රනිල්ගේ කැරි වැඩක්ලු
අචාර්ය වර්ජනයත්, විනිසුරු වර්ජනයත් දෙකම එක කුමන්ත‍්‍රණයක්
October 8, 2012 at 10:47 am | Lanka C News.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීම පිටුපස සංවිධානාත්මක වූ ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහර දීම පිළිබඳව අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පවසීය.
”අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්තුමා ප්‍රකාශයක් කර තිබුණා අධිකරණයට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා, ආණ්ඩුව, අපි සියලු දෙනා සැලුණා. ජනාධිපතිතුමා ඉදිරියට ඇවිත් කිව්වා අධිකරණයට අපි කිසිසේත් අතගහන්න සූදානම් නෑ. මම නීතීඥයෙක් හැටියට රටේ ජනාධිපතිවරයා හැටියට අධිකරණයේ ස්වාධීනත්වය, උත්තරීත්වය හා ගෞරවය ඉහළින් ම රකිනවා, අධිකරණය සමඟ කිසිදු ගැටලුවක් ඇති කරගන්න සූදානම් නෑ කිව්වා. ඒ නිසා එම ප්‍රකාශය සමඟ රට තුළ, ආණ්ඩුව තුළ ඇතිවෙන්න ගිය මහා සංවාදය, ගිනි අවුළුවන්න බලාගෙන සිටි විශාල පිරිසකට මොකක්වත් කරගන්න බැරිව නිහඬ වුණා.
අද අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ප්‍රහාරයක් දීමෙන් මොකක් ද බලාපොරොත්තු වෙන්නේ. මෙය ආණ්ඩුව පැත්තට හරවන්නද? කවුද මේක කළේ? පැහැදිලිව මංජුල තිලකරත්නට පහර දීම හරහා ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක බරපතළ ක්‍රියාමාර්ගයක් ලෙස දකිනවා.
මහාචාර්යවරු පිටුපස පැහැදිලිව ම එන්.ජී.ඕ. සිටියා. සමහර එන්.ජී.ඕ. යුද්දය පැවති කාලේ මේ රටින් එලවපු අයයි. සමහර විදේශ රටවල බලවතුන්, නියෝජිත ආයතන ඒ මහාචාර්යවරු පිටුපස සිටිය බව අපි දැක්කා. ඩොලර් එන බව අපි දැක්කා. මේක අවසන් වෙන්න යනකොට අධිකරණය අවුස්සා ගන්න, නීතීඥයෝ අවුස්සා ගන්න, පකිස්තාන් රැල්ල ගන්න කරපු බලවත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හැටියට අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දී ම මම දකිනවා.
ඒ නිසා මේ රටේ සියලු දෙනා ප්‍රවේශම් විය යුතුයි. වර්ල්ඩ් කප් එක රටේ තියෙන වෙලාවේ මුළු ලෝකෙම ඇහැ අපේ රටට එල්ල වෙලා තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය යනවා. ඒ තුළ අපට විරුද්ධව යෝජනා සම්මත වෙලා තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට පහර දීලා තිබෙනවා. මේ සියල්ල පිටූපස සංවිධානත්මක ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙනවා.
මෙම ප්‍රහාරය ඉතාම දැඩි ලෙස රජය ලෙස හෙළා දකිනවා. ඒ පිළිබඳව වහා ම පරීක්ෂණ කරලා මෙම කුමන්ත්‍රණ කරුවන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතු ” යයිද අමාත්‍යවරයා පැවසී ය

රනිල් අගවිනිසුරු තුමියට වෙඩි තියලා මහින්ද පිට දායිද?