Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රණවිරුවන්ගේ_කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රණවිරුවන්ගේ_කතාව

රට වෙනුවෙන් ඇස් මස් ඉස් ලේ දන්දුන්

‘‘බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙ න

බල සේනානායක සපු කුමරු එ න’’

සැළලිහිණියේ කියැවෙන පරිදි යාපා පටුන ජයගත් කුමරු පැමිණියේ එපරිදිය. එහෙත්, අබරණ මිණි මුතු නොව උදාර විජයග්රහණයක කිරුළක් රැගෙන ඔවුහූ ද පැමිණියහ. යාපාපටුන පමණක් නොව උතුරු-නැගෙනහිර හැම බිම් අඟලකම ත්රස්තවාදයේ සෙවනැලි මුලිනුපුටා දමමින් රටම එක්සේසත් කරන්නට ඔවුන් කළේ මහ සටනකි. ස්වාර්ථය පසෙකලා පරාර්ථය වෙනුවෙන් කළ සටනේදී ඔවුන් දෑත් දෙපා අහිමි වූවන් බවට පත්විය.

යළි කවරදාවත් දෑස්විදා කිසිවක්ම දකින්නට හිමිකමක් නැති අන්ධයන් බවට පත්විය. සැකෙවින්ම ප්‍රකෘති සිහිය පවා අහිමි වූවන් බවට පත්විය.

ඔබ හිතන්න, ඔබ අසන්න, ඔබ බලන්න, එන්න එක් වරක් හෝ ඇවිත් යන්න එන්න. ඔබට දෑසින් දකින්නට දේශයක් උරුම කරදෙනු වස් තම දෑස් දන් දුන්, ඔබට පය ගසා ජීවත්වීමේ අයිතිය පසක් කරදෙනු වස් තම දෑත් දෙපා දන් දුන් ඔබට නිදහසේ හුස්ම පොදක් ගැනීමේ ඉඩහසර උදාකරදෙනු වස් ජීවිතය පිළිබඳව වූ තම ප්‍රාර්ථනා බලාපොරොත්තු සින්න කළ, බුදුබව පතා පාරමී පුරණය කරන්නට නොව මේ අපේ රට යැයි ඔබට කියන්නට මතු මතුත් පරම්පරා උදෙසා මේ රට රැකදෙන්නට ඇස් ඉස් මස් ලේ දන් දුන් ඒ මිනිසුන්ගේ හිත ගැහෙන රාවය දැන හඳුනා ගන්නට ඔබ ඇවිත් යන්න එන්න.

ඒ මිනිසුන්ගේ අද දවසේ නිත්‍ය නවාතැන වූ රාගම රණවිරු සෙවණ වෙත ඔබ එන්න.

ගත සවිබල බිඳී ගිය ද සිත සවි බල බිඳී නොගිය ඒ රණවිරුවන්ගේ කතාවයි මේ.

අවසන් මානුෂීය මෙහෙයුම සමාප්තව මේ වසරේ මැයි 19 වැනිදාට තෙවසරක් සපිරෙයි. බෝම්බයක් නොපිපිරෙන, වෙඩි හඬ නොඇසෙන රටක අද ඔබත් මමත් ජීවත් වෙන්නෙමු. එහෙත් ඔබත් මමත් සුවෙන් ජීවත්වෙන අතරවාරයේ කිසිදා සුවකළ නොහැකි ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන තරුණ රණවිරුවන් කොතෙක් ද යන වග අපට අමතක කළ හැකිද? රට බේරාගන්නට සටන් කළ අවසන් මානුෂීය මෙහෙයුමේදී පවා සටන් කළ ඔවුන්ගේ ජීවිත වඩාත් සුඛිත මුදිත තත්ත්වයට පත් කරන්නට ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි මානුෂීය මෙහෙයුම කුමක්ද?

රාගම රණවිරු සෙවණ යනු රෝහලක් නොවේ. නිවෙසක්ද නොවේ. හමුදා කඳවුරක්ද නොවේ. එය යුද්ධයේදී ආබාධික වූ රණවිරුවන් වෙනුවෙන් ඔවුන් පුනරුත්ථාපනය කර ඔවුනගේ ශාරීරික මානසික සෞඛ්‍ය වඩාත් ඉහළ තලයකට ඔසවා තබනු වස් උතුම් සේවාවක් ඉටුකරන රණවිරු නවාතැනකි. එහි පාලනාධිකාරියේ බහුතරයද යුද්ධයේදී ආබාධික වූවන්ම වීම ද විශේෂත්වයකි.

රාගම රණවිරු සෙවණ වෙත අප කැටුව ගියේ මේජර් ප්‍රියන්ත ලියනගේය. අවසන් මානුෂීය මෙහෙයුමේදී ඔහු අබාධිත තත්ත්වයට පත්වී ඇත්තේ යුද්ධය අවසන් වීමට මාස 5කට පෙරය. රාගම රණවිරු සෙවණේ සෑම තැනකම පාහේ අප සමඟ යාමට පැමිණියේද යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවෙකි. ඒ 2008 දී යුදබිමේ සිටියදී ආබාධිත තත්ත්වයට පත්වූ කපිතාන් නොයෙල් රාජපක්ෂය. අප එහි යද්දී ආබාධිත රණවිරුවන්ගෙන් සැදුම් ලත් රණවිරු සංගීත කණ්ඩායම පුහුණු වීම්වල යෙදී සිටියහ.

ඒ සංගීත කණ්ඩායම ආරම්භ කර ඇත්තේ මීට විසිවසරකට පෙරය. උත්සව අවස්ථා අදිය සඳහා තමන්ගේ සේවය සලසන්නට ඔවුන් සූදානම්ය. ආබාධිත විරුවන්ගෙන් සැදී වෙස් නැටුම් කණ්ඩායමක්ද රණවිරු සෙවණේ සිටිති. එම වෙස් නැට්ටුවන් දහහතර දෙනාගෙන් නව දෙනෙකුටම පාද අහිමිය. යුද්ධය හේතුවෙන් පාදය අහිමි වුවත් නටන්නට පිනුම් ගසන්නට පාද නොමැති ඒ වෙස් නැට්ටුවන්ට හැකිය. ආබාධිත රණවිරු සංගීත කණ්ඩායම මේ වෙද්දී රටවල් දොළහකට ආසන්න සංඛ්‍යාවක ප්‍රසංග සඳහා සහභාගි වී ඇත.

මේ හුඟක් අය හමුදාවට එද්දී සංගීත භාණ්ඩයක් අතින්වත් ඇල්ලූ අය නොවෙයි. එදා මේ හැමදෙනෙක්ම යුද බිමේ හිටපු අය ඒ කපිතාන් රුවන් කළ සඳහනයි.

රණවිරු සෙවණේ ස්ථාපිත වෘත්තීය පුහුණු අංශය ආබාධිත රණවිරුවන්ගේ කායික මානසික වෙහෙස නිවාලන ගිමන්හලකි. එක් මොහොතකට දෑස් විස්මයෙන් නලියයි. පොල්කටු හැන්දේ පටන් ලී කැටයම් දක්වාත් එතැන් පටන් බොහෝ නිර්මාණශීලි ඉසව් දක්වාත් මෙම ආබාධිත රණවිරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව විහිදී ඇත. එම නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායම වැය කෙරෙන්නේ ද ආබාධික රණවිරු සුබසාධනය සඳහාමය.

ලාන්ස් කෝප්රල් සරත් කුමාර යුද හමුදා සේවයට බැඳුණේ 1995.03.08 වැනිදාය. අද ඔහු පාදයක් අහිමි ආබාධිත රණවිරුවෙකි.

ඒ අතීතය අපි මතක් කරමුද

2002 අවුරුද්දේ ඕමන්තෙදි බට්ටෙක් පෑගුනා. ඒ පරීක්ෂා කිරීමේ මෙහෙයුමකට ගිහින් එද්දී බට්ටා පෑගුන ගමන් දැණුන කම්පනය නිසා පැයක් විතර යනකම් කකුලක් නෑ කියන එක දැනුනෙ නෑ. පසුව තමයි කැක්කුම අල්ලන්නේ.

මගේ ගෙවල් කෑගල්ලේ. මට අවුරුදු නවයක දුවකුයි අවුරුදු පහක පුතෙකුයි ඉන්නවා. අපේ රටේ යුද්ධයක් තිබුණා කියන එක දැන් හුඟක් අයට අමතකයි. බස්වල එහෙම යද්දි ඒක හොඳට දැනෙනවා. ඉඳගන්න ආසනයක් නැතුව මම කොච්චරවත් බස්වල හිටගෙන ගිහින් තියෙනවා.

ත්‍රස්තවාදය නිමා වූ පමණින් අපට ඔවුන් අමතක කළ හැකිද?

2009 පෙබරවාරි 06 වැනිදා පුදුකුඩුඉරිප්පු සටන් බිමේදී පාදය අහිමි වූ ඔහු සෙබළ විජේසූරියයි. ඔහුගේ වයස අවුරුදු 27කි.

පුදුකුඩුඉරිප්පුවලදි මෝටාර් කෑල්ලක් වැදිලා මගෙ කකුල උකුල් ඇටය ළඟින්ම ගැලවිලා ගියා. මගේ තාත්තා නෑ. අම්මා රට ඉන්නේ. මට තව සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මමත් විවාහ වෙලයි ඉන්නේ. මට අවුරුදු දෙකක දුවක් ඉන්නවා.

මගේ කකුල ඉහළින්ම ගැලවිලා ගිහින් තියෙන නිසා මට කෘති‍්‍රම පාදයක් දාන්න අමාරුයි. පාදයක් දාන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක ඒ විදිහට දැම්මම හරිම අමාරුයි. ඒත් කකුල නැතිවුණා කියලා මට කිසිම දුකක් දැනෙන්නේ නෑ. මේ රටේ දරුවන්ට දැන් අනාගතයේදී කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙද්දී අදටත් හිතට දැනෙන්නේ සතුටක්. මට මගේ බිරිඳව හම්බවුණේ මම ආබාධිත තත්ත්වයට පත්වුණාට පසුවයි. අද දරුවත් බලාගෙන ගෙදර හැමදේම කරගෙන යන්නේ එයා. යුද්ධය දිනපු අලූත මිනිස්සු අපිට රණවිරුවෝ කියලා ගෞරවයකින් සැළකුවා. ඒත් සමහර මිනිස්සුන්ට දැන් ඒ අතීතය අමතකයි. දවසක් මට හිටගෙන යන්න අමාරුම නිසා බස් එකේදී ආබාධිතයන් සඳහා වෙන්වූ අසුන ඉල්ලා ගත්තේත් මම ආබාධිතයෙක් බව කියලා. ඒ වෙලාවට නම් හිතට යම් වේදනාවක් දැනෙනවා.

2009 වසරේ අවසන් මානුෂීය මෙහෙයුමේදී කොන්දට වෙඩි වැදීම නිසා අද සිය ජීවිතය රෝද පුටුවකට වාරු කළ ඒ තරුණ රණවිරුවාගේ වයස අවුරුදු 21 කි. ඔහු යුද හමුදාවට බැඳුනේ අවුරුදු දහ අට තරම් වයසකදීය. රුවන් මධුශංඛ ගමගේ ඒ හමුදා සෙබළාගේ නමයි. එදා එකට සටන් කළ සගයෙක්ට යුද බිමේදී වෙඩි වැදුණු මොහොතක ඔහු සිය සගයා තම කරමතට ගත්තේය. සතුරු වෙඩි උණ්ඩයක් ඔහු සිරුරේ සවිබල බිඳහෙළුවේ ඒ මොහොතේය.

මගේ කොන්දෙන් පල්ලෙහා පණ නෑ. මගේ ගම තණමල්විල අම්මයි තාත්තායි නංගියි ඉන්නේ. නංගි හෙදි පාඨමාලාවක් කළා. දවසක් මගේ නංගිත් එක්ක එයාගේ යාළුවෙකුත් ආවා මාව බලන්න. ඒ නංගිගේ යාළුවා තමා අද මගේ පෙම්වතිය. මම මේ තත්ත්වෙ ඉද්දි මට ආදරය කළ ඒ ගෑනු ළමයා ගැන මට ලොකු ආදරයක් වගේම ගෞරවයක් තියෙනවා. එයාගේ ගෙදර අයත් මේ සම්බන්ධයට කැමැත්ත දුන්නා.

මගේ තරුණ ජීවිතය රෝද පුටුවකට සීමාවුණා කියලා දුකක් නෑ. එදා අපි යුද්ධ නොකළානම්, ත්‍රස්තවාදය ඉවර නොකළානම් අදටත් මේ රටේ බෝම්බ පිපිරෙයි. මිනිස්සු මරලාදායි. දැන් ඒ ම්ලේච්ඡ අතීතය ඉවරයි. ඒ සතුට විතරක් ඇති. අපිට රෝද පුටුවේ හිටියට ඒ නිදහස අපට දැනෙනවා. ඒ වගේම එකට යුද්ධ කරපු මැරිච්ච අපේ කොල්ලෝ අපට මතක් වෙනවා.

නොඉල්ලා කිසිවක්ම දන්දිය හැකිනම් බොහෝ දේ.... මොහොතකට එසේ සිත් වෙයි.

අපේ ‘‘ලයින්’’ එක ඉස්සරහට ගනිද්දි මට ‘‘ආටිකෑලි’’ වැදුණා. දැන් මගේ ඉනෙන් පල්ලෙහා පණ නෑ. අපි හතර දෙනෙක් ඒ වෙලාවේ හිටියා.

‘‘ආටි’’ වැදෙද්දි මම එකපාරටම වැටුණා. ඒ පුදුමාතලන්වලදී. දෙන්නෙක් එතෙන්දිම මැරුණා. මාව ට්‍රැක්ටරයක දාගෙන ඇවිත් ඊට පස්සේ කැබ් එකක අරගෙන ගිහින් ඊළඟට චොපර් එකේ අනුරාධපුර ඉස්පිරිතාලයට අරගෙන ආවා.

මම මුලදි හිතුවා මට සනීපවෙයි, සනීපවෙයි කියලා. ඒත් මම කවදාවත් සනීප වෙන්නේ නැතිලූ. මගේ සුෂුම්නාවේ මැද ‘ආටි’ කෑල්ලක් තියෙනවා කියලා දොස්තර මහත්වරු කීවා. ‘‘ආටිකෑලි’’ 18ක් මට වැදිලා තියෙනවා.

ඒ දවස්වල කොටි ගහනවා ඉවරයක් නෑ. අතට ගත්ත කෑම එකත් සමහර වෙලාවට අපට කන්න වෙලාවක් නෑ. සමහර වෙලාවට කෑවේ බත් තමයි. හුඟක් වෙලාවට කළේ චීස් ටින් එකක් කඩාගෙන කෑව එක. අපිට එදා හිතුනා මැරුණත් යුද්ධය අත්හරින්නේ නෑ කියලා. ඒ හයිය අපට තිබුණා. ඒ විසිදෙහැවිරිදි සෙබළ ජයවීරගේ කතාවයි.

අවුරුදු 18න් යුද හමුදාවට බැඳුණු ජයවීරගේ ගම මාතලේය. පියාගේ රැකියාව ගොවිතැනයි. මව ගෘහණියකි. තුරුණු ගත සිත සායනයටම වාරුකර දවස් ගෙවූවත් ඒ සියල්ල මැද ඔහු සිනාසෙයි.

යුද්ධය ඔහුට දෑසම අහිමිකර තිබුණි. එක් තත්පරයකදී ඔහු ඇඟිලි තුඩු අග්ගිස්සෙන් කණ ඇස ඉහළට කර පෙන්වීය. ඇසක් වෙනුවට දකින්නට තිබුණේ ලේ පැහැ මස් වැදැල්ලක් පමණි.

වුණේ මොකක්ද? එසේ අසන්නට නොසිතුනත් මා එසේ ඇසුවෙමි. මීට විසි වසරකට පෙර හමුදාවට බැඳුණු ඔහු කෝප්රල් නිශාන්ත රණසිංහය.

වෙල්ලමුල්ල වයික්කාල්වලදී අපේ සර්ව ඉලක්ක කරගෙන වෙඩි පහරක් එල්ල වෙද්දී මම නැගිට්ටා. ඒ වෙඩි පහර මට වැදුණා. වැදුනේ ඇහැ කිට්ටුවට. ඒ වෙලාවේ මගේ අනිත් ඇහැ පෙනුනා. ඒත් අන්තිමට ඒ ඇහෙත් පෙනීම නැතුව ගියා.

මට සිහිය ආවේ දවස් විසි අටකට පසුව. මට සිහිය එද්දී මගේ අතපය බැඳලා තිබුණේ. මගේ වම් ඇහැ එදා පෙනුනනේ. ඇස් දෙකම වහලා තිබුණත් මම පේන පැත්තේ ඇහේ ආවරණය ගලවලා වටපිට බැලූවා. ඒත් මට කිසිම කිසිදෙයක් පෙනුනේ නෑ. එතකොට මගේ ඇස් දෙකම නැතිවෙලා. මට එකපාරටම හිතට වේදනාවක් දැණුනා.

මම දරුවන් හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ලොකු පුතාට අවුරුදු 14යි. අනිත් පුතාට අවුරුදු 12යි. එයාගෙත් ඇහේ කෝටුවක් වැදිලා එයාගේ ඇහැක් පේන්නේ නැහැ. අනිත් පුතාට රෝගී තත්ත්වයක් හේතුවෙන් කතා කරන්න බැරුව ගියා. අනිත් කෙනා දුව. එයාට අවුරුදු පහයි.

මට තියෙන ලොකුම දුක මගේ දරුවන්ගේ මූණ බලන්න නැති එකයි. ගෙදර යද්දි කවුරු හරි මාව ස්ටේෂමට ගිහින් ඇරලවනවා. ස්ටේෂමෙන් බහිද්දි මාව එක්ක යන්න ගෙදරින් එනවා. ගෙවල් අනුරාධපුරයේ. මඟ තොටදී උදවුවක් ඉල්ලූවාම සමහර අය නම් උදවු කරනවා.

සමහර අය උදවු කරන්නේ නෑ. මඟහැරලා යනවා. ඒ වෙලාවට නම් ලොකු වේදනාවක් දැනෙනවා රටට එළියක් දීලා අද අපි අසරණ වුණාම ඒ දෙවල් අත්විඳිද්දී. දවසක් මම අන්ධ බව කියන සැරයටියක් තියෙද්දි ම රාගම ඉඳන් කුරුණෑගලට යනකම් හිටගෙන ගියා. ඒ වෙලාවට නම් හිතෙනවා මේ වගේ මිනිස්සුත් ඉන්න රටක නේද අපි යුද්ධ කළේ කියලා. ඒත් රට වෙනුවෙන් ඇස් දෙක පූජා කළා කියලා හිතෙද්දී හිතට සැනසීමක් දැනෙනවා.

මට මතකයි එදා මගේ දකුණු ඇහැ ගැලවිලා මගේ අතට වැටුණා. ඒක මගේ අනිත් ඇහෙන් දැක්කා. ඒ මතකය නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මට කතා කරන්න බැරුව මං වැටිලා හිටියා. ලණු දාලා ඇදලා තමා මාව අරගෙන තියෙන්නේ.

ඒ ඔබට දකින්නට රටක් උරුම කරනු උදෙසා දෑස් දන්දුන් එක් යුද විරුවකුගේ කතාව පමණි. එවන් යුද විරුවන් කොතෙකුත්ය. මේ තවත් එක් කතාවකි. ඒ කතාව ඔබට කියන්නේ ලාන්ස් කෝප්රල් ධර්මසේනය.

කිලිනොච්චි මුදාගැනීමේ මෙහෙයුමේදී මාව කොටි මර උගුලකට අහුවුණා. එක් ඇහැක් මගේ සම්පූර්ණයෙන්ම පේන්නේ නෑ. අනිත් ඇහින් යන්තම් ඡායාව වගේ පේනවා.

මගේ මුළු මූණටම හානි වුණා. එක අතක් කැඩිලා ගියා. මගෙ කකුලකුත් ආබාධ වුණා.

මේ හමුදාවට ඇවිත් 17 වැනි අවුරුද්දයි. මට මේ දේ වුණේ 2008 දී. මට එක දරුවෙක් ඉන්නවා. බිරිඳත් ඉන්නේ අසනීපයෙන්.

යුද්ධය ඉවර වුණ දවසේ නම් පුදුම සතුටක් හිතට දැණුනා. ප්රභාකරන්ගේ මිනිය දැකපුවෙලාවේ යුද්ධය වෙනුවෙන් මැරුණ අපේ හැම කෙනෙක්ම අපිට මතක් වුණා. ත්‍රස්තවාදය ඉවර කරපු දවසේ අපි කෑ ගහලා හිනාවෙලා ආබාධිතයන් විදිහට මේ ඇඳන් උඩ ඉන්න හැමෝම තමන්ට පුළුවන් විදිහට ඒ සතුට විඳ ගත්තා. ඒ මොහොත ගැන විස්තර කරන්න බැරි තරම්.

මර උගුලට අහුවෙලා තත්පර 25ක් 30ක් විතර යනකම් මට ඇස් පෙණුනා. මගේ අත් දිහා බලද්දි එක අතක් නෑ. ටික වේලාවකින් සේරම නිල්පාට වෙලා වගේ ගියා. හැමදේම නොපෙනී ගියා. මට මතක එච්චරයි.

මේ වගේ දෙවල් යුද්ධයකදි වෙනබව දන්න නිසා ඇත්තමයි හිතට බයක් ආවේ නෑ. මම අනිත් අතින් මගේ වැඩ කරගන්නවා. පුළුවන් විදිහට ගෙදර ගියහම ගෙදර වැඩත් කරනවා. ආබාධිත වුණාට පසුවත් හිතෙන දේ තමා අපිටත් මේ යුද්ධයේ ඉන්න තිබුණානම්. අපේ කොල්ලොත් එක්ක අපිට තවදුරටත් යුද්ධ කරන්න තිබුණා නම් කියන එක. එකට යුද්ධ කරපු යාළුවන්ගේ මළ කඳන් අපි දැක්කා. ඒ වෙලාවට හිතට කම්පනයක් දැණුනත් ඊළඟ මොහොතේ අපි නැවත යුද්ධය ගැන හිතන්නේ. ඒ ශක්තිය වචනයෙන් කියන්න බෑ. අපිට ජීවිතය වුණත් දෙන්න පුළුවන්. ඒ හයිය ඒ තරම් බලවත්.

අපි යුද්ධෙ තියෙද්දි වහින කාලෙට ඒ ගැන හිතන්නේ නෑ. මඩ වළවල්වල බැහැගෙන හැතැක්ම ගණන් පයින් යනවා. දවස් ගණන් කොල්ලෝ බූට් සපත්තු දාගෙන ඉන්නවා. කවුරුත් තමන් ගැන හිතන්නේ නෑ. මගේ රට කොටින්ගෙන් බේරාගන්නවා බේරගන්නවාමයි කියන හැඟීම තමා හැම කොල්ලෙක්ගෙම පපුවෙ තිබුණේ.

කවදාවත් අපි අහිංසක දෙමළ මිනිස්සුන්ට හිරිහැර කළේ නෑ. අපිට කන්න දුන්න කෑම අපි ඒ දෙමළ මිනිස්සුන්ට දරුවන්ට දුන්නා. ඒ වගේම හමුදා භාරයට ගත් දෙමළ මිනිස්සු අපිට කෑම උයලා දීපු අවස්ථා තිබුණා. ඒ මිනිස්සු හමුදාවට බය වුණේ නෑ. අපිට හුඟක් හිතවත් වුණා. භාරවෙච්ච කොටින්ට පවා හමුදාව සැලකුවා. ඒ දෙමළ අයට සිංහල බෑ.

හමුදාවෙ සමහර අයට දෙමළත් පුළුවන්. මඩකලපුවේ සිත්තණ්ඩිවල මාවඩුවෙම්බු කියන ගමේ කෙනෙක් අපට හමුවුණා. ඒ තරුණයා බලෙන් කොටි පුහුණුවට අරන්ගිහින්. ඒකෙන් පැනලා ආපු කෙනෙක්. කොටි ඒ අයට හුඟක් වද දීලා තිබුණා. ඒ තරුණයාට අවුරුදු 15ක් විතර ඇති. කොටි දුන්නු වද ඒ කොල්ලා අපිට කිව්වා. අපිට හම්බවුණු දෙමළ මිනිස්සු හුඟ දෙනෙකුට එල්.ටී.ටී.ඊ.ය එපා වෙලා තිබුණේ. ඒ අයට ඊළමක් නෙවෙයි වුවමනා වෙලා තිබුණේ. සාමයෙන් ඉන්න. ඒ අයට අපි රැවුල කපන රේසරය පවා දීලා සැලකුවා.

කොටින්ට කොටුවෙලා හිටිය අපේ කෙනෙක් අපිට හම්බ වුණා. ඒ 1997දි. කොටි අපේ අය අල්ල ගත්තහම අපේ අයට දස වධ දෙනවා. එදා ඒ හම්බවුණු කෙනා කොටින්ට කොටුවෙලා තියෙන්නෙ දර කඩන්න කැලේට යද්දි. වැලිකන්දේ එයාගෙ ගම. එයා අපි හමුදාවේ කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ තාත්තා වයසයි. ඒ තාත්තා දවස් 13ක් තොප්පිගල කොටි කඳවුරේ කොටුවෙලා ඉද්දී තමා මේ සිද්ධිය දැකලා තියෙන්නේ.ලොකු වළක හමුදාවේ අය 65 විතර දාල තිබ්බලූ. ඒ වළ ළඟ තියලා තිබුණලූ ලීයක බැඳපු ලොකු කසයක්. කොටි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එතනින් යද්දි වේගයෙන් අපේ අයට ඒ කසයෙන් පහර දීගෙන ගිහින් තියෙන්නේ. ඇතිවෙනකම් ඒ කසයෙන් තලනවලූ. කන්න දෙන්නේ පාන් කෑලි කෑලි කඩලා ඒ වළට අත අරිනවලූ. එතකොට කටින් අහුලගෙන තමයි කාලා තියෙන්නේ.

නාන්න, වැසිකිළි යන්නවත් ඒ වළෙන් ඒ අය එළියට අරගෙන නෑ. උදේට එකදම්වැලේ අඩි පහෙන් පහට වගේ අපේ අයගේ කකුල්වලට දම්වැල් දාලා අපේ තුන්දෙනෙකුට තුවක්කුව ගත්ත එක කොටියා ගානේ දාලා අරගෙන ගිහින් කොටින්ගේ බංකර් හදන වැඩ එහෙම කරගෙන තියෙනවා. කොටි අපේ අයට සලකල තියෙන්නේ එහෙමයි. ඒත් අපේ හමුදාවේ කවුරුවත් කොටින්ටවත් එහෙම සලකලා නෑ.

ඒ ලාන්ස් කොප්රල් ධර්මසේන අප හා කී කතාවයි.

1990 දී වයස අවුරුදු 23 දී පුද්ගලනාශක බෝම්බයකට (බට්ටෙකුට) හසුවුණු කපිතාන් ජූඞ් ප්‍රනාන්දු අද හරි හැටි කතා කරන්නවත් නොහැකි ආබාධිත තත්ත්වයන් පෙළෙයි.

ඔහුගේ තාත්තා ගුවන් හමුදා සේවයේ කටයුතු කළ අතර මල්ලී නාවික හමුදා සේවයේ නියතුවූවෙකි. ඉතාමත් අපහසුවෙන් ඔහු වචන කිහිපයක් අප හා කතා කළේය. සංතෝෂයි - සංතෝෂයි. ප්රභාකරන්ගේ මිනිය දැක්කා. ඔහු කියූ වචන එක්වරම තේරුම් ගත නොහැකි වූවත් ඔහු කියූ ඒ දේ අපි තේරුම් ගතිමු.

යුද බිමේදි විපතට පත් සහෝදර සගයෙකු රැගෙන යාමට ගිය අතරතුරදි 2009 දී මොටාර් කෑලි වැදී අබාධිත තත්ත්වයකට පත්වූ සෙබළ කුමාරට අද දෙපයින් පොළෙවේ පය තබා ඇවිද යන්නට අසීරුයි.

ලාන්ස් කෝප්රල් මධුශංඛ මේ කියන කතාවත් අහන්න.

2009 අපේ‍්‍රල් මාසේ 20 වැනිදා පාන්දර හතරට විතර අපි නන්දිකඩාල් කළපුව පැනලා අපි 48 දෙනෙක් බඩගාගෙන ගියා. ඊට පස්සේ අපි තුන්දෙනෙක් නැවට නැග්ගා. අනිත් අය වටේට හිටියා. එතනින් මීටර් සියයක් විතර යද්දී තමා පටාස් පටාස් කියලා සද්දේ ඇහුනේ. මාව දාල තිබිලා තියෙන්නේ මළ මිනී ගොඬේ.

ඒ නිසා මං හිටිය විදිහට මැරිලා කියලා හිතලා. ඒත් සර් කෙනෙක් බලනකොට මගේ නහයෙන් ලේ යනවා දැකල තමා මට පණ තියෙන බව දැනගෙන තියෙන්නේ. අද මගේ අතක් වැඩ කරන්නේ නෑ. මගේ කට ඇදවෙලා. එක කණක් ඇහෙන්නෙ නෑ. කකුල පණ නෑ. එක ඇහැක් පේන්නේ නෑ. මේ බලන්න මගේ නළල අලල්ලා. අත නවලා බලන්න.

මම මධුශංඛගේ නළල මත අතක් තැබූවෙමි. අත අල්ලා බැලූවෙමි. මගේ තාත්තා ගුවන් හමුදාවේ හෙද සේවයේ. තාත්තා මට ගොඩක් උදව් කළා. අම්මත් එහෙමයි.

මගේ තරුණ ජීවිතේ මෙහෙම වුණා කියලා මට දුක නෑ. ඒ මට මෙහෙම වුණේත් යුද්ධ කරලා මගේ රට වෙනුවෙන් යුද්ධ කරලා.

මේ මොහොතේත් ඔහුගේ හඬ මා සවනත දෝංකාර දෙන බව මම අවසන් වශයෙන් සටහන්කර තබමි.

(උදවු කළ සියලූ දෙනාට විශේෂ ස්තූතිය.)

සටහන: සංජීවිකා සමරතුංග / ඡායාරුප: අලෙක්සැන්ඩර් බාලසූරිය

ලංකාදීප

අද අපට ඔවුන් අමතක වී ඇත,සමහරුන්ට යුද්ධයක් ගැන මතකවත් නැත.අපගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය කැපකල අපගේ උත්තමාචාරය...........

[QUOTE="mano3989, post: 12357156, member: 348050"] [b]රණවිරුවන්ගේ_කතාව[/b] [SIZE=5][COLOR=Blue]රට වෙනුවෙන් ඇස් මස් ඉස් ලේ දන්දුන් [/COLOR][/SIZE] [SIZE=4][IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-13.jpg[/IMG]‘‘බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙ න බල සේනානායක සපු කුමරු එ න’’ සැළලිහිණියේ කියැවෙන පරිදි යාපා පටුන ජයගත් කුමරු පැමිණියේ එපරිදිය. එහෙත්, අබරණ මිණි මුතු නොව උදාර විජයග්රහණයක කිරුළක් රැගෙන ඔවුහූ ද පැමිණියහ. යාපාපටුන පමණක් නොව උතුරු-නැගෙනහිර හැම බිම් අඟලකම ත්රස්තවාදයේ සෙවනැලි මුලිනුපුටා දමමින් රටම එක්සේසත් කරන්නට ඔවුන් කළේ මහ සටනකි. ස්වාර්ථය පසෙකලා පරාර්ථය වෙනුවෙන් කළ සටනේදී ඔවුන් දෑත් දෙපා අහිමි වූවන් බවට පත්විය. යළි කවරදාවත් දෑස්විදා කිසිවක්ම දකින්නට හිමිකමක් නැති අන්ධයන් බවට පත්විය. සැකෙවින්ම ප්‍රකෘති සිහිය පවා අහිමි වූවන් බවට පත්විය. ඔබ හිතන්න, ඔබ අසන්න, ඔබ බලන්න, එන්න එක් වරක් හෝ ඇවිත් යන්න එන්න. ඔබට දෑසින් දකින්නට දේශයක් උරුම කරදෙනු වස් තම දෑස් දන් දුන්, ඔබට පය ගසා ජීවත්වීමේ අයිතිය පසක් කරදෙනු වස් තම දෑත් දෙපා දන් දුන් ඔබට නිදහසේ හුස්ම පොදක් ගැනීමේ ඉඩහසර උදාකරදෙනු වස් ජීවිතය පිළිබඳව වූ තම ප්‍රාර්ථනා බලාපොරොත්තු සින්න කළ, බුදුබව පතා පාරමී පුරණය කරන්නට නොව මේ අපේ රට යැයි ඔබට කියන්නට මතු මතුත් පරම්පරා උදෙසා මේ රට රැකදෙන්නට ඇස් ඉස් මස් ලේ දන් දුන් ඒ මිනිසුන්ගේ හිත ගැහෙන රාවය දැන හඳුනා ගන්නට ඔබ ඇවිත් යන්න එන්න. ඒ මිනිසුන්ගේ අද දවසේ නිත්‍ය නවාතැන වූ රාගම රණවිරු සෙවණ වෙත ඔබ එන්න. ගත සවිබල බිඳී ගිය ද සිත සවි බල බිඳී නොගිය ඒ රණවිරුවන්ගේ කතාවයි මේ. අවසන් මානුෂීය මෙහෙයුම සමාප්තව මේ වසරේ මැයි 19 වැනිදාට තෙවසරක් සපිරෙයි. බෝම්බයක් නොපිපිරෙන, වෙඩි හඬ නොඇසෙන රටක අද ඔබත් මමත් ජීවත් වෙන්නෙමු. එහෙත් ඔබත් මමත් සුවෙන් ජීවත්වෙන අතරවාරයේ කිසිදා සුවකළ නොහැකි ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන තරුණ රණවිරුවන් කොතෙක් ද යන වග අපට අමතක කළ හැකිද? රට බේරාගන්නට සටන් කළ අවසන් මානුෂීය මෙහෙයුමේදී පවා සටන් කළ ඔවුන්ගේ ජීවිත වඩාත් සුඛිත මුදිත තත්ත්වයට පත් කරන්නට ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි මානුෂීය මෙහෙයුම කුමක්ද? රාගම රණවිරු සෙවණ යනු රෝහලක් නොවේ. නිවෙසක්ද නොවේ. හමුදා කඳවුරක්ද නොවේ. එය යුද්ධයේදී ආබාධික වූ රණවිරුවන් වෙනුවෙන් ඔවුන් පුනරුත්ථාපනය කර ඔවුනගේ ශාරීරික මානසික සෞඛ්‍ය වඩාත් ඉහළ තලයකට ඔසවා තබනු වස් උතුම් සේවාවක් ඉටුකරන රණවිරු නවාතැනකි. එහි පාලනාධිකාරියේ බහුතරයද යුද්ධයේදී ආබාධික වූවන්ම වීම ද විශේෂත්වයකි. රාගම රණවිරු සෙවණ වෙත අප කැටුව ගියේ මේජර් ප්‍රියන්ත ලියනගේය. අවසන් මානුෂීය මෙහෙයුමේදී ඔහු අබාධිත තත්ත්වයට පත්වී ඇත්තේ යුද්ධය අවසන් වීමට මාස 5කට පෙරය. රාගම රණවිරු සෙවණේ සෑම තැනකම පාහේ අප සමඟ යාමට පැමිණියේද යුද්ධයේදී අබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවෙකි. ඒ 2008 දී යුදබිමේ සිටියදී ආබාධිත තත්ත්වයට පත්වූ කපිතාන් නොයෙල් රාජපක්ෂය. අප එහි යද්දී ආබාධිත රණවිරුවන්ගෙන් සැදුම් ලත් රණවිරු සංගීත කණ්ඩායම පුහුණු වීම්වල යෙදී සිටියහ. ඒ සංගීත කණ්ඩායම ආරම්භ කර ඇත්තේ මීට විසිවසරකට පෙරය. උත්සව අවස්ථා අදිය සඳහා තමන්ගේ සේවය සලසන්නට ඔවුන් සූදානම්ය. ආබාධිත විරුවන්ගෙන් සැදී වෙස් නැටුම් කණ්ඩායමක්ද රණවිරු සෙවණේ සිටිති. එම වෙස් නැට්ටුවන් දහහතර දෙනාගෙන් නව දෙනෙකුටම පාද අහිමිය. යුද්ධය හේතුවෙන් පාදය අහිමි වුවත් නටන්නට පිනුම් ගසන්නට පාද නොමැති ඒ වෙස් නැට්ටුවන්ට හැකිය. ආබාධිත රණවිරු සංගීත කණ්ඩායම මේ වෙද්දී රටවල් දොළහකට ආසන්න සංඛ්‍යාවක ප්‍රසංග සඳහා සහභාගි වී ඇත. මේ හුඟක් අය හමුදාවට එද්දී සංගීත භාණ්ඩයක් අතින්වත් ඇල්ලූ අය නොවෙයි. එදා මේ හැමදෙනෙක්ම යුද බිමේ හිටපු අය ඒ කපිතාන් රුවන් කළ සඳහනයි. රණවිරු සෙවණේ ස්ථාපිත වෘත්තීය පුහුණු අංශය ආබාධිත රණවිරුවන්ගේ කායික මානසික වෙහෙස නිවාලන ගිමන්හලකි. එක් මොහොතකට දෑස් විස්මයෙන් නලියයි. පොල්කටු හැන්දේ පටන් ලී කැටයම් දක්වාත් එතැන් පටන් බොහෝ නිර්මාණශීලි ඉසව් දක්වාත් මෙම ආබාධිත රණවිරුවන්ගේ නිර්මාණාත්මක හැකියාව විහිදී ඇත. එම නිෂ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායම වැය කෙරෙන්නේ ද ආබාධික රණවිරු සුබසාධනය සඳහාමය. ලාන්ස් කෝප්රල් සරත් කුමාර යුද හමුදා සේවයට බැඳුණේ 1995.03.08 වැනිදාය. අද ඔහු පාදයක් අහිමි ආබාධිත රණවිරුවෙකි. ඒ අතීතය අපි මතක් කරමුද 2002 අවුරුද්දේ ඕමන්තෙදි බට්ටෙක් පෑගුනා. ඒ පරීක්ෂා කිරීමේ මෙහෙයුමකට ගිහින් එද්දී බට්ටා පෑගුන ගමන් දැණුන කම්පනය නිසා පැයක් විතර යනකම් කකුලක් නෑ කියන එක දැනුනෙ නෑ. පසුව තමයි කැක්කුම අල්ලන්නේ. මගේ ගෙවල් කෑගල්ලේ. මට අවුරුදු නවයක දුවකුයි අවුරුදු පහක පුතෙකුයි ඉන්නවා. අපේ රටේ යුද්ධයක් තිබුණා කියන එක දැන් හුඟක් අයට අමතකයි. බස්වල එහෙම යද්දි ඒක හොඳට දැනෙනවා. ඉඳගන්න ආසනයක් නැතුව මම කොච්චරවත් බස්වල හිටගෙන ගිහින් තියෙනවා. ත්‍රස්තවාදය නිමා වූ පමණින් අපට ඔවුන් අමතක කළ හැකිද? 2009 පෙබරවාරි 06 වැනිදා පුදුකුඩුඉරිප්පු සටන් බිමේදී පාදය අහිමි වූ ඔහු සෙබළ විජේසූරියයි. ඔහුගේ වයස අවුරුදු 27කි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-8.jpg[/IMG]පුදුකුඩුඉරිප්පුවලදි මෝටාර් කෑල්ලක් වැදිලා මගෙ කකුල උකුල් ඇටය ළඟින්ම ගැලවිලා ගියා. මගේ තාත්තා නෑ. අම්මා රට ඉන්නේ. මට තව සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. මමත් විවාහ වෙලයි ඉන්නේ. මට අවුරුදු දෙකක දුවක් ඉන්නවා. මගේ කකුල ඉහළින්ම ගැලවිලා ගිහින් තියෙන නිසා මට කෘති‍්‍රම පාදයක් දාන්න අමාරුයි. පාදයක් දාන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒක ඒ විදිහට දැම්මම හරිම අමාරුයි. ඒත් කකුල නැතිවුණා කියලා මට කිසිම දුකක් දැනෙන්නේ නෑ. මේ රටේ දරුවන්ට දැන් අනාගතයේදී කොන්ද කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙද්දී අදටත් හිතට දැනෙන්නේ සතුටක්. මට මගේ බිරිඳව හම්බවුණේ මම ආබාධිත තත්ත්වයට පත්වුණාට පසුවයි. අද දරුවත් බලාගෙන ගෙදර හැමදේම කරගෙන යන්නේ එයා. යුද්ධය දිනපු අලූත මිනිස්සු අපිට රණවිරුවෝ කියලා ගෞරවයකින් සැළකුවා. ඒත් සමහර මිනිස්සුන්ට දැන් ඒ අතීතය අමතකයි. දවසක් මට හිටගෙන යන්න අමාරුම නිසා බස් එකේදී ආබාධිතයන් සඳහා වෙන්වූ අසුන ඉල්ලා ගත්තේත් මම ආබාධිතයෙක් බව කියලා. ඒ වෙලාවට නම් හිතට යම් වේදනාවක් දැනෙනවා. 2009 වසරේ අවසන් මානුෂීය මෙහෙයුමේදී කොන්දට වෙඩි වැදීම නිසා අද සිය ජීවිතය රෝද පුටුවකට වාරු කළ ඒ තරුණ රණවිරුවාගේ වයස අවුරුදු 21 කි. ඔහු යුද හමුදාවට බැඳුනේ අවුරුදු දහ අට තරම් වයසකදීය. රුවන් මධුශංඛ ගමගේ ඒ හමුදා සෙබළාගේ නමයි. එදා එකට සටන් කළ සගයෙක්ට යුද බිමේදී වෙඩි වැදුණු මොහොතක ඔහු සිය සගයා තම කරමතට ගත්තේය. සතුරු වෙඩි උණ්ඩයක් ඔහු සිරුරේ සවිබල බිඳහෙළුවේ ඒ මොහොතේය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-7.jpg[/IMG] මගේ කොන්දෙන් පල්ලෙහා පණ නෑ. මගේ ගම තණමල්විල අම්මයි තාත්තායි නංගියි ඉන්නේ. නංගි හෙදි පාඨමාලාවක් කළා. දවසක් මගේ නංගිත් එක්ක එයාගේ යාළුවෙකුත් ආවා මාව බලන්න. ඒ නංගිගේ යාළුවා තමා අද මගේ පෙම්වතිය. මම මේ තත්ත්වෙ ඉද්දි මට ආදරය කළ ඒ ගෑනු ළමයා ගැන මට ලොකු ආදරයක් වගේම ගෞරවයක් තියෙනවා. එයාගේ ගෙදර අයත් මේ සම්බන්ධයට කැමැත්ත දුන්නා. මගේ තරුණ ජීවිතය රෝද පුටුවකට සීමාවුණා කියලා දුකක් නෑ. එදා අපි යුද්ධ නොකළානම්, ත්‍රස්තවාදය ඉවර නොකළානම් අදටත් මේ රටේ බෝම්බ පිපිරෙයි. මිනිස්සු මරලාදායි. දැන් ඒ ම්ලේච්ඡ අතීතය ඉවරයි. ඒ සතුට විතරක් ඇති. අපිට රෝද පුටුවේ හිටියට ඒ නිදහස අපට දැනෙනවා. ඒ වගේම එකට යුද්ධ කරපු මැරිච්ච අපේ කොල්ලෝ අපට මතක් වෙනවා. නොඉල්ලා කිසිවක්ම දන්දිය හැකිනම් බොහෝ දේ.... මොහොතකට එසේ සිත් වෙයි. අපේ ‘‘ලයින්’’ එක ඉස්සරහට ගනිද්දි මට ‘‘ආටිකෑලි’’ වැදුණා. දැන් මගේ ඉනෙන් පල්ලෙහා පණ නෑ. අපි හතර දෙනෙක් ඒ වෙලාවේ හිටියා. ‘‘ආටි’’ වැදෙද්දි මම එකපාරටම වැටුණා. ඒ පුදුමාතලන්වලදී. දෙන්නෙක් එතෙන්දිම මැරුණා. මාව ට්‍රැක්ටරයක දාගෙන ඇවිත් ඊට පස්සේ කැබ් එකක අරගෙන ගිහින් ඊළඟට චොපර් එකේ අනුරාධපුර ඉස්පිරිතාලයට අරගෙන ආවා. මම මුලදි හිතුවා මට සනීපවෙයි, සනීපවෙයි කියලා. ඒත් මම කවදාවත් සනීප වෙන්නේ නැතිලූ. මගේ සුෂුම්නාවේ මැද ‘ආටි’ කෑල්ලක් තියෙනවා කියලා දොස්තර මහත්වරු කීවා. ‘‘ආටිකෑලි’’ 18ක් මට වැදිලා තියෙනවා. ඒ දවස්වල කොටි ගහනවා ඉවරයක් නෑ. අතට ගත්ත කෑම එකත් සමහර වෙලාවට අපට කන්න වෙලාවක් නෑ. සමහර වෙලාවට කෑවේ බත් තමයි. හුඟක් වෙලාවට කළේ චීස් ටින් එකක් කඩාගෙන කෑව එක. අපිට එදා හිතුනා මැරුණත් යුද්ධය අත්හරින්නේ නෑ කියලා. ඒ හයිය අපට තිබුණා. ඒ විසිදෙහැවිරිදි සෙබළ ජයවීරගේ කතාවයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-6.jpg[/IMG] අවුරුදු 18න් යුද හමුදාවට බැඳුණු ජයවීරගේ ගම මාතලේය. පියාගේ රැකියාව ගොවිතැනයි. මව ගෘහණියකි. තුරුණු ගත සිත සායනයටම වාරුකර දවස් ගෙවූවත් ඒ සියල්ල මැද ඔහු සිනාසෙයි. යුද්ධය ඔහුට දෑසම අහිමිකර තිබුණි. එක් තත්පරයකදී ඔහු ඇඟිලි තුඩු අග්ගිස්සෙන් කණ ඇස ඉහළට කර පෙන්වීය. ඇසක් වෙනුවට දකින්නට තිබුණේ ලේ පැහැ මස් වැදැල්ලක් පමණි. වුණේ මොකක්ද? එසේ අසන්නට නොසිතුනත් මා එසේ ඇසුවෙමි. මීට විසි වසරකට පෙර හමුදාවට බැඳුණු ඔහු කෝප්රල් නිශාන්ත රණසිංහය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-5.jpg[/IMG] වෙල්ලමුල්ල වයික්කාල්වලදී අපේ සර්ව ඉලක්ක කරගෙන වෙඩි පහරක් එල්ල වෙද්දී මම නැගිට්ටා. ඒ වෙඩි පහර මට වැදුණා. වැදුනේ ඇහැ කිට්ටුවට. ඒ වෙලාවේ මගේ අනිත් ඇහැ පෙනුනා. ඒත් අන්තිමට ඒ ඇහෙත් පෙනීම නැතුව ගියා. මට සිහිය ආවේ දවස් විසි අටකට පසුව. මට සිහිය එද්දී මගේ අතපය බැඳලා තිබුණේ. මගේ වම් ඇහැ එදා පෙනුනනේ. ඇස් දෙකම වහලා තිබුණත් මම පේන පැත්තේ ඇහේ ආවරණය ගලවලා වටපිට බැලූවා. ඒත් මට කිසිම කිසිදෙයක් පෙනුනේ නෑ. එතකොට මගේ ඇස් දෙකම නැතිවෙලා. මට එකපාරටම හිතට වේදනාවක් දැණුනා. මම දරුවන් හතර දෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ලොකු පුතාට අවුරුදු 14යි. අනිත් පුතාට අවුරුදු 12යි. එයාගෙත් ඇහේ කෝටුවක් වැදිලා එයාගේ ඇහැක් පේන්නේ නැහැ. අනිත් පුතාට රෝගී තත්ත්වයක් හේතුවෙන් කතා කරන්න බැරුව ගියා. අනිත් කෙනා දුව. එයාට අවුරුදු පහයි. මට තියෙන ලොකුම දුක මගේ දරුවන්ගේ මූණ බලන්න නැති එකයි. ගෙදර යද්දි කවුරු හරි මාව ස්ටේෂමට ගිහින් ඇරලවනවා. ස්ටේෂමෙන් බහිද්දි මාව එක්ක යන්න ගෙදරින් එනවා. ගෙවල් අනුරාධපුරයේ. මඟ තොටදී උදවුවක් ඉල්ලූවාම සමහර අය නම් උදවු කරනවා. සමහර අය උදවු කරන්නේ නෑ. මඟහැරලා යනවා. ඒ වෙලාවට නම් ලොකු වේදනාවක් දැනෙනවා රටට එළියක් දීලා අද අපි අසරණ වුණාම ඒ දෙවල් අත්විඳිද්දී. දවසක් මම අන්ධ බව කියන සැරයටියක් තියෙද්දි ම රාගම ඉඳන් කුරුණෑගලට යනකම් හිටගෙන ගියා. ඒ වෙලාවට නම් හිතෙනවා මේ වගේ මිනිස්සුත් ඉන්න රටක නේද අපි යුද්ධ කළේ කියලා. ඒත් රට වෙනුවෙන් ඇස් දෙක පූජා කළා කියලා හිතෙද්දී හිතට සැනසීමක් දැනෙනවා. මට මතකයි එදා මගේ දකුණු ඇහැ ගැලවිලා මගේ අතට වැටුණා. ඒක මගේ අනිත් ඇහෙන් දැක්කා. ඒ මතකය නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මට කතා කරන්න බැරුව මං වැටිලා හිටියා. ලණු දාලා ඇදලා තමා මාව අරගෙන තියෙන්නේ. ඒ ඔබට දකින්නට රටක් උරුම කරනු උදෙසා දෑස් දන්දුන් එක් යුද විරුවකුගේ කතාව පමණි. එවන් යුද විරුවන් කොතෙකුත්ය. මේ තවත් එක් කතාවකි. ඒ කතාව ඔබට කියන්නේ ලාන්ස් කෝප්රල් ධර්මසේනය. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-4.jpg[/IMG]කිලිනොච්චි මුදාගැනීමේ මෙහෙයුමේදී මාව කොටි මර උගුලකට අහුවුණා. එක් ඇහැක් මගේ සම්පූර්ණයෙන්ම පේන්නේ නෑ. අනිත් ඇහින් යන්තම් ඡායාව වගේ පේනවා. මගේ මුළු මූණටම හානි වුණා. එක අතක් කැඩිලා ගියා. මගෙ කකුලකුත් ආබාධ වුණා. මේ හමුදාවට ඇවිත් 17 වැනි අවුරුද්දයි. මට මේ දේ වුණේ 2008 දී. මට එක දරුවෙක් ඉන්නවා. බිරිඳත් ඉන්නේ අසනීපයෙන්. යුද්ධය ඉවර වුණ දවසේ නම් පුදුම සතුටක් හිතට දැණුනා. ප්රභාකරන්ගේ මිනිය දැකපුවෙලාවේ යුද්ධය වෙනුවෙන් මැරුණ අපේ හැම කෙනෙක්ම අපිට මතක් වුණා. ත්‍රස්තවාදය ඉවර කරපු දවසේ අපි කෑ ගහලා හිනාවෙලා ආබාධිතයන් විදිහට මේ ඇඳන් උඩ ඉන්න හැමෝම තමන්ට පුළුවන් විදිහට ඒ සතුට විඳ ගත්තා. ඒ මොහොත ගැන විස්තර කරන්න බැරි තරම්. මර උගුලට අහුවෙලා තත්පර 25ක් 30ක් විතර යනකම් මට ඇස් පෙණුනා. මගේ අත් දිහා බලද්දි එක අතක් නෑ. ටික වේලාවකින් සේරම නිල්පාට වෙලා වගේ ගියා. හැමදේම නොපෙනී ගියා. මට මතක එච්චරයි. මේ වගේ දෙවල් යුද්ධයකදි වෙනබව දන්න නිසා ඇත්තමයි හිතට බයක් ආවේ නෑ. මම අනිත් අතින් මගේ වැඩ කරගන්නවා. පුළුවන් විදිහට ගෙදර ගියහම ගෙදර වැඩත් කරනවා. ආබාධිත වුණාට පසුවත් හිතෙන දේ තමා අපිටත් මේ යුද්ධයේ ඉන්න තිබුණානම්. අපේ කොල්ලොත් එක්ක අපිට තවදුරටත් යුද්ධ කරන්න තිබුණා නම් කියන එක. එකට යුද්ධ කරපු යාළුවන්ගේ මළ කඳන් අපි දැක්කා. ඒ වෙලාවට හිතට කම්පනයක් දැණුනත් ඊළඟ මොහොතේ අපි නැවත යුද්ධය ගැන හිතන්නේ. ඒ ශක්තිය වචනයෙන් කියන්න බෑ. අපිට ජීවිතය වුණත් දෙන්න පුළුවන්. ඒ හයිය ඒ තරම් බලවත්. අපි යුද්ධෙ තියෙද්දි වහින කාලෙට ඒ ගැන හිතන්නේ නෑ. මඩ වළවල්වල බැහැගෙන හැතැක්ම ගණන් පයින් යනවා. දවස් ගණන් කොල්ලෝ බූට් සපත්තු දාගෙන ඉන්නවා. කවුරුත් තමන් ගැන හිතන්නේ නෑ. මගේ රට කොටින්ගෙන් බේරාගන්නවා බේරගන්නවාමයි කියන හැඟීම තමා හැම කොල්ලෙක්ගෙම පපුවෙ තිබුණේ. කවදාවත් අපි අහිංසක දෙමළ මිනිස්සුන්ට හිරිහැර කළේ නෑ. අපිට කන්න දුන්න කෑම අපි ඒ දෙමළ මිනිස්සුන්ට දරුවන්ට දුන්නා. ඒ වගේම හමුදා භාරයට ගත් දෙමළ මිනිස්සු අපිට කෑම උයලා දීපු අවස්ථා තිබුණා. ඒ මිනිස්සු හමුදාවට බය වුණේ නෑ. අපිට හුඟක් හිතවත් වුණා. භාරවෙච්ච කොටින්ට පවා හමුදාව සැලකුවා. ඒ දෙමළ අයට සිංහල බෑ. හමුදාවෙ සමහර අයට දෙමළත් පුළුවන්. මඩකලපුවේ සිත්තණ්ඩිවල මාවඩුවෙම්බු කියන ගමේ කෙනෙක් අපට හමුවුණා. ඒ තරුණයා බලෙන් කොටි පුහුණුවට අරන්ගිහින්. ඒකෙන් පැනලා ආපු කෙනෙක්. කොටි ඒ අයට හුඟක් වද දීලා තිබුණා. ඒ තරුණයාට අවුරුදු 15ක් විතර ඇති. කොටි දුන්නු වද ඒ කොල්ලා අපිට කිව්වා. අපිට හම්බවුණු දෙමළ මිනිස්සු හුඟ දෙනෙකුට එල්.ටී.ටී.ඊ.ය එපා වෙලා තිබුණේ. ඒ අයට ඊළමක් නෙවෙයි වුවමනා වෙලා තිබුණේ. සාමයෙන් ඉන්න. ඒ අයට අපි රැවුල කපන රේසරය පවා දීලා සැලකුවා. කොටින්ට කොටුවෙලා හිටිය අපේ කෙනෙක් අපිට හම්බ වුණා. ඒ 1997දි. කොටි අපේ අය අල්ල ගත්තහම අපේ අයට දස වධ දෙනවා. එදා ඒ හම්බවුණු කෙනා කොටින්ට කොටුවෙලා තියෙන්නෙ දර කඩන්න කැලේට යද්දි. වැලිකන්දේ එයාගෙ ගම. එයා අපි හමුදාවේ කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ තාත්තා වයසයි. ඒ තාත්තා දවස් 13ක් තොප්පිගල කොටි කඳවුරේ කොටුවෙලා ඉද්දී තමා මේ සිද්ධිය දැකලා තියෙන්නේ.ලොකු වළක හමුදාවේ අය 65 විතර දාල තිබ්බලූ. ඒ වළ ළඟ තියලා තිබුණලූ ලීයක බැඳපු ලොකු කසයක්. කොටි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි එතනින් යද්දි වේගයෙන් අපේ අයට ඒ කසයෙන් පහර දීගෙන ගිහින් තියෙන්නේ. ඇතිවෙනකම් ඒ කසයෙන් තලනවලූ. කන්න දෙන්නේ පාන් කෑලි කෑලි කඩලා ඒ වළට අත අරිනවලූ. එතකොට කටින් අහුලගෙන තමයි කාලා තියෙන්නේ. නාන්න, වැසිකිළි යන්නවත් ඒ වළෙන් ඒ අය එළියට අරගෙන නෑ. උදේට එකදම්වැලේ අඩි පහෙන් පහට වගේ අපේ අයගේ කකුල්වලට දම්වැල් දාලා අපේ තුන්දෙනෙකුට තුවක්කුව ගත්ත එක කොටියා ගානේ දාලා අරගෙන ගිහින් කොටින්ගේ බංකර් හදන වැඩ එහෙම කරගෙන තියෙනවා. කොටි අපේ අයට සලකල තියෙන්නේ එහෙමයි. ඒත් අපේ හමුදාවේ කවුරුවත් කොටින්ටවත් එහෙම සලකලා නෑ. ඒ ලාන්ස් කොප්රල් ධර්මසේන අප හා කී කතාවයි. 1990 දී වයස අවුරුදු 23 දී පුද්ගලනාශක බෝම්බයකට (බට්ටෙකුට) හසුවුණු කපිතාන් ජූඞ් ප්‍රනාන්දු අද හරි හැටි කතා කරන්නවත් නොහැකි ආබාධිත තත්ත්වයන් පෙළෙයි. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-3.jpg[/IMG]ඔහුගේ තාත්තා ගුවන් හමුදා සේවයේ කටයුතු කළ අතර මල්ලී නාවික හමුදා සේවයේ නියතුවූවෙකි. ඉතාමත් අපහසුවෙන් ඔහු වචන කිහිපයක් අප හා කතා කළේය. සංතෝෂයි - සංතෝෂයි. ප්රභාකරන්ගේ මිනිය දැක්කා. ඔහු කියූ වචන එක්වරම තේරුම් ගත නොහැකි වූවත් ඔහු කියූ ඒ දේ අපි තේරුම් ගතිමු. යුද බිමේදි විපතට පත් සහෝදර සගයෙකු රැගෙන යාමට ගිය අතරතුරදි 2009 දී මොටාර් කෑලි වැදී අබාධිත තත්ත්වයකට පත්වූ සෙබළ කුමාරට අද දෙපයින් පොළෙවේ පය තබා ඇවිද යන්නට අසීරුයි. ලාන්ස් කෝප්රල් මධුශංඛ මේ කියන කතාවත් අහන්න. [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/03/17-Page-04-S2-10.jpg[/IMG]2009 අපේ‍්‍රල් මාසේ 20 වැනිදා පාන්දර හතරට විතර අපි නන්දිකඩාල් කළපුව පැනලා අපි 48 දෙනෙක් බඩගාගෙන ගියා. ඊට පස්සේ අපි තුන්දෙනෙක් නැවට නැග්ගා. අනිත් අය වටේට හිටියා. එතනින් මීටර් සියයක් විතර යද්දී තමා පටාස් පටාස් කියලා සද්දේ ඇහුනේ. මාව දාල තිබිලා තියෙන්නේ මළ මිනී ගොඬේ. ඒ නිසා මං හිටිය විදිහට මැරිලා කියලා හිතලා. ඒත් සර් කෙනෙක් බලනකොට මගේ නහයෙන් ලේ යනවා දැකල තමා මට පණ තියෙන බව දැනගෙන තියෙන්නේ. අද මගේ අතක් වැඩ කරන්නේ නෑ. මගේ කට ඇදවෙලා. එක කණක් ඇහෙන්නෙ නෑ. කකුල පණ නෑ. එක ඇහැක් පේන්නේ නෑ. මේ බලන්න මගේ නළල අලල්ලා. අත නවලා බලන්න. මම මධුශංඛගේ නළල මත අතක් තැබූවෙමි. අත අල්ලා බැලූවෙමි. මගේ තාත්තා ගුවන් හමුදාවේ හෙද සේවයේ. තාත්තා මට ගොඩක් උදව් කළා. අම්මත් එහෙමයි. මගේ තරුණ ජීවිතේ මෙහෙම වුණා කියලා මට දුක නෑ. ඒ මට මෙහෙම වුණේත් යුද්ධ කරලා මගේ රට වෙනුවෙන් යුද්ධ කරලා. මේ මොහොතේත් ඔහුගේ හඬ මා සවනත දෝංකාර දෙන බව මම අවසන් වශයෙන් සටහන්කර තබමි. (උදවු කළ සියලූ දෙනාට විශේෂ ස්තූතිය.) සටහන: සංජීවිකා සමරතුංග / ඡායාරුප: අලෙක්සැන්ඩර් බාලසූරිය[/SIZE] [SIZE=3][COLOR=Red]ලංකාදීප[/COLOR][/SIZE] .................................................... [SIZE=5][COLOR=Red]අද අපට ඔවුන් අමතක වී ඇත,සමහරුන්ට යුද්ධයක් ගැන මතකවත් නැත.අපගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය කැපකල අපගේ උත්තමාචාරය...........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom