක් වගේ වියදම් කලොත් හොඳ හැටි බඩ පුරවන් එන්න පුලුවන්.හැම විටම කුඩා පෝශන් එකක් ගන්න. එය හොඳ හැටි ඇති තරම්.

    letonahome.png


    ඔවුන් ගේ සේවාව ගැන කියනවා නම් වේදනාකාරීව සෙමින් සිදුවන්නක්.මෙය කාර්‍ය බහුල වෙලාවකට වැඩි කාලයක් ඔබව මේසය මත හිඳුවා තබනු ඇති.හොඳ හැටි බඩගිනි වී ඇතුල් වෙන කෙනෙකුට සියුම් කේන්තියක් ගෙනදෙන්න තරම ඒ ප්‍රමාදය බලවත්. කොහොම උනත් ඔවුන්ගේ ආගන්තුක සත්කාරය හොඳයි. වේටර් වරු ඔබත් සමග සුහදශීලී වේවී.ඒත් අර ප්‍රමාදය?
    තව දෙයක් ඔබේ කාඩ් පත් මගින් උනත් බිල් ගෙවීමේ හැකියාව තියනවා මෙතනට ආවොත්.

    letona.png

    මෙතනට එනවා නම් කොලඹ ඉඳ නුවර පරේ මිරිස්වත්ත හංඳිය පහු කරලා කිලෝ මීටර් 1.5ක් වගේ එන්න ඕනි.පාරෙන් වම් අත පැත්තට වන්නට මෙය පිහිටා තියනවා
    මෙහි Take Away විදියට ආහාර ‍රැගෙන යාමේ පහසුව ඔවුන් සපයනවා.

    කොහොම උනත් අපි කලින් කිව්වා වගේ හීනියට මදුවිතකට උනත් මෙතන ඉස්තරම්.

    ඉස්සුවේ මගේ බඩජාරි ඩොට් කොම් සයිට් එකෙං


    oken kaapan mcn pot eka hodai kamath hodai ane amme softdrinks nam bonna epa he..e:rolleyes:

     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    වාහනේ නුවර ඉඳලා කොළඹ යනවා නං අනිවාර්යෙන් කෑගල්ලේ අඹ සෙවනේ තමයි උදේට දවල්ට රෑට කන්නේ. කොළඹ ඉඳලා එනකොට බියගම පාරේ කැන්දිල එකේ උදේ කෑම කන්නේ. :D

    :love::love::love: indi appai ala hodi
     

    gepa

    Well-known member
  • jagacover.jpg

    පොලොන්නරුව පැත්තේ සංචාරයකට ආවොත් රසවත් කෑම වේලක් ආහාරයට ගන්න නියම තැනක් තමයි ජගා ෆුඩ් .තියෙන්නේ පොලොන්නරුවේ ජයන්තිපුර.දේශීය විදියට ගෙදර හැදුවා වගේ කෑම කන්න කියාපු තැනක් තමයි මේ ජගා ෆුඩ් අවන්හල.මේ කැම වල රස හංදම දේශීය අය වගේම විදේශිකයිනුත් මේ අවන්හලෙන් ආහාර ගන්න මේ අවන්හල හොයාගෙන එනවා.පවුලක් එකතු වෙලා කරගෙන යන මේ අවන්හල රසවත් කෑම වේලක් නිදහසේ ගන්න කියාපු තැනක් කිව්වොත් හරි.

    jaga2.png


    මේ අවන්හල පිහිටන්නේ පොලොන්නරුව නගරයෙන් ටික දුරකට වෙන්න.ඉතින් මෙතන එතරම් කාර්‍ය බහුල නෑ.වාහනයක් පාක් කරන්න හොඳ ඉඩක් මේ අවට තියනවා.අවන්හල ඉදි කරලා තියෙන්නේ මේ අවන්හල අයිතිකරු වන ජගත් මහත්තයගේ ගෙදරටම වෙන්නයි.පොල් අතු විදිමත් විදියට හෙවිලි කරලා ලී පු‍ටු වගෙම ප්ලාස්ටික් පු‍ටුත් පිලිවෙලට අසුරලා තියනවා.

    jaga1.png



    මෙතන කෑම තියෙන්නේ බුෆේ එකක් විදියට.ඔබට කැමති විදියට මේ කෑම බෙදා ගන්න පුලුව්නෛ.දේශීය කෑම රත් සහ සුදු හාලේ බත් එක්ක මාලුපිනි වර්ග 15කට එහා ප්‍රමාන්යක කන්න ගන්න පුලුව්නෛ.මේ අතර ගමේ ආහාර බොහොමයක් තියෙයි.

    jaga3.png


    බන්ඩක්කා පොල්සම්බෝල වම්බො‍ටු ,බ‍ටු මෝජු ,කොල මැල්ලුම් වගේ ගොඩක් දේශීය කෑම මේ බුෆේ එකට ඇත්ලත්.කැම වල රස නම් උපරිමයි කියන්න පුලුව්නෛ.නැවුම් අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ කැම හදන්නේ.පොලොන්නරුවේ සාරවත් කුඹුරු වල හැදෙන සහලින් වලින් නිවසේම හදන රසවත් කෑම වෙලක් නිසා මෙහි කෑම් කන්න දෙවරක් හිතන්න දෙයක් නම් නෑ.මේ බුෆේ එක 900ක් වෙනවා.ගෙවන මිලට පාඩුවක් නම් නෑ.ඇති වෙන්න කන්න පුලුවනි.

    මේ අවන්හල පිහිටන්නේ පොලොන්නරුවේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර දුරින්.එන්න ඕනි ගිරිතලේ පැත්තට.පාරෙන් වම් පැත්තට වෙන්න ජයන්තිපුර හංදියට මීටර් 200ක් විතර මෙහායිනුයි මේ අවන්හල පිහිටන්නේ.මෙහි දුරකථන අංකය වෙන්නේ 0776652048.පොලොන්නරුව ඉතිහාසික නගරය නරඹන්න ආවොත් හරි මින්නේරිය පාක් එක පැත්තට යනවා නම් හරි Jaga Food එකෙං ආහාරය ගන්න අමතක කරන්න එපා.