රන්මසු සොයා.......

coolharrindra

Member
Apr 24, 2009
190
36
0
35
Negombo - Katana
Red__sea_in_the_morning_is_a_sailors_warning_and_red_sea__at_night_is_a_sailors_delight.jpg

රන්මසු සොයා.......

දල රළ අතර සැගවුනු ජීවිතය සොයා.
රන් මසු ගෙනෙන්නට අප්පා මුහුදු ගියා.
ආදර බර බිරිද සහ අප නිවසෙ තියා.
වියරුව නැගුනු රළ මැද ඔහු සැගව ගියා.
වෙනද මිතුරු රළ පෙළ අද අමනාපෙන්.
ගුගුරුව නැගෙනවා හනිකට වියරු හඩින්.
අහර සෙවන දුන් මරුකත අදරයෙන්.
උදුරගෙන ගියා අප්පව අනේ අපෙන්.
හෝ හඩ පමනි දැන් අපෙ තනියට ඉන්නේ.
අම්මා කදුළු බිලයි ජීවත් වෙන්නෙ.
ආදර සෙනෙහෙ බර සැමියා නැති සොවිනෙ.
මව් හද පැලි යයිදෝ මල බිය සිතුනේ.
රන්වන් හිරු රජිදු නව දිනයක් ගේන
සිතිජ ඉමේ සැග වෙනවා සෑම දින.
සයුරු පතුලෙ නිසොල්මන්ව සැත පෙවින.
ආදර පියා සොයල ගෙනෙවිත් දෙන්න.
සුදු වැල්ලයි නිල් අහසයි අමනාපෙන්.
හෙලනව හිස් බැලුම් අපවෙත ආදරයෙන්.
අප්පා නැති අපට අප්පෙක් විග විගහින්.
වෙන්නට හැකිද ඔබ දෙපලට කරුණාවෙන්.