රන්මිහිතැන්න වැනසෙන්නට පෙර..
එක්තරා විදිහකින් මෙය සංචාරක සටහනකි, අනික් පැත්තෙන් ලංකාවේ වැනසෙමින් තිබෙන සම්පතක් පිළිබඳ හෙළිදරව්වකි. ඒ නිසාවෙන් ඒ දෙකෙහිම ඇති වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් මේ ලියමන ලියා තැබීම වටී.
රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය යනු ලංකාවේ එදා මෙදාතුර බිහිවූ මෙන්ම දැනටද ඇති එකම ටෙලි සිනමා ගම්මානයවේ. 2011 වසරේ විවෘත කරනු ලැබූ මෙය දශක ගණනාවක පටන් ලංකාවේ කළකරුවන් ගණනාවක්ගේ සහ කලා සංගම් ගණනාවකගේ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගූ සම්පතකි. ලංකාවේ සිංහල සිනමාව ඇරඹූ මුල්ම අවධියේ කතානාද චිත්‍රපට සියල්ලම වාගේ නිර්මාණය කෙරුණේ ඉන්දියාවේ චිත්‍රාගාර තුලය.
පසුව ලංකාවේ බාහිර රූපගත කිරීම් ඇතුලත් චිත්‍රපට බිහිවුණද ඒවා සංස්කරණය සහ අභ්‍යන්තර රූපගත කිරීම් වෙනුවෙන් ලංකාවේ කලාකරුවන්ට, තාක්ෂණික ශිල්පීන්ට අති විශාල මුදලක් දරමින් ඉන්දියාවට යන්නට සිදුවිය. ඒ නිසා දශක ගණනකට පෙර සිටම ලංකාවේ සිනමා නිර්මාණකරුවන් මෙන්ම ටෙලි නිර්මාණකරුවන්ද ඉල්ලා සිටියේ ලංකාව තුල එවැනි පටිගත කිරීම් කල හැකි මධ්‍යස්ථානයක් හෝ ඉදිරිකරන ලෙසටය.
පුද්ගලික ව්‍යවසායකයන් එය සිදුකිරීමට ඉදිරිපත් නොවීම නිසා රජයට එවැනි මධ්‍යස්ථානයක් පිහිටවීම සඳහා මැදිහත්වන ලෙස 60 දශකයේ පටන්ම ඉල්ලීම් ගලා එන්නට විය. ඒ ඉල්ලීම් ලෙස්ටර්, ධර්මසිරි,පතිරාජ,සුනිල් ආරියරත්න වැනි පතාක යෝධයන්ගේ සිට සාමාන්‍ය ගීතයකට රූප රාමු සකස්කරන නිර්මාණකරුවා දක්වා ඉදිරිපත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය රජය විසින් රන්මිහිතැන්න සිනමා ගම්මානය නිර්මාණය කලේ හම්බන්තොට, තිස්සමහාරාම ප්‍රදේශයේය.
තිස්සමහාරාම නගරයේ සිට කතරගම මාර්ගයේ කිලෝමීට 5ක් පමණ ගිය තැන ප්‍රධාන මාර්ගයේ සිට දකුණු පසට විහිදෙන රන්මිහිතැන්න ග්‍රාමය වෙත දිවෙන අතුරුමාර්ගයේ මීටර් 300 ක් පමණ දුර ගමන් කල විට රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානය හමුවේ. එය වර්තමානය වනවිට නඩත්තු වන්නේ නාවික හමුදාවේ මැදිහත්වීම් මත වන අතර පාලනය සිදුකරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයයි.
චිත්‍රපට 10 කට ආසන්න සංඛ්‍යාවක් මෙහි නිර්මාණය කර ඇති අතර හින්දි චිත්‍රපටයක් වන 'බොම්බේ වෙල්වට්', ජර්මානු චිත්‍රපටයක්, පත්තිනි සහ යශෝධරා වැනි සිංහල චිත්‍රපටද වේ. එසේම කෝරලේ මහත්තයා, කෝපි කඩේ වැනි ටෙලි නාට්‍ය මෙන්ම ගීත රූප රචනාද මෙහි ගණනාවක් නිර්මාණයවී ඇත. නමුත් මෙයින් උපරිම ප්‍රයෝජන ගෙන නොමැති බවනම් සහතිකය. සම්පූර්ණ පහසුකම් සහිත අභ්‍යන්තර රූපගත කිරීම් සඳහා වන චිත්‍රාගාරයක්, ගොඩනැගිලි සැකිලි රූ සහිත පැරණි නගර දෙකක් සහ නව නගරයක ආකෘතියක්, ගම්මානය ආකෘතියක් මෙන්ම පටිගත කිරිම්, ශබ්ද පරිපාලන සහ සංස්කරණ පහසුකම් සහිත තාක්ෂණාගාරයක්, නවාතැන් පහසුකම් සහ ආපන ශාලා සහිත මෙම සම්පත දිනෙන් දින විනාශ මුඛයට යමින් ඇති බව නොරහසකි.
පසුගිය රජය මෙන්ම මෙම රජයද මෙම වස්තුව ආදායම් ඉපයිමට හැකි මට්ටමට ඔසවා තැබූ බවක් පෙනෙන්නට නැත. නමුත් දශක ගණනාවක් මුළුල්ලේ අවශ්‍යව තිබූ ටෙලි සිනමා මධ්‍යස්ථානයක ඉල්ලීම ඉටුවූ පසු එය රැකගැනීමට රජය මැදිහත්විය යුතු සේම නිර්මාණකරුවන්ද කොළඹ සිට තිස්සමහාරාමයට ඇති කිලෝමිටර් 250 ගැන වදවී ඒ වෙනුවට කිලෝමීටර් දාහකට වැඩි දුරක් ගෙවා ඉන්දියාවට ගොසින් රූගත කිරීම් සහ සංස්කරණය කිරීම්ද සිදුකිරීම පිළිබඳ දෙවරක් සිතාබැලිය යුතුය.
රන්හිමිතැන්න රැකගත යුතුවාක් සේම එය නැරඹීමෙන් සමස්ත රටවැසියන්ම අත්දැකීමක් එක්කරගත යුතුය.
උපුටා ගැනීම - www.her.lk