රනිල් පාරට බහින්න තීන්දු කරයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් පාරට බහින්න තීන්දු කරයි

    රෂිනි මෙන්ඩිස්
    copyright :Mawbima newspaper

    ලබන 12 වැනිදායින් පසුවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඊට එරෙහිව ජනතාව වෙනුවෙන් පාරට බහින බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරයි.
    ඒ මහතා මේ අනතුරු ඇඟවීම කෙළේ ඊයේ (10දා) පිටකෝට්ටේ සොලිස් ශාලාවේ පැවැති සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
    වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

    අද ප්‍රථම වතාවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන පොදු වැඩසටහන යටතේ අපි එකතුවෙලා ඉන්නවා. පාර්ලිමේන්තුවට වගකියන නීතියට යටත් පාලකයෙක් මේ රටට අවශ්‍යයි කියන මතයට එකඟ වෙලා ඉන්නවා.
    මේ එකඟත්වය තමයි අපිට වැදගත් වෙන්නේ. අපි බදාදා (12දා) එකම වේදිකාවකට යනවා. මේ විධායකය අහෝසි කරන එක අපි පාර්ලිමේන්තුවෙන් පටන් ගන්න ඕනේ. 17 වැනි ව්‍යවස්ථාව යළි ස්ථාපිත කරන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරන්න ඕනෑ. සාධාරණ හා නිදහස් මැතිවරණයකට යන්න අවශ්‍යයි. ඒ වුණාට මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී එකක් නෙවෙයි. අද ආණ්ඩුව රකින්න පොලිසියට කටයුතු කරන්න කියනවා. මාධ්‍යයට නිදහසක් නැහැ. අද හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා.

    අපි කියනවා රටේ ජනතා පරමාධිපත්‍යයක් තියෙනවා කියලා. ඒ වුණාට රටේ ජනාධිපති කියනවා එහෙම එකක් නැහැ කියලා. වර්තමාන ජනාධිපතිට පුළුවන් ඡන්ද ප්‍රතිඵල පවා වෙනස් කරන්න. අපි ඒක නවත්තන්න ඕනේ. ජනතාව වෙනුවෙන් අපි අනිවාර්යයෙන් ඒක සිදුකරන්න ඕනේ.


    එහිදී අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ ජාතික කැඳවුම් කරු මාදුළුවාවේ සෝභිත හිමි,
    'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ හරියට 7පාරක් පෙරාපු රත්තරන් වගේ. ඒ වුණාට අද ව්‍යවස්ථාව කියන්නේ මුළු රටම ප්‍රතික්ෂේප කළ එකක්. මේ විධායක ජනාධිපති ධුරයට මුලින්ම විරුද්ධ වුණේ කොළඹ ඉඳලා කතරගමට පයින් ගිහින් දේව බැල්ම ඉල්ලුවේ වත්මන් ජනාධිපතිවරයා. එයා බරපතළව විරුද්ධ වුණා.
    ජවිපෙ එක්ක ගිවිසුම් ගහලා මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් මේක ඇතුළත් කළා. කෝ ඒ වුණාට එතුමාට අද ඒක අමතක වෙලා. මේ විධායක ක්‍රමය හැදුවේ යූඑන්පී එක. ඒ අයත් අද වෙනස් වෙලා. මේ විධායක ධුරය එපා කියලා මහනාහිමිවරු, අගරදගුරු ඇතුළු පිරිස් ලිපි පිට පිට යැව්වා. කෝ වෙනස් වුණේ නැහැ.
    හැම දෙනාම එකතු වෙලා හැමදෙනාටම පිළිගත හැකි ආශීර්වාදය ලැබිය හැකි කෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා පුද්ගල ජයග්‍රහණයක් නෙවෙයි ප්‍රතිපත්ති ජයග්‍රහණයක් කරන්නයි මේ රටට අවශ්‍ය. පක්ෂ, පාට, ආගම් පැත්තකට දාලා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරන්න සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. මේ විධායකය අහෝසි කරන්න හැමදෙනාම එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. බරපතළ විදියට මේකට විරුද්ධ වුණු මහින්ද රාජපක්ෂ මහතාටත් අපි ආරාධනා කරමු අපිත් එක්ක එකතු වෙන්න කියලා.


    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා
    මීට වසර 5කට කලින් පොදු අපේක්‍ෂක වෙන්න වාසනාව මටත් තිබුණා. ඊට පස්සේ වුණු දේවල් මතක් වෙනකොටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා.
    'පොදු අපේක්ෂකයා' කියන වචනය දැන් සටන් පාඨයක් වෙලා. විධායකය අහෝසි කිරීම කෙසේ වෙතත් ඒකේ විවිධ බලතල වෙනස් වීමක් සිදුවෙන්න ඕනේ කියන එක මගේ මතය. විපක්ෂ නායකයාත් ගොඩක් දේවල් කිව්වා. අනික පොදු අපේක්ෂකයෙක් ගේන කොට එයාගේ කලින් කරපු දේවල්, දැන් කරන දේවල්, පුද්ගලයාගේ විශ්වාසය හරිම වැදගත්. ඒ දේවල් ගැන හොඳට හොයන්න ඕනේ.
    මේ විධායක බලතල රටට වැඩක් කරන්නේ නැහැ. ඒකෙන් එයාට වැඩ කර ගන්නවා. පාර්ලිමේන්තුවක්, ඇමැති මණ්ඩලයක්, අගමැති එයාට අදාළ නැහැ. ජනමත විචාරණයක් තියන්න ඕනේ මේ විධායකය ගැන.
    දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. මොකද පක්ෂවලට ලැබෙන ඡන්දවල පිහිටෙන් අපේක්ෂකයන් ගමනක් යනවා. ජනතාව අනිවාර්යයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂ පාට අමතක කොට කටයුතු කළ යුතු බව මතක තියා ගන්න ඕනේ.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රනිල් උත්තමයා දැන් කිපාරක් නම් පාරට බැස්සද,අනේ මන්දා........
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල් උත්තමයා දැන් කිපාරක් නම් පාරට බැස්සද,අනේ මන්දා........

    පාරට බැහැල බලය අල්ල ගත්තත් කවදාවත්, රනිල් හෝ UNP වෙන අපේක්ෂකයෙක් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නේ නැහැ. මේ සමානුපාතික චන්ද ක්‍රමය අනුව අවුරුදු ගණනක් ආණ්ඩුවක් ගෙනියන්නනම්, අනිවාර්යයෙන් විධායක ජනපති ක්‍රමය තියෙන්න ඕන. නැතිනම් අවුරුදු 4 විතර අපහු සන්දනේ තමයි බලයට එන්නේ:rofl::rofl::P. ඕක තමයි තිත්ත ඇත්ත. අනිත් එක සුලුජාතින්. ඒ ගොල්ලෝ කැමති විධායක ක්‍රමයට.

    විධායකයේ අසීමිත බලතල අයින් කල යුතයි. සමානුපාතික චන්ද ක්‍රමය එක්ක පාර්ලිමේන්තුවක් එක්ක අගමැති කෙනෙක් විතරක් හරියන්නේ නැහැ. සමානුපාතික චන්ද ක්‍රමය එක්ක පාලක පක්ෂයට වැඩිපුර ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ බොහොම ටික දෙනයි (උදාහරනෙකට චන්ද්‍රික ආණ්ඩුවේ එක චන්දෙන් තමයි ගෙනිච්චේ). ආණ්ඩුවට වැඩක් කරන්න හම්බවෙන්න නැහැ, විපක්ෂය එක්ක වලි දාගන්නවා ඇරෙන්න. මේක තමයි චන්ද්‍රිකාට තිබ්බ ප්‍රශ්නය. මොකද හෙට ආණ්ඩුව පෙරලන්න පුළුවන් විපක්ෂයට.

     
    Oct 30, 2014
    306
    9
    0
    මෙහෙමයි මචන් රනිල් කිව්වොත් ඒ දේ කරනවා සාමාන්‍යයෙන්. මහින්දයා වගේ එකක් කියලා හොරෙන් තව එකක් කරන්නේ නෑ. මට හිතෙන්නේ බොහෝදුරට දැන් යන විදිහට පොදු අපේක්ෂකයෙක් දාලා දිනවලා පාලිමේන්තුව විසුරුවට පස්සේ විධායක ජනාධිපතිකම ආහොසි කරයි. එහෙම කරලා පාලිමෙන්තුවට වගකියන විධායක අගමැති විදිහට රනිල් පත්වෙයි.

    එහෙමත් නැත්තන් විධායක ජනාධිපතිධුරයට රනිල් ඉල්ලලා පස්සේ විධායක ජනාධිපති ධුරේ තියන අනිසි බලතල අයින් කරයි.
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මන් දන්න විදිහට මහින්දට චන්ද ප්‍රතිපල වෙනස් කරන්න පුලුවන් කියන කතාව හරි. දැන් එක එක දේවල් එලියට එනවා. බලමු මේකටත් මොකද්ද වෙන්නෙ කියල.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පකෙශේ නායකකම එකදිපතියෙක් වගේ පාවිච්චි කරන මිනිහෙක් කවදාවත් විදායක බලය අහෝසි කරන්නේ නැහැ