රට වෙනුවෙන් වගකීම නිසි ලෙස ඉටු කරන්න : ජනපත&#3

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
රට වෙනුවෙන් වගකීම නිසි ලෙස ඉටු කරන්න : ජනපත&#3

අභිනව කැබිනට් මණ්ඩල සියලු අමාත්‍යවරුන් රට වෙනුවෙන් වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (12දා) පස්වරුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඡන්දය ලබා දුන් ජනතාව මෙන්ම ඡන්දය ලබා නොදුන් ජනතාව දිනා ගැනීමට සියලු අමාත්‍යවරුන් අවංකව කටයුතු කළ යුතු බවයි.
පසුගිය ආණ්ඩු සමයේ අමාත්‍යවරුන් විවිධ චෝදනා හා අපවාදයන්ට ලක් වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා යම් අමාත්‍යවරයෙක් විනය විරෝධී කටයුත්තක හෝ අල්ලස් දූෂණ චෝදනාවලට ලක්වුවහොත් ඔවුන්ගේ තනතුර කුමක් වුවත්, ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.
දින 100 අමාත්‍ය මණ්ඩලය තාවකාලික එකක් බව පැවසූ ජනාධිපතිවරයා, ස්ථිර අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලබන්නේ එළඹෙන මහ මැතිවරණයෙන් අනතුරව පත්වන ආණ්ඩුවෙන් බව සඳහන් කළේය.
සෑමවිටම තමන්ට හිමිවන බලය තාවකාලික එකක් යැයි සිහි තබාගන්නා ලෙස පැවසූ ජනාධිපතිවරයා බලය අත්හැරීමට ද තමන් තුළ නිරතුරුව සූදානමක් තිබිය යුතු බවද පෙන්වා දුන්නේය.
තමන් සෞඛ්‍ය අමාත්‍ය ධුරය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයද අත්හල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට වඩා හොඳ තනතුරකට මෙරට ජනතාව තමන් ඔසවා තැබූ බවද පවසා සිටියේය.
බලය සදාකාලික එකක් නොවන බව පැවසූ ජනාධිපතිවරයා, තනතුරුවලින් බැබළීමට නොව තනතුරුවලින් ජනතාව උපරිම සේවාවක් සිදුකිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු බවද එහිදී අවධාරණය කළේය.
පොදු මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ජනප්‍රිය චරිත බවට පත්වීම තමන් විසින්ම ඇතිකරගත යුතු එකක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

අද
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔය කතාව මං ඇහුව බං, කාලෙකින් අහපු බොක්කටම වැදුන කතාවක් :)

    siraawata.
    Minihata witharak dunna nam rata paalayana karanna lankaawa diyunu wenawa balan iddi.
    Siraama kathawak eye kiwwe nam.
    Diga madi wage danuna kathaawa lassana nisa.


    :):):)
     

    Similar threads