රස ගුණ පිරි අන්නාසි

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රස ගුණ පිරි අන්නාසි

    අන්නාසි වල උපත

    picture-110-701x351.jpg

    preservescottsdalesfuture.com

    බ්‍රොමිලියේසි කුලයට අයත් පළතුරක් ලෙස සැළකෙන අන්නාසි බ්‍රසීලයට හා පැරගුවේ වලට ආවේනික යැයි සලකනු ලැබේ. 1493 වසරේදී ක්‍රිස්ටෝපර් කොලොම්බස් නමැති දේශ ගවේශකයා විසින් බටහිර ඉන්දීය කොදෙව් වලට අයත් Guadeloupse දුපත් වලින් අන්නාසි සොයා ගන්නා ලදී.
    අවශ්‍ය දේශගුණික සාධක

    බොහෝ විට අන්නාසි සාරවත්ව වැවීමට නම් වසරකට මිලිලීටර් 1000ක පමණ වර්ෂාපතනයක් හා සෙන්ටිග්‍රේට් 24– 27 ක පමණ උෂ්ණත්වයක් පැවතිය යුතු වේ. මෙය මුහුදු මට්ටමේ සිට උස මීටර් 1220 ට වඩා අඩු ප්‍රදේශ වල වැවේ. අන්නාසි වගාව සඳහා යෝග්‍ය පස් වර්ග ලෙස බොරළු රතු කහ පොඩිසොලික් පස හෝ ලෝම සහිත වැලි පස දැක්විය හැක. මෙහිදී පසේ පී. එච් අගය 5.5 ත් 7.5 ත් අතර පැවතිය යුතුය.
    අන්නාසි පැළයේ ස්වරූපය

    picture-215-701x469.jpg

    hawaiionamap.com

    නිවර්තන බහුවාර්ෂික ශාකයක් වන මෙය තද ඉඩෝරයට ඔරොත්තු දේ. මෙහි උස අඩි 5 ත් 8 ත් පමණ වන අතර අඩි 3 ත් 4 ත් අතර ප්‍රමාණයට ශාකය පැතිරේ. අන්නාසි පැළය එතරම් උස නොයන අතර කඳ වටේට කොළ දක්නට ලැබේ. අන්නාසි ගෙඩිය වටා ඝනකමින් යුතු පොත්තක් හා ගෙඩියේ මැද නාරටියක් දක්නට ලැබේ.
    අතීතයේ වැඩියෙන්ම අන්නාසි වගා කරන ලද්දේ හවායි වලයි. නමුත් වර්තමානය වන විට බ්‍රසීලය, පිලිපීනය හා කොස්තාරිකාව වැනි රටවල් මේවා විශාල ප්‍රමාණ වලින් වගා කරයි.
    දක්නට ලැබෙන ප්‍රධාන පෝෂක කොටස්


    • ජලය – 86 g
    • ශක්තිය – 48 g(කැලරි)
    • ප්‍රෝටීන් – 0.5 g
    • මේදය – 0.2 g
    • විටමින් C – 0.15 mg
    • විටමින් D6 – 0.09 mg
    • විටමින් A – 50IU
    • විටම්න් E – 1 mg
    • පොස්පරස් – 7 mg
    • යකඩ – 0.37mg ආදී පෝෂණ කොටස් රාශියක් පවතී.
    අන්නාසි මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

    picture-316.jpg

    medicalnewstoday.com

    අප අන්නාසි මිලදී ගැනීමේදී එය හොඳින් පැසුණු අන්නාසි ගෙඩියක්ද යන්න පිලිබඳ සැළකිලිමත් විය යුතුය. ඊට හේතුව අනෙකුත් පළතුරු මෙන් අන්නාසි කැඩූ පසු නැවත මේරීමක් හෝ ඉදීමක් සිදු නොවීමයි. එම නිසා හොඳින් පැසී ඉදුණු පසු ගසෙන් වෙන් කරගත් අන්නාසි මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතුය. අන්නාසි ගෙඩියක් නැවුම් බවින් යුතුව ආහාරයට ගැනීමට නම් එය ගසෙන් වෙන් කර දවස් දෙකක් තුල ආහාරයට ගත යුතුය.
    ශරීරයට ගුණදායක වන ආකාරය

    අන්නාසි වල බොහෝ පෝෂණ ගුණයන් අඩංගු වන නිසා ඒවා ආහාරයට ගැනීමෙන් ශරීරයට විවධ ප්‍රයෝජනයන් ලැබේ. ඉන් කීපයක් පහත දැක්වේ.

    • ඇස් පෙනීම වර්ධනය වීම
    අන්නාසි මගින් ඇස් වලට බලපාන Mascular Degeneration නමැති රෝගය වැළඳීමට ඇති අවධානම අඩු කරයි. මෙහි ඇති විටමින් C හා ප්‍රති ඔක්සිකාරක මේ සඳහා උපකාරී වේ.

    • රුධිර සංසරණය ක්‍රමවත් වීම
    picture-414-701x540.jpg

    keelings.ie

    අන්නාසි වල මිනරල් වර්ග හා පොටෑසියම් බහුලව ඇති නිසා විවධ රෝග වර්ග සඳහා ඖෂධයක් ලෙස ක්‍රියා කරයි. මෙම පෝෂණ කොටස් වල ක්‍රියාකාරිත්වය නිසා රුධිර වාහිනී වල ඇති පීඩනය හා ආතතිය අඩු කරයි. මේ නිසා රුධිර සංසරණය ක්‍රමානුකූල වී සිරුරේ විවිධ කොටස් වලට අවශ්‍ය රුධිරය නිසියාකාරව ලැබේ. ඒ තුළින් රුධිරය කැටි ගැසීම අවම වී හෘදයාබාද වැනි රෝග තත්වයන් මග හැරේ.

    • අස්ථි පද්ධතිය නිරෝගී කිරීම
    අස්ථි පද්ධතිය නිරෝගී කිරීම සඳහා අවශ්‍ය කැල්සියම් අන්නාසි වල බහුලව දක්නට නැතත් අස්ථි සඳහා අවශ්‍ය මැන්ගනීස් සැලකිය යුතු ප්‍රමාණයක් මේ තුල අන්තර්ගත වේ. මැන්ගනීස් යනු අස්ථි වල වර්ධනයට හා ශක්තියට අවශ්‍ය තවත් පෝෂ්‍ය පදාර්ථයකි. අන්නාසි ආහාරයට ගැනීමෙන් දිනකට අවශ්‍ය මැන්ගනීස් ප්‍රමාණය ශරීරයට ලැබේ.

    • කැස්ස සහ හෙම්බිරිස්සාවට ගුණදායක වීම
    picture-515-701x470.jpg

    wikimedia.org

    Maryland Medical Center විශ්වවිද්‍යාලයට අනුව අන්නාසි ආහාරයට ගැනීමෙන් උගුරේ හා නාසයේ ශ්ලේෂ්මල තට්ටුවත් සමඟ ඇති සෙම, සොටු ආදිය ඉවත් කිරීමට හැකි වේ. මෙහි ඇති විටමින් C නිසාවෙන්ද හෙම්බිරිස්සාව හා කැස්ස පාලනය වේ.

    • තුවාල සුවවීම ඉක්මන් කරයි
    විටමින් C වල ඇති ප්‍රධානම වාසියක් වන්නේ තුවාල සුවවීමට අවශ්‍ය කොලජන් නැවත නිර්මාණය සඳහා උපකාරී වීමයි. අන්නාසි වල විටමින් C හොඳින් ඇති නිසා ඒවා තුවාල සුව කිරීමට උපකාරී වේ. මිට අමතරව තුවාල නිසා ඇති වන අනෙකුත් රෝග හා ආසාදන තත්වයන් නැති කිරීමටද අන්නාසි උපකාරී වේ.
    picture-67-701x469.jpg

    financialtribune.com

    මිට අමතරව ආහාර ගැනීමෙන් පසු අතුරුපසක් ලෙස අන්නාසි කෑමෙන් ආහාර දිරවීම පහසු කරයි. තවද කෑම සඳහා ඇති රුචිය වැඩි කරයි. අන්නාසි වල ඇති ඇසිඩ් ගතිය නිසාවෙන් බඩවැල් වල සිටින පණුවන් මර්දනය වී උදර අපහසුතා මගහැරේ. තවද පිළිකා සෛල වර්ධන වේගය අඩු කරයි. කෑම දිරවීමට ඇති යුෂ නිපදවීම වැඩි කරයි.
    අන්නාසි ආහාරයට ගැනීමෙන් ඇති විය හැකි අයහපත් ප්‍රතිපල

    බොහෝ විට ගර්භනී කාන්තාවන්ට අන්නාසි ලබා නොදේ. මිට හේතුව අමු අන්නාසි ආහාරයට ගැනීමෙන් කළලය විනාශ වීමට ඉඩ ඇති නිසාවෙනි. තවද පොතුකබර, ඇදුම හා වාතරක්තය ඇති රෝගීන්ට අන්නාසි ගුණදායක නොවේ. කුෂ්ට වැනි රෝග තත්වයන් අන්නාසි ආහාරයට ගැනීමෙන් වර්ධනය විය හැක.