රණවිරුවාට තිබූ කකුලත් කඩා කෘතීම කකුල ගෙන &#348

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රණවිරුවාට තිබූ කකුලත් කඩා කෘතීම කකුල ගෙන &#348

රාජපක්ෂ නින්දිතයෝ රණවිරුවාට තිබූ කකුලත් කඩා කෘතීම කකුල ගෙන ගිහින්

sarath-fonseka-7813
PREV1 of 2 NEXT
සිය පක්ෂයේ මහියංගණය කාර්යාලයට වෙඩි තබා පක්ෂයේ ආධාර කරුවන් කීප දෙනකුට තුවාල සිදු කොට ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජනරාල් සරත් ෆොන්සේකා පවසයි.

මහියංගණයේ නිදහන්ගල ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ කාර්යාලය ඉදිරිපිට දී අහසට වෙඩි තැබූ ප්‍රහාරකයන් කාර්යාලයේ සිටි පුද්ගලයන්ට පහර දී එහි තිබුණ රථ වාහන සහ යතුරු පැදි ආදිය විනාශ කර දමා ඇති බවයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයන් දෙදෙනකුගේ මෙහෙයුමෙන් ප්‍රහාරය එල්ල කර ඇති අතර සිය පක්ෂයේ තුවාල ලද ආධාරකරුවන් බැලීමට රෝහලට ගිය ජනරාල් සරත් ෆොන්සේකා මාධ්‍යයට අදහස් දක්වමින් මැර ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ ආබාධිත රණවිරුවන්ට බව සදහන් කොට සිටියේය.

‘ප්‍රහාරයට ගොදුරු වූ හිටපු කර්නල්වරයා ආබාධිත රණවිරුවෙක්. ඔහුට තියෙන්නේ එක කකුලයි. ඔහුගේ ඉතිරි හොඳ කකුලත් කඩා ඔහු මරා දැමීමට උත්සාහ කළ ප්‍රහාරකයන් බොරු කකුල අර ගෙන ගිහින්’ මෙය රණවිරුවන්ට ආණ්ඩුව සලකන ආකාරය සම්බන්ධයෙන් පණිවුඩයක් වන බවත් යි සරත් ෆොන්සේකා වැඩිදුරටත් සදහන් කොට සිටියේය.