"රනිල් ගේ ප්‍රතිපත්ති" ක්‍රියාත්මක කරන ගෝඨාභය

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    R4wau8P.png


    dSTgfPx.png


    ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මුල් පියවර තැබුණේ 1977 දී ජේආර් ජයවර්ධන පාලනය යටතේ විවෘත ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් අනතුරුවය.
    එම පාලනය යටතේ අධ්‍යාපන සහ තරුණ කටයුතු අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා, ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිණිස තෝරාගනු ලැබූ නියමුවා විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජේආර් ජයවර්ධන සහ ආර් ප්‍රේමදාස පාලනය යටතේ සේවය කළ හමුදා නිලධාරියෙකු වූ අතර, ඔහුගේ සොහොයුරු, අගමැති මහින්ද රාජපක්ෂ එම එජාප පාලනයන් දෙකටම එරෙහිව වීදි සටන්වල නිරත වූ ප්‍රබල විපක්ෂ ක්‍රියාධරයෙකු විය.
    මහින්ද රාජපක්ෂ මෙන්ම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ වැනි වත්මන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයන් ද එජාප පාලනයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව වීදි සටන්වලට එක්වූහ.

    එහෙත් ඉහත කී නායකයන්ගේ ද සහයෙන් 2005 දී බලයට පත්වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ද අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ උත්සාහයක නිරතවිය.
    එජාප පාලනය යටතේ හඳුන්වා දෙනු ලැබූ රාගම වෛද්‍ය විද්‍යාලය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සයිටම් ලෙසින් යළි කරලියට පැමිණිය ද, ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් පිහිටුවිය නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කිරීම හේතුවෙන් එම ප්‍රයත්නය ව්‍යවර්ථ විය.
    දැවැන්ත විරෝධතා නොතකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත සම්මත කරගැනීමට සැරසෙන්නේ එවැනි පසුබිමක් යටතේය.

    ආණ්ඩුව පවසන්නේ, පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව එවැනි විශ්වවිද්‍යාල අතීතයේත් ස්ථාපනය කර ඇති බවය.
    එය නියාමනය කිරීම තවදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරෙන බව පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් කියා සිටියේය. "ඒක ඉවත්කරලා නෑ, ඉවත්කරන්ටත් බෑ," ඔහු පැවසීය.

    ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනයක් - ඩලස් අලහප්පෙරුම​

    එහෙත් අදින් වසර කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුව සමයේ වත්මන් ආණ්ඩුවේ නායකයන් පළ කළේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසකි.

    0B64GdP.png


    2017 ජනවාරි 31 වැනි දින "ඒකාබද්ධ විපක්ෂ" කණ්ඩායම වෙනුවෙන් කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අවධාරණය කළේ, ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය නැති බවය.
    ඒ, මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධිය පිරිනැමීම පිණිස අභියාචනාධිකරණ තීන්දුවකින් අවසර ලැබීමෙන් අනතුරුවය. කෙසේ වුවත් සයිටම් විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ දිනේෂ් ගුණවර්ධන ද අමාත්‍ය පදවියක් හෙබැවූ මහින්ද රාජපක්ෂ පාලනය සමයේ දීය.
    එහිදී අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා, යහපාලන ආණ්ඩුව විසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීම ගැන විග්‍රහ කළේ, "ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමක්" ලෙසිනි.
    මහින්ද රාජපක්ෂ පාලනය ඇතුළු සෑම ආණ්ඩුවක් විසින්ම ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කර තිබෙන බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා එහිදී පිළිගත්තේය.
    මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා, ඔහුගේ පාලනයේ අනුග්‍රහය යටතේ ආරම්භ කෙරුණු සිය විශ්වවිද්‍යාලයට විරෝධය පළකිරීම සම්බන්ධයෙන් 2017 පෙබරවාරි මාසයේ අදහස් දැක්වූ සයිටම් සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, 'දේශපාලනඥයෝ අවස්ථාවාදියෝ' බව පැවසීය.

    ධවල පත්‍රිකාව​

    1977 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ පාලනය සමයේ ඉදිරිපත් කෙරුණු 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනතට එරෙහිව මතු වූ විරෝධය ලාංකීය ශිෂ්‍ය සටන් ඉතිහාසයේ දැවැන්ත සන්ධිස්ථානයකි.
    ජේආර් ජයවර්ධන පාලනය එම පනත ඉදිරිපත් කළේ, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අරමුණ සහිතව බව විශ්ලේෂකයන්ගේ මතය විය.

    Sri Lankan police form a blockade on a road leading to President Mahinda Rajapakses office during a demonstration held by the opposition Peoples Liberation Front party (JVP) in Colombo on December 11, 2013. The JVP is protesting high living costs and demanding higher government spending on education. AFP PHOTO/ Ishara S.KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)

    ඡායාරූප මූලාශ්‍රය, Getty Images
    ඡායාරූප ශීර්ෂ වැකිය,
    2013 දෙසැම්බර් මස පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක්

    එජාප පාලනය එදා පහසුවෙන් එම පනත සම්මත කරගත්තේය.
    එහෙත් එම පනත යොදාගනිමින් රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයා 1981 දී ඉදිරිපත් කළ "ධවල පත්‍රිකාවට" එරෙහිව දහස් ගණන් විශ්විද්‍යාල සිසුන්, පාසල් ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සහ ක්‍රියාධරයන් වීදි බැස දැවැන්ත විරෝධතා දැක්වීම හමුවේ හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය.
    ඒ අතර 1978 නව විශ්වවිද්‍යාල පනත යොදාගනිමින් 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වසර ගණනාවක් මුළුල්ලේ විශ්විද්‍යාල ශිෂ්‍යයෝ උද්ඝෝෂණ දියත් කළහ.
    ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා, උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කළ සටනේ දී වෛද්‍ය වෘත්තිකයන්ගේ භූමිකාව ගැන පවසන්නේ මෙවැනි අදහසකි.
    "1987 ජූලි මාසය රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතා මාසය ලෙස නම් කෙරුණේ 1987 ජූලි 13 දින වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයකින්."
    එම සටනේ "ධෛර්යය පිරි යෞවනයෙක්" වූ පද්මසිරි ත්‍රිමාවිතාන, 1988 ඔක්තෝම්බර් 22 වැනිදා පැහැරගෙන ගොස් හිසට පරාල ඇණ ගසා මරා දමන ලද ආකාරය ද මාධ්‍යවේදී සිසිර යාපා විශේෂයෙන් සඳහන් කොට තිබිණ.

    ඝාතනයට ලක්වූ වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රිමාවිතාන

    ඡායාරූප මූලාශ්‍රය, FB/ sisira yapa
    එවක සබරගමුව එජාප මහ ඇමතිවරයාගේ පුත්‍රයා වූ සුසන්ත පුංචිනිලමේට මෙම ඝාතනයේ චෝදනා එල්ල වුවද, වසර ගණනාවකට පසුව සුසන්ත පුංචිනිලමේ ඇතුළු චුදිතයෝ එම නඩුවෙන් නිදහස් වූහ.
    එවක සුසන්ත පුංචිනිලමේට එරෙහිව දැඩිව පෙනී සිටි ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා දෙදෙනාම වත්මන් ආණ්ඩුවේ සාමාජිකයන් වන අතර සුසන්ත පුංචිනිලමේ ගේ රාජපක්ෂ පාලනයට සහය දෙයි.
    ජේආර් ජයවර්ධන පාලනය සමයේ ඇරඹී, යහපාලන රජය සමයේ සයිටම් විරෝධය ඔස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව දියත් වූ සටන වර්තමානයේ කොතලාවල වෛද්‍ය පීඨය දක්වා එළඹ තිබේ.

    'නව ලිබරල් උගුල'​

    මතු වී තිබෙන තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියේ, මීට ඉහතදී නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දැවැන්ත හඬක් නැගූ රාජපක්ෂවරුන් පවා දැන් "නව ලිබරල් උගුලට වැටී ඇති," බවය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රාජපක්ෂවරුන් ජාතිකවාදය නියෝජනය කරද්දී, සාමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සහ එයින් බෙදී ගිය සමගි ජන බලවේගය සැලකෙන්නේ ශ්‍රී ලංකාව තුළ නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නන් ලෙසිනි.
    "නිදහස් අධ්‍යාපනය හෝඩියේ සිට උපාධිය දක්වා තියෙන්න ඕන," යනුවෙන් අවධාරණය කළ දේශපාලන විශ්ලේෂක මහාචාර්ය අර්ජුන පරාක්‍රම, "ඒකෙ තමා ධනේශ්වර අසාධාරණයට යම් තරමක් හෝ පිළිතුරක් තියෙන්නේ," යනුවෙන් ද පෙන්වා දුන්නේය.
    එහෙත් ඔහු පවසන පරිදි වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සිදුවෙමින් පවතින්නේ "නිදහස් අධ්‍යාපනය හකුලා ගැනීමකි."
    දැනටමත් ඇතැම් ඉහළ පෙළේ පාසල් වැඩිපුර ගුරුවරුන් යොදවා ගැනීම පිණිස දෙමාපියන්ගෙන් මුදල් අයකරමින් පාසල් තුළ පවා ඇති, නැති පරතරයක් මතුකරමින් සිටින බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට​

    කොතලාවල පෞද්ගලික වෛද්‍ය පීඨය බිහිකිරීමේ වෑයමට එරෙහිව වීදි බට දේශපාලන ක්‍රියාධරයන් මෙන්ම ගුරු පරපුර අතර පමණක් නොව දෙස්, විදෙස් කීර්තියක් උසුලන ජෝසෆ් ස්ටාලින් වැනි ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයන් පවා බලහත්කාරයෙන් නිරෝධායනයට ලක්කරමින් ආණ්ඩුව ගත් පියවර මේ අතර දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
    එය හෙළාදකිමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරන 'ඉන්ඩස්ට්‍රි ඕල්' ගෝලීය වෘත්තීය සමිති සම්මේලනය, "අධිකරණය විසින් ඇප මත මුදාහරින ලද පිරිසක් රඳවාගැනීමට පොලිසියට අයිතියක් නැති," බව පෙන්වාදෙමින් බලහත්කාරයෙන් නිරෝධායනය කර ඇති පිරිස නිදහස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
    මුලතිව් කේපාපිලව් ගුවන් හමුදා කඳවුරේ සිට බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ජෝසෆ් ස්ටාලින්, "නීති විරෝධී නිරෝධායනයට" එරෙහිව අධිකරණයෙන් යුක්තිය පතන බව කියා සිටියේය.
    තමන්ට කොවිඩ්-19 රෝගය වැළඳී නැති බව දැක්වෙන පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබුණේ පසුගිය 11 වෙනි දින බව සඳහන් කළ ඔහු, එවක් පටන් තමන් මෙසේ රඳවා සිටින්නේ මන්දැයි ප්‍රශ්න කළේය. එමෙන්ම තමන් හමුවීම සඳහා පැමිණෙමින් සිටි වෘත්තීය සමිති සගයන්ට පමණක් නොව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට පවා හමුදාව දිගින් දිගටම බාධා කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.
    ගුවන් හමුදා කඳවුරේ සිට මාධ්‍ය හමුවක් ද පවත්වමින් ඔහු අවධාරණය කළේ, සයිටම් ඇතුළු සිසු සටන් ජයග්‍රහණය කළ අයුරින්ම මේ සටන ද ජයගන්නා බවය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    මිලිටරිකරණය​

    ජේආර් ජයවර්ධන පාලන සමයේ ආරම්භ වූ අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාදාමයේ එතෙක් එතෙක් ගමන් මග විමසන මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන පරිදි බොහෝ දෙනාට "සැබෑ ගැටලුව" අමතක වී ඇති හැඩකි.
    "මේක tip of the iceburg; කොතලාවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දැවැන්ත මිලිටරිකරණයක මතුපිට ප්‍රකාශනය විතරයි," ඔහු බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
    එහෙත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
    "ඔය චෝදනාව තනිකර බොරුවක්," අමාත්‍යවරයා බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
    "මේක 85, 87 විතර ජේආර් ආණ්ඩුව කාලේ ගෙනාපු පනතක්. ඒත් ඒක පිළිවෙලකට වැඩ පටන් ගත්තේ දැන්."
    "මේකෙ හමුදාපතිලා තුන්දෙනා ඉන්න නිසානේ ඔය කතාව කියන්නේ. හැබැයි, එක දෙයක් තියෙනව; මේක ඇතුළේ රැග් එක නෑ, උද්ඝෝෂණ නෑ. ඒ නිසාද හමුදාකරණයක් කියන්නේ? විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිත් මේකේ පාලක කමිටු සාමාජිකයෙක්."
    කොතලාවල විද්‍යා පීඨයට මුලින් බඳවා ගනු ලැබුවේ z ස්කෝර් ක්‍රමය යටතේ වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් නොලැබූ සිසුන් බව සඳහන් කළ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, "ඒත් දැන් මේකට ඇප්ලයි කරන්නේ වැඩිම ලකුණු ගත්ත අය; හේතුව රැග් එක නෑ, උද්ඝෝෂණ නෑ," යනුවෙන් ද කියා සිටියේය.
    මේ අතර සිකුරාදා බෞද්ධ උපදේශක සභාව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවය.
    "මේකෙන් කිසිම අලුත් දෙයක් කරන්නේ නෑ. මේවා පරණ තියන ඒවා එක පනතකට ගෙන ඒම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ," යනුවෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

    බෞද්ධ උපදේශක සභාව අමතන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

    ඡායාරූප මූලාශ්‍රය, facebook/gotabhaya rajapaksa

    මූලික හිමිකමක සිට ආයෝජනයක් දක්වා​

    මහාචාර්ය අර්ජුන පරාක්‍රම පවසන පරිදි, "දැන් අධ්‍යාපනය ගැන කතිකාව මූලික අයිතිවාසිකමක ඉඳල ආයෝජනයක් බවට පත්වී," තිබේ.
    "ආයෝජනයක් කියන්නේ නව ලිබරල් අදහසක්; වර්තමානයේ පාර්ලිමේන්තුව කියන්නෙත් මතවාදීමය වශයෙන් පිරිහුණු තැනක්."
    කිසියම් ලෙසකින් ගුරු, සිසු ප්‍රජාව මේ සටන ජයග්‍රහණය කළහොත් එවිට වත්මන් "අවස්ථාවාදී" පාලකයන් ද යළිත් වරක් නිදහස් අධ්‍යාපනය උදෙසා පෙනී සිටිනු ඇති බවත් ඔහු පැවසීය.
    ප්‍රමිතියකින් යුතුව පෞද්ගලික ප්‍රතිපාදන යොදාගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකළ හැකි වුවත්, "රජයට කිසිම අයිතියක් නෑ, දැනටමත් සීමිත සම්පත් තියන තැනක තමන්ගේ ප්‍රතිපාදන පෞද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් යොමුකරන්න," යනුවෙන් මහාචාර්ය අර්ජුන පරාක්‍රම අවධාරණය කරයි.
    "ඒ ප්‍රතිපාදන දැනට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තියන ප්‍රතිපාදන."
    "දැන් මේ හදන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය විකුනන්න; ඒ කියන්නේ මේක නිදහස් අධ්‍යාපනයේ මිනී පෙට්ටියේ අවසාන ඇනේ ගැහීම."

    https://www.bbc.com/sinhala/sri-lanka-57824549
     
    • Like
    Reactions: pavanruka and AEG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බත් මුට්ටි උස්සපු ටයර් ජෙප්පොන්ට මොකටද ඒවා..තොපි තොපේ වැඩක් බලන් හිටු..අඩු කුලේ පර ජෙප්පො
     
    • Haha
    Reactions: erozan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බත් මුට්ටි උස්සපු ටයර් ජෙප්පොන්ට මොකටද ඒවා..තොපි තොපේ වැඩක් බලන් හිටු..අඩු කුලේ පර ජෙප්පො
    b37df894-1fc0-446e-a9f8-439a4941173f-jpeg.160134