රනිල්-ටිරාන්-දේශබන්දු ඇඟ කිලිපොලා යන කුමන්ත්‍රණයක..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,707
    56,229
    113
    කිසිදු ජන වරමක් නැති රටේ ජනාධිපතිකාරයා රනිල් රාජපක්ෂ විශේෂ ජනාධිපති කොමිසමකින්, බටලන්ද කොමිසම මගින්, බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන යෑම පිළිබඳ වරදකරුවෙකු ලෙස නම් කර වසර 7 කට ප්‍රජා අයිතිය අහෝසි කිරීමට නිර්දේශ කළ අපරාධකරුවෙකි. රටේ පොලිසිය බාර ඇමැතිකාරයා ටිරාන් අලස් ඔහු විසින්ම පාපෝච්ඡාරනය කරන ලද පරිදි රටේ රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග යුද්ධයක් පවතිද්දී සතුරු ත්‍රස්තවාදීන්ට මුදලින් ආධාර අනුබල දීමෙන් රාජද්‍රෝහී වරද සිදුකළ තවත් අපරාධකාරයෙකි. රටේ පොලිස්පතිකාරයා දේශබන්දු තෙන්නකෝන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ම වධකයෙකු ලෙස නම් කර රුපියල් ලක්ෂ 50 ක දඩයක් ද නියම කළ තවත් අපරාධකාරයෙකි.

    භයානක කුමන්ත්‍රණයක්..​

    මේ තිදෙනා එක්ව ඉදිරි ජනාධිපතිවරණය කඩා කප්පල් කිරීමේ අරමුණින් හෝ වෙනත් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් හෝ භයානක කුමන්ත්‍රණයක යෙදෙමින් සිටිති. මේ ඒ පිළිබඳ හෙළිදරව්වකි.

    මෙකී කුමන්ත්‍රණය නම් 1970 වේ සිට අඛන්ඩව පවත්වාගෙන ආ 'බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය' නම් පොලිසියේ වැදගත්ම බුද්ධි අංශය සිතා මතා අකර්මන්‍ය කිරීමයි.

    1970 දී ක්‍රයිම් ඉන්වෙස්ටිගේෂන් බියුරෝ හෙවත් සීඅයිබී නමින් ආරම්භ කර පසුව කොලම්බු ඉන්ටෙලිජන්ස් බියුරෝ හෙවත් සීඅයිබී ලෙස නම් වෙනස් කරන ලද මේ වන විට 'බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය' නමින් පවත්වාගෙන යන රටේ හදවත වැනි බස්නාහිර පළාතේ අපරාධ පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගන්නා පොලිසියේ වැදගත්ම අංශයකි. 1970 දී පොලිස් ස්ථාන 18 කින් ආරම්භ කරන ලද නමුත් අද වන විට බස්නාහිර පළාතේ සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි පුහුණු පොලිස් බුද්ධි නිලධාරීන් මේ කොට්ඨාශයට අනුයුක්තව සේවය කරති. පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙක් යටතේ කොස්තාපල් වරුන් 4 සිට 5 ක් දක්වා එක් පොලිසියකට අනුයුක්තව සිවිල් ඇඳුමින් සේවය කරන මේ කණ්ඩායම ඒ ඒ ප්‍රදේශවල සිදුවන අපරාධ පිළිබඳ සිය ඔත්තුකරුවන්ගෙන් තොරතුරු ලබාගෙන ඒවා ඉහළට දැනුම් දෙමින් මහඟු සේවයක් ඉටු කරති. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයයේ මූලස්ථානය දැන් පවතින්නේ බොරැල්ල පොලිසියට අනුයුක්තව ය.

    පොලිස්පති දේශබන්දු පසුගියදා මෙහි සේවයේ යුක්ත නිලධාරීන් 140 ක් කැඳවා ඔවුන්ව බුද්ධි කොට්ඨාශයෙන් ඉවත් කර ඒ ඒ පොලිසිවලම රැවුල් කොණ්ඩා කපා නිල ඇඳුම් සහිතව සාමාන්‍ය රාජකාරියේ යෙදවීමට නියෝග කළේ ය. දැන් ඔව්හු බුද්ධි තොරතුරු එකතු කරන්නේ නැත. නිල ඇඳුමින් ටී 56 ගිනි අවියක් ද ගෙන මහපාරේ රාජකාරි කරති. එයින් නොනැවතුනු පොලිස්පති දේශබන්දු බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ ඉතිරි නිලධාරීන් 100 ක් ද කැඳවා එළැඹෙන අගෝස්තු මාසය වන විට ඔවුන්ව ද සාමාන්‍ය රාජකාරියේ යොදවන බව දැනුම් දුන්නේ ය.

    එනම් ජනාධිපතිවරණය වන විට බස්නාහිර පළාතේ පොලිස් බුද්ධි අංශයක් නැත.

    ඔත්තුකරුවන්ගේ නාම ලේඛනයක් ඉල්ලන්නේ ඇයි..?​

    එපමණක් නොව ඉහත කී බුද්ධි නිලධාරීන් සතුව සිටිනා පුද්ගලික ඔත්තුකරුවන්ගේ නාම ලේඛනයක් ද තමා වෙත ලබා දෙන ලෙස පොලිස්පතිවරයා නියෝග කෙළේ ය. සාමාන්‍යයෙන් පොලිස් බුද්ධි නිලධාරියෙකු සතුව සිටිනා පුද්ගලික ඔත්තු කරුවන් කව්දැයි දන්නේ එම නිලධාරියා සහ ඔහුගේ ඉහල නිලධාරියා පමණි. එකී නම් පිටතට දෙන්නේ නැත.

    පොලිස්පති දේශබන්දු මෙලෙස ක්‍රියා කිරීම අතිශයන්ම සැක කටයුතු ය. ඔහුම අතෙකින් යුක්තිය නමින් මෙහෙයුමක් දියත් කරමින්, රටේ අපරාධ නැති කරනවා යැයි බෑඟිරි ගසමින්, අනෙක් අතින් එවැනි මෙහෙයුම් සඳහා ඉහල දායකත්වයක් සපයන, බුද්ධි සේවය වෙනුවෙන්ම විශේෂයෙන්ම පුහුණුව ලද පළපුරුදු නිලධාරීන් එම සේවයෙන් ඉවත් කරමින්, බස්නාහිර පළාත් බුද්ධි අංශය අකර්මන්‍ය කරන්නේ ඇයි.?


    රනිල් රාජපක්ෂ සහ ටිරාන් අලස් නොදැන මෙය සිදුවිය නොහැකි ය.

    සැක කටයුතු කුමන්ත්‍රණකාරී ක්‍රියාව සිදුකරන්නේ ඇයි?​

    මොව්හු මේ අතිශය සැක කටයුතු කුමන්ත්‍රණකාරී ක්‍රියාව සිදුකරන්නේ එකම අරමුණකට බව පැහැදිලිය. එනම් කිසියම් අපරාධයක් සිදුවීමට ඉඩ දීමටත් එම අපරාධය කල් තියා පොලිස් බුද්ධි අංශ වෙත වාර්තා වීම වැළැක්වීමටත් බව පැහැදිලිය. ඒ සඳහා රොකට් සයන්ස් දැනුමක් අවශ්‍ය නොවේ.

    දේශබන්දු යනු පාතාල නායකයන් සමග ද සම්බන්ධතා ඇති පුද්ගලයෙකු බව නොරහසකි. ඒ අනුව ඔහු ලබා ගන්නා ඔත්තුකරුවන්ගේ නම් යළිත් පාතාල නායකයන් අතට නොයන බවට සහතිකයක් නැත. පොලිස් ඔත්තුකරුවන් වර්ග දෙකක් සිටිති. මුදල් වෙනුවෙන් ඔත්තු දෙන අය සහ සැබෑ වශයෙන්ම රට ගැන අවංක කැක්කුමකින් රටේ අපරාධ වැළැක්වීම සඳහා තමා දන්නා තොරතුරු පොලිස් බුද්ධ අංශ වෙත ලබාදෙන පුද්ගලයන් ය. ඉතා නුදුරේ දීම මෙකී ඔත්තුකරුවන් පාතාල නායකයන්ගේ ඉලක්ක බවට පත්ව තැන තැන මරණයට පත්වන අයුරු දැකිය හැකිවනු ඇත. මෙය රනිල්ගේ ආණ්ඩු කාලයක දී සිදුකළ මිලේනියම් සිටි පාවා දීමේ දෙවන අධියර විය හැකිය. එක පොලිස් ඔත්තුකරුවෙකු හෝ මින්මතු මරණයට පත්වුවහොත් ඊට රනිල්-ටිරාන්-දේශබන්දු තිදෙනා වගකිව යුතුය.

    ජනාධිපතිවරණය නොපවත්වා කල් දමා ගැනීමේ අවසාන තුරුම්පුව?​


    අවසාන වශයෙන් ජනතාවට දැනුම් දිය යුත්තේ මෙලෙස බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය අකර්මන්‍ය කිරීම බරපතල අපරාධයකට මොවුන් සූදානම් වන බවට ඉඟියක් බවයි. එය බොහෝ විට ජනාධිපතිවරණය නොපවත්වා කල් දමා ගැනීමේ අවසාන තුරුම්පුව විය හැකිය. ජනාධිපතිවරණයක් නොපවත්වා කල් දමා ගැනීමට නම් සිදුකළ යුතු එකම කාර්ය රටේ කැරලි කෝලාහාල තත්වයක් ඇතිකර එය දඩ මීමා කරගෙන හදිසි නීතිය පනවා රට සන්සුන් වනතුරු කියා ජනාධිපතිවරණය කල් දැමීමයි.

    බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාශය අකර්මන්‍ය කිරීම එහි මූලික අඩිතාලම විය හැකිය. බස්නාහිර පළාත යනු රටේ වැදගත්ම පළාතකි. සියළුම විදෙස් තානාපති කාර්යාල පවතින්නේ ද බස්නාහිර පළාතේ ය. එවැනි පළාතක පුහුණු පළපුරුදු පොලිස් බුද්ධි අංශය සිතා මතා අකර්මන්‍ය කිරීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි ය.

    ජනතාව මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ ද ඉහත කී සිදුවීම් දාමය පිළිබඳව ඉතා අවදියෙන් සිටිය යුතුය.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    9,745
    20,053
    113
    මේවා ඇත්ත ද @monson , @EVC ? ඇයි මෙහෙම කරන්නේ ? මෙහෙම කරනවා නම් හරිම ලජ්ජා සහගතයි, නින්දිතයි නේ? ඊයා

    :lol: එහෙනම් අන්රයියත් ඕකේ ඇති


    වටේ පිටේ ඉන්න උන්ගෙන් වැඩක් නෑ නේ. මහා එකා තමයි නේ වග කියන්න ඕන නේ ද @monson. ඉස්කොලේකට ගියා නම් ඔයා දන්නවා ඇති නේ ඉස්කෝලෙ විදුහල්පති තමයි ඉස්කෝලෙ තීරණ ගැන ඕන. නැතුව රැස්වීමකට එන ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් නෙවෙයි නේ. අන්න ඒ වගේ තමයි. ජෙප්පේක් නොවෙමි.
    ------ Post added on Apr 9, 2024 at 6:34 AM
     
    Last edited: