රන්ජන්ට සිර දඬුවම්
තමන්ට වසර ගණනාවක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලැබෙනු ඇති බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර ඇත.
ඔහුගේ සුවදුක් බැලීමට ගිය සමීප කිහිපදෙනකු සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමනට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවේ තීන්දුව නුදුරෙහි දීම ලැබීමට නියමිතව ඇති බව කියමිනි.
පවතින තත්ත්වය මත තමන්ට මෙම නඩුවෙන් සිර දඬුවම් ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම දැනට චෝදනා එල්ල වන අධිකරණයට බලපෑම් කිරීම මත ද තමනට නැවතත් සිර දඬුවම් ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව තමන් දීර්ඝ කාලයක් සිර දඬුවම් හිමිවනු ඇති බවත් බොහෝ දුරටත් නැවතත් තමන් පාර්ලිමේන්තුවේ දැකීමට ඉඩ නොලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබේ.

Last edited: