රනිල් "ඊවා" එපා කියයි!

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රනිල් "ඊවා" එපා කියයි!

    මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය.

    මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයත්, අනිත් පිරිසට ඇමැති ධුරත් දැරීම තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබේ.

    එය ඊයේ කැඳවූ අතර හෙට (14) පෙත්සම සලකා බැලීමට නියම කැරිණි.

    ඒ අනුව මෙම අභියාචනා පෙත්සම පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ (විනිසුරුවරුන් පස් දෙනෙකු හෝ ඊට වැඩි) කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂය අද මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    එමෙන්ම එම පූර්ණ විනිසුරු මඬුල්ලක ඊවා වනසුන්දර විනිසුරුවරිය ඇතුළත් කර නොගන්නා ලෙස තවත් මෝසමක් ගොනු කර තිබේ.
    http://www.lankadeepa.lk/news/මහින්දගේ-අභියාචනය-විභාගයට-ඊවා-එපායැයි-එජාපය-ඉල්ලයි/101-542134
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    "Controversial Supreme Court judge Eva Wanasundera is set to hear an appeal by her law-college pal Mahinda Rajapaksa on Friday raising concern among opposing petitioners who fear bias."

    source: exnext