රත්දෝතළු මල් 10 ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රත්නපුර, මොරගහයට ප්‍රදේශයේ දී විකිණීම සඳහා සූදානම් කළ රත්දෝතළු මල් 10ක් සන්තකයෙහි තබා ගත් පුද්ගලයන් දෙදෙනකු සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇත.

    පසුගිය 04 වැනි දා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් අතර රත්දෝතළු ශාකයට හානි කිරීමේ චෝදනාව මත මෙම සැකකරුවන් රත්නපුර මහේස්ත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.



    රත්දෝතළු ශාකය (Loxococcusrupicola) ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ ශාකයක් වන අතර වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත ශාකයක් ලෙස නම් කර ඇත. 2020 ලෝක වනජීවී දිනය නිමිත්තෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මුද්දර කාර්යාංශය එක්ව නිකුත් කරන ලද තර්ජනයට ලක්වූ ශාක සහ සතුන් ඇතුළත් මුද්දර පෙළෙහි රත්දෝතළු මල් සහිත මුද්දරයක් ද නිකුත් කෙරිණි.

    මෙම රත්දෝතළු මල් බුදුන්ට පූජා කිරීමට ඇතැමුන් කටයුතු කරන බව වනජීවී නිලධාරීන්ට වාර්තා වී ඇති අතර තිබෙන අතර දැඩි ලෙස තර්ජනයට ලක්වූ මෙවැනි ශාකයක් රැක ගැනීම ජනතාවගේ වගකීමක් සහ යුතුකමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එබැවින් අති දුර්ලභ රත්දෝතළු ශාකයට හානි කරන යම් පුද්ගලයකු පිළිබඳ තොරතුරක් වේ නම් '1992'- වනජීවී හදිසි දුරකතනයට ඇමතුමක් ලබාදෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
    ( බුද්ධිකා ඉඹුලාන)

    4.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    මෙක දුර්ලබ බව ඇත්ත. මේක දුර්ලබ න්ම් තව පැළ හිටවලා බෝ කරන් එක නේද කරන්න ඕනි? ඒක කරන්නෙත් නෑ. වදවෙලා යනකල්ම බලාගෙන ඉන්නවා
    එහෙම පැල කරන්න අමාරුයි කියනවා නෙ ඔව්ව.
     
    • Like
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,454
    100,466
    113
    රත්දෝතළු, දෝතළු නම් අහල තිබ්බට කවදාවත් ගහක්වත් දැකල නෑනෙ. :cry:
    දැක්කොත් ෆොටෝ එකක්වත් ගහල දාන්න අපිටත් දකින්න
    දොතලු ගහක් අල්ලපු වත්තේ තිබ්බ වගේ මතකයි. හෙට බලලා දාන්නන්.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Oka malak nam Mal kohomath para wenawani. Gahe thibunath ekak nathath ekai 😁
     

    Similar threads