රන්ජගෙ කිස් එක
ඉකුත් 4 වැනි දා පස්වරුවේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුට ප්‍රසිද්ධියේ වැළඳගැනීමට ඉඩ දුන් පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් මූලස්ථානය විසින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ රාමනායක මන්ත්‍රීවරයා වැළඳ ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය වැළැක්වීමට උත්සාහ නොගැනීම සම්බන්ධයෙනි. එදින රන්ජන් රාමනායක මහතාට මාංචු දැමීමට සූදානම් වන අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ අතර එය මාධ්‍ය වලද ප්‍රචාරය විය.
එම වැලඳගැනීම කරන අවස්ථාවේ නිලධාරියා ඊට විරුද්ධතාවය නොදැක්වූයේ මන්දැයි විමසීමට පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඒ අනුව පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.