රථවාහන_අලෙවියේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රථවාහන_අලෙවියේ

බද්ද වැඩි කළත් රථවාහන අලෙවියේ අඩුවක් නෑ



sil-11-29-p11-1.jpg



රටක අය-වැය ප්‍රධාන වශයෙන්ම රඳා පවතින්නේ බදු අය කිරීම මත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් එම බදු අය කිරීම ජනතාව පෙළන ආර්ථිකය කඩා හැලෙන්නක් නොවිය යුතුය; රටේ තිබෙන බහුතර ප්‍රශ්නවලට විසැඳුමක් විය යුතුය.
අපේ රටේ ප්‍රවාහන ප්‍රශ්න අතර ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ අධික වාහන තදබදයයි. එම තදබදයට විසැඳුමක් ලෙස මෙරටට ආනයනය කරනු ලබන වාහන සංඛ්‍යාව අඩු කළ යුතු බව වත්මන් රජයේ මතය වී ඇත.
මෙවර අය-වැයෙන් වාහන සඳහා අධික ලෙස බදු ඉහළ නැංවීමෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේද එයයි. එහෙත් ගැටලුව වී ඇත්තේ එමඟින් මේ කියන ගැටලුවට විසැඳුමක් ලැබේවිද යන්නයි. වාහන සඳහා අධික බදු පැටවීම මඟින් වාහන සංඛ්‍යාව අඩු වනවා වෙනුවට වැඩි වුව හොත් කුමක් සිදු වෙයිද? අපි ඒ ගැන මඳක් විවරණය කර බලමු.
අය-වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ගෙනහැර දැක්වූ යෝජනා අනුව මැති-ඇමැතිවරුන්ට මෙන්ම රජයේ ඉහළ තනතුරු හොබවන නිලධාරීන්ට දෙන වාහන බලපත්‍ර අහෝසි කර ඇත. එමඟින් වාර්ෂිකව මිලියන 40000ක ඉතිරියක් බලාපොරොත්තු වේ. එය එක් අතකින් අගය කළ යුත්තකි. උස්-පහත් භේදයකින් තොරව සැමට එකම ආකාරයේ වාහන මිල දී ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.
මෙරටට ආනයනය කරනු ලබන වාහන අතුරින් බහුතර වාහන සංඛ්‍යාවක් පැමිණෙන්නේ ජපානයෙනි. එයින්ද බොහෝ රථ ජපානයේ භාවිත කළ ඒවාය. භාවිත කළ වාහන ආනයනය කරනු ලබන්නේ පෞද්ගලික වාහන ආනයනය කරන්නන් විසින් වන අතර, වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසන්නේ මෙවර අය-වැයෙන් වාහන මිල දී ගැනීමට බලාපොරොත්තු වූවන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බවයි.
pg17_0.jpg
ඔහු පෙන්වා දෙන පරිදි සාමාන්‍ය වෑන් රථයක් මේ වැඩි කිරීම අනුව රුපියල් ලක්ෂ 20 සිට 30ක් දක්වා වූ මිල ගණන් වලින් ඉහළ යනු ඇත. හයිබ්‍රිඩ් රථද ලක්ෂ 4ක්-5ක් දක්වා විවිධ කාණ්ඩ යටතේ ඉහළ නඟිනු ඇත. සෙසු මෝටර් රථ මිලද ඉහළ ගොසිනි.

මෙහි විශේෂිතම බදු අය කිරීම වැඩි වී ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියා කරනු ලබන මෝටර් රථ (ඉලෙක්ට්‍රික් කාර්) සඳහාය. වර්තමාන වෙළෙඳපොළේ ලක්ෂ 25 සිට ඉහළට අලෙවියට ඇති මේ මෝටර් රථයක මිල ලක්ෂ 25ත්-30ත් අතර මිලකින් ඉහළ යනු ඇත.
මෝටර් රථ සඳහා මෙසේ මිල ඉහළ නැංවීම විවිධ කාණ්ඩ යටතේ සිදු වී ඇති අතර, වැඩි වශයෙන්ම ඉහළ නංවා ඇත්තේ ලෝකයේ නවතම වශයෙන් භාවිතයට ගත යුතුයැයි නිර්දේශිත හයිබ්‍රිඩ් මෝටර් රථ සහ විදුලි බලයෙන් ක්‍රියා කරනු ලබන මෝටර් රථ සඳහා අය කරනු ලබන බදු මුදල්ය.
මෙය මේ වන විට අන්තර්ජාතික මට්ටමෙන් පවා කතාබහට ලක්ව ඇත. එය ශ්‍රී ලංකාව වැනි මේ කාලයේ යුද අපරාධ සම්බන්ධව කතාබහට ලක් වන රටකට කිසිසේත්ම සුදුසු නොවේ.
ලෝකයේ රටවල් හැම විටම පරිසරය ආරක්ෂා කරන ඕසෝන් වියන රැකගැන්මට උත්සාහ දරන මේ වකවානුවේ, පරිසරයට අහිතකර නොවන වාහන වැඩි වශයෙන් හඳුන්වා දෙන මේ කාලයේ එවන් වාහන සඳහා අධික ලෙස බදු අය කිරීම මෙරට වාහනයක් මිලට ගැනීමට බලා සිටින්නන්ට වඩා ලෝකයේ කතාබහට ලක් වීම අපට ඉතාමත් අහිතකරය.
මේ වසරේ මුල් මාස 8 තුළදී පමණක් මෙරට ලියාපදිංචි කරන ලද මෝටර් රථ සංඛ්‍යාව 59949කි. එය 2014 සමස්ත වර්ෂය පුරා ලියාපදිංචි කළ සංඛ්‍යාවට වඩා වැඩිය. පසුගිය වසර පුරා ලියාපදිංචි කළ සමස්ත මෝටර් රථ සංඛ්‍යාව 38780කි. මේ රජය විසින් අතුරු අය-වැයෙන් හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා අය කරනු ලබන බද්ද 125%ක් දක්වා වැඩි කළද වාහන ගෙන්වීම හා ලියාපදිංචියේ අධික වැඩි වීමක් මිස අඩු වීමක් සිදු වී නැති බව මේ අනුව පෙනී යයි.
ඉදිරියේදී මේ තත්ත්වය තවත් උග්‍ර වනු ඇත. ඒ සඳහා බලපවත්වන ප්‍රධාන හේතු දෙකක් ඇත. ඉන් පළමු වැන්න යළිත් ඉදිරියේදී බදු අය කිරීම වැඩි වනු ඇතැයි සිතා ජනතාව වාහනයක් ඉක්මනින් ගැනීමට පෙලඹීමය. අතුරු අය-වැයෙන් පසුව වාහන මිල දී ගැනීම් වැඩි වූයේ ඒ නිසා බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි. අනෙක් කරුණ ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අශ්ව බල 1000ට අඩු කුඩා මෝටර් රථ සඳහා බදු වැඩි වීම එතරම් බලපා නැති හෙයිනි.
මීට වසර දෙකකට පමණ ලක්ෂ 20කට ආසන්න මිලකට පැවැති ඉන්දියානු මෝටර්රථයක මිල පසුව අඩු කළ අතර මෙවර අය-වැයෙන් බදු වැඩි කළද එම වාහන මිල ලක්ෂ 15ක් ඉක්මවා නැති බව පෙනේ. ඒ අනුව ඉන්දියානු වාහන මේ රටේ වැඩි වශයෙන් රඳා පවත්වාගැනීමක් හෝ ඉන්දියානු වාහන ගෙන්වීමට වැඩි අනුග්‍රහයක් ලබා දීමට ගත් උත්සාහයක් මෙවර අය වැයෙන් සිදුව ඇතිදෝ යන්න ගැනද අවධානය යොමු කිරීමට සිදුව තිබේ.
ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගනුදෙනු කිරීම මෙන්ම වෙළෙඳ ගනුදෙනු කිරීම ඉතාම වටනේය. එහෙත් ඉන්දියානු මෝටර් රථ සහ ජපන් මෝටර් රථ සංසන්දනය කිරීමේදී අපට පෙනී යන්නේ අය-වැයෙන් සිදු කළ බදු වැඩිවීමෙන් ජපන් වාහන මිල ගණන් ඉහළ යෑම හැරෙන්නට ආරක්ෂාව අතින් ජපන් වාහනවලට වඩා අඩු තාක්ෂණයකින් යුත් ඉන්දියානු මෝටර් රථ වෙළෙඳපොළට පැමිණීම වැඩි වන බවයි.
ජපන් මෝටර් රථ සියල්ලෙහිම පාහේ ආරක්ෂිත වායු බැලූන තිබෙන නමුත් ඉන්දියානු තාක්ෂණය තවම එතැනට පැමිණ නැත. ජපන් මෝටර් රථ සියල්ලම ආරක්ෂිත ඒ.බී.එස්. තිරිංග පද්ධතිවලින් සමන්විත අතර ඉන්දියානු වාහනවල එම තිරිංග පද්ධති නැත. අලුතින් පැමිණෙන ජපන් වාහන සියල්ලෙහිම පාහේ ස්වයංක්‍රීය ජියර් පද්ධතියකින් සමන්විත අතර ඉන්දියානු වාහන වර්ග එකක හෝ දෙකක පමණක් එම තාක්ෂණය දක්නට ඇත.
නවීන ජපන් වාහනවල ආරක්ෂිත ස්වයංක්‍රීය තිරිංග පද්ධති පවතින අතර ඉන්දියාව තවම එම තාක්ෂණයට අත තබාවත් නැත. එමෙන්ම හයිබ්‍රිඩ් මෝටර් රථවල එන්ජින් ක්‍රියාකාරීත්වය හා දෝෂ රියැදුරාට දැනගත හැකි අයුරින් තිබෙන අතර ඉන්දියාවේ එම තාක්ෂණය නැත.
එමෙන්ම ජපානයේ පාවිච්චි කර මෙරටට ගෙන්වනු ලබන මෝටර් රථයක් මෙරට වසර දහයක් පහළොවක් පමණ ඉතා හොඳින් ධාවනය කළ හැකි නමුත් අලුත්ම අලුත් ඉන්දියානු වාහන ඉතා ඉක්මනින් ක්ෂය වන තත්ත්වයට පැමිණේ. මෙවන් තත්ත්වයක් ලංකාවේ වෙළෙදපොළ තුළ පවතින නමුත් අඩු මුදලකට මිල දී ගත හැකි නිසා වාහනයක් මිල දී ගන්නට බලාපොරොත්තු වන සාමාන්‍ය ජනතාව ඉන්දියානු වාහන මිල දී ගැනීමට උනන්දුවක් දක්වති.
මේ නිසා ඉන්දියානු වාහන ලබාගැනීමට පොරොත්තු ලේඛනයේ සිටීමට ජනතාවට සිදුව ඇත. එය ඇතැම් විට මාස තුනක පමණ කාලයක් දක්වා දිව යයි. එහෙත් ජපන් වාහන මෙරට වෙළෙඳපොළේ අවශ්‍ය තරම් තිබෙන නිසා ඕනෑම වේලාවක මිල දී ගැනීමට හැකි වේ. එමෙන්ම ආරක්ෂාව අතින් ඉහළ තත්ත්වයක පවතින නිසා සාමාන්‍යයෙන් වාහන සම්බන්ධව යමක් දන්නා අය මෙරට භාවිතා කළ හෝ ජපන් වාහනයක් මිලට ගැනීමට උනන්දුවක් දක්වයි.
මේ තත්ත්වය මත කිසිදු ආකාරයක ඉන්ධන වියදමක් නොමැති විදුලි බලයෙන් ක්‍රියා කරනු ලබන මෝටර් රථ සඳහා වැඩි කළ බදු මුදල නිසා මෙරට ඉන්ධන පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර එය ලංකාව වැනි රටකට දරාගැනීමට නොහැකි විශාල බරකි. ජනතාවට සහන ලබා දෙන අතරම වාහනයක් මිල දී ගැනීමට සිටි ජනතාවට වාහනයෙන් බිමට වැටීමට සිදුව ඇති බව වාහන ආනයනය කරන්නන්ගේ සංගමය පෙන්වා දෙයි.
පසුගිය කාලයේ වාහන මිල ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු තුනක් බලපෑ බවද ඉන්දික සම්පත් මහතා පෙන්වා දෙයි. ඉන් පළමු වැන්න ඩොලරයේ මිල ඉහළ යෑමයි. දෙවැන්න වාහනවල තක්සේරු ක්‍රමවේදයේ ඇති කළ වෙනස්කමයි. තුන්වැන්න ලෙස ඔහු පෙන්වා දෙන්නේ බදු ඉහළ දැමීමයි. මෙවරද බදු ඉහළ දැමීමෙන් වාහනයක් මිලදී ගැනීම සිහිනයක්ම වන බව ඔහු පෙන්වා දෙයි.
මේ වන විටත් දුම් සහතිකයක් ලබාගැනීම සඳහා මෝටර් රථයකට අය කළ මුදල රුපියල් 1100 සිට රුපියල් 5000ක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇත. එය පාසල් වෑන් රථ ඇතුළු සියලු වාහන සඳහා බලපවත්වනු ඇත. මෙහි සලකා බැලිය යුතු කරුණු දෙකක් ඇත.
ඉන් පළමු වැන්න දුම් පරීක්ෂණ සහතික ලබා දෙන පෞද්ගලික සමාගම් දෙක මඟින් අය කරනු ලබන රුපියල් 1100ක මුදලෙන් රජයට ලැබෙන්නේ රුපියල් 110ක් එනම් 10%ක් පමණි. ඉදිරියේදීද ඒ තත්ත්වය පැවතුණහොත් එම මුදල් මෙරට පෞද්ගලික සමාගම් තර කිරීමක් වනු ඇත. එමෙන්ම මේ වන විටත් පාසල් වෑන් රථ ප්‍රවාහකයන් වැඩි කළ දුම් පරීක්ෂණ ගාස්තුව පාසල් සිසුන් වෙත පැටවීමට තීරණය කර ඇත. ඒ සියල්ලෙන්ම සිදු වන්නේ මහජනතාවට තවත් බරක් පැටවීම පමණි.
පාරිසරික හානි අවම කරන හයිබ්‍රිඩ් සහ විදුලි මෝටර් රථ වඩාත් ප්‍රචලිත කරනවා වෙනුවට ඒ සඳහා අධික බදු මුදල් අය කිරීම මඟින් සිදු වන්නේ ලංකාව ආර්ථික අතින් තවත් පහතට වැටීමට ඉඩ ප්‍රස්තාව සැලසීම වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ විශ්වාසයයි. මේ කරුණු සලකා බැලීමේදී වාහන තදබදයට විසැඳුමක් ලෙස අය-වැය යෝජනාවන්ගෙන් මෝටර් රථ සඳහා බඳු පනවා ඇත් නම් සිදු වන්නේ එහි අනෙක් පැත්ත මිස, ජනතාවට සහනයක් හෝ වාහන තදබදයට විසැඳුමක් හෝ නොවන බව නම් පැවසිය යුතුමය.
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිංගප්පූරුවේ එක හරිද
    :eek::eek::eek:
    රටත් පොඩි නිසා මම නම් හිතන්නේ ඕක නම් වෙන්න බෑ
    :baffled::baffled::baffled:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Gonkamakma thamai electric / hybrid wadi karana eka. diyunu ratawal ekakawath eka karanne ne. meka ithin hemadama eka thena thama.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාර් අඩු වැඩි කරන්නේ අපේ ආරක්ෂාව ගැන මුන්ට තියන අමාරුවකට නෙමේ :no:

    වර්තමානයේ දදේනියෙන් සියයට 6.8 ක් වන අයවැය හිඟය 2020 දී සියයට 3.5 දක්වා අඩකින් කපා හරින ලෙසට කර ඇති ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) නිර්දේශ ඉෂ්ට කිරීම වික‍්‍රමසිංහගේ ආර්ථික ප‍්‍රකාශනයේ කේන්ද්‍රීය කාරනයයි. මෙය කල හැකි වන්නේ මිල සහනාධාර කප්පාදුවත්, පුද්ගලීකරනය හඳුන්වා දීමත් හා සාමාන්‍ය ජනතාව මතට බදු බර පැටවීමත් මගිනි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සිංගප්පූරුවේ එක හරිද
    :eek::eek::eek:
    රටත් පොඩි නිසා මම නම් හිතන්නේ ඕක නම් වෙන්න බෑ
    :baffled::baffled::baffled:
    යන්න පාරවල් නෑ කියල වාහන ගනන් වැඩි කරන හරක් ඉන්නෙ මෙහෙ විතරයි:frown:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව දාල උබට දෙන ගාන නැතිකරගන්න හදන්නේ ...:lol::lol:

    එකියන්නේ වාහන අඩු කරන්න බදු ගැහුවට වැඩක් වෙලා නැද්ද හිටන් ?:lol::lol:

    දැන් එහෙනම් පාරවල් ටිකක්වත් හදමු හිටන් :lol::lol::lol:
     

    Similar threads