රවීට_ඇමැතිධූරයක්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රවීට_ඇමැතිධූරයක්

    රවීට කැබිනට් ඇමැතිධූරයක් දෙන්න යයි


    RK-MS-300x273.jpg


    එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට යළි කැබිනට් අමාත්‍යධුරය දීමට අවසන් එකඟතාවය ඇති වී තිබේ.


    යළි කැබිනට් අමාත්‍යධුරයට පත් කරනවාට කිසිදු විරෝධතාවයක් නැති බව ජනාධිපතිවරයා තමාට දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලයට නිල වශයෙන් දැනුම් දුන්නේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ඉහත දැනුම් දීම කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 රාජ්‍ය පරිපාලන අමාතයාංශයේදී පෙරේදා (05) පැවැත්විණි.


    එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධාන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක, පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් ජී පෙරේරා යන මහත්වරු දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වී සිටියහ.


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේ තමා හමු වූ බවත් එවිට මේ බව දැනුම් දුන් බවත් රවි කරුණානායක මහතා දේශපාලන මණ්ඩලයට සඳහන් කර සිටියේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව පවතින චෝදනා පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම්දීමකට අනුව නීතිපති මතය ද ලබන සතියේ දැනුම් දීමට නියමිතය.


    ඉහත පසුබිම යටතේ එක්සත් ජාතික පක්ෂ උපනායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට යළිත් කැබිනට් අමාත්‍යධුරය ස්ථිර වශයෙන් ම හිමිවීමට නියමිතය.




    Code:
    http://www.lankadeepa.lk/top_story/%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A-%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B0%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B6%BA%E0%B6%BA%E0%B7%92/10-536109
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "යන යකා කොරහත් බිදගෙනම යනව" කියනවනෙ.. ඒක නිසා රවියට ඇමතිකමක් දෙන එක හොදටම හොදයි.. :yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    කෝ මේ ස්වාධීන identity aka ruchira මහත්වරු..මේවට නම් මීක් නෑ..
     

    SunimalsJs

    Member
    Sep 6, 2018
    17
    5
    0
    රවියා තමයි විපක්ෂේ ඉන්න කාලේ යූඑන්පී එක රන් කරන්න සල්ලි දුන්නේ. ආයේ දයා ගමගේ. මයිත්‍රී පොදු අපේක්ෂක විදියට ආවට සල්ලි තිබ්බේ නැහැ කැම්පේන් එකක් කරන්න. රවී තමයි සල්ලි පොම්ප කරේ. අනික කොළඹ ඉන්න සුපිරිම පැලැන්තිය වගේම, කොළඹ පැල්පත් නිවාස වල ඉන්න පිරිසත් රවියා එක්ක එකතුයි. මිනිහට ඒ නිසා හොද මැරවර ජාලයකුත් තියෙනවා. අන්න ඒ නිසයි රවියාව පක්ෂෙන් එලවන්න බැරි.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙවෙනි ඉනිමේදී සමෘද්ධි බැංකු ටිකට වැඩේ දෙයි වගේ. මුලින් මහා බැංකුවට වැඩේ දුන්න මේ සැරේ ග්‍රාමීය බැංකු ටිකට වැඩේ දෙයි. කොමිසම් ගහල ඒවා ඇතුලේ මෙච්චර කල් කොයි පැටෙව්වද වික්කාමසිංහ. දැන් ඉතින් 2020 වෙනකම් හොදට හොරා කාල යයි.:angry: කෝ හොරුන්ට දඩුවම් දෙනවා කිව්ව වික්කාමසිංහගේ බෝයි ෆ්‍රෙන් ලා ටික. මේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නෑ හැංගිලා ඉන්නේ :lol:
     

    Similar threads