රතන හිමිගේ සදහම් අසපුවෙන්

topedo

Banned
Jun 27, 2010
343
34
0
රතන හිමිගේ සදහම් අසපුවෙන්

රතන හිමිගේ සදහම් අසපුවෙන්
ඩොලර් අතුරුදන්වීම ගැන පරීක්‍ෂණ


සමන්ත ඉලේපෙරුම

ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් වැඩ සිටින සඳහම් අසපුවේ උන්වහන්සේගේ පෞද්ගලික සේප්පුවක තැන්පත් කර තිබූ ඇමරිකන් ඩොලර් 1000 ක මුදලක්‌ සොරා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක්‌ ගොනු කරමින් කියා සිටියේය.

රතන හිමියන් විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අදාළව මෙකී පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දන්වා සිටි පොලිසිය සිද්ධියට අදාළව මෙතෙක්‌ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බව ද පැවසුවේ ය.

විදේශීය සංචාරයක නිරතව සිට අසපුවට වැඩම කර ඇති රතන හිමියන් ඇමරිකානු ඩොලර් 4000 ක්‌ විහාරයේ දෙවැනි මහලේ සිය පෞද්ගලික නිදන කාමරයේ ඇති සේප්පුවක තැන්පත් කර ඇති බවත් පසුව බලන විටදී එයින් ඩොලර් 1000 ක මුදලක්‌ නැති වී ඇති බවත් පැමිණිල්ල මගින් දක්‌වා ඇතැයි පැවසූ පොලිසිය සිය විහාරයේ පෞද්ගලික කාමරවලට පිටස්‌තර පුද්ගලයන් නොපැමිණෙන බවත් අසපුවේ සේවයේ නියුතු අයකු අදාළ මුදල සොරා ගන්නට ඇතැයි සැක කරන බවත් පවසා ඇත.

සිද්ධියට අදාළව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දැන්වූ පොලිසිය ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් කියා සිටියේය.
 

topedo

Banned
Jun 27, 2010
343
34
0
අධිරාජ්‍ය වීරෝදි රතන, මොන බම්බුවකටද අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර් සේප්පු වල තියාගන්නේ.?
සමහරවිට මේක අධිරාජ්‍යවාදීන්ගේ වැඩක් වෙන්නත් පුලුවනි, මොකද ඒ ගොල්ලො අධිරාජ්‍යවීරෝදින් ඩොලර් තියාගන්නවට කැමති නැතුවද කොහෙද?

 

topedo

Banned
Jun 27, 2010
343
34
0
මේක UNP කාරයන්ගේ වැඩක් ෂුවර් එකටම.උන්වහන්සේ ඩොලර් සෙප්පුවේ තියගන්නවා කියලා පෙන්වන්න කොරන්න ඇත්තේ.උන්වහන්සේ කියන්නේ ඩොලර් තියගත්තේ ඩොලර් දිහා බලාගෙන පිළිකුල් භවනාව කොරල එර්දි වෙන්නලු




 
Last edited:

topedo

Banned
Jun 27, 2010
343
34
0
රනිල් මේදනන්දගේ බෙන්ස් එක සල්ලි වලට ගත්තා වගේ ,මොකෙක් හරි යවලා ඩොලර් ටිකක් හොරකම් කරගෙන එන්න ඇති.එතකොට ඩොලර් සේප්පුව ප්‍රසිද්ධ වෙනවනේ.පව් කියලා පොඩ්ඩක් හොරකම් කරලා තියෙන්නෙ.මොකද භවනා කරන්න $3000ක් ඇති කියලාද කොහෙද.මොක වුනත් රනිල් හිත හොඳ මිනිහනේ.



 

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    412
    83
    AUH, CMB , DXB
    puh
    Soma hamuduruwo apavath wenakota un wahanse gava thibune sabana kata deka thunai siwurakui puja karapau van ekak vitharai mata mathaka vidihata

    me gollo soma hamudurwo ge namin parliment gihilla dan meva thamai karanne
    :dull::dull::dull::dull::dull:
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0

    ඩොලර් ඉනේ ගහගෙන ඇමරිකානු තානාපති කාර්යාල ඉස්සරහ බෙරිහන් දෙන අපේ කාලයේ කුඩාපොල සාදුලයි, ලෙමන් පෆ් කකා උපවාස කරන ලංකාවේ චේගුවේරාලයි බෑන් කීන් මූන්ගේ හිතත් වෙනස් කරලාලු.
    ලංකාවට කරන සේවයට මේ ගොල්ලන්ට හැතම්මෙන් හැතම්මට මාලිගා ගහලා දෙන්න ඔනී

     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18

    ඩොලර් ඉනේ ගහගෙන ඇමරිකානු තානාපති කාර්යාල ඉස්සරහ බෙරිහන් දෙන අපේ කාලයේ කුඩාපොල සාදුලයි, ලෙමන් පෆ් කකා උපවාස කරන ලංකාවේ චේගුවේරාලයි බෑන් කීන් මූන්ගේ හිතත් වෙනස් කරලාලු.
    ලංකාවට කරන සේවයට මේ ගොල්ලන්ට හැතම්මෙන් හැතම්මට මාලිගා ගහලා දෙන්න ඔනී

    :(:(