රවී වේස බල්ලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මාමාගෙන් බෑනාට තෑග්ගක්.. කෝටි ගාණනක අති සුඛෝපභෝගි රථයක් බදු නෙගෙවා රටට ගෙනේ..
November 11, 2016 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
මාමාගෙන් බෑනාට තෑග්ගක්.. කෝටි ගාණනක අති සුඛෝපභෝගි රථයක් බදු නෙගෙවා රටට ගෙනේ..
රටේ ඉහළම අමාත්‍යංශයක් යටතේ රුපියල් 54,322,739 වටිනාකමකින් යුත් ලෙක්සස් LS460 (2016) වර්ගයේ අති නවීන මෝටර් රථයක් පසුගිය 8 වනදා ශ්‍රී ලංකා රේගුව හරහා නිදහස් කොට ඇත.

මෙම අති සුඛෝපභෝගී වාහනය සඳහා කිසිඳු බදු මුදලක් ගෙවා නොමැති අතර රේගුවට සම්පූර්ණ ගෙවා ඇති මුදල රුපියල් 1750/- කි.

මෙම අමාත්‍යාංශයේ රටේ ඉහළ පවුලකට සම්බන්ධ බෑන කෙනකු දේශපාලන පත්විමක් ලැබ සේවය කරයි.

එහෙත් ඊයේ අයවැය මගින් පුංචිම පුද්ගලයා පාවිච්චි කරන මෝටර් බයිසිකලය සඳහාද තවත් රුපියල් හතළිස් දහසක් පමණ අමතර බදු මුදලක් මෙන්ම කුඩා කාර් සඳහා ලක්ෂ 2 සිට හතර දක්වා අමතර බදු මුදලක් ද අයකර ඇත.