රස ගෙන දෙන පිලිකා මාරයා

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    FB_IMG_1590305351693.jpg


    Jesly Mohamed -රස ගෙන දෙන පිලිකා මාරයා

    දිව පිනවන, සිත පිනවන ආහාර වේලක් ගත්තට ලොකු පොඩි කොයි කවුරුත් දක්වන්නේ අසීමිත කැමැත්තක්. සමහරුන්ට නම් ආහාර ප්‍රණීත ලෙස පිසීමේ හැකියාව සහජයෙන්ම ලැබී තිබෙනවා. ඒත් තවත් සමහරුන්ට නම් ඒ හැකියාව පිහිටලාම නෑ. ඒ නිසා, වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාවත් සමඟ බොහෝ දෙනෙක් තම ආහාරවේලට ක්ෂණික රසකාරක යොදා රසවත් කිරීමට දෙවරක් හිතන්නේ නෑ. “සුප් කැටත්” එවැනි රසකාරකයක්. ලෙහෙසියෙන් , පහසුවෙන් ආහාර රසවත් කරන මෙහි අන්තර්ගත දෑවලින්, සෞඛ්‍යයට වන අහිතකර බලපෑම පිළිබඳ ඔබ දැනුවත්ද?

    FB_IMG_15903052232237401.jpg


    ප්‍රථම වතාවට 1908 වර්ෂයේදී ලෝකයට සුප් කැට හඳුන්වා දී තිබෙනවා. ඉන් අනතුරුව බොහෝ දෙනෙක් මෙහි ඇති සුවිශේෂී ‍රසය හා පහසුව හේතු කරගෙන. දිගින් දිගටම මෙය පරිභෝජනය කරන්නට පෙලඹුණා. අධි සාන්ද්‍රණ ලුණු, මොනසෝඩියම් ග්ලූටමේට් (MSG), ෆාම් තෙල් , කැරමල් , වර්ණ කාරක, කුළුබඩු, මාංසමය රසකාරක, සෝයා සහ හයිඩ්‍රජනීකෘත තෙල් යනාදී අමුද්‍රව්‍ය භාවිත කර මේ සුප් කැට නිෂ්පාදනය කර තිබෙනවා.

    දැන් බලමු මොනවද මේ MSG කියන්නේ කියලා

    -මොනොසෝඩියම් ග්ලුටමේටි -

    ප්‍රබල බහුජාතික සමාගම් විසින් තරුණ ප්‍රජාව සූක්ෂ්ම ලෙස ආක්‍රමණය කරමින් කෘතීම රසකාරක අඩංගු ක්ෂණික ආහාර කලාවක් බිහිකරමින් එකී ආහාරපාන වලින් තොර ජීවිතයක කිසිදු මිහිරක් නැතැයි යන්න සිතන තැනටම මානසික වශයෙන් බන්ධනය කර ලොව පුරා දිනකට පුද්ගල මරණ රැසකට මගපහදා දී තිබේ.

    ජනප්‍රිය සංස්කෘතියේ ආදිනවයන් සමග එක් වූ වෙළඳ දැන්වීම් මගින් රසබෙදන මාරයින් නව මුහුණුවරකින් වෙස් ගන්වා තිබේ.ඒ අනුව මොනොසෝඩියම් ග්ලුටමේටි නම් තියුණු හා ප්‍රබල කෘතීම රසකාරක සංයෝගය හා අනෙකුත් රසකාරක මගින් මානව රස සංවේදක ග්‍රන්ථීන් උත්තේජනය කරමින් ශරීර අභ්‍යන්තරයේ තවදුරටත් රසකාරක පිරි ආහාර වෙත ඇලීමක් ඇති කරවන බව විද්වතුන් කරුණු අනාවරණය කර තිබේ.

    මානව ශරීරයට අහිතකර බලපෑම් ඇතිකරවන අතර ලොවපුරා ජීවිත තුළට පිළිකාකාරක සෛල ඉවක් බවකින් තොරව නිර්මාණය කර ලාභ ලබන බහුජාතික සමාගම් මාෆියාව මගින් ඇතිකර ඇති ව්‍යසනය ලඝුකොට තැකිය නොහැක.

    හය හතර නොදත් දරු පැටවුන් සිය ගණනක් මෙම රසකාරක නිසා පිළිකා රෝගින් වනවිට බොහෝ සමාගම් විශාල වශයෙන් ලාභ උපයන බව ප්‍රසිද්ධ රහසකි.කෙසේ වෙතත් ඇතැම් සංවර්ධිත රටවල් තම අනාගත දරු පරපුර සුරක්ෂිත කරලන්නට වස විෂ සහිත ආහාර ආනයනය තහනම් කර තිබේ.එහෙත් අප වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙත මෙවැනි උග්‍ර විෂ රසායන සහිත ආහාර ආනයනය දිගින් දිගටම සිදු වේ.මෙනිසා දරුවන් කුඩා වියේ පටන් සොසෙජස්,ක්ෂණික නූඩ්ල්ස්,සුප් කැට,පැණිබීම වර්ග ආදියෙහි ගොදුරු බවට පත් වේ.අවාසනාවන්ත ම කරුණ වන්නේ අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයෙන් පීඩා විදින දරුවන්ගෙන් බොහෝ දෙනා රුදුරු මාරයා සමග සටන් කරමින් විදින්නට තිබෙන කුඩා වියෙහි සුන්දරත්වය වෙනුවට මාරයා සමග විදවමින් කල් යැවීමයි.

    ජාතියක් වශයෙන් අප මුදල් මත පදනම් ව මානව සංහතියේ පරිහානියට මංපාදන කෘතීම රසකාරක පිරි ආහාර කලාව මුලිනුපුටා දමා හෙළ කුළුබඩු අනුසාරයෙන් රසගැන්වෙන රසවත් මෙන්ම සුවපත් ආහාර රටාවකට හුරු පුරුදු වන්නට පෙළ ගැසෙමු.

    Copied
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,769
    113
    සිංහල ව්‍යාපාර වට්ටන හම්බයොන්ගෙ අළුත්ම ක්‍රමේ. අහුවෙන්න එපා.
     
    • Haha
    Reactions: Johnnie_Walker