රනිල් දිනවා රට දිනවමු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල් දිනවා රට දිනවමු

1623613_10203298647920836_4380677461299190504_n.jpg
 
AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පොදු අපේක්ෂක සංකල්පය බැලු බැල්මට චමත්කාර ජනක එකක් වුව නිශ්චිත නියාමනයකට හසුකර නොගත හොත් එය අතිශය අවදානම් සහගත එමෙන්ම අනතුරු දායක ව්‍යායාමයක් බව අපගේ අදහසයි. එසේ වුවද වෙන් වෙන්ව පක්ෂ තරග කර රාජපක්ෂව පරාජය කිරීම නම් අසීරු බවද පිලිගත යුතුව තිබේ. ජනාධිපතිවරණයකදී පොදු අපේකෂකයෙකු ඉදිරිපත් කිරීමේ එක් අත්දැකීමක් අප සතුව ඇත. එම අත්දැකීමද සැලකිල්ලට ගෙන පොදු අපේක්ෂක සංකල්පයේ ඇති ප්‍රායෝගික ගැටළු සහ පැන නැගිය හැකි අවදානම් සහගත තත්වයන් සම්බන්ධව ප්‍රමාණවත් සාකච්ඡාවක් කළ යුතුව තිබේ.

    පොදු අපේක්ෂකයා ලෙස නම් කරන පුද්ගලයා මොන තරාතිරමේ කෙනෙක් වුව ද නාම යෝජනා භාර දුන් මොහොතේම ඔහු මේ රටේ විධායක ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන බලවත් පුද්ගලයෙකු බවට පත් වන්නේය. මේ බලයත් සමගම ඔහු වටා ඔහුගේ ඥාතීන්, හිතමිතුරන්, වෘත්තීය සගයන් මෙන්ම බලයත් සමග සැමදා ආලවන්ත වන අවස්ථාවාදීන් පිරිසක් රොක් වීම කෙසේ නම් වලකාලන්නද? පොදු අපේක්ෂකයාට න්‍යාය පත්‍ර සෑදූ අය පැත්තකට තල්ලූ කරමින් ඉහත කී පිරිස් බලවත් වීම වලක්වන්නේ කෙසේද.? පොදු අපේක්ෂකයාට ලැඛෙන දේශීය විදේශීය මූල්‍ය පරිත්‍යාග කලමණාකරණය කරන්නේ කෙසේද.? එවන් කලමණාකරණයකට පොදු අපේක්ෂකයා කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් දක්වාවිද.? අපට මේ සම්බන්ධව පෙර අත්දැකීමක් ඇත. ගියවර පොදු අපේක්ෂකයා හමුවීමට අවසාන කාලයේදී විපක්ෂ නායකවරයාට ද නොහැකි විය. ඔහු වටා රොක් වී සිටි පිරිස් රජයේ උසස් තනතුරු වලට පත් කළ යුතු අයගේ නාම ලේඛන පවා සකස් කර තිබුණි. ඔහුට ලැබුණු මූල්‍ය ආධාර සම්බන්ධව මේ වන තෙක් කිසිම ලැබීම් සහ වියදම් වාර්ථාවක් නැත. ඔහුට ලං වී ටිරාන් අලස් ලැබූ ප්‍රතිලාභයන් ගැන කිසි කෙනෙකුට අදහසක් නැත. නැවත වරක් මේ රංගනය සිදු නොවේ යැයි සහතිකයක් දීමට හැකියාවක් තිබේද.? එවැනි තත්වයක් මතු වීම වැලැක්වීමට ක්‍රමවේදයක් සකසා තිබේද.? නාම යෝජනා ලබා ගන්නා විට විධායක ජනාධිපති ක්‍රමය වසරක් තුල අවසන් කිරීමට එකඟ වූ පසුගිය වර පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණ ක්‍රියා වලියේ අවසන් දවස් වල තමන්ට එවැනි කෙටි කලකින් එය කළ නොහැකි බව ප්‍රකාශ කෙළේය. දේශපාලනිකව තෙම්පරාදු නොවුනු සරත් ෆොන්සේකා වැනි පොදු අපේක්ෂකයෙක් තම මතය කලින් ප්‍රකාශ කළ ද අනාගත පොදු අපේක්ෂකයා තෙම්පරාදු අයෙක් නම් ජයග්‍රහණයෙන් පසුව මේ කතාව නොකියාවි යැයි ඇති සහතිකය කුමක්ද.? පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අය මේ වෙනුවෙන් සමාජයට දෙන සහතිකය කුමක්ද.?

    පොදු අපේක්ෂකයා සම්බන්ධ පුද්ගලික කාරණා හැරුණු විට අවධානයට ලක් විය යුතු දේශපාලනික කරුනු කාරණා කිහිපයක්ද වේ. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ පසුව රටේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කළ යුතුය. අමතක නොකළ යුත්තේ පාර්ලිමේන්තු බලය තිඛෙන්නේ ඒ වන විටද සන්ධානයට බවය. ශ්‍රීලනිපයට පමණක් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සිටි. පරාජිත මහින්දට ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණ බලය තහවුරු කර ගැනීමට ඇති හැකියාව අත් හළ නොහැක. ජනාධිපති ධූරය අහෝසි කිරීමට පමණක් පැමිණෙන නිශ්ක්‍රීය ජනාධිපතිවරයකු සිටින තත්වයක් යටතේ අගමැතිවරයා බලවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවිට විපක්ෂය ලැබූ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් දක්වා ගෙන යා හැකි වෙයිද? එවිට යළි මහින්දව එලැවීමට සිදුවන්නේ වීදි සටන් වලින්ද.? නැතිනම් ජනාධිපති විධායක බලය යොදා ගෙනද.? විධායක ජනාධිපති බලය යොදා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආ අයගේ වැඩ කිඩ එතැනින් අවසන් වෙයිද?
     
    එක්සත් ජාතික පක්ෂ නොවන පොදු අපේකෂකයෙක් අවශ්‍යය නැත.රනිල්ට බැරිනම් රුක්මන් සේනානයක දාමු.ගියපාර ජනපතිවරනයට ෆොන්සේකා දාලා අපේ චන්ද ලක්ෂ ගානක් පිටට ගියා.ඒ විතරක් නෙවෙයි ෆොන්සේකාට ආපු සල්ලි වලින් හංසයා හැදුනා මිසක් අලියා හැදුනේ නෑ.ජනපතිවරණය තුලින් 2009 පක්ෂයට ලබා ගන්න තිබුන ප්‍රචාරණය විනාශ වුනා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    පොදු අපේක්ෂකයා සම්බන්ධ පුද්ගලික කාරණා හැරුණු විට අවධානයට ලක් විය යුතු දේශපාලනික කරුනු කාරණා කිහිපයක්ද වේ. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ පසුව රටේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත්කළ යුතුය. අමතක නොකළ යුත්තේ පාර්ලිමේන්තු බලය තිඛෙන්නේ ඒ වන විටද සන්ධානයට බවය. ශ්‍රීලනිපයට පමණක් පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව සිටි. පරාජිත මහින්දට ජාතික ලැයිස්තුවෙන් නැවත පාර්ලිමේන්තුවට පැමිණ බලය තහවුරු කර ගැනීමට ඇති හැකියාව අත් හළ නොහැක. ජනාධිපති ධූරය අහෝසි කිරීමට පමණක් පැමිණෙන නිශ්ක්‍රීය ජනාධිපතිවරයකු සිටින තත්වයක් යටතේ අගමැතිවරයා බලවත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවිට විපක්ෂය ලැබූ ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් දක්වා ගෙන යා හැකි වෙයිද? එවිට යළි මහින්දව එලැවීමට සිදුවන්නේ වීදි සටන් වලින්ද.? නැතිනම් ජනාධිපති විධායක බලය යොදා ගෙනද.? විධායක ජනාධිපති බලය යොදා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ආ අයගේ වැඩ කිඩ එතැනින් අවසන් වෙයිද?

    මේකයි ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසිරුවා හැරියම හරි.නමුත් ඊලඟ මැතිවරනය දිනන්න ඕන.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මාදුලුවේ සෝභිතා මහින්දගේ ගොට්ටෙක්.එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වැඩ කරපු එකෙක්. චන්ද්‍රිකාට රට හදන්න අවුරුදු 12ක් තිබුනා.ඒකාලේ ඒකිට විදායකය අහෝසි කරන්න තිබුනා.ඒකි තමයි මහින්දට නොමිනේෂන් දීලා රට කෑවේ.දැන් පැරදුනාම අම්මගේ රෙද්දක් හදන්න එනවා.දැනට ඉන්නේ රනිල් විතරයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මාදුලුවේ සෝභිතා මහින්දගේ ගොට්ටෙක්.එක්සත් ජාතික පක්ෂයට එරෙහිව වැඩ කරපු එකෙක්. චන්ද්‍රිකාට රට හදන්න අවුරුදු 12ක් තිබුනා.ඒකාලේ ඒකිට විදායකය අහෝසි කරන්න තිබුනා.ඒකි තමයි මහින්දට නොමිනේෂන් දීලා රට කෑවේ.දැන් පැරදුනාම අම්මගේ රෙද්දක් හදන්න එනවා.දැනට ඉන්නේ රනිල් විතරයි.

    :yes::yes::yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    මාත් ඉතාම ගරුකරන උගත් පුද්ගලයෙක්.ඒත් මොහුට ලාංකීය ජනවිඥ්ඥානය හදුනාගන්න බැරිඋනා එතනයි මොහුගේ වැටීම.ඔහු ගමට ගිහින් කිව්වේ,නංගිට මොනවද ඕන රත්තරං chain ඒකක්නේ මම දෙන්නම් කියල.අන්න ඒකට රන්ගොජා ලංකාවෙ හරක්ටික ගාල් කරනවා උපරිමයෙන්.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    මාත් ඉතාම ගරුකරන උගත් පුද්ගලයෙක්.ඒත් මොහුට ලාංකීය ජනවිඥ්ඥානය හදුනාගන්න බැරිඋනා එතනයි මොහුගේ වැටීම.ඔහු ගමට ගිහින් කිව්වේ,නංගිට මොනවද ඕන රත්තරං chain ඒකක්නේ මම දෙන්නම් කියල.අන්න ඒකට රන්ගොජා ලංකාවෙ හරක්ටික ගාල් කරනවා උපරිමයෙන්.

    :yes::yes::yes:
    රනිල් යනු අසාර්ථක දේශපාලනඥයෙක්. රජය මේ විදියට වැරදි කරල යහතින් ඉන්න එකට රනිලුත් වගකියන්න ඕන. හරිහැටි විපක්ෂ නායකයෙක් ඉන්නව නං මහින්ද කොච්චර කපටි වුනත් මහින්ද පරාද කරන එක අමාරු නෑ, මේ රජය කරන දූෂණ, නාස්තියෙ ප්‍රමාණය වගේ දේවල එජාපය හරිහැටි ජනතාවට පෙන්නන්නෙ නෑ ඒ අතින් අනුර කුමාර දිසානායක ගොඩක් ඉදිරියෙන් (මම ජෙප්පෙක් නෙමෙයි හොඳෙයි)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    :yes::yes::yes:
    රනිල් යනු අසාර්ථක දේශපාලනඥයෙක්. රජය මේ විදියට වැරදි කරල යහතින් ඉන්න එකට රනිලුත් වගකියන්න ඕන. හරිහැටි විපක්ෂ නායකයෙක් ඉන්නව නං මහින්ද කොච්චර කපටි වුනත් මහින්ද පරාද කරන එක අමාරු නෑ, මේ රජය කරන දූෂණ, නාස්තියෙ ප්‍රමාණය වගේ දේවල එජාපය හරිහැටි ජනතාවට පෙන්නන්නෙ නෑ ඒ අතින් අනුර කුමාර දිසානායක ගොඩක් ඉදිරියෙන් (මම ජෙප්පෙක් නෙමෙයි හොඳෙයි)

    ඔබ කියන කතාව ඇත්ත.එත් මම ඔහුට කැමති ඔහු තාම game එකේ ඉන්නවා මිනිස්සු එයාට කියනවා දැන් ඔයාගේ කාලෙ ඉවරයි දැන් ඔයා යන්න කියල එත් ඔහු යන්නෙ නැ. පරාජය යථාර්තයක් සේ බාරගන්නතුරු කිසිවෙකු පරාජය නොවේ කියනවනේ.අපි බලාගෙන ඉමු.abraham lincoln වගේ රනිලුත් සියපාරක් හරි පැරදිල සමහරවිට යම් දවසක දිනන්න පුළුවන්...(මම abraham lincolnට රනිල්ව සමකරා කියල වැරදියට වටහාගන්න එපා)