ක්ෂණික නූඩ්ල්ස් ගැන ඔබ නොදත් දේ........

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,155
    4,647
    113
    ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වෙනකොට මේ ක්ෂණික නූඩ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළදපොළේ තියන මෙම ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙනකොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන.

    සාමාන්‍ය නූඩ්ල්ස් වලින් ක්ෂණික නූඩ්ල්ස් වෙනස් වන ප්‍රධාන සාධකය තමයි ඒවාගෙ අඩංගු වෙන රස කාරක පැකට්. ක්ෂණික නූඩ්ල්ස්වල රස කාරක පැකට් 2ක් හෝ කිහිපයක් අඩංගුවෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල අලුත්ම සාමාජිකයා තමා කප් නූඩ්ල්ස් කියන්නේ. කාර්ය බහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා තියෙනනේ උදේට ගෘහණියන්ගේ කාර්යබහුලත්වය නිසා වගේම කුඩා ලමුන් ක්ෂණික නූඩ්ල්ස් වලට දක්වන දැඩි කැමත්ත නිසා.
    ක්ෂණික නූඩ්ල්ස් මේ තරමටම අපේ ජීවිත වලට සමීප වුන නිසා නොදැනුවත්වම අපිට සමීප වුන නරක ප්‍රතිඵලත් එමටයි. අද වෙනකොට විවිධ රට වල සිදුකල පර්යේෂණ වලින් අපි මේතරම් සමීප කරගත්ත ක්ෂණික නූඩ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා. පෝෂණවේදීන් ක්ෂණික නූඩ්ල්ස් හදුන්වන්නේ බාල තත්වයේ ආහාරයක් ( junk food ) විදිහට. ඒකට හේතුව ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික පිටි ගතිය , ලුණු ගතිය , තෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග ( additives ).

    අපි ගන්න ක්ෂණික නූඩ්ල්ස් වලට අම්ල යාමක ( acid regulators) , රස උත්දීපක ( flavor enhances) , ආහාර පරිරක්ෂක ( preservatives) , ප්‍රති කැටිකාරක (anticaking agents) වැනි කෘතිම ආකලන එකතුකරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගුවෙනවා. ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගතහැකි උපරිම සෝඩියම් ප්‍රමාණය 2000 mg ( එක තේ හැන්දක්) වුනාට සමහර ක්ෂණික නූඩ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000 mg ට වඩා තියෙනවා. කප් නූඩ්ල්ස් වල තියන සුප් ගතිය නිසා ඒවගේ තියන සෝඩියම් ප්‍රමාණය නූඩ්ල්ස් පැකට් වල තියන ප්‍රමාණයට වඩා වැඩියි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කලාම අධි රෑධිර පීඩනය , ආඝාතය , වකුගඩු නරක් වීම සහ පිලිකා වගේ දරැණු රෝගවලට තියන අවදානම වැඩිවෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙම්න් පවතින අවධියේ ඉන්න කුඩා ලමයින්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමා මේ ක්ෂණික නූඩ්ල්ස්.

    ක්ෂණික නූඩ්ල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට වැක්ස් වර්ගයක් භාවිතාකරනවා. ඒ වැක්ස් තමා ක්ෂණික නූඩ්ල්ස් වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ .ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඩ්ල්ස් හදනකොට උණු වතුර දැම්මාම උණු වතුරේ දියවෙලා අපේ ශරීරයට උරාගැනීමට ලේසි තත්වයකට පත්වෙනවා.මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මාව සහ වකුගඩු වල තැන්පත්වෙලා එම අවයව වලට හානි කරනවා.

    ක්ෂණික නූඩ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් ( monosodium glutamate ) නැතහොත් MSG බහුලව භාවිතාකරනවා. MSG වලින් කුකුලු මස් රස නූඩ්ල්ස් වල රස වඩා කුකුලු මස් රස කරනවා. ඉස්සෝ රස ක්ෂණික නූඩ්ල්ස්වල රස වඩා ඉස්සෝ රස කරනවා. ආහාර වලින් දීර්ඝකාලීනව MSG ශරීරයට ලැබුනාම විවිධ ආසාද්මිකතා වලට , පපුව දැවිල්ලට , හිසරදය සෑදීමට , මතක ශක්තිය අඩුවෙන්න වගේම ක්ෂණික නූඩ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා. ලංකාවේ දැනට තියන නීතියට අනුව අවුරුදු 3ට අඩු ලමයි වෙනුවෙන් සකස් කරලතියන ආහාර වලට MSG දානඑක තහනම්. ඒතරම් MSG දරුවන්ට අහිතකර වුනාට ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුනගමන් ක්ෂණික නූඩ්ල්ස් කවනවා. ඒවගේම ලංකාවේ නීතිය අනුව වියලි නූඩ්ල්ස්වලට MSG දානඑක තහනම්. ඒ හින්ද තමයි නූඩ්ල්ස් පැකට් ඇතුලේ වෙනමම තියන රසකාරක පැකට් එකේ MSG අඩංගුවෙන්නේ.

    කප් නූඩ්ල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැම්මහම ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිලිකා කාරක සංඝටක උණු ජලයේ දියවෙලා නූඩ්ල්ස්වලට මිශ්‍ර වෙනව කියල නිරීක්ෂණය කරල තියනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය ගොඩක් වැඩී. ඒක නිසා ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල්වලට ගොඩක් වැඩී. ඒවගේම ක්ෂණික නූඩ්ල්ස්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ලවෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයාගෙන තියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවධානම් සාධකයක්.

    ක්ෂණික නූඩ්ල්ස්වල තියන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියාගන්න එම තෙල් හයිඞ්‍රජනීකරනය කියන ක්‍රියාවලියට ලක්කරනවා. එම ක්‍රියාවලියේදී හැදෙන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතුවෙනවා. මෙම තෙල් නිසා ක්ෂණික නූඩ්ල්ස්වල ශක්ති ප්‍රමානය අධික වෙලා දීර්ඝකාලීන ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල තියන අධික ආහාර ආකලන ප්‍රමානය කුඩා ලමයින්ගේ ශරීරවල තැන්පත්වීම හින්දා, ක්ෂණික නූඩ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5 ට අඩු කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරාගැනීමේ හැකියාව අඩුවෙනවා කියලා තහවුරු වෙලා තියනවා. එය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමටද හේතු වෙනවා.

    දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙල කරන්න පුලුවන් වුනත් ඒවගේ තියන භයානක ප්‍රතිපල අති විශාලයි කියලා. ලංකාව වගේ දියුණුවෙමින් පවතින රටවල් වල ආහාර රටාව වේගයෙන් බටහිරකරනය වෙනවා. ඒකනිසා දවසින් දවස ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය වැඩිවෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පොෂණ මට්ටම සහ ස්‍යෙඛ්‍යය මට්ටම පිරිහෙන එක. එහෙම වුනාම ඉස්සරහට අපේ රටේ පිලිකා රෝගීන්, දියවැඩියා රෝගීන් , හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගෙ ගණන තව තවත් වැඩිවෙනවා. මේ භයානක තත්වය තේරැම් අරගෙන අපි උත්සාහ කරන්න ඔනේ මේ ක්ෂණික නූඩ්ල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.

    ඒසදහා පෝෂණවේදීන් ක්‍රම 2ක් යෝජනා කරල තියනවා. පළෙවෙනි එක තමයි ක්ෂණික නූඩ්ල්ස් වෙනුවට තමන්ගේ ගෙදර දි රස කාරක අඩංගු නැති සාමන්‍ය නූඩ්ල්ස් පිළියෙල කරන එක. එතකොට අපිට පුලුවන් තෙල් අඩුවෙන් , රස කාරක නැතිව , එළවලු වැඩිපුර එකතුකරලා , කුඩා ළමයින්ටනම් බිත්තරයක් හරි මස් හරි මාළු එකතුකරල පෝෂණ ගුණය වැඩිකරලා පිලියෙල කරන්න. ඉලග යොජනාව තමයි ක්ෂණික නූඩ්ල්ස් කනකොට ප්‍රමාණය පාලනය කරනඑක. ඔබ වෙනදට ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක් තනියම කනවනම් අද ඉදන් කාත් එක්කහරි බෙදාගෙන කන්න පුරුදුවෙන්න.

    මේ ලිපිය කියවන ඔබත් අනිවාර්යයෙන් ක්ෂණික ක්ෂණික නූඩ්ල්ස්වලට ආස කරන කෙනෙක් වෙන්න ඇති. දැන් ඔබත් කල්පනා කරන්න ක්ෂණික නූඩ්ල්ස්වල රස බලලා ඡීවිතේ ලෙඩරෝග වලට බිලිදෙනවද නැතිනම් ක්ෂණික නූඩ්ල්ස්වලින් ඈත් වෙලා බොහෝ කාලයක් නිරෝගීව සතුටින් ජීවත්වෙනවද කියලා. ඔබ හොදින් මතක තියාගන්න අපි ගන්න ආහාරයක් ක්ෂණික වෙන තරමට එකෙන් ශරීරයට තියන අහිතකර බලපෑමත් වැඩිවෙනව කියලා.

    ප්‍රදීප් පියතිලක,
    සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,
    ජාතික මූලික අධ්‍යයන ආයතනය.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    3,140
    5,873
    113
    Kotte
    නූඩ්ල්ස් කාල කටට රෙන්ඩ ඕන මූගෙ

    ගූගල් කරල බලපන් තුන්වේල බත්කන එකේ තියෙන සයිඩ් ඉෆෙක්ඨ් මොනවද කියල
     
    • Like
    Reactions: zeuzapex

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,796
    18,352
    113
    33
    Hell
    Korea Japan china එවුන් පාර දිගේ මැරෙන්න ඕනේ එහෙනම්
    ලංකාවේ ඒව ජරාව

    501d4a52b84d41440a3f3b38c90d4aa0.jpg
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,585
    2,423
    113
    හැම එකාම විවිධ පරීක්ෂණ මගින් ඔප්පුවෙලා තියෙනවා කියනවා මිසක් කරපු එක රිසර්ච් පේපර් එකක් දාන්න එකෙක් නෑ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,424
    2,337
    113
    high calarie බත් ගිලින එක තුන් වේලටම deadly machan MSG ටිකක් ගිලෙනවට වඩා. ජපන් කොරියන් කාරයො පාරදිගේ මැරිලා ඉන්න ඕන එහෙනන්