රන්ජන්ට තේරෙන, ලොක්කන්ට නොතේරෙන ඇත්ත
from DIVAINA
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13 දා) සවස පැවති එක්‌සත් ජාතික පක්‌ෂ කැබිනට් ඇමැතිවරුන්ගේ හමුවට අගමැතිවරයාගේ විශේෂ අවසරය මත සහභාගි වූ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ආණ්‌ඩුව දැඩි ලෙස විවේචනයට ලක්‌කරමින් පළාත් පාලන මැතිවරණයේදී එ.ජා.ප. ය පරාජය වීමට හේතු දක්‌වා ඇත.
රටේ මහජනතාව දැඩි ආර්ථික අර්බුද මැද දුක්‌විඳිද්දී මැති ඇමැතිවරුන්ට අලුත් වාහන මිලදී ගැනීම, මන්ත්‍රී දීමනාව ඉහළ නංවා ගැනීම ඇතුළු ජනතා අප්‍රසාදයට ලක්‌වන කටයුතුවල නිරතවීම මෙම පරාජයට ප්‍රධාන ලෙසම බලපෑ බව සඳහන් කර ඇති නියෝජ්‍ය ඇමැතිවරයා අලුතින් රථවාහන මිලදී ගත් එ.ජා.ප. මැති ඇමැතිවරුන්ගෙන් ඒවා වහාම අමාත්‍යාංශවලට භාර දෙන ලෙස ද ඉල්ලා ඇත.
විවිධ චෝදනා සම්බන්ධව සිදුකරන විමර්ශනවලට බලපෑම් එල්ල කරමින් දුරකථන ඇමතුම් ලබාදීම නතර කරන ලෙසටත් ධුරයෙන් ඉවත් කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමසාරිස්‌වරිය යළි සේවයේ පිහිටුවන ලෙසටත් රංජන් රාමනායක ඇමැතිවරයා විසින් යෝජනා කර තිබේ.
තේ, පොල්, රබර් වගාවන් සඳහා පොහොර සහනාධාරය අඛණ්‌ඩව ලබාදෙන ලෙසත් මෙහිදී හෙතෙම ඉල්ලා තිබේ.
නියෝජ්‍ය ඇමැතිවරයා කළ යෝජනා සම්බන්ධව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය එකඟතාව පළ කර ඇත.
නෝමන් පලිහවඩන
http://divaina.com/daily/index.php/pradeshiya-puwath/7435-2018-02-13-12-54-73

Last edited:

mokakda mchn