රනිල්_හොරා-සිරිසේන
අද දින පාර්ලිමේන්තුවේ සිටි එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය යන දෙපාර්ශවයම එකිනෙකාට සොරා යනුවෙන් ආමන්ත්‍රණය කරගැනීම නිසා සොරකමට සම්බන්ධ නොවුණේ කවුදැයි හඳුණාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා අද උදෑසන සිට අනුරාධපුරයේ සිටි බැවින් ඒ මොහොතේ පාර්ලිමේන්තු ගර්භය තුළ සිය පක්ෂයේ අය නොසිටි බවයි.
සිරිසේන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළිය අමතමින්.
පිටකොටුවේ “පික්පොකට් ගසන” පුද්ගලයින් සොරකම් කර දුවන අවස්ථාවේ දී එම සොරා විසින්ම “අන්න හොරා” යනුවෙන් කෑගසන බවත්, අද මෙරට දේශපාලනය තුළ සිදුවී ඇත්තේ ද එය බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
හොරකම් කළේ කවුද, හොරකම් නොකරන්නේ කවුද යන්න මෙරට ජනතාවගේ හෘදය සාක්ෂිය දන්නා බවටයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
audio- https://clyp.it/czfzohh2