රස්පුටින්ගේ මල්ලි

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    RA RA RASPUTIN
    Lover of the Russian queen
    There was a cat that really was gone
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    It was a shame how he carried on
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    There lived a certain man in Russia long ago
    He was big and strong, in his eyes a flaming glow
    Most people looked at him with terror and with fear
    But to Moscow chicks he was such a lovely dear
    He could preach the bible like a preacher
    Full of ecstasy and fire
    But he also was the kind of teacher
    Women would desire

    wzGq3P1B.jpg


    Ra ra Rasputin
    Lover of the Russian queen
    There was a cat that really was gone
    Ra ra Rasputin
    Russia's greatest love machine
    It was a shame how he carried on

    He ruled the Russian land and never mind the czar
    But the cassock he danced really wunderbar
    In all affairs of state he was the man to please
    But he was real great when he had a girl to squeeze
    For the queen he was no wheeler dealer
    Though she'd heard the things he'd done
    She believed…
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සාමාන්‍යයෙන් මිනිසෙකුව මැරීමට කෙතරම් සයනයිඩ් ප්‍රමාණයක් අවශ්‍යද ? මෙය ඒ පිළිබඳව අත්දැකීම් ඇත්තෙකුට හෝ ඒ පිළිබඳ පරීක්ශණ කරන පුද්ගලයෙකුට, වෛද්‍යවරයකුට හැරුන කොට එක එල්ලේ සාමාන්‍යය පුද්ගලයෙකුට පිළිතුරු දිය නොහැකි පැනයක් බවට සැකයක් නැත. කොටි ත්‍රස්තවාදීහූද සයනයිඩ් කරලක් පාවිච්චි කළ බවට අප අසා ඇත්තෙමු. එහි කෙතරම් ප්‍රමාණයක් සයනයිඩ් නම් වූ වස අඩංගුව තිබෙන්නට ඇත්ද ? ඒ කෙසේ වෙතත් අප සැම පොදුවේ දන්නා දෙයක් ඇත. ඒ සයනයිඩ් යනු මාරාන්තික විසක් බවත් එය භාවිතා කළ සැනින් මරණය ලඟා කිරීමට සමත් තියුනු විසක් බවත්ය. එහෙත් එය එසේමද ?

    xx

    1916 දෙසැම්බර් මස 19 වන දින, රුසියාවේ මලයා නෙව්කා නදියෙහි, මහා පෙට්‍රොව්ස්කි පාලම අසලින් ගොඩ ගත් මළසිරුරකි. එය හඳුනා ගත නොහැකි අයුරින් ඒ වන විටත් නරක්ව තිබුනි. වැඩිදුරටත් කළ පරීක්ෂණ වලින් තහවුරු වූයේ, එය අධික ලෙස වස දීමෙන්, තෙවරක් වෙඩි තැබීමෙන්, දරුණු ලෙස පහර දීමෙන් සහ අවසානයේදී දියේ ගිල්වීමෙන් සිදු කළ මරණයක් බවයි. ඔබ දැන් මවිතවී ඇති එක මිනිසකුව මැරීමට මෙතරම් දෑ කළ යුතුද කියා ! ඔව්, සැබවින්ම එලෙස කිරීම අත්‍යවශ්‍යම වී තිබුණි.

    xx

    20 වන ශතවර්ෂයේ ආරම්භයේදී, රුසියාව දෙවන සාර් නිකොලස් අධිරාජයා යටතේ පාලනය විය. අධිරාජයා සහ රාජිණිය සිත්තැව්ලට පත්කරමින් සිහසුනේ මීළඟ උරුමක්කාරයා වෙනුවෙන් වසර හතරක් වැනි කාලයක් බලා සිටීමට සිදු වූහ. ගැහැණු දරුවන් හතර දෙනෙකු ලැබීමෙන් පසු බලාපොරොත්තු කඩ වූ රාජකීය යුවළ නා නා ප්‍රකාර පුද්ගලයන්ගේ, පූජකයන්ගේ සහය පැතුවේ පෙළපතට උරුමක්කාරයකු වූ පුත්‍ර රත්නයක් ලබාගැනීමටයි. අවසානයේදී බලාපොරොත්තු මල්ඵල ගන්වමින්, 1904 අගෝස්තු 12 වන දින ඇලෙක්සියි නිකොලායෙවිච් ( Alexei Nikolaevich ) දරුවා මෙලොව එළිය දුටුවේය. එහෙත් අවාසනාව තවමත් ඔවුන් පසු පසය. ළදරුවා " රාජකීය රෝගය " යැයි හැදින්වූ හිමෝෆීලියාවෙන් පෙළෙන්නට විය. නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ගත්තද ප්‍රතිඵල රහිත විය.

    xx


    රස්පුටින්
    රස්පුටින් හෙවත් Grigori Yefimovich Rasputin, 19 වන ශතවර්ශයේ අග භාගයේ රුසියාවේ සයිබීරියාවට අයත් කුඩා ගම්මානයක් වූ පොක්රොව්ස්කොයි ( Pokrovskoye ) ගම්මානයේ වැසියකු ලෙස උපත ලැබීය. ඔහුගේ උපන් දිනය පිළිබඳ නිශ්චිත සඳහනක් නොවුනත්, මෑතකදී ඔහුගේ උපන්දිනය 1869 ජනවාරි 10 වන දින ලෙස නිර්ණය කරන ලදී.

    ඔහුගේ ළමා විය පිළිබඳ විශේෂ විස්තරයක් නැති අතර ඔහුට එක් සහෝදරයෙක් සහ සොහොයුරියක් සිට ඇත. සහෝදරිය වූ මරියා අපස්මාර රෝගයෙන් පීඩා විඳි අතර අසල වූ ගඟක ගිලී මිය ගිය බව පැවසේ. සොහොයුරා වූ දිමිත්‍රි, පොකුණක ගිලීමෙන් පසුව හටගත් නිව්මෝනියා රෝගයෙන් මිය ගොස් ඇත. මෙය රස්පුටින්ගේ ජීවිතයට විශාල වශයෙන් බලපෑ අතර, විවාහ වී දරුවන් ලද පසු, ඔහු සිය පුත්‍රයා සහ දියණිය, දිමිත්‍රි සහ මාරියා ලෙස නම් කිරීමට යොමුවිය.

    වයස 18 දී, තෙමසක් තාපසාරාමයක ගත කරන ඔහු, තහනම් කළ ක්‍රිස්තියානි නිකායක් ( Khlysty ) සමඟ සම්බන්ධතා පැවැත්වූ බවටද විශ්වාස කෙරේ. තාපසාරාමයෙන් ඉවත්වූ පසු, අසල විසූ, මකාරී නම් ධාර්මික දිවියක් ගෙවූ මිනිසකු ඇසුරට වැටෙන රස්පුටින් ඔහුව අනුකරණය කිරීමටද පෙළබේ. මකාරී විසින් රස්පුටින් කෙරෙහි දක්වූ බලපෑම අති මහත්ය.

    1889 දී රස්පුටින් ප්‍රස්කොවියා ඩුබ්රොවිනා නම් තරුණිය හා විවාහ වන අතර ඔහුට දාව ඇයට දරුවන් තිදෙනෙකි.

    1901 දී නිවසින් පිටවන ඔහු, වන්දනා කරුවකු වශයෙන් තැනින් තැනට සංචාරය කරයි. ඔහු ග්‍රීසියට හා ජෙරුසලමට ගිය බවද සඳහන් වේ. 1903 දී ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණෙන රස්පුටින්, ටික කලෙකින් සුවකරන්නකු හා අනාගතවක්තෘ කෙනෙකු ලෙසටද නමක් දිනා ගැනීමට සමත් වේ.

    රස්පුටින් ඉතා කාමශක්ත පුද්ගලයකු වූ අතර කාන්තාවන්ව ආකර්ෂණය කර ගැනීමේ අපූරු හැකියාවකින්ද යුක්තවිය. රුසියානු ඉහළ සමාජයේ බොහොමයක් කාන්තාවන් ඔහු විසින් සිය ග්‍රහණයට ගෙන සිටි බවද සඳහන්වේ. එයට අමතරව ඔහු ද්විත්ව ලිංගික ආශාවන්ගෙන් ( Bisexual ) යුක්ත වූ බවද පැවසේ.

    ඔහුගේ පෞර්ෂත්වය විදහා දැක්වන අනෙක් කරුණ වූයේ නේත්‍රා යුග්මයයි. මෙය අන්‍යන්ව වශී කරවන සුළු ප්‍රබලතාවයකින් යුක්ත විය.

    xx

    සිදුකළ සියලු ප්‍රතිකාර අසාර්ථක වූ පසු, රාජකීය යුවළ පිහිටක් ගතහැකි හැම අතටම යොමු වන්නට වූහ. මේ අතරතුරේදී රාජිනියගේ මිතුරියක මාර්ගයෙන් රස්පුටින් ගැන දැනගත් රාජකීය යුවළ ඔහුව මාලිගයට කැඳවනු ලැබූහ. මෙම කැඳවීම ලැබෙන විට ඔහු සයිබීරියාවේ සංචාරය කරමින් සිටියේය.

    වෛද්‍යවරුන් පළකළ අනාවැකි බොරු කරමින් රස්පුටින් ළදරුවාට යම් සහනයක් ගෙනදීමට සමත්වේ. ඔහු එය සිදු කළ ආකාරය අදටත් අභිරහසක් වන අතර, සමහරු එය මෝහනය මාර්ගයෙන් කළ බව පවසන අතර සමහරු රස්පුටින් සතුව ඔහු පවසනාකාරයේ විශේෂ සුවකිරීමේ බලයක් ඇතැයි විශ්වාස කළහ. කෙසේ නමුත් රාජකීය යුවලට ඇවැසි දේ ඉෂ්ඨවී තිබුණි.

    මෙලෙස වරින් වර දරුවාගේ රෝගය උත්සන්න වූ අවස්ථාවලදී රස්පුටින්ගේ සේවය ලබාගැනීමට ඔවුන් පුරුදු වූ අතර, කලක් ගතවන විට රස්පුටින් රාජකීය පව්ලේ හිතවතකු දක්වා ඔසවා තැබීමට මෙම සම්බන්ධයට හැකිවිය. එය කෙතරම්ද යත් සාර් අධිරාජයා විසින් ඔහුව " අපේ මිතුරා " , " ශුද්ධවූ මිනිසා " යනුවෙන් ඇමතීමට තරම් කුළුපග විය. රාජකීය යුවළ ඔහුව දෙවියකු නැත්නම් සෘෂිවරයකු ලෙස සැලකීමට පුරුදු වූහ. අධිරාජිණිය, දෙවියන් වහන්සේ රස්පුටින් හරහා තමනට කතාකරන බව විශ්වාස කිරීමට තරම් මේ විශ්වාසය දැඩි විය.

    1915 සැප්තැම්බර් මස, දෙවන නිකොලස් සර් අධිරාජයා පළමු ලෝක සංග්‍රාමයේ යෙදී සිටි බළමුළු මෙහෙයවීම සඳහා වැඩිකාලයක් යොමු කළ බැවින්, අභ්‍යන්තර දේශපාලනික කටයුතු අධිරාජිණිය විසින් මෙහෙයවන්නට යෙදුනාය. මෙහිදී රස්පුටින් ඇයට අනුශාසකයකු වශයෙන් ක්‍රියාකළ අතර ඔහුගේ මැදිහත්වීම සෑම දේශපාලන තීරණයක වාගේම දක්නට විය. මාස කිහිපයක් අතර ඇමතිවරුන්, ඔවුන්ගේ නියෝජ්‍යයන් හා අනුප්‍රාප්තිකයන් ශීඝ්‍ර ලෙස වෙනස් වනනේ රස්පුටින්ගේ අනුදැනුමද සමඟිනි.

    විය යුතු පරිදිම, මෙම තත්ත්වය එරට ප්‍රභූ පැලැන්තිය නොරිස්සන අතර ඔවුනට රස්පුටින්ව නයාට අඳුකොළ තත්ත්වයට පත්වේ. ඔවුන් විසින් මේ ගැන රාජකීය යුවළ දැනුවත් කිරීමට උත්සහා කළද එය නිෂ්ඵල කාර්යයක් වන්නේය.

    මේ අතර අධිරාජිණිය සහ රස්පුටින් අතර රහසිගත සබඳතාවයක් ඇතැයිද රාවයක් පැතිර යයි. පිය පාර්ශවයෙන් ජර්මානු සම්භවයක් ඇති රාජිණිය, රස්පුටින් හා එක්ව ජර්මනිය හා රහසිගත එකඟතාවයකට සැරසුණ බවටද කියවේ.

    මේ සියල්ල රුසියානු ප්‍රභූ පැලැන්තිය රහසිගත කුමන්ත්‍රණයක් වෙතට තල්ලු කොට දමනු ලබයි.

    1916 නොවැම්බර් මස රුසියානු පහළ මන්ත්‍රී මණ්ඩලයේ ( Duma ) නායකයා ලෙස කටයුතු කළ ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) ෆීලික්ස් යුසුපොව් ( Felix Yusupov ) කුමාරයාට ලිපියක් ලියමින්;

    " මම රස්පුටින්ගෙන් මිදීම සඳහාවූ සැලසුමක් ගැන සිතයොමුකරමින් කාර්යය බහුලව සිටී. එය දැන් පැහැදිලිවම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබේ. ප්‍රමාදය ඉක්මනින්ම සියල්ල අවසන් කරනු ඇත. ඔබත් මෙයට සහභාගී විය යුතුය. දිමිත්‍රි පව්ලොවිච් මේ ගැන සියල්ල දන්නා අතර දෙසැම්බර් මස මැදදී ඔහු නැවත පැමිණි පසු මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මේ ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

    එයට පිළිතුරු යවන ෆීලික්ස් කුමරා;

    " ඔබගේ ලිපියට ස්තූතියි. මට එයින් බාගයක්ම තේරුම් ගත නොහැකියි. එහෙත් ඔබ දරුණු ක්‍රියාමර්ගයකට යෑම සඳහා අරාඳින බව පෙනෙන්නට තිබේ. මාගේ ප්‍රධානම විරෝධය, ඔබ මා නොවිමසා සියල්ල සැලසුම් කොට තීරණය කොට තිබීමයි. මම නොමැතිව මෙය ක්‍රියාත්මක කිරීමට නිර්භය නොවන්න. නැතහොත් මා සම්පූර්ණයෙන්ම සහභාගී වීමෙන් වැළකෙමි. "

    ඝාතකයෝ :

    ෆීලික්ස් යුසුෆොව් කුමරු ( Felix Yusupov ) :

    රුසියාවේ ධනවත් පව්ලකින් පැවත එන මොහු, සාර් රජුගේ ලේලිය වූ රූමත් ඉරිනා හා විවාහ වී සිටියේය. එබවින් මොහුට රජ පවුල හා ඉතා කිට්ටු සබඳතා විය. එසේ වුවද මොහු සමලිංගික ආශ්‍රයන් ප්‍රියකළ පුද්ගලයකු බවද කියවේ. එම රුචිකම් රස්පුටින්ව ග්‍රහණයට ගැනීමට ඉවහල්වී ඇත.

    ආදිපාද දිමිත්‍රි පව්ලොවිච් ( Dmitri Pavlovich ) :

    මොහු සාර් රජතුමාගේ ඥාති සොහොයුරෙක් විය. රජුගේ වැඩිමහලු දියණිය හා විවාහ ගිවිසගෙන සිටියද, ෆීලික්ස් කුමරා හා පැවැත්වූ සමලිංගික සබඳතාවය නිසා එම විවාහය කඩා කප්පල් විය.

    ව්ලැඩිමීර් පුරිෂ්කෙවිච් ( Vladimir Purishkevich ) :

    ඔබ දනටමත් දන්නා පරිදි මොහු ඩුමා හී ප්‍රධාන තනතුර හෙබවූ පුද්ගලයා විය. කුමන්ත්‍රණයට මුල්වී ක්‍රියා කළ අයගෙන් කෙනෙකි.

    ලුතිනන් සුක්හෝටින් :

    තරුණ හමුදා නිලධරයෙකි.

    දොස්තර ලසාවර්ට් :

    පුරිස්කෙවිච්ගේ මිතුරකු සහ වෛද්‍යවරයා වේ.

    සැලැස්ම :


    රස්පුටින් හා මිතු දමක් වගා කරගන්නා ෆීලික්ස් කුමරු, රස්පුටින්ව ඔහුගේ මාලිගයට රවටා ගෙනවිත් ඝාතනය කිරීමට සැලසුම් කෙරිණි. දෙසැම්බර් 16 වන දින තෙක් දිමිත්‍රි පව්ලොවිච් කාර්යය බහුල බැවින් හා දෙසැම්බර් 17 වන දින පුරිස්කෙවිච් යුද පෙරමුණට යායුතු බැවින් ඝාතනය දෙසැම්බර් 16 රාත්‍රියේදී, 17 ට එළිවන පාන්දර කිරීමට තීරණය කරගත්හ. මධ්‍යම රාත්‍රියෙන් පසුව රස්පුටින්ගේ නිවසට යොදා තිබුණු ආරක්ෂක රැකවල් ඉවත් කිරීමද මෙම වේලාව තෝරා ගැනීමට එක් හේතුවක් විය. දෙසැම්බර් 17 වන දින අලුයම 12.30 ට ෆීලික්ස් විසින් රස්පුටින්ව නිවසින් රැගෙන ඒමට සැලසුම් කරණ ලදී.

    එහෙත් රස්පුටින්ව නිවසින් පිටතට ගැනීමට සෑහෙන හේතුව සැපයිය යුතුව තිබුණි. මේ සඳහා, රස්පුටින්ගේ ස්ත්‍රී ලෝලත්වය ගැන හොඳින් දැන සිටි ඝාතකයන්, ෆීලික්ස් කුමරුගේ රූමත් බිරිය ඇමක් ලෙස භාවිතා කිරීමට කතිකා කරගත්හ. ඒ අනුව එවකට ක්‍රිමියා හී නතරව සිටි සිය බිරිඳට ලියන ෆීලික්ස් කුමරු මෙයට සහභාගී වන ලෙස ඇගෙන් ඉල්ලා සිටී. එහෙත් ඇය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම කරණකොටගෙන රස්පුටින්ව බොරුවකින් මුළා කිරීමට එකඟතාවයකට පැමිණේ.

    මෙසේ ඉරිනා කුමරිය මුණගැස්වීමටයි රවටා රැගෙන එන රස්පුටින්ව මාලිගයේ බිම්මහලේ රඳවා තබා ගැනීමට ෆීලික්ස්ට නියම විය. ඒ අතරතුර ඉහළ මහලයේ ඉරිනා කුමරිය හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යේදී සිටින බවක් රස්පුටින්ට ඇඟවෙන සේ ක්‍රියා කිරීම, එසේ බලාපොරොත්තුව සිටින අතරතුර රස්පුටින්ට සයනයිඩ් දමූ කේක් සහ වයින් පානය කිරීමට දී ඝාතනය කිරීම, ඝාතනයෙන් පසු ගෝනි වළ දවටන ලද දේහය මලයා නෙව්කා නදියට දැමීම සැලසුමයි. හඬ පිටතට ඇසිය හැකි බැවින් ඝාතකයන් රිවෝල්වර් භාවිතයට යොමු නොව්නි.

    xx

    නොවම්බර් මස, රස්පුටින්ව හොඳින් දන්නා සිය හිතවතියක් වූ මාරියා ග්ලොවිනා අමතන ෆීලික්ස්, තමනට නිතර නිතර හට ගන්නා පපුවේ අමාරුවක් ගැන දන්වා සිටින්නේ සිය අරමුණට ළඟා වීමේ මාර්ගයක් ලෙසයි. ඔහු බලාපොරොත්තු වූ පරිදිම ඇය විසින් ප්‍රතිකාර සඳහා රස්පුටින්ව යෝජනා කෙරේ. ප්‍රතිකාර සඳහා ඇයගේ නිවසේදී ෆීලික්ස් ට රස්පුටින්ව මුණගස්වන අතර ටික කලෙකින්ම රස්පුටින් හා හොඳ මිතු දමක් ඇති කරගැනීමට ෆීලික්ස් සමත්වේ. ෆීලික්ස් නිතර නිතර රස්පුටින්ගේ නිවසට යැම් ඊම් අරබන අතර, බොහෝදෙනෙකු එය සුවකිරීම් වලට එහා ගිය සමලිංගික සම්බන්ධයක් යයි අනුමාන කිරීමටද පෙළබේ.

    සැලැස්මේ වූ පරිදිම සුදුසු කල්හී, ෆීලික්ස් විසින් රස්පුටින් හට සිය බිරියගේ පැමිණීම ගැන දැනුම් දෙන අතර බලාපොරොත්තු වූ පරිදිම රස්පුටින් ඇයව හමුවීමට උනන්දු වේ. ඔවුන් විසින් දෙසැම්බර් 17 වන දින අළුයම 12.30 ට ඇයව රස්පුටින්ට මුණගැස්වීමට විධිවිධාන සැලසූහ.

    අවසානයේදී දිනය පැමිනුනි. එදින මධ්‍යම රාත්‍රියේදී පමණ සිය ඇඟලුම් මාරු කළ රස්පුටින් ලා නිල් පැහැති කමිසයකින් හා නිල් පැහැති වෙල්වට් කලිසමකින් සැරසී තමාව රැගෙන යාමට ෆීලික්ස් පැමිණෙන තුරු පොරොත්තුවෙන් සිටියේය. මෙම ගමන ගැන කිසිවකුට නොපවසන ලෙස ෆීලික්ස් ඉල්ලා තිබුණද ඇත්ත වශයෙන්ම රස්පුටින් ඒ වනවිට බොහෝ දෙනෙකුට එය දන්වා තිබුණි. ඒ අතර සිය දියණිය සහ සිය හිතවතිය වූ මාරියා ග්ලොවිනාද වූහ.

    මේ අතර ඝාතකයන් විසින් ෆීලික්ස් ගේ මාලිගයේ බිම් මහලේ වූ කෑම කාමරයට එක් රොක්ව සිටියහ. දොස්තර ලසාවර්ට් විසින් සයනයිඩ් කැට කුඩු කොට කේක වළට සහ වයින් වලට දමමින් සිටියේය. කේක් කිහිපයක් සහ වයින් වීදුරු කිහිපයක් වස නොදමා ඉතිරි කළේ අවශ්‍ය වුවහොත් ෆීලික්ස්ට පරිහරණය කිරීමටයි. සියල්ල සකස් කළ පසු දොස්තර ලසාවර්ට් සහ ෆීලික්ස් රස්පුටින්ගේ නිවස බලා සිය මෝටර් රථයෙන් පිටත් වූහ.

    12.30 ට ඔවුන් රස්පුටින්ගේ නිවසට ළඟා වුණි. ඔවුන්ව පිළිගත් රස්පුටින් ඔවුන් හා යෑමට එක්විය. නිවසේ මෙහෙකාරිය තවමත් අවදියෙන් සිටි අතර ජනෙල් තිර අතරින් ෆීලික්ස්ව හඳුනා ගැනීමට ඇය සමත් වූවාය.

    ඔවුන් ෆීලික්ස් ගේ මාලිගයට පමිණි පසු, ෆීලික්ස් විසින් රස්පුටින්ව පැත්තෙන් වූ ද්වාරයකින් බිම් මහලෙහි කෑම කාමරය වෙත කැඳවාගන එන ලදී. ඉහළ මාලයෙහි සිහින් සංගීතයක් වාදනය වෙමින් පැවතුණි. සිය බිරිඳ හදිසියේ පැමිණි අමුත්තකු සමඟ කතා බහක යෙදෙන බවත්, මොහොතකින් පහළට එන බවත් ෆීලික්ස් විසින් රස්පුටින්ට දැනුම් දෙයි.


    ඝාතනය සිදුකළ ෆීලික්ස් කුමරාගේ මාළිගය.
    මෙසේ ඉරිනා කුමරිය බලාපොරොත්තුවෙන් සිටින කාලය තුළ, ෆීලික්ස් විසින් රස්පුටින් හට කේක් සහ වයින් පිළිගැන්වූවද එවා පැණිරස අධිකයයි පවසා රස්පුටින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී සිත කලබලයට පත්වූ ෆීලික්ස්, රස්පුටින්ට විශේෂයක් නොහැඟෙන පරිධි උඩුමහලට ගොස් අනෙක් අයට සිද්ධිය සැලකොට සිටියේය. කුමරා නැවත පහළට එන විට රස්පුටින් විසින් නොදන්නා හේතුවක් මත කේක් සහ වයින් පිළිගැනීමට එකඟ විය.

    අප දන්නා පරිදි සයනයිඩ් භාවිතා කළ සැණින් ක්ෂ්ණික මරණයක් උරුම විය යුතු උවද රස්පුටින් කිසිම වෙනසක් නොපෙන්වා පෙර පරිදිම සිටියේය. රස්පුටින්ගේ ඇදවැටීම දැකීමට බලාපොරොත්තුවෙන් ෆීලික්ස් විසින් ඔහු සමඟ කතා බහා කරමින් සිටියේය. කිසිවක් සිඳු නොවෙන බව දුටු ෆීලික්ස් සමාව ගෙන නැවතත් කලබලයෙන් උඩු මහලට දිව ගියේය.

    කෙටි සාකච්ඡාවකින් පසු ඔවුන් විසින් රස්පුටින්ව වෙඩිතබා ඝාතනය කිරීමට එකඟ වූහ. දිමිත්‍රිගේ පිස්තෝලය රැගෙන ෆීලික්ස් නැවතත් පහළට පැමිනුනි. ෆීලික්ස් පහළට එන විට රස්පුටින් විසින් එහි වූ කළුවර කැබිනෙට්ටුවක් දෙස සිය අවධානය යොමුකොට සිටියේය. පිස්තෝලය පිටුපස සඟවාගන පැමිණි ෆීලික්ස්, ක්ෂණිකව රස්පුටින් අමතා සිය අවධානය ඔහුවෙතට ගෙන, රස්පුටින්ගේ පපු ප්‍රදේශ ඉලක්ක කොටගෙන උණ්ඩයක් නිකුත් කළේය. මොහොතකින් උණ්ඩය රස්පුටින්ගේ හදවත පසාරු කරගන ගියේය. වෙඩි හඬ ඇසුණු අනෙක් කුමන්ත්‍රණ කරුවන් පිරිසද පහළට දිව ආහ.

    ඔවුන් පහළට පැමිණෙන විට, රස්පුටින් බිම වැටී සිටි අතර ෆීලික්ස් පිල්තෝලය අතැතිව ඔහු අසල සිටගෙන සිටියේය. මොහොතක් ගැස්සෙමින් තිබූ රස්පුටින්ගේ සිරුර නිසල විය.

    රස්පුටින්ගේ මියයාම ගැන ප්‍රීතියට පත් කුමන්ත්‍රණ කරුවන් උඩුමහලට ගොස් එය සමරන්නට වූහ. තව ටික වේලාවක් ගතවෙන්නට හැර සිරුර නදිය වෙත රැගෙන යාමට සැලසුම් කෙරුවේ කිසිවකුටත් නොපෙනෙන පරිදි එය සිදුකළ යුතු බැවිනි.

    පැයකට පමණ පසු, ෆීලික්ස් හට පහළට ගොස් රස්පුටින්ගේ දේහය පරික්ෂාකොට බැලීමේ සිතුවිල්ලක් නැගුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු, බිම්මහලට ගොස් සිරුර පරික්ෂා කොට බැලීය. එය තවමත් උණුසුමින් යුක්තය ! ඔහු සිරුර සොලවා බැලීය. ප්‍රතිචාරයක් නොමැත. සියල්ල සතුටුදායකව අවසන් වී ඇතැයි සිතමින් ආපසු හැරීමෙදී දුටු දෙයින් ඔහුගේ රුධිරය ගල් ගැසුණි. රස්පුටින්ගේ වම් ඇස විවර වෙමින් තිබුණි. ඔහු තවමත් ජීවතුන් අතර !!

    ක්ෂණිකව ෆීලික්ස් වෙතට පිනූ රස්පුටින් ඔහුගේ ගෙලින් සහ උරහිසෙන් ග්‍රහණය කොට ගත්තේය. සුලු පොරබැදීමකින් ඔහුගෙන් ගලවුණු ෆීලික්ස් " ඔහු තවම ජීවතුන් අතර " යැයි කෑ ගසමින් උඩුමහලට දිව ගියේය. ඔහු උඩු මහලට එන විට භීතියෙන් ගල් ගැසී සිටි අතර ඇස් දෙක පියන් වලින් එළියට පැනීමට තරම් විශාලව තිබුණි. මේ අවස්ථාවේදී සිය රිවෝල්වරය අරගත් පුරිෂ්කෙවිච් වහාම පහළට දිව ගියේය. ඒ අවස්ථාවේදී රස්පුටින් " ෆීලික්ස් ෆීලික්ස් මම හැම දේම අධිරාජිණියට කියනවා " යි කෑගසමින් මැද මිදුල හරහා එළියට දිව යමින් සිටියේය.

    ඔහුව ලුහුබැඳ ගිය පුරිස්කෙවිච් දුවමින්ම දෙපාරක් වෙඩි තැබුවද එම දෙවරම ඉලක්කය මගහැරුණි. තෙවෙනි වෙඩිල්ල ඉලක්කය සම්පුර්ණ කරමින් රස්පුටින් වෙත ළඟා විය. සිව්වෙනි වෙඩිල්ල රස්පුටින්ගේ හිස පසාරු කරගෙන ගමන් කළේය. රස්පුටින් ඇදවැටුණි. සිය හිස් ගැස්සෙමින් තිබුණද ඔහු විසින් බඩ ගාමින් ඉදිරියට යාමට උත්සහා කළත් ඔහු වෙත පැමිණි පුරිෂ්කෙවිච් රස්පුටින්ගේ හිසට පා පහරක් එල්ල කළේය.

    ඔවුන් විසින් නැවතත් රස්පුටින්ව මාලිගය තුළට රැගෙන එන්නාහ. රස්පුටින්ගේ මුහුණ දුටු ෆීලික්ස් කෝපයෙන් වියරුව අසල වූ ව්‍යායාම පිණිස බර ඔසවන උපකරණයකින් ( Dumbbell ) දිගට හරහට රස්පුටින්ගේ සිරුරට පහර එල්ල කළේය. එය ෆීලික්ස් විසින් කුමන අරමුණක් උදේසා කළේදයි පැහැදිලි නැත. මිය යන මොහොතේ පවා තමනට හිසරදයක් වූ මිනිසා කෙරෙහි ඔහුගේ සිතේ අසාමාන්‍ය කෝපයක් ඇති වූවා වන්නට පුළුවන. මිනිස් සිත ක්‍රියා කරනා ආකාරය කාටනම් විස්තර කළ හැකිද !

    මේ අවස්ථාවේදී වෙඩි හඩ ඇසුණු අසල වීථියේ රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරියා ඒ ගැන පරික්ෂා කිරීමට මාලිගය වෙත පැමිණේ. ෆීලික්ස්ගේ සේවකයා හමුවන ඔහු ඒ ගැන විමසා සිටියද එවැනි දෙයක් නොඇසුණු බව සේවකයා පවසා සිටි නිසා එය මෝටර් රථයක දුම් බටයකින් අතිවූ හඬක් යැයි සිතා නැවතත් සිය රාජකාරි ස්ථානයට ගමන් කරයි.

    සේවකයා විසින් මේ ගැන දැනුම් දීමෙන් පසු, පුරිෂ්කෙවිච් විසින් පොලිස් නිලධාරියාව නැවත කැඳවා;

    " ඔබ කවදා හෝ පුරිෂ්කෙවිච් කෙනෙක් කියලා කෙනෙක් ගැන අසා තිබේද ? " යි ඇසීය.

    " ඔව් සර් "

    " හොඳයි, මම තමා පුරිෂ්කෙවිච්. ඔබ කවදා හෝ රස්පුටින් ගැන අසා තිබේද ?"

    " ඔව් සර් "

    " රස්පුටින් දැන් මැරිලා, ඔබ රුසියානු මාතාවට ආදරයක් දක්වන්නේ නම් මෙහිදී ඇසූ දුටු දේවල් ගැන කටේ කෙලබිඳක් නොසොල්වන්න. "

    " හොඳයි සර් "

    ඔවුන් විසින් පොලිස් නිලධාරියාව පිටත් කොට හරිනු ලබයි. සිය රාජකාරි ස්ථානයට ආපසු ගමන් කළ පොලිස් නිලධාරියා සිය ප්‍රධානියාට සියල්ල වාර්තා කොට සිටියේය. කුමන්ත්‍රණ කරුවන්ට දෙවියන්ගේම පිහිටයි !

    ඇදහිය නොහැකි පරිදි, වස දීමෙන්, තුන් වරක් වෙඩි තැබීමෙන් සහ අධික ලෙස පහර දීමෙන් පසු පවා රස්පුටින් තවමත් මිය ගොස් නොසිටියේය !

    මෙම කරදරයෙන් කල් නොයවාම මිදීමට සිතූ ඝාතකයන්, ඔහුගේ අත් පා බැඳ සිරුර බර රෙදිවලින් ඔතා මෝටර් රථයට දමා, නෙව්කා නදිය වෙත ගමන් කළහ. මෙය සීතල උඳුවප් මාසය බැවින්, ගඟ බොහෝ දුරට මිදී තිබුණි. ඔවුන් විසින් කලින් කළ පරික්ෂණ වලදී අයිස් තට්ටුව කැඩී ගිය එක් විවරයක් හඳුනාගන තිබුණ අතර එතනින් මිනිය ගඟට දැමීමට සැලසුම් කොට තිබුණි. සැලසුමේ වූ පරිදිම ක්‍රියාත්මක විය. එහෙත් ඔවුනට සිරුරට බරක් ගැට ගැසීමට අමතක වී තිබුණි.

    සිය කාර්යය නිමා කළ ඝාතකයන් විසිර ගියේ තමන් මරණයට හසුනොවනු ඇතැයි සිතමිනි. එහෙත් එය වැරදි සිතුවිල්ලකි.

    පසුදින උදයේ, රස්පුටින්ගේ නිවසේ අය ෆීලික්ස් සමඟ ඊයේ රාත්‍රියේ පිටත්ව ගිය රස්පුටින් ආපසු පැමිණ නොමැති බව නිරීක්ෂණය කොට ඒ ගැන සොයා බලන්නට වූහ. ඔවුන් විසින් ග්ලෝරියා වෙතද ඔහුගේ නොපැමිණීම ගැන සැල කොට සිටියහ. ෆීලික්ස්ගෙන් ඒ ගැන විමසා සිටි විට ඔහු පැවසූයේ, පසු ගිය රාත්‍රියේදී තමා රස්පුටින්ව නොදුටු බවකුයි. මෙය බොරුවක් බව මෙහෙකාරිය ඇතුළු එම නිවැසියන්ට රහසක් නොවීය.

    මේ අතර පොලිස් නිලධාරියා විසින් සිදුකළ ප්‍රකාශය අරභයා පරික්ෂණ ඇරඹී තිබුණි. පොලිස් පරික්ෂණයක් සිදුවෙතැයි අනුමාන කළ ෆීලික්ස් සිය සුනඛයාව මරා උගේ රුධිරය අපරාධය වූ ප්‍රදේශයේ විසුරුවා හැරියේය. පසුගිය රාත්‍රියේ සම්භාෂණයට සහභාගී වූ අමුත්තකු සුනඛයකු වෙඩි තබා මැරීම ඉස්තරම් විහිළුවක් යයි පවසා මෙය සිදුකළ බවත් එමනිසා සෑම තැනම රුධිරය විසිරී ඇති බවත් පොලීසියට දැනුම් දුන්නේය. එහෙත් ඔහුට පොලීසිය නොමග යැවීමට නොහැකි විය. එහි සුනඛකයකුගෙන් නිකුත්විය හැකි ප්‍රමාණයට වඩා රුධිරය වූ අතර පොලිස් නිලධාරියා වෙඩි හඬ තුනකටද වඩා ශ්‍රවණය කොට තිබුණි. ප්‍රබලම සාක්ෂිය වූයේ පෙරිස්කොවිච් විසින් රස්පුටින්ව ඝාතනය කළ බවට කළ ප්‍රකාශයයි.

    දෙසැම්බර් 19 වන දින පොලීසිය විසින් පාලම අසල තිබී ලේවලින් නැහැවී ගොස් තිබුණු සපත්තුවක් සොයා ගත් අතර, වැඩි දුරටත් කළ පරීක්ෂන වලින් පසු පාලමට මදක් ඔබ්බෙන් රස්පුටින්ගේ දේහය සොයා ගැනීමට ඔවුන් සමත් වූහ. දේහය ගොඩ ගන්නා විට රස්පුටින්ගේ එක් අතක් ඉහළට එසවී සිටිනා ආකාරයෙන් ගල්වී තිබුණි. මෙම නිසා රස්පුටින් ගඟට දමන විටත් පණපිටින් සිටින්නට ඇතැයිද, දිවිගලවා ගනීමට සටන් කොට ඇතයිද සියලු දෙනාම විශ්වාස කරන්නට වූහ.

    වහාම මරණ පරීක්ෂණය සිදුකළ අතර ප්‍රතිඵල පහත පරිදි වේ.



    මරණ පරික්ශනයේදී
    1. මියයාමට මදකට මත්තෙන් ඇල්කොහොල් භාවිතා කොට ඇතිබව තහවුරු වූ නමුදු කිසිම විසක් ශරීර ගතවී නොතිබුණි.

    2. වෙඩි උණ්ඩ තුනකින් සිදුවූ මාරාන්තික තුවාල ශරීරයේ නිරික්ෂණය කරන ලදී. ප්‍රථම උණ්ඩය පපු ප්‍රදේශයෙන් අතුල්වී ආමාශයට හා අක්මාවට තුවාල සිදු කොට තිබුණි. දෙවන උණ්ඩය ශරීරයේ පිටු පසින් ඇතුල්වී වකුගඩු වලට හානි සිදු කොට තිබුණි. තෙවන උණ්ඩය මොළයට මාරාන්තික තුවාල සිදුකොට තිබුණි.

    3. පෙනහළුවල වූ ජලය ස්වල්පයක්ද පරීක්ෂකයන් විසින් නිරීක්ෂණය කරන ලදී.


    රස්පුටින්ගේ දේහය දෙසැම්බර් මස 22වන දින සුලු අවමංගල්‍ය චාරිත්‍රයකින් පසු භූමදාන කරණ ලදී.

    ඝාතකයන්ව සැකයකින් තොරව ඔප්පු වූවද, සාර් රජ විසින් සිය ඥාතිත්ත්වය සලකා ඔවුනට එරෙහිව නඩු විභාගයකින් සිදුකරනු ලබන දඩුවම් දීමකින් වැළකේ. එහෙත් නගරයෙන් පිටුවහල් කිරීමකට ඔවුන් ලක්වේ.

    රස්පුටින්ගේ මරණය රුසියානු රාජාණ්ඩුවට සාපයක් වූ බවටද මතයක් ඇත. රස්පුටින්ගේ ඝාතනයෙන් තෙමසක් ඉක්මයාමට මත්තෙන් පෙබරවාරි විප්ලවය මගින් රාජාණ්ඩුව බිඳ දමන අතර වසරක් ඉක්මයාමට මත්තෙන් රොමානොව් පව්ලම ඝාතනයට ලක්වේ.

    ඇත්ත වශයෙන්ම රස්පුටින් වස දැමූ කේක් අනුභව කළාද ? එසේ කළානම් මරණ පරීක්ෂනයෙන් ඒ බව තහවුරු නොවූයේ මන්ද ? නො එසේනම් ඔහුම පවසන පරිධි ඔහු අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු මිනිස් බව ඉක්මවා ගිය පුද්ගලයෙකුද ? ඔහුගේ ඝාතනය රජ පව්ලට සාපයක් වූයේද ?

    මෙම පැනයන් අදටත් නොවිසඳී ශේෂව පවතී.


    ඉස්සුවෙ කුරුන්ද කියල බ්ලොග් එකකින්
    interesting
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඒ කාලේ රුසියාවත් සිරිකොත වගේනේ බොල.ඔන්න බලහන් කොලුකාරයෝ රටේ ලොකු තැන්වලට පත් උනාම රටවල් විනාස වෙනවා.සජ්වී උදාහරණ තියනවා මෙහෙ.:love:
     


    Mastodon : The Czar

    Another song that based on the death of Rusputin, played by progressive metal band Mastodon.

    Lyrics :

    Don't stay; run away
    He has ordered assassination
    Don't stay; run away
    The henchmen are gathered and waiting
    Don't stay; run away
    Your role as usurper is found out
    Don't stay; run away
    Tsarina has warned of the danger

    It's your own fault
    That is what we wanted
    It's your own fault
    This is where we lay

    By the light of the moon
    You must escape into the deep black of the night
    Fight the devil inside
    Enemies poison deep within my second sight
    Wasting valuable time

    Ride the tides of blood
    Illumination
    Beauties sudden hand
    Shattered crown
    Stretching arms up high
    We're on our way now
    Leave the Czar to die

    Spiraling up through the crack in the sky
    Leaving material world behind
    I see your face in constellations
    The martyr is ending his life for mine
     
    Last edited: