රට_හදමු_60_Months

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ එජාප ප්‍රමුඛ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී: සම්පූර්ණ ප්‍රකාශය මෙන්න.





‘මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය‘ නම් එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරඟ කරන කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශයනය අද කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී එලිදැක්වීය.
“2015 ජනාධිපතිවරණයේදී රටත් ජනතාවත් ගලවා ගැනීම උදෙසා ඔබ ඉදිරියට පැමිණි සියළු දේශපාලන පක්ෂ, බලවේග හා සංවිධාන දැන් එක්සත් ජාතික පක්ෂය යටතේ එක්සත්ව පාර්ලිමේන්තුවේ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට ජනවරමක් ඉල්ලා සිටී. ඒ සඳහා අපි මාස 60 ක් තුල අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ඉදිරිපත් කරන්නෙමු“ යි එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වේ.
පිටු 26 කින් සමන්විත ප්‍රතිපත්ති ප්‍රකාශනය අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියයි “ අප නිර්මාණය කරන්නා වූ ආණ්ඩු ක්‍රමය සම්මුතිය පදනම් කර ගත් එකක් විය යුතුය. එහිදී රාජ්‍ය පාලනය සම්බන්ධව බුදුන් වහන්සේ වදාල කරුණු සැලකිල්ලට ගැනීම සුදුසු බව අපගේ අදහසයි. බුද්ධ කාලයේ ගංගා නදී නිම්න සහ නේපාලයේ ටෙරායි කලාපයන් පාලනය කෙළෝ ලිච්ඡවි රජ දරුවෝ ය. සාකච්ඡාවෙන් හා සම්මුතියෙන් රාජ්‍ය පාලනය කළ ආදීම ජනරජය වශයෙන් මෙය සැලකිය හැකිය. මෙම ජනරජ පාලන ප්‍රතිපත්තීන් සමහරක් සංඝරත්නය වෙනුවෙන් පැනවූ විනය නීතින්ට ද ඇතුලත් කෙරිණ. වජ්ජීන්ගේ රාජ්‍යයේ සශ්‍රීකත්වයට සහ තිරසර පැවැත්මට හේතුව වශයෙන් බුදුන් වහන්සේ දැක්වූයේ ඔවුන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් රාජ්‍ය පාලනය කිරීමය. මෙය අදටත් වලංගු සත්‍යයකි“
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් ඇමති කබීර් හෂීම්, ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමැති රවුෆ් හකීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මනෝ ගනේෂන් ආදීහු සහභාගී වූහ.
මෙහි දැක්වෙන සේයාරූ ක්ලික් කිරීමෙන් සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියැවිය හැකිය.






UNP_Manifesto1.jpg



UNP_Manifesto3.jpg


UNP_Manifesto5.jpg


UNP_Manifesto7.jpg


UNP_Manifesto9.jpg


UNP_Manifesto11.jpg


UNP_Manifesto13.jpg



UNP_Manifesto15.jpg


UNP_Manifesto17.jpg


UNP_Manifesto19.jpg


UNP_Manifesto21.jpg


UNP_Manifesto23.jpg


UNP_Manifesto25.jpg



UNP_Manifesto27.jpg