රත්තරන් ගැන ඔබ දැන සිටිය යුතු කරුණු

Ashhab

Well-known member
  • Jan 12, 2009
    1,712
    97
    63
    33
    GalleStar
    රත්තරන් ගැන ඔබ දැන සිටිය යුතු කරුණු

    කවුරු හරි අපිට “රත්තරං” කියලා කතා කරනකොට හරිම ආදරණීය බවක් දැනුනට ඇත්තටම අපිට රත්තරන් කියලා කතා කරන්නේ අපි රත්තරන් නිසා නෙවෙයි කියලා අපි කොහොමත් දන්නවා නේ? ඒ වුනාට මුහුදු කොල්ලකාරයින්ගේ සිට ටෙක්නොලොජි කොම්පැනි වල මයික්‍රෝ සර්කිට් වලට වෙනකල් රත්තරන් පාවිච්චි වෙනවා කියන එක නම් මුසාවක් නෙවෙයි.

    මේ අවුරුද්ද ආරම්භයේදී රත්තරන් ගැන අරුම පුදුම තොරතුරු එක්කාසු කරලා ලිපියක් ලියලා තිබ්බට අපිට රත්තරන් ගැන පොඩ්ඩක් විස්තරාත්මක කතාබහකට යන්න බැරි වුණා. ඉතින් ආවර්ථිතා වගුවේ 79 වන ස්ථානය අයිතිවෙලා තියෙන මේ කහ පාට දීප්තිමත් ලෝහය ගැන අපිට කියන්න බැරිවුණු කාරණා කිහිපයකුත් එක්ක අද කියවමු අපි ලස්සන රත්තරන් වටිනා කතන්දරයක්. හා ද?


    1. රත්තරන් ඉතිහාසේ
    Choosing-Gold-aniwa-01.jpg

    මිනිසුන් තමන්ගේ සිරුරේ අලංකාරය වැඩි කරගන්න රත්තරන් ආභරණ විදිහට පළඳින්න අරගෙන තියෙන්නේ කිතු උපත සිදුවූ කාලයටත් වසර 4000කට විතර කලින්. උතුරු යුරෝපයේ සිට පාරාවෝ වරුන්ගේ සොහොන් සැරසිලි දක්වාම රත්තරන් භාවිතා වෙලා තිබෙන බව ඔබට වුනත් පරිගණකයේ යතුරු කිහිපයක් එහා මෙහා කල සැණින් හොයාගන්න පුළුවන්.

    රත්තරන් වලට අතීත මිනිස්සුත් කොතරම් ප්‍රේම කලාද කියන දේට නිදසුනක් අවශ්‍ය නම් ක්‍රිස්තුපූර්ව 128 දී මියගිය හන් රාජවංශයට අයත් ලියු ෆෙයි නමැති චීන රජකෙනෙකුගේ සොහොනක් මීට වසර කීපයකට උඩදී සොයාගනු ලැබුවා. ඔහුව වල දමා තිබෙන්නේ රත්තරන් ඇතුළු තවත් බොහෝ වටිනා දේ සමගින්. මෙයට අමතරව ඊජිප්තු පාරාවෝ වරුන් තම මරණයෙන් පසුව පරලොවට රැගෙන යන්නට තැන්පත් කල බොහෝ රන් ආභරණ සහ උපකරණ පිරමීඩ තුලින් හමුවී තිබෙනවා.



    2. කීකරුයි රත්තරං!
    Choosing-Gold-aniwa-02.jpg

    රත්තරන් කියන්නේ අනෙකුත් ලෝහ වලට වඩා බොහොම පහසුවෙන් මිටියම් කරන්නට හැකි වගේම බොහොම ඔප මට්ටම් කරන්නට හැකි ලෝහයක්. ඒ වගේ ම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කරන්නට හැකි ලෝහයක්. අන්න ඒ නිසා තමයි රත්තරන් වල ශක්තිය වැඩි කිරීමට රිදී සහ තඹ හෝ වෙනත් ලෝහ වර්ග එකතු කරන්නේ.



    3. අපි නොදන්නා රත්තරං
    Choosing-Gold-aniwa-03.jpg

    ලොව දැනට අලෙවි වී ඇති රත්රන් වලින් 11%ක ප්‍රතිශතයක් තිබෙන්නේ ඉන්දියාවේ කාන්තාවන් සතුවයි. මෙය ඇමෙරිකාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන රටවල් සියල්ලේම පවතින රන් සංචිත වලටත් වඩා ඉහල අගයක් ගන්නවා.
    ආවර්තිතා වගුවේ 79 වන තැන හිමිකරගෙන සිටින රත්තරන් වලට තිබෙන රසායනික සංකේත නාමය වෙන්නේ Au එහෙමත් නැති නම් Aurum.
    අභ්‍යවකාශ තරණ වලට ගගනගාමීන් භාවිතා කරන හෙල්මටයේ වයිසරයට සිහින් රන් ලේයරයක් ආලේප කර තිබෙනවා. ඒ රන් වලින් පාරජම්බුල කිරණ කපා හැර ඔවුන්ගේ දෙනෙත් ආරක්ෂා කරන්නටයි.
    ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම තනි රන් ස්ඵටිකය (Biggest Single Gold Crystal) ගැන ආරංචි වෙන්නේ වෙනිසියුලාවෙන්. අවුන්ස 7.7ක් හෙවත් ග්රෑම් 217.78ක් බර මේ රන් ස්ඵටිකය වටිනාකමින් ඩොලර් මිලියන 1.5ක් පමණ වෙනවා.
    ලොව විශාලතම රන් කුට්ටිය හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති රන් ආකාරයකින්. 1869 පෙබරවාරි 05 වන දිනයි. එය බරින් කිලෝ 72.02 වෙනවා.
    කිසිවෙක් නොසිතුවාට රන් කියන්නේ ආහාරයට ගත හැකි ඛනිජයක්. විදේශ සුඛෝපභෝගී ආහාර කඩවල රන්පතින් එතූ පේස්ට්‍රීස්, වොඩ්කා වල සිට ඔලිව් තෙල් දක්වා මිලට ගන්නට හැකියාව තිබෙනවා. Edible Gold කියන්නේ එහෙම රන් ඇතිරූ ආහාර මිලදී ගන්නට පුළුවන් බ්‍රිතාන්‍ය පාදක කරගත් සමාගමක්. ඔවුන්ගේ සියලුම ආහාරමය නිෂ්පාදන පාහේ නිර්මාණය වී තිබෙන්නේ ආහාරයට ගත හැකි රත්රන් වලින්.



    4. කැරට් කියන්නේ මොනවද රත්තරන්?
    Choosing-Gold-aniwa-04.jpg
    Gold
    බොහෝ රන් ආභරණ නිර්මාණය වී තිබෙන්නේ පිරිසිදු රත්රන් වලින් නෙවෙයි. මේ නිසා ඔබ සතුව ඇත්තේ කර මාලයක් නම් එහි රන් ඝනත්වය තීරණය කරන්නේ කැරට් (Karat) නමැති මිම්ම භාවිතා කරලයි. සුපිරිසිදුම රත්රන් හඳුන්වන්නේ කැරට් 24 කියලයි. නමුත් මේවා සවිශක්තියෙන් බොහොම දුර්වලයි. අපි කැරට් 24 රත්රන් භාවිතා කරලා ආභරණයක් තැනුවොත් රන් වල වටිනාකම තිබුනට එහි සවිශක්තිය මදි නිසා ඔබට පාඩු සිදුවෙන්නට තිබෙන ඉඩ බොහොම ඉහලයි.

    මේ හේතුව නිසා ආභරණ නිෂ්පාදනයේදී රන් වල වටිනාකම අඩු නොවන ආකාරයට මිශ්‍ර ලෝහ එක්කෙරෙනවා. නිදසුනක් විදියට අප සතුව කැරට් 12 රන් තිබෙනවා කියන්නේ සම්පුර්ණ රන් බරින් 50% ක් මිශ්‍ර ලෝහ එකතු කර ඇති බවයි.

    මේ අනුව 9K, 10K, 12K, 14K, 18K, 22K, 24K ආදී වශයෙන් රත්රන් වර්ග කෙරෙනවා. මෙහිදී කැරට් අගය වැඩි වන්න, වැඩි වන්න සුපිරිසිදු රන් වන අතර කැරට් අගය අඩුවන්නේ වෙනත් ලෝහ ප්‍රතිශතමය වශයෙන් මිශ්‍ර කිරීමක් කෙරෙන නිසා බව ඔබ අනිවා දැනගත යුතුයි.
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ⁣මේක දැකපු තුන්වෙනි පාරද මේ...re post වගේ බං