රසදිය එන්ජිම "මර්කරි වෝටෙක්ස්"

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    රාවණ රජු පිළිබඳ විමසූ සැණින් කාගේ වුව මතකයට නැගෙනුයේ දඬුමොණරයයි. රාවණ යුගය කොතරම් දියුණු තත්ත්වයක පවතින්නට ඇතිද යන්න සිතා බැලීමට ඇති හොඳම සාධකය වන්නේද දඬුමොණරයයි. කාලයේ වැලි තලාවෙන් වැසීයමින් පැවතුණු රාවණ යුගය පිළිබඳ යළි උනන්දුවක් ලොවපුරා ඇතිවන්නට ද හේතු වූයේ මේ රාවණ ගුවන් තාක්‍ෂණයයි. ඊශ්‍රායලය විසින් නිෂ්පාදිත කෆීර් හෙවත් වැලි කතරේ සිංහලයා නම් ප්‍රහාරක ජෙට් යානයේ සිට වර්තමානයේ දියුණුතම ප්‍රහාරක ජෙට් යානා වන F16, F22, F35, F-111, A-10 Thunderbolt ආදිය පවා නිෂ්පාදනය කර තිබෙන්නේ වෛමානිකශ්‍රාස්ත්‍රය නැමැති ග්‍රන්ථයට අනුව බව හෙළි වී තිබුණි. මේ ප්‍රහාරක ගුවන් යානා අද අහස සිසාරා යන්නේ අප හෙළයට පින් සිද්ද වෙන්නටය.



    දෙවැනි ලෝක යුද්ධයට පෙර කාලයේදී හිට්ලර් විසින් ටිබෙටයට යවන ලද ඔත්තුකරුවන් පිරිසක් ටිබෙට් ආරාමවල පැවිදි වී හොර රහසේ යමක් සෙවූහ. ඒ කිසිවක් නොව ධර්මාශෝක රජු විසින් අවසන් වරට භාවිතා කළ, රාම විසින් ඉන්දියාවට රැගෙන ගිය රාවණ පරපුර සතුව පැවති න්‍යෂ්ඨික අවි සහිත ගුවන් තාක්‍ෂණයයි.

    ධර්මාශෝක රජු මෙම ගුවන් තාක්‍ෂණයේ මෙන්ම යුධ තාක්‍ෂණ රැසක පැවති විනාශකාරී බව අවබෝධ කරගෙන එම තොරතුරු ග්‍රන්ථාරූඪ කර හොර රහසේ ට්බෙටයේ ලෙන් විහාර තුළ සඟවා තැබීය. මෙසේ සඟවා තැබූ ගුවන් තාක්‍ෂණය ජර්මනියට ගෙනගිය අතර විවිධ හැඩවල ගුවන් ‍යානා ජර්මනිය තුළ රහසේ නිෂ්පාදනය විය. ඒ අතර වර්තමානයේ පිටසක්වල යානා ලෙස හඳුන්වන රවුම් හැඩැති යානාද විය. ඒවා ඔත්තු බැලීමේ යානා ලෙස භාවිතා වන අතර ඒවාට යොදාගෙන ඇත්තේ රාවනා රජතුමාගේ දඬුමොණර වර්ගයක් වන සුන්දර විමාන වල තාක්ෂණය වුවත් දැනට පවතින යනා අතීතයේ අප හෙළය සතුව තිබූ යානා වලට වඩා බොහෝ නොදියුණුය.



    රාවණ ගුවන් තාක්‍ෂණය නැතහොත් විමාන තාක්‍ෂණය කරළියට පිවිසෙන්නේ 1967 දී චීන සමූහාණ් ඩුව ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමඟය. කිසිඳු වැදගත්කමක් නොමැති කඳුකර රාජ්‍යයක් ආක්‍රමණය කිරීමට බලපෑ හේතුවද මෙම විමාන ශාස්ත්‍රය බව අද වනවිට හෙළිවී ඇති යුධ රහසකි. ටිබෙටයේ ලාසා අසල ආරාමයකින් සොයාගත් ග්‍රන්ථ කිහිපයක් හා ලේඛන කිහිපයක් පරිවර්තනය කරගැනීම උදෙසා යළි ඉන්දියාවේ චන්දිගාර් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍යය රූන් රේනර් මහත්මිය වෙත එව්වේය. ඒ භාර්ද්වාජ ඍශි විසින් සංස්කෘත භාෂාවෙන් ග්‍රන්ථාරූඪ කරන ලද වෛමාණික ශාස්ත්‍ර නම් ග්‍රන්ථයයි.

    මෙම පරිවර්තනයත් සමඟම එතෙක් රහසක් වූ විමාන තාක්‍ෂණය නැතහොත් ගුවන් තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා නව තාක්‍ෂණික ක්‍රමවේද සොයමින් සිටි රටවල් අතර දැඩි උනන්දුවක් ඇතිවිය. රාවණ ගුවන් තාක්‍ෂණය පිලිබඳ ලොව පුරා උනන්දුවක් ඇතිවීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේද පෘථිවිය තුළ මෙන්ම අභ්‍යවකාශය හා වෙනත් ග්‍රහලෝක තරණය කල හැකි යානා තාක්‍ෂණයයි. එසේම අධි ක්‍රියාකාරීත්වයෙන් යුත් රසදිය භාවිත කළ ගුවන් එන්ජිම නිපදවීම පිළිබඳ නතු සෙවීම බොහෝ දෙනාගේ ප්‍රධාන ඉලක්කය විය. මෙකී අධිබලැති රසදිය එන්ජිම මර්කරි වෝටෙක්ස් එන්ජිම ලෙස හැඳින්වුණි.



    පිටසක්වල තාක්‍ෂණය මෙන්ම රාවණ තාක්‍ෂණය පිළිබඳ උපරිම ලෙස පරීක්‍ෂණ පවත්වන ඇමරිකාවේ නොවාඩා ප්‍රාන්තයේ ඒරියා 51 ලෙසින් හැඳින්වෙන රහස් ජනපදයේ සිදුකළ පරීක්‍ෂණයක ප්‍රථිපලයක් ලෙස මෙතෙක් රාමයනයේ මිත්‍ය කතාවක් ලෙස පැවති රාවණ ගුවන් තාක්‍ෂණය පිළිබඳ බොහෝ දෙනා කතා කළා පමණක් නොව තොරතුරු ගවේශණයටද පුරුදු වූහ.

    TR - 3B වර්ගයේ පැරණි ගුවන්‍ යානාවකට මෙම මර්කරි වෝටෙක්ස් එන්ජිමක් සවිකර අත් හදා බලන්නේ ඒ අනුවය. එම උත්සාහය සම්පූර්ණයෙන්ම සාර්ථක විය. ඉන්පසු එම ඉන්ජිම මෝටර් රථයකට යොදා අත් හදා බැලීය. එහෙත් තවමත් රාවණ ගුවන් තාක්‍ෂණය ඒරියා 51 තුළ පරීක්‍ෂණ මට්ටමේ පවතී.



    මෙම පරීක්‍ෂණය සාර්ථක වීමත් සමඟම රාවණ ගුවන් තාක්‍ෂණය මිත්‍යාවක් නොවන බව ලෝකයට පසක් වන්නට විය. වර්තමානය වනවිට ගුවන් යානා යුග 5ක් ගෙවී ඇත. එසේම මේ වනවිට ඇමරිකාව හයවන ගුවන් යානා යුගයද සැලසුම් කර හමාරය. හයවන යුගයට අයත්වන අධිවේගී බෝයින් F/Axx යානාව 2025-2030 අතර කාලවකවානු වලදී ගුවන ජයගැනීමට නියමිතය. එයද ලොව මෙතෙක් බිහිවූ ගුවන් තාක්‍ෂණයේ උපරිම තාක්‍ෂණය සහ වේගය කැටිකරගත් යානය නොවේ. ඒ තුළ හෙළ විමාන තාක්‍ෂණය නැතහොත් රාවණ ගුවන් තාක්‍ෂණය අන්තර්ගත නැත.

    එහෙත් 2016 සිට 2018 කාලවකවානු වලදී ලොව ඉහළම ගුවන්තාක්‍ෂණය සහිත ගුවන්යානය ලාංකේය රාවණ පරපුරේ විද්‍යාඥයෙකුගේ නිර්මාණයක් ලෙසින් අහස් කුස සිසාරා ගුවන්ගත වීමට නියමිත බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔහු නමින් පී.ඒ. වික්‍රමතුංගය. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ‍තෝරාගත් ගගනගාමීන් දෙදෙනෙක් විසින් ඒ යානය ගුවන් ගත කරයි, ඊට යොදාගත් ගගනගාමීන් දෙදෙනා රාවන පරපුරේ නෑයන් බව තතු නොදත් ආරංචිමාර්ග පවසයි.

     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙම ගුවන් තාක්‍ෂණය 7වන යුගයට අයත්වන ගුවන් තාක්‍ෂණයයි. එම ගුවන් තාක්‍ෂණය අදියර දෙකක් යටතේ එළියට පැමිණීමට නියමිතය. එහි පළමු ගුවන්‍ යානය 2026/28 කාලය අතර නිපදවීමට නියමිත අතර දෙවැනි ගුවන් යානය ඉන් වසර කිහිපයකට පසුව ගුවන ජයගනු ඇත. මෙම යානා දෙකම සැලසුම් කර අවසන්‍ ය. එය නම් කර Hytle ඇත්තේ අධිතාක්‍ෂණ ප්‍රහාරක යානය ලෙසය.

    මෙම හයිටිල් අධි තාක්‍ෂණික ගුවන්යානය සම්පුර්ණයෙන්ම හෙළ විමාන තාක්‍ෂණය පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත. හයිටිල් යානයේ ප්‍රධානතම විශේෂත්වය වනුයේ යානා කිහිපයක් මඟින් කළ යුතු කාර්‍යයන් සාර්ථකව එක් යානයක් මඟින් කළ හැකි වීමයි. (Multi. mission capability)

    මෙම හයිටිල් යානයේ ප්‍රධාන එන්ජින් පද්ධතීන් 3ක් පවතී. ඉන් මධ්‍යයේ ඇති එන්ජිම රාවණ තාක්‍ෂණයෙන් නිපදවූ මර්කරි වෝටෙක්ස් එන්ජිමයි. අනෙක් එන්ජින් දෙක ශබ්දයේ වේගය මෙන් 5-10 අතර වේගයක් ලබාදෙන ප්ලස් ඩෙටොනේෂන්(PDE) එන්ජිමකි. මෙම PDE එන්ජින් ක්‍රියාත්මක වනුයේ වෙනස් ආකාරයකට වන අතර අධිවේගී වාතය සංකෝචනය කර ඉන්ධන සමඟ දවාලීම හරහා කුඩා පිපිරුමක් සමඟ අධිවේගයෙන් එළියට පිට කිරීමයි. මෙමඟින් යානයට අධිවේගයක් ලබාගත හැකිවෙයි.

    මධ්‍යයේ සවිකර ඇති මර්කරි වෝටෙක්ස් නැතහොත් රාවණ ගුවන් එන්ජිම රසදිය ප්‍රසාරණය කර වේගයෙන් ත්වරණය කිරීම හරහා අධිකේන් ද්‍රාපසාරී බලයක් නිෂ්පාදනය කරනු ලබයි. මේ එන්ජිම හරහා යානය අතිවේගයෙන් එසවීමට එකතැන නැවත්වීමට ඉදිරියට ගමන්කරන ගමන් පසුපසට හෝ පැතිවලට හැරී පහරදීම සිදුකළ හැකිවෙයි.



    දැනට භාවිතා කරන පස්වන පරපුරට අයත් කිසිඳු යානයකට යම් අරමුණක් වෙත ගමන් කරන අතර, වෙනත් කාර්‍යයක යෙදීමේ හැකියාවක් නැත. එහෙත් මෙම හයිටිල් යානය ඒ සියලු සාධක බිඳ දමා ඇත. එය අරමුණක් වෙත වේගයෙන් ගමන් කරද්දී සතුරු යානාවලට පහරදීම් ඉහළට පහළට හෝ පසුපසට හරවා සිදු කිරීමේ හැකියාව පවතී.

    විමාන නිෂ්පාදනය සඳහා භාවිතා කළ අධි උෂ්ණත්වයට ඔරොත්තු දෙන සෝම, සෞන්දල, මෞර්ත්වික ආදී ලෝහ වර්ග සංයෝග කර නිපදවූ රාජ ලෝහය ලෙස නම් කළ ඉතා සැහැල්ලු ලෝහයට සමානම ලෝහයක් මෙම යානය සඳහා භාවිතා කරයි. එම ලෝහය සෑදීමට අවශ්‍ය මූලද්‍රව්‍යයන් සොයාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ නීලගිරි පර්වතය ආසන්න වගුරු බිමකිනි.

    විමාන තාක්‍ෂණයේ දර්පණ තාක්‍ෂණය ලෙස හැඳින්වෙන ක්‍රමවේදය අනුගමනය කරමින් හයිටිල් යානයේ අධිසෙන්සර් පද්ධතියක් ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය යානයේ ස්වයංක්‍රීය පාලකයා වේ. විමානයක පැවති දර්පණවලින් සිදුකෙරුණු කාර්‍යයන් සියල්ලම මෙම හයිටිල් යානයේ අධිසංවේදක හරහා ඉටුවන අතර ඒ හරහා යානය අවට සියලු තොරතුරු නියමුවාට ග්‍රහණය කරගත හැකිවෙයි.

    මෙහි දක්වා ඇති වගුවේ විමානයක හා හයිටිල් යානයේ දර්පණ වල සබඳතාව පෙන්වා ඇත.

    මෙම යානය හරහා පෘථිවි චුම් බක ක්‍ෂේත්‍රය හැකිළවීමේ හැකියාව පවතී. එහිදී සිදුවනුයේ යානය එක් තැනක සිට තවත් තැනකට පැනීම හා සමාන සිදුවීමකි. මෙම තාක්‍ෂණය අභ්‍යවකාශ තරණය සඳහාද වර්ධනය කලහැකි ක්‍රමවේදයකි. ඒ සඳහා රාවණ රජතුමා සතුව තිබූ රාක‍ටු නැමති තාක්ෂණය ඇමරිකාව විසින් දැන් යොදගන්නා බව ඔබ දන්නවාද?



    විමාන යානාවල සූර් ය ශක්තිය ආකර් ෂණය කරගනිමින් එම ශක්තිය මඟින් එන් ජිම ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය බලය ලබාදී ඇත. ඒ සඳහා භාවිතාකර ඇත්තේ ප්‍රබල ලෙස ඔප දැමූ පළිඟුවකි. එයින් ඇති වූ ශක්තිය ලේසර් ධාරාවකට සමානය. හයිටිල් යානයේ එවන් වූ පළිඟු භාවිතයක් නොමැති බැවින් එය අභ්‍යවකාශ තරණය සඳහා භාවිතා කල නොහැකි වෙයි. එහෙත් විමාන තාක්‍ෂණයට අනුව එහි බ්‍රහ්ම ක්‍ෂේත්‍රය ලෙස හැඳින්වූ වර්තමාන අයන ගෝලය ලෙස හැඳින්වෙන සීමාව දක්වා ගමන් කල හැකිවෙයි.

    මෙම යානයේ පවතින අනෙක් විශේෂත්වය වනුයේ මෙහි නියමු කුටිය ස්ව්‍යංක්‍රීයව කැරකෙන ලෙස සකස් කර පැවතීමයි. මෙමඟින් යානය උඩු අතට පැදවීමේදී ද නියමුවාට කෙළින් අතට සිටීමේ හැකියාව ලැබෙයි.

    එකල තම ඥානය දියුණු කල හෙළ මුණිවරුන්ගේ ඥානයෙන් නිර්මාණය වූ විමාන යනු මිත්‍යාවක් නොවන බව අද පසක් වී ඇත. රාමායණයේ හනුමාන් දුටු පුෂ්පක විමානය ඒ අනුව සත්‍යයකි. එපමණක් නොව වර්ගපූර්ණිකාවේ ඇති රාවණ රජු හා දණුමොණරයද සැබෑවකි. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාවේ ගිණිතැබීම නිසා එහි සඳහන්ව තිබූ තාක්ෂණය අපිට අහිමි විය.



    හෙළයන් ලෙස අප ආඩම්බර විය යුතුව ඇත. අප හෙළ දෙරණ ඉපදුණු රාවණ පරපුරට අයත් විද්‍යාඥයෙකුගේ අතින් රාවණ රජුගේ විමාන යළි අහස් තලයට මුසුවීම අපට මෙන්ම ලංකා පුරයටද අභිමානයකි. ඒ සියල්ලටම වඩා මෙම යානා දෙකේ පූර්ණ අයිතිය ඔහු සතුවීම ඊටත් එහා ගිය අභිමානයකි. හෙළ ලෙයින් උපන් පී.ඒ. වික්‍රමතුංග විද්වතාණෙනි, ඔබට හෙළයේ උපහාරය.

    එනිසා 2025 දී ලෝකයේ බලවත්ම ගුවන් යානා තාක්ෂණය ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිත අතර ලෝකයේ සුපිරිම යුධ බලවතා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත් වීමට නියමිතය. ඒ නිසාම, ඉන් පසුව එන 2027 එක්සත් ජාතීන්ගේ සැසි වාරයේදී ශ්‍රී ලංකාව UNO එකේ නිෂේධ බලය හිමි සය වැනි ලෝක බලවතා වෙන බව මධ්‍යම කඳුකරයේ වෙසෙන සෘධි ලාභී මුණිවරුන් විසින් ප්‍රකාශ කර ඇත.


    “ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙලයන් විසින් බවත් යම් දිනෙක ලෝක නායකත්වය උසුළන්නේද හෙළයින් බවත් මීට වසර 10 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.“
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,373
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය 2007 ලියපු ලබ්බක් නේ. හෙළයට පුක් වෙලා ලෝකෙන් ම හිගා කාකා ඉන්නේ දැන්.

    හිඟා කන එකෙනුත් හොරා කාලා නස්පුක් වෙලා වැලේ වැල නැතුව ඉන්නේ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: Stimulus mind

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    වර්ගපූර්නිකාව :love: :love: :love: යක්ක ල‍ේ කකියනවා !!
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    බයෝ ඩීසල් ආව ඌට මීඩියා වලින් ගහලා වැලලුවා

    දැන් රසදිය ඇන්ජිම ආව ඌටත් ගහනවා පොරි හැලෙන්න ගහලා ඌව ඇරස්ට් කරලා ටෙක් එක පිටරටකට දීලා ඩොලර් මිලියන් 500 අරන් උබලට මාසෙකට තෙල් ගෙනෙයි 😂😂
     
    • Like
    Reactions: Platy

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    Comments දැක්කම හිතාගන්න පුළුවන් 2030, නිසැක ජනපති නාමල් ඊට කලින් මෙහෙන් යන්න ඕනේ
     
    • Haha
    • Like
    Reactions: Idias and imhotep

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    බයෝ ඩීසල් ආව ඌට මීඩියා වලින් ගහලා වැලලුවා

    දැන් රසදිය ඇන්ජිම ආව ඌටත් ගහනවා පොරි හැලෙන්න ගහලා ඌව ඇරස්ට් කරලා ටෙක් එක පිටරටකට දීලා ඩොලර් මිලියන් 500 අරන් උබලට මාසෙකට තෙල් ගෙනෙයි 😂😂
    ඉන්දියාවට හරි චීනෙට විකිණීම තමයි කලාව 😂🤕

    මේකෙන් හෙලිකොට්ටෝරුවෙක් හරි අයස් යාත්තරාවක් පදින්න පුලුවන් නන් මරු😇
    ------ Post added on Jul 5, 2022 at 2:24 PM
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    බයෝ ඩීසල් ආව ඌට මීඩියා වලින් ගහලා වැලලුවා

    දැන් රසදිය ඇන්ජිම ආව ඌටත් ගහනවා පොරි හැලෙන්න ගහලා ඌව ඇරස්ට් කරලා ටෙක් එක පිටරටකට දීලා ඩොලර් මිලියන් 500 අරන් උබලට මාසෙකට තෙල් ගෙනෙයි 😂😂
    මේක ඇත්ත.අවකාශ පද්දතියේ දත්ත තැම්පත් කරන විදිය ඉගෙන ගත්තට පස්සේ මොන ලබ්බක්ද කැම්පස් ගිහින් කලේ කියල හිතිලා තියෙන්නේ. නමුත් ප්‍රධාන ගුරුවරු කීපදෙනාම එක මතයක ඉන්නේ. මේක විද්‍යා අනාවරණයට කාලය නෙමේලු.තව ඉවසල ඉන්න ඕන කියල තමයි කියන්නේ.
     
    • Haha
    Reactions: Don GasCan