රනිල්ට ඡන්දෙ දෙන්න ජනතාව පොරකමින් ඉන්නේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙරට ඉතිහාසයේ ඓතිහාසික ජනවරමකින් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති කරවීම සඳහා ජනතාව මේ වන විටත් පෙලගැසී සිටින්නේ යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

    අද වන විට දේශපාලන පක්ෂවලට හසුව සිටි ජනතාව ඉන් ඉවත්වෙමින් සිටින බවත් එනිසා දේශපාලන පක්ෂ විවිධ සටන් පාඨ විටින් විට නිර්මාණය කරමින් ජනතාව නොමඟැවීමට උත්සාහ කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

    ජනතාව මේ ගැන කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

    දුර්වල වී කඩාවැටී සිටින දේශපාලන කණ්ඩායම් නව දේශපාලන සටන් පාඨ සොයා ගැනීමට ප්‍රයත්න දරමින් සිටින බවද ඒ මහතා කියා සිටියේ ගාල්ලේදී මාධ්‍ය හමුවක් අමතමිනි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ජෙප්පො ජනමත විචාරණයට විරුද්ධව කතා කරාම රනිල් උන්ට ඇටෑක් එකට ජනමතේකට යන්න හිත පෙලඹෙනවා. ජෙප්පොන්ට හදන්නෙ රනිල්ව ජනමත විචාරණයකට ඇදල දාන්න.