රවී සෙනවිරත්නගේ නඩුවේ : උසාවියත් මාරු කරයි !

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,920
    113
    :lol: 🤌


    මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට එරෙහිව පවතින නඩු විභාගයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කිරීමට අභියාචනාධිකරණය ඊයේ (09) නියෝග කළේය.

    මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරු මඬුල්ල විසින් රවී සෙනවිරත්න ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

    2023 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසිය විසින් රවී සෙනවිරත්න ට එරෙහිව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.

    කෙසේ වෙතත්, එම අධිකරණය හමුවේ තමන්ට අපක්ෂපාතී සහ සාධාරණ නඩු විභාගයක් අපේක්ෂා කළ නොහැකි බව පවසමින්, නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන ලෙස ඉල්ලා ලේකම්වරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.

    මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී, අදාළ නඩු කටයුත්ත වෙනත් අධිකරණයකට මාරු කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයෙන් කිසිදු විරෝධතාවක් එල්ල නොවීම විශේෂත්වයකි.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල, එතෙක් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවති මෙම නඩුව, ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මාරු කිරීමට අවසර ලබා දුන්නේය.

    - https://newshub.lk/blog/2026/02/10/the-court-in-ravi-seneviratnes-case-will-also-transferred/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    images
     
    • Haha
    Reactions: shan4djfun

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,215
    113
    35
    Spain
    අදාළ නඩු කටයුත්ත වෙනත් අධිකරණයකට මාරු කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයෙන් කිසිදු විරෝධතාවක් එල්ල නොවීම විශේෂත්වයකි - ඉතින් උන් දෙගොල්ලම එකක් වුනාම විරුද්ධ වෙන්න ඕනය
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    අදාළ නඩු කටයුත්ත වෙනත් අධිකරණයකට මාරු කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවයෙන් කිසිදු විරෝධතාවක් එල්ල නොවීම විශේෂත්වයකි - ඉතින් උන් දෙගොල්ලම එකක් වුනාම විරුද්ධ වෙන්න ඕනය
    කතා වෙලා විසඳගන්න නේ තියෙන්නෙ. දිලීපට පොඩි රඟපෑමක් නැද්ද මේකේ?