අධිකරණ කටයුතුවලට මැදිහත් වීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදා හැර ඇත.
වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළ බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ.
විනිසුරුවරුන් සමඟ දුරකතන සංවාදවල නිරත වෙමින් අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා මත පසුගිය මස 14 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින්මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේය.
අනතුරුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදී රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
මේ අතර මාධ්‍යවල ප්‍රචාරය වූ දුරකතන හඬපට සමඟ මන්ත්‍රීරන්ජන් රාමනායක මහතාගේ හඬපට සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද අධිකරණයට දැනුම් දී ඇත.