රත්තරන් වටින පහුගිය කතා 02

Old Is Gold

Member
Jul 22, 2015
76
15
0
searchingggggggg
රත්තරන් වටින පහුගිය කතා 02

බල්ලන් වෙනුවෙන් දි මු අගමැති කඩේ ගියහැටි

බල්ලට මෙහෙම
ආධාරකරන එක
ඉතාම හොඳයි


පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අයවැයෙන් බල්ලන් හා බළලුන්ගේ ආහාර සඳහා ලබාදී ඇති බදු සහන සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු දි මු අග‍්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

මුලදී එම ප්‍රශ්නය වටහාගැනීමට දි මු අගමැතිවරයාට නොහැකිවූ අතර පසුව එම ප‍්‍රශ්නය අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැහැදිලිකරන ලදී.

ඉන්පසු අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ මිනිසාට ප‍්‍රයෝජනවත් සත්වයෙකු වන බල්ලන්ට මිනිසාට වඩා සහන ලබාදීම අගයකල යුත්තක් බවයි. අග්‍රාමාත්‍යවරයා එම පිළිතුර ලබාදුන් ආකාරය පහතින් බලන්න

මාධ්‍යයවෙදියා : අගමැතිතුමා මේපාර අයවැයෙන් බදු සහන දීල තියෙනවා භාණ්ඩ දහයකට. මේ භාණ්ඩ දහයන් එකක් වන්නේ බළල් කෑමයි බැලු කෑමයි. ඒ ගැන ඔබතුමාගේ අදහස??

(අගමැතිතුමාට ප්‍රශ්නය වටහාගැනීමට නොහැකිවෙයි)
පසුව එය අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියෙකු අගමැතිවරයාට පැවසුවේ මෙසේය

නිලධාරියා : භාණ්ඩ දහයකට සර් බදු සහන දීල තියෙනවලු ..එකක් තමයි බලු කෑමයි බළල් කෑමයි..

අගමැතිතුමා : ආ වාහන...

නිලධාරියා : නෑ නෑ බදු සහන දීපු භාණ්ඩ ගැන අහන්නේ..?

අගමැතිතුමා : ඔව්..මොනවටද බදු සහන දීල තියෙන්නේ?

නිලධාරියා: එයා කියනවා බලු කෑම වලටත් දීල තියෙනවා කියලා..සත්ව ආහාර..ඒක ගැන මොකද්ද කියන්නේ කියල අහනව..

අගමැතිතුමා : හොඳයි නේද ඒක? ඒ කියන්නේ බල්ලා මනුස්සයාට විශේෂ ප්‍රයෝජනයක් තියෙන සතෙක්..බල්ලෝ ඇතිකරන්නේ ඇයි? හොරුන්ගෙන් තමන්ගේ විරුද්ධකරුවන්ගෙන් බේරෙන්න. ඊයේ පෙරේදා පොලිස් නිලධාරියෙකු ගියාම ඩී. එස් සේනානායක මහත්තයාගේ වලව්වට පරීක්ෂණයකට, අශ්වයෙක් ඉඳලා පොලසිය හපා කාළා..බල්ලෙක් හිටිය නැති එක හොඳයි..
බල්ලෙක් හිටියනම් කොහම හපයි ද? ඒක නිසා බල්ලට මෙහෙම ආධාරකරන එක ඉතාම හොඳයි.