රන් සෙම්බුවක් මතු වූ - සෙම්බුවත්ත 🌲🏺🌱 (Sembuwatta Lake 🍀)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රන් සෙම්බුවක් මතු වූ - සෙම්බුවත්ත 🌲🏺🌱 (Sembuwatta Lake 🍀) - Your Choice Way
    අද අපි ඔයාලට කියන්න යන්නේ තවත් හරි අපූරු ස්ථානයක් ගැන.එක් පැත්තකින් ෆයිනස් කැලෑවක් තවත් පැත්තකින් තේ වතු යායක්.. ඒ දෙකටම මැදිව නිර්මාණය වූ වැවක් හරිම අපූරුයි.ඒ තමා සෙම්බුවත්ත..

    ගොඩක් අය ගිහිල්ලා නම් ඇති. මට ඔනා වුණේ මෙහි ඉතිහාස කතාව ඔයාලත් එක්ක බෙදා ගන්නයි.

    මුලින්ම කියන්නම් සෙම්බුවත්තට ඒ නම වැටුණු හැටී.යටත්විජිත සමයේදී ඉංග්‍රීසින් මෙහි තේ වගාව ආරම්භ කළ අතර මෙම වැව අවට ප්‍රදේශයේ එකළ සුදු ජාතිකයන්ගේ පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙසයි භාවිත කර ඇත්තේ.

    නමුත් මේ වතුයායට යාබදව 1949 වසරේදී තේ කම්හලක් ඉදිවූ අතර, එයට විදුලිය ලබාගැනීමේ අරමුණෙන්, පෝලෝ ක්‍රීඩාංගණය තුළ වැවක් නිර්මාණය කර තිබෙනවා..

    එම තේ කම්හල වසා දමා මේ වනවිට වසර 20 ක් පමණ ගෙවී ඇතිමුත්, ඒ අවට ගොඩනගා තිබෙන නිවාසවලට තවමත් විදුලිය සැපෙයෙන්නේ මේ වැවෙනි.


    මෙම තේ කම්හල අසල තිබූ ජල උල්පතකින් රන් සෙම්බුවක් මතු වෙලා තියෙනවා.එම සෙම්බුව රැගෙන වතුයාය අනුයුක්තව සේවය කළ කංකානි ඉන්දියාවට පලා ගොස් ඇතැයිද ඔහුගේ පුත් ජල උල්පත තිබූ තැන කෝවිල කරවා ඇතැයිද ජනප්‍රවාදවල සඳහන් වෙනවා..

    අන්න ඒ නිසා තමා මේ ප්‍රදේශයට "සෙම්බුවත්ත" යන නම වැටී ඇත්තේ..මේ වන විටද ‘සෙම්බුවත්ත’ නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට එම කෝවිලේ නටබුන් දැකගැනීමට අවස්ථාව තිබෙනවා...

    අද ඔබ නරඹන්න යන සෙම්බුවත්ත නිර්මාණය වුණේ.2005 වසරේදී මෙම වතුයාය භාරව කටයුතු කළ වතු අධිකාරී රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රමයෙන් ‘සෙම්බුවත්ත’ වැව සහ ඒ අවට ප්‍රදේශය නිසි ආකාරයෙන් නඩත්තුකොට, වැව අවට ගිම්හාන කුටි සහ නාන තටාකයක් ඉදිකර මෙම ස්ථානය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට කටයුතු කර තිබෙනවා..

    මහනුවරට පැමිණෙන අයෙකුට කටුගස්තොට පසුකර වත්තේගම හරහා ඇල්කඩුවට පැමිණීමෙන් "සෙම්බුවත්ත" ට ළඟාවිය හැකි අතර, මාතලේ සිට පැමිණෙන අයෙකුට උකුවෙල හරහා ඇල්කඩුවට පැමිණීමෙන් මෙහි සංචාරය කළ හැකියි...

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,517
    113
    උන්ට නාන්න වෙනම ස්පොට් එකකුත් තියෙනවා
    I don't think so.. No bathing allowed in the lake. I went there exactly two years ago while passing that area. The access road is not that good.
    There were many people at the site... Majority were muslims - not only of SriLankan origin.
    Other than the lake there's nothing much. The entrance fee is Rs 200 per adult. It's managed by the Estate Workers Housing Co-Op Society of Elkaduwa Estate.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මෙතනට පට්ට විදිහට මුස්ලිම් සෙට් එක එනවා. මොකක් හරි හේතුවක් තියනවා හොයන්න බෑ
    othana akuranata lagay..eenisa wenna puluwan hugak thambi anne.. sembuwaththa nam meloo rahak nathi thanak mata nam.. eeka thanikarama artificial hadapu thanak.. photo shoot ekkata nam hoday.. ekekgen ticket idan gannawa sembuwatta balanna yanna.. hena podi wawak tiyenne.. ee magulata salli deela balanna yanwata wadda hoda than oni taram tynawa lankawe.. nikan boruwata market karapu thanak salli deela balala wadak naha.. parath ganna deyak naha.. photo wala tyna lassana othanata giyata penneth naha..