Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රට විකිණීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කළාට ආණ්ඩුව පවත්වාගෙන යන්න ආධාර දෙන්නේ නැහැ. බටහිරයන් ආණ්ඩු පෙරළිමට හා පත් කිරීමට වැඩ කළාට ආධාර දෙන්නේ නැහැ. අද එක්සත් රාජ්ය ඒ බව ප්රසිද්ධියේ ම කියනවා. බටහිරයන් ඇතැම් විටක සොච්චම් ආධාරයක් දේවි. ඒකටත් කොන්දේසි ගණනාවක් පටවනවා. ආණ්ඩුව හැමදාමත් ජී එස් පී සහනය යුරෝපා සංගමයෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි හෙට. එයටත් කොන්දේසි. ඒ කොන්දේසි බොහෝ වෙලාවට දෙමළ ජාතිවාදයට කප්පන් දීම්.

රනිල්ට මේ කාරණා ජේ ආර් මාමාගෙන් දැන ගන්න තිබුණා. ජේ ආර්ට මහවැලියට ඉංගිරිසින්ගෙන් ආධාර ලැබුණත් පස්සෙ ලැබුණු දෙයක් නැහැ. ජේ ආර් ඉන්දියාවට විපක්ෂ වෙලා බටහිරට පක්ෂ වුණත් බටහිරයන් ජේ ආර් හිතූ විධියට ඉන්දියාවට විරුද්ධව හමුදා එවුවෙ නැහැ. අන්තිමේ අප ඉන්දියාවට යට වුණා. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලෙන් පැටවූවා. නැති ප්රශ්නයකට පළාත් සභා ඊනියා විසඳුමක් ලෙස දුන්නා. ජේ ආර් මොනව බලාපොරොත්තු වුණත් බටහිරයන් ඉන්දියාව පිටුපස අපට විරුද්ධව සිටියා. මේ කරුණු සියල්ල ජාතිකවාදී ප්රවාදවලින් තේරුම් ගන්න පුළුවන්.

ඩිකී මාමගේ රනිල් බෑණටත් බටහිරින් එතරම් දෙයක් ලැබෙන්නෙ නැහැ. එනවයි කියපු ෆෝක්ස්වාගන් සමාගමත් එන්නෙ නැහැ. කාරයෙන් යන්න බලා සිටි අය තවමත් යන්නෙ බයිසිකලයෙන්. බටහිරින් ආධාර ලබාගන්න බලන් හිටිය එ ජා පක්ෂය චීනයට බැණ වැදුණා. පෝට් සිටිය නතර කරන්න කතා කළා. රුසියාවටත් ඒ හැන්දෙන් ම නැති වුණත් තරමක හැන්දකින් බෙදුවා. රනිල් බලයට පත් වුණාට පස්සෙ බටහිරයන් හොයා ගන්න බැරි වුණා. මහින්දට පැරදුණාට පස්සෙ ජී එල් ඩලස් ආදීන් හොයා ගන්න බැරි වුණා වගේ.

රනිල්ට අකමැත්තෙන් වුණත් සිද්ධ වුණා චීනය රුසියාව වගේ රටවල් දිහාවට හැරෙන්න. චීනයට බැන්න රනිල්ගෙ යහපාලන නඩේ චීනය ගැන ස්තෝත්ර කියන්න පටන් ගත්තා. චීනයේ නිලධාරීන් මැති ඇමතිවරුන් ලංකාවට යන්න එන්න වුණා. යහපාලන අයත් චීනෙ ගියා. ඒ කොන්ෆියුෂියස් දහම ඉගෙන ගන්නවත් තාඕවාදය ගැන දැනගන්නවත් නොවෙයි. චීන මහා ප්රාකාරය නම් බලන්න ඇති. කොහොමටත් චීනෙට බැණ බැණ හිටිය යහපාලන නඩේට චීනයේ දෙපතුල් සිප ගන්න වුණා. මා ඒ ගැන සතුටු වෙනවා නො වෙයි. ඒත් සිද්ධ වුණේ එහෙමයි.

දැන් මෛත්රිපාල රුසියාවට ගිහින්. අද ආපහු එනව වෙන්න ඇති. රුසියාවෙ තාමත් හොඳට ම සීතල වගේ. පුටින් එක්ක යාළු වෙන එක හොඳයි. පුටින් ට්රම්ප් එක්කත් යාළුයි. සමහරු කියන්නෙ ට්රම්ප් පත් කෙරුවෙ පුටින් කියලයි. පුටින්ට බැරි ද ලංකාවට වෙන අගමැති කෙනෙකු පත්කරන හැටි මෛත්රිපාලට කියලා දෙන්න. කොහොමත් රනිල් පුටින් හම්බ වෙන්න යන එකක් නැහැ. දැන් මෛත්රිපාලට තේරෙනවා ඇති මහින්ද රුසියාව හා චීනය එක්ක සම්බන්ධකම් පැවැත්තුවෙ ඇයි කියලා.

රනිල්ට බැරි ම තැන තමයි හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න වෙලා තියෙන්නෙ. අද ආණ්ඩුව මොන තරම් ආර්ථික අර්බුදයක ඉන්නව ද කියලා දැනගන්න ආර්ථික විද්යාඥයකු වෙන්න අවශ්ය නැහැ. ආර්ථික විද්යාඥයන්ට මේ අර්බුදවලට දෙන්න පුළුවන් විසඳුමකුත් නැහැ. ඒ ආර්ථිකය විතරක් නොව බටහිර ආර්ථික විද්යාව ම බංකොළොත් නිසා. මහා බැංකුවෙ අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි කියන කතා අහගෙන ඉන්න කොට ආර්ථික විද්යාවෙ ම රඟ දැනගන්න පුළුවන්. තරුණයන් කියන විධියට නම් ඒකෙ රහ දැනගන්න පුළුවන්.

ප්රශ්නය ආණ්ඩුවට සල්ලි නැති එක. ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වෙන එක වළක්වන්න බැහැ. රුපියලට තවමත් ශත සීයක් තිබෙන බව සැබැව. ඒත් දැන් ශත හොයා ගන්න බැහැ. වැඩි කල් යන්න ඉස්සෙල්ල රුපියල් හොයා ගන්නත් බැරි වේවි. රුපියල බේර ගන්න සංචිත නිකුත් කරලා හරියන්නෙ නැති බව කුමාරස්වාමි කියනවා. මහා බැංකුව පොලී අනුපාතය වැඩි කරලා. ආණ්ඩුවට ජනතාවගෙන් සල්ලි ඕන. ආයෝජන කෙරෙන්නෙ නැහැ. තරුණයන්ට රැකියා දෙන්න වෙන්නෙ බ්රේස්ලට් දුන්න ආකාරයට ම.

ආණ්ඩුව පුරසාරම් දෙඩුවත් සල්ලි නැහැ. බටහිරයන් සල්ලි දෙන්නෙත් නැහැ. ඉන්දියාව රොකට්ටු ඇරියත් දුප්පත් රටක්. සල්ලි හොයන්න වෙලා තියෙන්න රටත් රටේ දේපොළත් විකුණලා. ඒවා ගැනීමටත් එතරම් පිරිසක් නැහැ. අද ලෝකයේ ආර්ථික බලවතා වෙලා ඉන්න චීනයට හම්බන්තොට ඉඩම් හා වරාය විකුණන්න ආණ්ඩුවට සිද්ධ වෙලා. හම්බන්තොට වරායට ඔච්චම් කරමින් සිටි යහපාලන නඩය අද ඒ වරාය දියුණු කරන්න හදනවා. ඒ වරාය දියුණු කිරීමේ පරම පවිත්ර චේතනාවෙන් නොවන බව පැහැදිලියි. ආණ්ඩුවට සල්ලි හොයන්න චීනයට හම්බන්තොට වරාය හා ඉඩම් විකුණන්න. මෛත්රිපාලට ඒක නවත්තන්න පුළුවන් ද? මෛත්රිපාලට අද ජන බලයක් නැහැ. ඒ බලය ලබාගන්න පුළුවන් වෙන්නෙ ඒකාබද්ධ විපක්ෂෙන්. ඒත් ඒකට අමරවීරලා චම්පකලා කැමති නැහැ. ඔවුන්ටත් ඇති ජනබලයක් නැහැ.

චීනයත් මෙහි දී එක්තරා ආකාරයක පළිගැනීමක් කරන බව පේනවා. තමන්ට බැන්න ආණ්ඩුවකට ඔවුන් පුළුවන් තරම් කොන්දේසි දානවා. ඒ කොන්දේසි රටට අහිතකරයි. ඒත් වැඩ බැරි නිවට ආණ්ඩුවට ඒ කොන්දේසි පිළිගන්නෙ නැතිව ඉන්න බැහැ. චීනය අපට අහිත කර කොන්දේසි දැමීමට අප විරුද්ධ වුවත් ආණ්ඩුව ඒ කොන්දේසි පිළිගන්නවා. ඒත් ආණ්ඩුවට හිතන තරම් රැකියා දෙන්න බැහැ. අපට චීනුන්ට රැකියා අවස්ථා සපයන්න වෙනවා.

මේ සියල්ලට ම මුල රනිල් හා බටහිරයන්. ඔවුන්ගේ අවශ්යතාව මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීම හා දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම, බැරි නම් දුර්වල කිරීම. ඉංගිරිසින් අවුරුදු දෙසියක් තිස්සෙ මේ වැඩේ කරනවා. එහි දී අධ්යාපනය යොදා ගත්තා. දැනුත් යොදා ගන්නවා. අද විද්යුත් ජනමාධ්ය විශේෂයෙන් ම යොදා ගන්නවා. මෛත්රිපාලත් රාජපක්ෂලගෙන් පළිගැනීමට බටහිරයන්ට හා ඉන්දියාවට එකතු වුණා. 2020 වෙන්න කලින් මෛත්රිපාලට කරන්න පුළුවන් දේ කරන්නෙ නැහැ. ඒකට ඔහුට ශක්තියක් නැහැ. ඒ වෙන මොකක්වත් නෙවෙයි රනිල් ඉවත් කරන එක. රට බේර ගන්න නම් රනිල් ඉවත් කරන්න ඕන. මෛත්රිපාලට පුටින්ගෙන් ඒ සඳහා උපදෙසක් ලබා ගන්න පුළුවන් වුණා ද?

[QUOTE="chaturanga836, post: 21381839, member: 544536"] [SIZE="4"]බටහිරයන් මේ ආණ්ඩුව බලයට පත් කළාට ආණ්ඩුව පවත්වාගෙන යන්න ආධාර දෙන්නේ නැහැ. බටහිරයන් ආණ්ඩු පෙරළිමට හා පත් කිරීමට වැඩ කළාට ආධාර දෙන්නේ නැහැ. අද එක්සත් රාජ්ය ඒ බව ප්රසිද්ධියේ ම කියනවා. බටහිරයන් ඇතැම් විටක සොච්චම් ආධාරයක් දේවි. ඒකටත් කොන්දේසි ගණනාවක් පටවනවා. ආණ්ඩුව හැමදාමත් ජී එස් පී සහනය යුරෝපා සංගමයෙන් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒක බාලගිරි දෝෂය වගේ. අද නෙවෙයි හෙට. එයටත් කොන්දේසි. ඒ කොන්දේසි බොහෝ වෙලාවට දෙමළ ජාතිවාදයට කප්පන් දීම්. රනිල්ට මේ කාරණා ජේ ආර් මාමාගෙන් දැන ගන්න තිබුණා. ජේ ආර්ට මහවැලියට ඉංගිරිසින්ගෙන් ආධාර ලැබුණත් පස්සෙ ලැබුණු දෙයක් නැහැ. ජේ ආර් ඉන්දියාවට විපක්ෂ වෙලා බටහිරට පක්ෂ වුණත් බටහිරයන් ජේ ආර් හිතූ විධියට ඉන්දියාවට විරුද්ධව හමුදා එවුවෙ නැහැ. අන්තිමේ අප ඉන්දියාවට යට වුණා. ඉන්දු ලංකා ගිවිසුම අප මත බලෙන් පැටවූවා. නැති ප්රශ්නයකට පළාත් සභා ඊනියා විසඳුමක් ලෙස දුන්නා. ජේ ආර් මොනව බලාපොරොත්තු වුණත් බටහිරයන් ඉන්දියාව පිටුපස අපට විරුද්ධව සිටියා. මේ කරුණු සියල්ල ජාතිකවාදී ප්රවාදවලින් තේරුම් ගන්න පුළුවන්. ඩිකී මාමගේ රනිල් බෑණටත් බටහිරින් එතරම් දෙයක් ලැබෙන්නෙ නැහැ. එනවයි කියපු ෆෝක්ස්වාගන් සමාගමත් එන්නෙ නැහැ. කාරයෙන් යන්න බලා සිටි අය තවමත් යන්නෙ බයිසිකලයෙන්. බටහිරින් ආධාර ලබාගන්න බලන් හිටිය එ ජා පක්ෂය චීනයට බැණ වැදුණා. පෝට් සිටිය නතර කරන්න කතා කළා. රුසියාවටත් ඒ හැන්දෙන් ම නැති වුණත් තරමක හැන්දකින් බෙදුවා. රනිල් බලයට පත් වුණාට පස්සෙ බටහිරයන් හොයා ගන්න බැරි වුණා. මහින්දට පැරදුණාට පස්සෙ ජී එල් ඩලස් ආදීන් හොයා ගන්න බැරි වුණා වගේ. රනිල්ට අකමැත්තෙන් වුණත් සිද්ධ වුණා චීනය රුසියාව වගේ රටවල් දිහාවට හැරෙන්න. චීනයට බැන්න රනිල්ගෙ යහපාලන නඩේ චීනය ගැන ස්තෝත්ර කියන්න පටන් ගත්තා. චීනයේ නිලධාරීන් මැති ඇමතිවරුන් ලංකාවට යන්න එන්න වුණා. යහපාලන අයත් චීනෙ ගියා. ඒ කොන්ෆියුෂියස් දහම ඉගෙන ගන්නවත් තාඕවාදය ගැන දැනගන්නවත් නොවෙයි. චීන මහා ප්රාකාරය නම් බලන්න ඇති. කොහොමටත් චීනෙට බැණ බැණ හිටිය යහපාලන නඩේට චීනයේ දෙපතුල් සිප ගන්න වුණා. මා ඒ ගැන සතුටු වෙනවා නො වෙයි. ඒත් සිද්ධ වුණේ එහෙමයි. දැන් මෛත්රිපාල රුසියාවට ගිහින්. අද ආපහු එනව වෙන්න ඇති. රුසියාවෙ තාමත් හොඳට ම සීතල වගේ. පුටින් එක්ක යාළු වෙන එක හොඳයි. පුටින් ට්රම්ප් එක්කත් යාළුයි. සමහරු කියන්නෙ ට්රම්ප් පත් කෙරුවෙ පුටින් කියලයි. පුටින්ට බැරි ද ලංකාවට වෙන අගමැති කෙනෙකු පත්කරන හැටි මෛත්රිපාලට කියලා දෙන්න. කොහොමත් රනිල් පුටින් හම්බ වෙන්න යන එකක් නැහැ. දැන් මෛත්රිපාලට තේරෙනවා ඇති මහින්ද රුසියාව හා චීනය එක්ක සම්බන්ධකම් පැවැත්තුවෙ ඇයි කියලා. රනිල්ට බැරි ම තැන තමයි හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න වෙලා තියෙන්නෙ. අද ආණ්ඩුව මොන තරම් ආර්ථික අර්බුදයක ඉන්නව ද කියලා දැනගන්න ආර්ථික විද්යාඥයකු වෙන්න අවශ්ය නැහැ. ආර්ථික විද්යාඥයන්ට මේ අර්බුදවලට දෙන්න පුළුවන් විසඳුමකුත් නැහැ. ඒ ආර්ථිකය විතරක් නොව බටහිර ආර්ථික විද්යාව ම බංකොළොත් නිසා. මහා බැංකුවෙ අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි කියන කතා අහගෙන ඉන්න කොට ආර්ථික විද්යාවෙ ම රඟ දැනගන්න පුළුවන්. තරුණයන් කියන විධියට නම් ඒකෙ රහ දැනගන්න පුළුවන්. ප්රශ්නය ආණ්ඩුවට සල්ලි නැති එක. ඩොලරයට සාපේක්ෂව රුපියල අවපාත වෙන එක වළක්වන්න බැහැ. රුපියලට තවමත් ශත සීයක් තිබෙන බව සැබැව. ඒත් දැන් ශත හොයා ගන්න බැහැ. වැඩි කල් යන්න ඉස්සෙල්ල රුපියල් හොයා ගන්නත් බැරි වේවි. රුපියල බේර ගන්න සංචිත නිකුත් කරලා හරියන්නෙ නැති බව කුමාරස්වාමි කියනවා. මහා බැංකුව පොලී අනුපාතය වැඩි කරලා. ආණ්ඩුවට ජනතාවගෙන් සල්ලි ඕන. ආයෝජන කෙරෙන්නෙ නැහැ. තරුණයන්ට රැකියා දෙන්න වෙන්නෙ බ්රේස්ලට් දුන්න ආකාරයට ම. ආණ්ඩුව පුරසාරම් දෙඩුවත් සල්ලි නැහැ. බටහිරයන් සල්ලි දෙන්නෙත් නැහැ. ඉන්දියාව රොකට්ටු ඇරියත් දුප්පත් රටක්. සල්ලි හොයන්න වෙලා තියෙන්න රටත් රටේ දේපොළත් විකුණලා. ඒවා ගැනීමටත් එතරම් පිරිසක් නැහැ. අද ලෝකයේ ආර්ථික බලවතා වෙලා ඉන්න චීනයට හම්බන්තොට ඉඩම් හා වරාය විකුණන්න ආණ්ඩුවට සිද්ධ වෙලා. හම්බන්තොට වරායට ඔච්චම් කරමින් සිටි යහපාලන නඩය අද ඒ වරාය දියුණු කරන්න හදනවා. ඒ වරාය දියුණු කිරීමේ පරම පවිත්ර චේතනාවෙන් නොවන බව පැහැදිලියි. ආණ්ඩුවට සල්ලි හොයන්න චීනයට හම්බන්තොට වරාය හා ඉඩම් විකුණන්න. මෛත්රිපාලට ඒක නවත්තන්න පුළුවන් ද? මෛත්රිපාලට අද ජන බලයක් නැහැ. ඒ බලය ලබාගන්න පුළුවන් වෙන්නෙ ඒකාබද්ධ විපක්ෂෙන්. ඒත් ඒකට අමරවීරලා චම්පකලා කැමති නැහැ. ඔවුන්ටත් ඇති ජනබලයක් නැහැ. චීනයත් මෙහි දී එක්තරා ආකාරයක පළිගැනීමක් කරන බව පේනවා. තමන්ට බැන්න ආණ්ඩුවකට ඔවුන් පුළුවන් තරම් කොන්දේසි දානවා. ඒ කොන්දේසි රටට අහිතකරයි. ඒත් වැඩ බැරි නිවට ආණ්ඩුවට ඒ කොන්දේසි පිළිගන්නෙ නැතිව ඉන්න බැහැ. චීනය අපට අහිත කර කොන්දේසි දැමීමට අප විරුද්ධ වුවත් ආණ්ඩුව ඒ කොන්දේසි පිළිගන්නවා. ඒත් ආණ්ඩුවට හිතන තරම් රැකියා දෙන්න බැහැ. අපට චීනුන්ට රැකියා අවස්ථා සපයන්න වෙනවා. මේ සියල්ලට ම මුල රනිල් හා බටහිරයන්. ඔවුන්ගේ අවශ්යතාව මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීම හා දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීම, බැරි නම් දුර්වල කිරීම. ඉංගිරිසින් අවුරුදු දෙසියක් තිස්සෙ මේ වැඩේ කරනවා. එහි දී අධ්යාපනය යොදා ගත්තා. දැනුත් යොදා ගන්නවා. අද විද්යුත් ජනමාධ්ය විශේෂයෙන් ම යොදා ගන්නවා. මෛත්රිපාලත් රාජපක්ෂලගෙන් පළිගැනීමට බටහිරයන්ට හා ඉන්දියාවට එකතු වුණා. 2020 වෙන්න කලින් මෛත්රිපාලට කරන්න පුළුවන් දේ කරන්නෙ නැහැ. ඒකට ඔහුට ශක්තියක් නැහැ. ඒ වෙන මොකක්වත් නෙවෙයි රනිල් ඉවත් කරන එක. රට බේර ගන්න නම් රනිල් ඉවත් කරන්න ඕන. මෛත්රිපාලට පුටින්ගෙන් ඒ සඳහා උපදෙසක් ලබා ගන්න පුළුවන් වුණා ද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom