රන්මසු_උයනේ_තාරකා_දොරටුව

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    රන්මසු_උයනේ_තාරකා_දොරටුව

    මුලින්ම කියන්නම් මේක මම නෙට් එකේ ඉන්නකොට දැකපු දෙයක්. ගෙඩි පිටින්ම කොපි කරල දැම්මේ. මේ ලිපියේ හිමිකාරත්වය මුල් කතෘ සතුයි.
    ____________________________________________________________

    263809_1725490310992_1650440164_1316518_2103335_n.jpg


    sakwala.gif


    සක්වල චක්‍රය කියන නම අපි අහල තියෙනවා.මෙය මොකද්ද මොන වගේද කියල දකින්න පුළුවන් අනුරාධපුර තිසා වැව පහල තියෙන රන්මසු උයන පැත්තේ ගියානම්.ඔන්න අපිත් පහුගිය දවසක ගියා හොයාගෙන,ලියන්න බැරි උනේ හරියට සනාථ කරන්න තොරතුරක් හමු නොවුන නිසා,එකත් නිකන් කළුනික හොයනව වගේ වැඩක්.
    අර රුපවාහිනී කතාමාලාවේ එන විදියට වෙන ලෝක වලට යන්න පුළුවන් කමක් තිබෙනවද කියල බැලුවා.”ස්ටාර් ගේට් “මොකද මේ ගැන වෙබ් පිටු අන්තර්ජාලේ පුරා සීමිත ලිපි ගණනක් තමයි තියෙන්නේ,ගොඩක් දේවල් නිකන් ලියල තියෙනවා,නමුත් අද වනතුරු මෙය කවදා කව්රුන් විසින් සාදන ලද්දක්ද කියලා නැ.දුටුගැමුණු රජතුමාගේ කලේ තිබ්බා කියලා සාලිය අශෝක මාලා කතා පුවතින් සනාථ කරනන් පුළුවන්.නමුත් ගැමි කතාවලට අනුව,දෙව් ලොවෙන් වැරදි කරපු අයව සක්‍රයා දඩුවමක් වශයෙන් රත්තරන් මාළුවකු කරලා මේ උයනට දානවා කියල මතයක් තියෙනවා,ඒක නිසා මෙය රන් මසු උයන උනාලු.
    ප්‍රධානවශයෙන් රන්මසු උයන කොටස් කීපයකින් යුතුය.ජල තටාක වැනි ගලින් නිම කරණ ලද පොකුණු වැනි 2 ක් ද,මදක් ඇතින් සිතල මාලිගය යනුවෙන් පොඩි දුපතක් වැනි බිමක කුඩා ගොඩනැගිලි 3 ද වෙයි.පොකුණු පිටුපස තමයි ඔය කියන සක්වල චක්‍රය තිබෙන්නේ.
    දැන් හිතන ප්‍රශනය තමයි මේවලින් කොහොමද වෙනත් ලෝකවලට යන්නේ කියලා? රුපවාහිනී මවන ලෝකවල සමජානුයෝජනය වූ මනසකට මෙහෙම හිතෙන එක අරුමයක් නොවෙයි.මොකක් හරහා යන්නත් කරුණු 3 ක් අවශ්‍යය.
    1.විශ්ව ශක්තිය
    2. චිත්ත ශක්තිය
    3.යාන්ත්‍රික ශක්තිය
    මේ 1 ක් හෝ 2 ක් වැදගත් ය.අඩු ගැනේ මේ එකක්වත් වැදගත්මයි,දැන් ප්‍රශනය වන්නේ අපේ මුතුන් මිත්තන් රන්මසු උයනේ එවැනි දෙයක් කෙසේ කරාද කියාය?එවැනි කිසි සලකුණක් ද නැත ඇත්තේ ගලක කොටන ලද චක්‍රයකි.එහා පැත්තෙන් පොකුණු යැයි හදුන්වන තැන් 2 කි.ලෝකයේ මෙවැනි සක්වල චක්‍ර හා කොටස් තැනින් තැන හමු වී ඇත.මෙය පැහැදිලිම දසුනකි.ලංකාවේ අනුරාධපුර මගුල් උයනේ චක්‍රය තියුණු විදියට රවුමට ගල් පොත්තේ කොටා ඇත.මසුන්ගේ බෙල්ලන්ගේන් සාගරයද,වළලු වැනි සලකුණු වලින් සත්කුළු පව්වද කියනව් අවෙන්නට පුළුවන.වළලු පැති 2 කක ඇත වළලු 14 ක් ඇත එක පැත්තකට 7 කි.මැද විශාල රව්මකි.ඊට දෙපසින් සදු හා තරු දිස්වෙයි.මෙය සමාන ලෝක 2 ක් අතර සිතියමක් ද ? නැති නම් කාලය හරහා යන සිතියමක් ද ? තන්ත්‍රයාන මහායාන අතර මෙවැනි කතාවක් ඇති බව අසා ඇත.එය ගවේෂණය කිරීමට තරම් භාෂා දැනුමක් අපිට නැත.දන්නා කෙනෙක් ඉන්නවනම් කියත්වා.රන්මසු උයනේ අබිරහස ගැන 50 දශකයේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “කළුනික සෙවීම පොතේ” මේ පිළිබද ලිපියක් ඇත.මේ පොතේ වැදගත් අදහස් ගණනාවක් ඇත.ඔහු මෙසේ සදහන් කරයි.
    “ඉන්දියානු සංක්‍රමණය වූ වන්ගේ සිරිත් විරිත් හා සමයන් ද නිසා බුදුදහමත් සිංහලයන්ගේ සමයන් දුෂණය වුයේ දහවන සියවස ආසන්නයේදීය.9 වන ශතවර්ෂයේදී 19 ශතවර්ෂයේදී “මත්වල සෙන් රජු” දවස වජිරිය වාදය,වජ්‍ර පර්වතය,නිලපොට දර්ශනය,යාන ආදී තන්ත්‍ර වාදයන් ලක්දිවට වැදගත් බව නිකාය වාදයේ සදහන් වෙයි,තන්ත්‍ර වාදය රටවල් 4 ක් පැවතුනි තන්ත්‍ර පොත්වල සදහන් වෙයි,ඒ රටවල් අතර චීනය හා ලංකාව වෙයි.මගුල් උයනේ තිබෙන චක්‍රයේ තාන්ත්‍රිකයන් ගේ මදන පුජාව පිළිබද පිළිබද ගුප්ත සලකුණක් කොට සලකන සාක්කි කුලර්නවා තන්ත්‍රයෙහි සදහන් වෙයි.තන්ත්‍ර වාදය පැතිරුණු රටවල් හැදින්වීමට සලකුණක් ලෙස කුලාර්නව තන්ත්‍රයෙහි දැක්වෙන චතුරශ්‍ර,අඩ සද,යාන සලකුණු මගුල් උයනෙහි ගල්තලාව ආදී චක්‍රයෙහි දක්නට ලැබෙයි.ලිංගය හෝ යෝනිය දැක්වෙන සලකුනක්ද එහි ඇත”
    මදන පුජාව මහත් අංගයක් ලෙස තාන්ත්‍රිකයන් සලකති.රන්මසු උයන අතිතයේ රජදරුවන් උයන් කෙලි කරපු ස්ථානයක් බව සෙනරත් පරණ විතනයන් ගේ අදහසයි.එසේනම් අතීත රජදරුවන් තාන්ත්‍රිකයන් ද ? මේ පිළිබද ජෝන් වුඩ්රෝෆ් කියන්නේ මෙබදු අදහසකි,(Sir John Woodroff : Shakti and Shakia.)
    ’ තාන්ත්‍රික යන්ගේ සියලුම යන්ත්‍රවල එන පොදු සලකුණකි “භූ පුර”ම ලග අති භූ පුරය ඒ වට ඇදෙන සර්පයන් සහිත එකකි,මගුල් උයනෙහි මණ්ඩලයෙහි සතුන්ගේ රුප අතර සර්පයන්,හා මණ්ඩලය මද සතරැස් කොටුවක්ද ඇත,ඒ සතරැස් කොටුවේ තුල අති දරන වල වැනි වට ඉරි කිහිපය තාන්ත්‍රිකයන් ගේ ගේ “කුන්ඩලනි ශක්තිය “ලෙස හැදින්විය හැක.ඒ ශක්තිය හැදින්වෙන සලකුණ සර්පයන්ගේ දරණ වැලයි.තාන්ත්‍රිකයන් ගේ මේ යන්ත්‍ර සලකුණු පත්වල දීම හා ගල්වල්,ලෝකඩ පත්වල කෙටිම සිරිත විය.”
    මාර්ටින් වික්‍රම සිංහ කියන පරදී මෙවැනි මත කිහිපයක් ඇතත් තවම මේ ගුප්ත චක්‍රය කුමක් දැයි සොයාගෙන නැති බවය.
    කෙසේ වෙතත් මෙම ගුප්ත චක්‍රයට එහා පසින් තිබෙන මනරම් උයනේ තිබෙන මනරම් පොකුණු 2 කි.රජදරුවන් උයන් කිලි බවට කිව්වට මේ පොඩි පොකුණු දැඩි ශ්‍රමයක් දරා තැනුවේ කුමකටදැයි කියා සිතෙයි.එක ටිකක් විශාල වන අතර අනික කුඩා එකකි.මෙම එක අකුටියේ ඉහල ගල පතුරුවල වර්ණ ගනවපු බදාම තවම ඉතුරු වී ඇත.මේවා ගැන නිවැරදි කාබන් පරීක්ෂාවක් කර ඇතිබව දැනගන්නටද නැත.දිය කෙලි කරපු ස්ථාන බව මතයක් ඇත්තේ දිය නාන ඇත්පැටවුන් ගේ ගල් කැටයම් ඇතී නිසාය.
    මෙම ගල් පොකුණු දෙස බල විට අතීතයේ විමාන ගැන මතක් වෙයි.යකාගේ හැටියට විමාන බැන්දත් විමාන රසදියෙන් ක්‍රියාකරපු බවත් දැනගන්නට ඇත,විමාන කතාව මෙතනට ගෙනාවේ මෙම ගල් පොකුණු විමාන නවතා තබන ස්ථාන වෙන්නට බැරිද කියාය ? ජල ක්‍රීඩා කරපු තර්කය බිදෙන්නේ අමාරුවෙන් මෙම කුඩා පොකුණු සාදා රජවරු කල ජල ක්‍රීඩාව කුමක් ද ? රති කෙලිය හැර. මේ මත කිසියම් යානා විශේෂයක් නවතා තබන්නට බැරිද ? විමානවල හැඩහුරුවට මෙය කදිමට ගැළපෙන්නකි.විමාන මෙහි ගල් පුවරු මත නවතා,විමාන මගින් වෙනත් ලෝකයකට අතීත මුතු මිත්තන් ගිය වෙන්න බැරිද ? මොකද ලෝකයේ පුරාණ ස්ථාන වල තවමත් ස්ටාර් ගේට් කියා හදුන්වන ඉස්ථාන ඇත. පොකුණු වලට එහායින් සීතල මාලිගා නමින් ගොඩනැගිල්ලක් වෙයි.එය මාලිගාවක් කිව්වට කුඩා කුටි 3 කින් සමන්විතය,තිසා වැව පැත්තෙන් එන සීතල සුළග කඩොලාන කැලයෙන් එන සිසිලස අදද තවමත් සීතල පරසරයකි.අතීතයේ මෙය රජ දරුවන්ගේ සක්වල ගමන් තොටුපොළක් විද? සමහර තැන්වල ඉතිහාස කරුණු හාරද්දී රජවරුන්ගේ නම් ජිවත් වුන කාලෙටත් අසමාන විදියට කියවෙයි.ඒ රජදරුවන් කාලය හරහා හෝ වෙනත් ලෝකවලට,රටවලට ගමන් කරපු නිසාද ? නැතිනම් ආගමික සංකල්පයක් පමණද ?
    නැතිනම් මෙහි තවමත් ක්‍රියාකාරී මට්ටමින් පවතින දෙයක් තිබෙනවද ?
    සටහන පින්තුර මනෝජ් රත්නායක
    ආශ්‍රිත ග්‍රන්ථ(කළුනික සෙවීම, Shakti and Shakia.විමාන)
    http://www.sacred-texts.com/tantra/sas/index.htm
    ___________________________________________________________

    මේ පිලිබද මීට කලිනුත් පෝස්ට් එළකිරියේ ගියා. මමත් මේක ගැන ටිකක් උනන්දු නිසයි දැම්මේ. repost නම් sorry වෙන්න ඕනෙ. ගත්තෙ මෙතනින් ... http://ceylonsky.com/stargate-in-sri-lanka-anuradapuraya-සක්වල-චක්‍රය/
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් විමාන නවත්තලා තිබ්බ තැන තමා වාරියපොළ කියන්නේ.ඒවා මෙතන නැවැත්තුවා වෙන්නත් පුළුවන්.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    paiyagala kiyanne rawana piya thiyapu thananda..?

    dethanagala seethage thana penuna thanada..? rep nokapa uththara denna nodanna kamata ahanne?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපි මේ මහලොකුවට තාරකා දොරටුයි අරවයි මේවයි කිව්වට මේක මේ නිකම්ම නිකම් සටහනක් විතරක්ද දන්නේත් නෑ....:confused:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙහෙමයි කිසිම දෙයක් තේරුමක් නැතුව ඉදිකෙරෙන්නේ නෑනේ.. මේ ත්‍රිපද ප්‍රෙහෙලිකාව ගලපන්න අවස්ය කරන මොනයම් හෝ කරුනූ තවම අප අතට පත්වී නැති එකක් මෙතන තියෙන්නේ...
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මම කලින් එළකිරියේ ගිය ත්‍රෙඩ් එකත් කියවලා තියෙනවා. මොනවා වුණත් මේක ගැන වැඩිදුර පරීක්ෂණ කරලා බලනවානම් වටිනවා කියල තමා හිතෙන්නේ.

    හොඳ පෝස්ට් එකක් මචන්...!


    You have given out too much Reputation in the last 24 hours, try again later
     

    Similar threads